Friday, December 30, 2011

පිස්සු කතාවක්...

එදා පිස්සන් කොටුවේ මහා කාලගෝට්ටියක්. ගහක අග්ගිස්සටම නැගි පිස්සෙක් බිමට බැසීම ප්‍රතික්ෂේප කරමින් ලොකු කලබලයක් ඇති කරමින් හිටියා. ඔහුව බිමට බස්සවාගැනීමට ගත් සියළු උත්සාහයන් අසාර්ථක වූ තැන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පොරවක් ගෙන්වාගෙන ගසට කිහිපවරක් වැරෙන් කෙටුවේ පිස්සා විනාඩි පහක් ඇතුලත ගසින් නොබැස්සොත්, ඔහුත් සමගම ගස කපාදමන බවට තර්ජනය කරමිනි.

තප්පරයෙන් තප්පරය ගෙවෙමින් විනාඩිපහ අවසන් වූවා. නමුත් පිස්සා තවමත් ගසමුදුනේ.....,
මෙවේලේ ඉදිරියට පැමිණි වෙනත් පිස්සෙක් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා අතවූ පොරව ගෙන ගසට කෙටීමට සැරසුනා පමණි, කලින් කී පිස්සා ඇසිල්ලකින් ගසින් බැස ඈතට දිවගියා. මහත් පරිශ්‍රමයකින් ඔහු අල්වාගත් වෛද්‍ය නිලධාරිවරයා මෙසේ ඇසුවා.

"මම ගහ කපනකොට හෙලවුනේවත් නැති තමුසේ..., ඇයි අර මනුස්සයා පොරව අතට ගන්නකොටම ගහෙන් බැහැල දිව්වේ...?"

අනේ එතකොට පිස්සා බොහොම අහින්සක විදිහට මෙහෙම උත්තර දුන්නා,
"කියන්න බැහැනේ සර්.....ඌ පිස්සානේ..."

කථාව එව්වේ: විරාජ් මලයා

Tuesday, December 27, 2011

ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ...

මේකයි කතාව
දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝදයක් තිබුන් නැහැ ....
සුඛෝපබෝගී රාත්‍රියක් ගත කල ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි
බිල දැක්ක මෙයාට තරුම පෙනුනා
බිලේ $ 500 ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා

කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..

කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්..

කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ..

කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ..

කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms ,night clubs & movie theaters...

කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ..

කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ..

කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය..

කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි..

කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා..

කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ..

කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න ....

Friday, December 16, 2011

කිකිලිද බිත්තරේද කතාවේ අලුත් Version එක...

ABC සමාගමේ CEO තමන්ගේ පෞද්ගලික ලේකම්ට : "සතියකට අපි දෙන්නට ඉන්දියාවේ යන්න වෙනවා,ඒ ටුවර් එක ලෑස්ති කරන්න."

පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "මට සතියකට බොස් එක්ක ඉන්දියාවේ යන්න වෙනවා,ඔයාට ඒ සතියේ වැඩ තනියම කරගන්න වෙයි"

සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "වයිෆ් සතියකට රට යනවා,අපි දෙන්නා ඒ සතියේ කොහේ හරි ඇවිදින්න යමු."

අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මට සතියක දුර ගමනක් යන්න වෙනවා,ඔයා ඒ සතියේ පන්ති එන්න එපා."

පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... සතියක් මට පන්ති නෑ,ටීචර්ට ගමන් යන්න තියනවා කිව්වා,සීයා එන්න මාව බලන්න."

සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "මේ සතිය මම මගේ මුනුපුරාව බලන්න යනව,ඉන්දියාවේ ගමන කැන්සල් කරන්න"

පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "සුභ ආරංචියක් අනේ...අපේ ටුවර් එක කැන්සල් උනා"

සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "හරි වැඩේ, වයිෆ්ගේ ටුවර් එක කැන්සල් වෙලා,අපිට කොහෙවත් යන්න වෙන්නේ නෑ"

අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මේ සතියේ පන්ති තියනවා...ඔයා වෙනදා වගේම එන්න"

පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... මේ සතියේ පන්ති තියනවා...සීයා මාව බලන්න එන්න එපා"

සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "අපි ඉන්දියාවේ ටුවර් එක යනවා,ඒක ලෑස්ති කරන්න."

1. ABC සමාගමේ CEOට ඉන්දියාවේ යන්න පුලුවන් වෙයිද?
2. පෞද්ගලික ලේකම්ගේ සැමියාට අනියම් පෙම්වතිය එක්ක සතියක් පෙම් කෙලින්න පුලුවන් වෙයිද?
3. පොඩි පිරිමි ළමයට තමන් ගේ සීයා එක්ක සතියක් ගත කරන්න පුලුවන් වෙයිද?

දැන් දීපල්ලකො උත්තර....

Sunday, December 4, 2011

කුරුල්ලා...

ඔන්න එකෝමත් එක ඩයල් එකක් වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යන්න තීරණය කරාලු බයිසිකලෙන්.
යන්නේ තනියෙන්....
..අනික හෙන දිග ගමනක් ....ඔන්න ඔහොම ඉතින් මිනිහ යනකොට එක හරියකදී හම්බුනාලු මහ පතසාර කන්දක් .....පොරත් ඉතින් ඩයල් එක වගේ කන්ද පාගන්න ගත්තලු....ටිකක් යනකොට මෑන්ට හොඳ ගණන්....අම්මෝ පපුවත් රිදෙනවලු....පොර වගේ වැඩේට බැස්සට දැන් ඉතින් වැඩේ අමාරුයිලු..
.කරකියාගන්න දෙයක් නැතුව පොර බයිසිකලේ පාරෙ අයින් කරන් නැවත්තුවලු

..පැත්ත පලාතක මිනිස් පුළුටක් නෑලු....අහිංසකය වාහනයක්වත් අල්ලගන්න කියල ඔහොම පැයක් විතර ඉන්නකොට ...ඔන්න බොලේ පිඹගෙන එනවලු Ferrari කාර් එකක්...ගිනි කුරුල්ල වගේ.

කරන්න දෙයක් නැති හින්ද ඕන මගුලක් කියල මිනිහ අත දැම්මලු ...කාර් එකත් මනුස්සකමට කරාස් ගාල බ්‍රේක් ගහල නවත්තපි......

"මොකද අවුල ?"
"මම මේ බයිසිකලෙන් ගමනක් යනගමන්...මට මේ කන්ද නැගගන්න හරිම අමාරුයි....බැරිද ලිෆ්ට් එකක් දෙන්න පොඩ්ඩක් ..?"
"අපොයි දෙන්නම්....හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ ඔයාගෙ බයිසිකලේ තමයි...ඕක දාගෙන යන්න මේකේ ඉඩ නෑනේ....ඕකත් අරන්යන්න ඕනමද ?"

"අනේ ඔව්....මේකනම් දාල යන්න බෑ"

මදක් කල්පනා කළ ferrari එකේ රියදුරු තෙමේ....

"හොඳයි....අපි මෙහෙම කරමු.....මගේ ගාව තියෙනව දිග කඹයක්....මම ඒකෙ එක කොනක් මගේ කාර් එක පිටිපස්සේ ගැටගහල අනිත් කෙලවර ඔයාගේ බයිසිකලේ ගැටගහන්නම්.....ඊට පස්සෙ ඔයා බයිසිකලේ ඉඳගෙන හෙමින් සැරේ එන්න....මම ඔයාව ගානට ලතාවට හෙමින් හෙමින් ඇදගෙන යන්නම්....හදිසියෙවත් මම යන වේගේ වැඩී වගේනම් ඔයා ටක් ගාල ඕකෙ බෙල් එක ගහන්න....එතකොට මම ටකස් ගාල slow කරන්නම්....එලනේ ?"

ඔන්න ඉතින් මේ විදියට අපේ බයිසිකල් කාරයව කන්ද උඩට හෙමින් හෙමින් ඇදගෙන යනකොට...එකපාරටම කොහෙන්දෝ ආපු BMW කාර් එකක් සිං......ගාල Ferrari එක පහු කරන් ගියා නෙව...ඒ මදිවට කින්ඩියට "පෝක්" ගාල හෝන් පාරකුත් ගහගෙන....

මලා....මේක දැක්ක විතරයි අපේ ferrari එකාට මල පැනපි...
"අඩෝ ව්....BMW එකක් මාව පහු කරන්න ?!!??!!...එව්වා කොහෙද මයේ දෙයියො!!! "කියල.......පොරට පිටිපස්සේ ගැටගහල ඇදන් එන බයිසිකල් කාරයත් අමතක වෙලා "බ්‍රර්ර්ර්ර්ර්ර්ර්රාරං" ගාල ඇද්දුවේ නැතෑ.....

ඔන්න දැන් ferrari එක BMW එක අල්ලන්න පාගල යනවලු ලෙල්ලටම....අනේ අර බයිසිකල් බුවා...."ඕයි ඕයි....වේගෙ වැඩී"...කිය කිය බෙල් එක ගහනවලු ටලන් ටලන් ගාල කැඩෙනකන්...කොහෙද.....වාහනේ එලවන එකාට ඒ ගැන සිහියක්කත් නෑ...

ඔහොම යනකොට ඔන්න එනවලු පොලිස් චෙක්පොයින්ට් එකක්....ඒකෙ රාලහාමි මීටරේ ඇල්ලුවම ...මෙන්න බොලේ වේගෙ 200 ට ඔන්න මෙන්න ලු....පොරත් ඉතින් අත දැම්මලු නවත්තන්න කියල....කොහෙද.....පොරව ගණන් ගත්තේවත් නැතුව වාහන ටික ගියාලු පිඹලා.....

දැක්ක දෙයින් ෆුල් හොල්මං වෙලා ගිය රාලහාමි..ටක්ගාල එයාගේ වෝකි ටෝකි එකෙන් කතා කරාලු ඊළඟ චෙක්පොයින්ට් ඒකෙ ඉන්න රාලහාමිට....කතා කරලා මෙහෙම කියනවලු

" ඕයි ඕයි .....ඔන්න දැන් මෙතනින් ගියා BMW එහෙකුයි ferrari එහෙකුයි පිඹගෙන 200 ට විතර.....දැන් ඔය පැත්තට ඒවි.....ඒක නෙවෙයි අයිසේ වැඩේ.....ඒ දෙකට ඔන්න මෙන්න පිටිපස්සෙන් සයිකල් කාරයෙක් හිටු කියල පැදගෙන එනවා ඒ වේගෙන්ම...ඒ මදිවට ඒ යකා නවත්තන්නෙම නැතුව උගේ බෙල් එකත් ගහනව ටලන් ටලන් ගාල අර කාර් දෙක ඕවටෙක් කරන්න...."

Friday, November 11, 2011

වල් පරයා...

එක්තරා මහතෙක් බඩේ අමාරුවකට ප්‍රතිකාර ගන්න දොස්තර මහතෙක් හමුවෙන්න ඔහුගේ බෙහෙත් ශාලවට ගියා.මේ ඩොක්ටර් මේ මහතාට දුන්න බෙහෙත් එකක්.

මේ බෙහෙත් එක බොන එකක් නෙවෙයි. මේ බෙහෙත ඔහුගේ අධෝ මාර්ගයට ඇතුල් කර ගත යුතුයි.මේක අධෝ මාර්ගයේ සෑහෙන්න ඇතුලට දැම්මොත් තමයි හොඳම ප්‍රතිපල ගන්න පුලුවන් කියලා මේ දොස්තර ඔහුට කියලා දුන්නා.

ඉතින් දොස්තර ග්ලවුස් එකක් දාගෙන මේක ඉස්සෙල්ලාම මේ මහතාට නැමෙන්න කියලා,අධෝ මාර්ගයේ ඇතුලටම දැම්මා.මේ මහතාට තරම වේදනවක් දැනුනා.ඊට පස්සේ ඔහුට කීව "ඉතිරි එක ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ දාන්න".

මේ මහතා ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ තමාම දාගන්න උත්සහකලා.ඒ වුනාට එච්චර දුර දා ගන්න බෑ.පස්සේ බිරිඳට කතා කරා.බිරිඳ ඔහුට නැමෙන්න කියලා දාන්න උත්සහ කලා .ටිකක් අමාරුයි.ඊට පස්සේ ආපහු ඔහුට නැමෙන්න කියලා බිරින්ද එක අතක් ඔහුගේ කර උඩ තියාගෙන අනික් අත අධෝ මාර්ගයට දාලා මේක කොහොම හරි ඇතුල් කලා.

ඔන්න එක පාරම මේ මහත්තයා කේන්තියෙන් කෑ ගහනවා " වල් පරයා.... " කියලා.බිරිඳ අහනවා "මේ මොකද ඔයාට තද වෙලා මට බනින්නේ".

මේ මහත්තයා කියනවා " ඔයාට නෙවෙයි අර දොස්තරයා ඔය බෙහෙත දාන කොට උගේ අත් දෙකම තිබුනේ මගේ කර උඩ .දැන් තමයි මට මතක් වුනේ"

Sonyට නගියි...

මේ කතාව කොක්කු ගැනයි...

විවිධ කොක්කු වර්ග වෙති. මේ ඉන් සමහරකි.


පාලමේ කොකා – මූ නිතරම ඉන්නේ පාලම් ඇඳි වලය. නිතරම කෝලම් කිරීමට සමතෙකි.


පාරලේ කොකා – ඉස්සර පාරක් දිගේ ලේ දමා ගෙන කෝරලේ ගෙදරට ගිය නිසා මූට ඒ නම් කියනු ලැබේ


පණ නැති කොකා – මූට පණ නැතයි කිවත් මූ පණ ගසා එන්නේ සමහර වෙලාවටය. මේ කොක්කු බොහොමයක් මුස්ලිම් කොක්කුන් වෙති.


පස් කන කොකා – මූ නිතරම පස් වල හැදෙන කොස් ආහරයට ගන්න කොක් විෂේශයකි.


පාණ කොකා – මූ එක්තර කෝණයකට ඇදවී ගිය කොකෙකි.


පාන් කොකා – පාන් කෑමට රුචි මුත් මේ කොකාගේ ප්‍රධාන ආහාරය කෝන් ය.


පලු කොකා - මේ කොකාගේ ඇත්තේ එක පලුවකි. නමුත් කොලු වැඩ වලට ඉතා දක්ෂය.


පරණ කොකා – මූ ආදීතම කොක් විශේෂයකි. නමුත් වැඩ කොරවා ගැනීමට ඉතා ලොකු හැකියාවක් දක්වති.

මීට අමතරව ඔයා දන්න තවත් කොක්කු ඉන්නවනම් හැමෝටම දැන ගන්න කොමෙන්ට් කරන්න... :D

ටියුබ් ලයිට්...

ඔන්න, පෙර රජ දවසක කැලයක සිංහයෙක් කැලේ පාලනය කලාලු. ඉතින් මේ සිංහයාත් නිකන් අපේ රටේ විධායක ජනාධිපති කෙනෙක් වගේ. ඌට හිතෙන හිතෙන විදිහට නීති දාගෙන තමා කැළෑවැසියන්ව පාලනය කලේ.

ඔහොම කාලයක්‌ යද්දී මේ සිංහ රජා මුළු කැළෑවැසියන් ඔක්කොම රැස් කරලා දැම්ම අලුත් නීතියක්, හැම සතෙක්ම රාජ සභාව ඉස්සරහට ඇවිල්ල කියන්න ඕනි හිනායන කතාවක්. සභාවේ ඉන්න එක සතෙකුට හරි හිනා යන්නේ නැත්තම්, සිංහයා පැනල ඌව මරාගෙන කනවා.

ඔන්න ඉතින් මුලින්ම ආවේ වඳුරාගේ වාරේ. වඳුරත් ඉස්සරහට ඇවිල්ල කරනම් ගහල නැට්ට කරකවල සිරා ජෝක් එකක් දැම්මලු. මුළු සභාවම හිනාවෙන්න පටන් ගත්තලු. ඒත් ඉබ්බා ඉන්නවලු පුස් මූනක් දාගෙන. කරන්න දෙයක් නෑ නීතිය නිතියමයි සිංහයා පැනල වඳුරව මරාගෙන කෑව.

ඊළඟ වාරේ හාවාගේ, හාවත් ඇවිල්ල කන් පාත් කරලා බල්ටි ගහල සිරා ජෝක් එකක් දැම්ම. කලින් වගේමයි, ඔක්කොම හිනා වෙනව ඉබ්බා පුස්මුණ දාගෙන ඉන්නව. හවාවත් ඉතින් මරාගෙන කෑව.

ඊළඟ වාරේ කොටියගෙ කොටිය ඉස්සරහට ඇවිල්ල කට අරින්න හැදුව විතරයි, මෙන්න ඉබ්බා පෙරලි පෙරලි පොලවේ පස් කකා හිනා වෙන්න ගත්ත. මේක දැක්ක සිංහයා ෆුල් අබ්ලික් වෙලා අහනවා,

"මොකද යකෝ තෝ විහිලුවටත් කලින් හිනා වෙන්නේ?" ඉබ්බා කිව්වලු "මරු ඕයි වඳුරාගේ ජෝක් එක".

බලද්දී ඉබ්බා ටියුබ් ලයිට්.

Sunday, November 6, 2011

නිරුවත් කෙල්ල...

ඉහල පෙලේ රාත්‍රී සමාජ ශාලවක් අසලදී බීමත් නිරුවත් කාන්තාවක් ටැක්සි එකකට නැංගා.ටැක්සි ඩ්‍රයිවර්ට මේ කාන්තාව කිව්වා එයා යන ස්ථානය.

ඉතින් ටැක්සි ඩ්‍රයිවර් වාහනය එලවන ගමන් පසු පස බලන කන්නාඩියෙන් මේ ගෑනී දිහා බලනවලු.

මේ ගෑනී අහනවා " මොකද හලො කන්නාඩියෙන් බලන්නේ තමුසේ මීට කලින් ගෑනියෙක් හෙලුවෙන් දැකලා නැද්ද?"

මේ ඩ්‍රයිවර් කියනවා" නෑ නෝනා මම වල්කමට බලනවා නෙවෙයි,මම මේ බලන්නේ ඔයා ටැක්සියට ගෙවන්න සල්ලි තියාගෙන ඉන්නේ කොහෙද කියලා"....

Saturday, November 5, 2011

අක්කගේ සිප් එක...

ඔන්න ඔය පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ දුර ගමන් යන බස් පෝලිමකට ඇවිල්ලා ගැහැව්වලු බස් එකක්. ඉතින් අර සිමෙන්තියෙන් දෙපැත්තෙ බිත්ති හදලා තියෙන පෝලිමේ එක් කෙනෙකුට විතරක් එකපාරකට ඇවිල්ල නගින්න පුලුවන් විදිහේ බස් ස්ටෑන්ඩ් එකක් තමයි ඒක. ඔන්න දැන් බස් එකට පෝලිමේ ඇවිත් මිනිස්සු පිරෙනවලු. ටිකවෙලාවකින් ඔය මොඩ් ඔෆිස් එහෙක වගේ වැඩකරනවැයි කියලා හිතන්න පුළුවන් ගෑනු ළමයෙක් පෝලිමේ ආවලු.. කිව්වත් වගේ මෙයා ඇඳගෙන ඉඳලාතියෙන්නෙ හෙනම හෙන ටයිට්ම ටයිට්, දනහිසටත් වඩා දිග සායක්ලු. ඊට හරියන අඩි උසම උස සපත්තු දෙකකුත් දාගෙන තමයි මෙයා ඉඳලා තියෙන්නෙ. ඔන්න ඉතින් මෙයා දැන් ට්‍රයි කරනවලු බස් එකට නගින්න. ඒත් කකුල උස්සන්න බැහැ මොකද සාය එච්චරටම තදයි. ඔන්න ට්‍රයි කරල කකුල උස්සන්න හදනවා, ඒත් බැහැ. ඔන්න ඒ පාර මෙයා මොකද කරන්නෙ, සාය පිටි පස්සට අත යවලා සායේ සිප් එක පොඩ්ඩක් විතර පල්ලෙහාට දැම්මලු. ඔන්න ආයෙත් කකුල උස්සන්න හදනවලු, ඒත් බැහැල්ලු. ඒ පාර ආයෙමත් අත පිටිපස්සට දාලා සායෙ සිප් එක තව ටිකක් පල්ලෙහාට දැම්මලු. ඒත් නගින්න බැහැල්ලු. ආපහු සිප් එක තව ටිකක් පල්ලෙහට දැම්මලු. එතකොටම මේ ගෑනු ළමයගේ පිටිපස්සෙන් හිටපු හීනියට දාගත්ත අන්කල් කෙනෙක් එකපාරටම මෙයාගේ ඉනෙන් අල්ලලා උස්සලා බස් එකේ පඩිය උඩින් තිබ්බලු.

ඔන්න බොලේ මේ වෙච්ච වැඩෙන් මල පැනපු කෙල්ල අනිත් පැත්ත හැරිලා අර අංකල් කාරයට දෙනවලු දැන් බැෂ්ටිය.

"වනචරයා..... කවුරු කියලා හිතාගෙනද මාව ඇල්ලුවේ....? අපිට පාරෙ බැහැලා යන්න බැහැ මුන් වගේ මිනිස්සු නිසා...." කියල අරින්නෙමනැතුව දිගටම දෙනවලු ..

ඔන්න ඒ පාර අර අංකල් ඉඳන් කිව්වලු,

"අනේ නංගි, මමනම් හිතුවෙ ඔය නංගි මාව හොඳට අඳුරනවා ඇති කියලනෙ. මොකද ඔයා තුන්පාරක්ම මගේ කලිසමේ සිප් එක පල්ලෙහාටදැම්මනේ ...........!"

Friday, November 4, 2011

කරුණාවෙන් සවන්දෙන්න...

මෙහි පලවන කථා මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවා වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව නැවතත් දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.

මෙම blog අඩවිය මදි නොකියන්න විනොදාස්වදය සැපයීමේ අරමුණින් ආරම්භ කළ හෙයින් හිත් අමනාපකම් ඇති කිරීම මගේ චේතනාව නොවිය...

ස්තූතියි,
මීට,
නදුන්

Thursday, November 3, 2011

මුරලිගෙ ගෑනි ඌව දාල ගිහිල්ල...

තිලක් අයියා: මාර වැඩේ බං. මුරලිගෙ ගෑනි ඌව දාල ගිහිල්ල
නිලා: නෑ. මොකක්ද case එක?
තිලක් අයියා: නෑ බං මේ ටිකේ වැඩිය ඌට cricket නැති නිසා අර කෙල ගාල බෝලෙ අඹරන එක මූ ගෙදර ගෑනිට කරන්න ගිහින්

අහල පහල උන්ද සිනාසෙයි. ඒත් කතාව ඉවර නෙත. නිලාගේ කට දෙවනි වන්නේ තිලක් අයියට පමනක්මය.

නිලා: එක අතකට මුරලිගෙ ගෑනි සතු‍ටු වෙන්න ඕනෙ
තිලක් අයියා: ඒ මොකද බං?
නිලා: නෑ ඉතින් වකාර් ගෙ ගෑනි උනා නම් ඌ ටොනික් පියනකින් හූරනවත් එක්කනෙ

විහිලුවක් පමණි..

Thursday, October 27, 2011

20 - 20

ඇම්ඩා - මගේ වයස අවරුදු 20 යි.ඔයාගේ?

කෙල්ල- මගෙත් 20 යි.

ඇම්ඩා- එහෙනම් ඉක්මනට එන්න මගේ ඇඳට..

කෙල්ල - ඒ ඇයි??

ඇම්ඩා - 20 - 20 මැච් එක ගහන්න..

කව්ද ඒක විසි කලේ???

ටීචර් - මම ඊ ලඟට අහන ප්‍රශ්නෙට පිළිතුරු දෙන ළමයට පුළුවන් ගෙදර යන්න

එක පාරටම පොත් බැගයක් පන්ති කාමරයෙන් එලියට විසි විය

ටීචර් - කව්ද ඒක විසි කලේ

ඇම්ඩා- පන්තියෙන් නැගිට "මම" කියා එලියට දුවන ලදී

Sunday, September 18, 2011

ලංගම කාගේද???

නිදහස ඇහිරීම...

"තමුසෙට හිතා ගන්ඩ පුළුවන් ද දෙවියන් වහන්සෙ 'ඒව' මවන්ඩ කලින් 'ආදම්' ව මැව්වේ ඇයි කියල." සාලිය සෙනසුරාදා උදේ තම මිතුරු දයානන්ද ගේ නිවෙසට ගොස් කතා බහ කරමින් සිටියදී ඇසීය.

"මොකෝ බැරි? ආදම්ට ටික දවසක් හරි නිදහසේ යමක් කියන්ඩ, කරන්ඩ ඉඩක් දෙන්න ඕන හින්දනෙ" දයානන්ද කීවේ කුස්සිය පැත්ත දෙස හොරැහින් බලමිනි.

අන්ඩර දෙමළ

Sunday, August 28, 2011

Who's Speaking Mega Collection

සෑහෙන්න ගේමක්දීල ඔන්න Who's Speaking Mega Collection එක ගොඩ දැම්මා...

අළුත්ම අහන්න,

>> මෙතන කොටන්න <<

Sunday, August 21, 2011

නෙප්චූන් වෙතට යන ලංකාවෙ හිටපු ජනාධිපති...

මේක පොඩි ජොලි කතාවක්.එහෙනම් අහගන්නකො

අත්හදා බැලීමක් වශයෙන් නෙප්චූන් වලට කෙනෙකු යැවීමට සොයයි.නමුත් ගිය කෙනාට ආපසු මෙහි එන්නට නොහැක.නමුත් ඉල්ලන ගානක් දෙයි.එයට සහභාගි වූ අයදුම් කරුවන් සහ සේවකයෙකු අතර ඇති වූ කතාවක්.

මුලින්ම පැමිනියේ විශ්‍රාමික රුසියානු හමුදා භටයෙකුයි.

හමුදා භටයා:-මට ඕනා ඩොලර් 100000.ඒවා මම රුසියානු හමුදාවට පරිත්‍යාග කරනවා.

දෙවනුව පැමිනියේ ඇමෙරිකාවෙ ඩොක්ටර් කෙනෙකි.

ඩොක්ටර්:-මට ඕනා ඩොලර් 200000.මම ඒවා ඇමෙරිකාවෙ සෞඛ්‍ය සංවිදානෙකට දෙනවා.

තෙවනුව ආවෙ ලංකාවෙ හිටපු ජනාධිපති කෙනෙකි

ජනාධිපති:- මට ඕනා ඩොලර් 300000.

සේවකයා:-එච්චර මොකටද?

ජනාධිපති:-100000 ක් ඔයාට.100000 මට.ඉතුරු100000 දීලා අර රුසියන් කාරයව අරිමු.

Saturday, August 20, 2011

බෙහෙතෙ බලේ...

"මොකද්ද ඔහේගෙ ලෙඩේ?" තමා වෙත පැමිණි කොළඹගේ ගෙන් වෛද්‍යවරයා ඇසීය.

"මම ආවේ බෙහෙත් ගන්ඩ නෙමෙයි ඩොක්ටර්. ඔබතුමාට ස්තුති කරලා යන්ඩ." කොළඹගේ සිනාසී කීවේ ය.

"ඒ මොකටද?" වෛද්‍යවරයා තරමක් පුදුම වෙමින් සිනාසී ඇසීය.

"පසුගිය සුමානෙ අසනීප වෙලා ගෙනා වෙලාවේ අපේ මාමණ්ඩියට දුන්න බෙහෙත් බෝතලේට" කොළඹගේ කීවේ ය.

"ආ ඒ බෙහෙතෙන් ලෙඩාට හොඳ වුණා ද?" වෛද්‍යවරයා සිනාසෙමින් ඇසීය.

"නෑ... ඒ බෙහෙත් බෝතලෙන් භාගයක් බොන කොට ම අපේ නෝනට, තාත්තාගෙ දේපළ අයිති වුණා..." කොළඹගේ හිස නමා තම කෘතඥතාව පළ කරමින් කීවේ ය.

නැත්තෙ මොකද???

"සාර්ථක විවාහ දිවියකට මඟ" යනුවෙන් ප්‍රසිද්ධ දේශකයා පැවැත් වූ එම දේශනයට සවන් දීම සඳහා ශාලාව පිරෙන්නට සෙනඟ රැස්ව සිටියෝ ය.

"තමන්ගෙ බිරිඳ ගෙන් කරදර හිරිහැර විඳින අය නැඟිටින්න..." දේශනය අරඹා මඳ වේලාවකින් දේශකයා සභාව දෙස බලා කීවේ ය. එක් අයකු හැර ශාලාවේ සිටි සියල්ලෝම නැඟී සිටියහ.

"මේ ශාලාවේ ඉන්න දාහක් විතර පිරිසගෙන් ඔහේට විතරයි ප්‍රශ්න නැත්තෙ." දේශකයා නොනැඟිට සිටින තැනැත්තා දෙස බලා මදහසක් නඟමින් කීවේ ය.

"මට අංශ භාගෙ. තව කෙනෙකුගෙ උදව්වක් නැතුව මට නැගිට ගන්ඩ බැහැ. ඒකයි ඉඳගෙන ඉන්නෙ..." හේ කීවේ ය.

ඒ මගේ නෝනා...

"සර් හම්බ වෙන්ඩ කවුද නෝනා කෙනෙක් ඇවිත්." කාර්යාල සේවක සුගත් නියෝජ්‍ය කොමසාරිස් තුමාගේ කාමරයේ දොර හැර, හිස කසමින් කීවේ ය.

බලමින් සිටි ලිපිගොනුවෙන් දෙනෙත් මෑත් කොට තම කාර්යාල සේවකයා දෙස බැලූ කරුණාරත්න මහතා මෙසේ ඇසී ය.
"කවුද, තරුණ ලස්සන නෝනා කෙනෙක් ද?"

"අපොයි නෑ සර්, පැන්ෂන් යන වයසට කිට්ටු, නහය චප්ප වෙච්ච, කට හැකර ගෑනු කෙනෙක්, සුගත් කීවේ කට ඇද කරමිනි.

"ආ... ඒ මගෙ නෝනා. මට හදිසි වැඩක් කියල ටිකක් වෙලා එළියෙන් වාඩි වෙලා ඉන්ඩ කියනවා." කරුණාරත්න මුහුණ කළු කර ගනිමින් කියා නැවතත් ලිපිගොනුවට එබුණේ ය.

සතුටයි සනීපයයි...

"හහ්! ඕස්ට්‍රේලියාව කොයි තරම් ලස්සන, සුන්දර රටක් ද? කෙනෙක් එහෙ ගියාම කොයි තරම් සතුටක් ද සනීපයක් ද දැනෙන්නෙ" දයානන්ද එක් සති අන්තයක තමා හමුවීමට තම නිවෙසකට පැමිණි සාලියට කීවේ ය.

"ඒ වුණාට තමුසෙ කවදාවත් ඕස්ට්‍රේලියා ගිහිල්ලා තියෙනවා යැ?" සාලිය කීවේ පුදුමයෙනි.

ඒක ඇත්ත. ඒත් දුවව බලන්න අපේ යමුනා ගිහිල්ලා හය මාසයක් එහෙ ගත කළානෙ. ඒ කාලෙ මං හිටියෙ කොයි තරම් සතුටකින් ද? සනීපයෙන් ද? දයානන්ද කීවේ ඒ සතුට මුහුණෙන් පෙන්වමිනි.

වැළකුණේ මොනවයින්ද???

පෙරේරා අන්කල් ගේ සිය වැනි උපන් දිනය ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට දූ පුතුන් සහ ඊළඟ පරම්පරාවේ සාමාජිකයෝ අදහස් කළෝ ය. පවුලේ ඥාතීන් සහ හිතවතුන් රැසක් එම සාදය සඳහා ආරාධනා ලැබුවෝ ය.

"පෙරේරා අන්කල් මේ තරම් කාලයක් ජීවත් වෙන්න මොනවද පාවිච්චි නොකළේ?" සාදයට පැමිණ සිටි අයිවන්, පෙරේරා අංකල්ට ළං වී ඇසුවේ ය.

"මත්පැන් ද?" සිගරට් ද? අයිවන්ගේ පැනය තවදුරටත් ලිහිල් කරමින් සාදයට පැමිණ සිටි මනෝ ද ඊට එක් විය.

"ඔය එකක් වත් නෙමෙයි මම පාවිච්චි නොකළේ. දොස්තරලව" පෙරේරා අන්කල් කීවේ සිනාසෙමිනි.

Saturday, August 13, 2011

සී-සෑම...

ආයෙත් වැස්ස පටන් ගත්ත හින්ද සීයයි මායි දෙන්න එකතු වෙලා පහල කුඹුර අස්සද්දන අදහස් කලා....

ඔන්න ඉතිං නිවාඩු දවසේ දෙන්නත් එක්ක වැඩඩේට එන්ටර් උනා.හරක් දෙන්නත් ඈදගෙන සීය වෙලට බැස්ස.මට ඉතිං ඕව එච්චර හුරු නැති හින්ද ගොඩට වෙලා හිටිය...

සීය මෙන්න මෙහෙම අඩ හැරේකුත් දාගෙන බැහැලම වැඩ...
ආ..... ඇදපන් පුල්ලියා.... ආ... උඹත් ඇදපන් වයිරා......
ආ.... ඇදපන් මගෙ හදයා..... කෝ ඇදපං... ම‍‍ගෙ කලුවා...

ය‍කෝ හරක් ‍‍දෙන්නයි බැදල ඉන්නෙ සීය හරක් හතර පස් දෙනෙක්ගගෙ නම් කියනව.මම ඇහුව ඈ බං සීයෙ.. උඹ මොකෑ... ඔය හරක් ගොඩකගගෙ නම් කියන්නෙ කියල...

මුන්දැ කියනව....
නෑ බං මම දෙතුන් දෙනෙක්ගෙ නම් කියන්නෙ මුංට සපෝට් එකට තව එවුන් ඉන්නව කියල පෙන්වන්න... නැත්තම් උන් අදින්න කම්මැලි කොරනව...

Friday, July 29, 2011

දියණියගේ ආදර පලහිලව්ව...

දිනක් තවමත් පාසැල් යන සිසුවියක වූ තම දියණියගේ ආදර පලහිලව්ව ගැන දැනගත් පියා ''අනේ ඇත්තට උඹට රටේ කොල්ලෝ නැතිවටද අර මෝඩ, මෙලෝ දෙයක් දන්නැති, රස්තියාදුකාරයත් එක්ක යාලු වුනේ'' යැයි බැන වැදුනේය.

තම ආදරවන්තයාට බැන වදිනු තවත් අසා සිටිනු බැරි තැන දියණිය මෙසේ පැවසීය​.

''ඔය ඉතිං එයා ගැන​ තාත්තා දන්න තරම තමයි. එයාව මට හමුවෙලා තවම මාස 2යි. මෙච්චර කාලයක් හැම මාසෙම ලෙඩවෙන මාව සනීප කරපු 1ම මදිද'' යැයි ආඩම්බරයෙන් පැවසීය​.

Friday, July 15, 2011

බුදු මල්ලියේ හෙමින් වරෙන්...

රැවුල කැපීම...

දවසක් එකෙක් ගියාලු saloon එකකට රැවුල shave කර ගන්න...

මිනිහ කිවුවලු බාබර්ට වෙනදට වඩා හොදට shave කරන්න කියල...

බාබර් "හා, හොදයි" කියල දුන්නලු ලී බෝලයක් කටෙ දාගන්න..

කොහොම හරි වැඩෙ වෙනදට වඩා හොදට සිද්ද උනාලු...

රැවුල කපා ගන්න ගිය එකා ඇහුවලු " වැරදිලාවත් මෙ බෝලෙ ගිලුනොත් මොකද කරන්නෙ" කියල..

බාබර් කිවුවලු "අයියෝ ඹික මොකක්ද,අනිත් අය කලා වගේ ඊලග දවසෙ ගෙනත් දෙන්නකො "...

ගොනාට විතරයි!!!

මෙය තරමක් ගම්බද පෙදෙසක සිදුවූ සිදුවීමකි.

මහත් වෙහෙසක් දරමින් එළදෙනක් ඇදගෙන යමින් සිටි කුඩා දැරිය දුටු කාන්තාව මහත් අනුකම්පාවෙන් දැරිය ඇමතුවාය.
"දෙයියනේ! මොකක්ද ඔය ළමය ඔය කරන්නේ???"
"මම මේ අපේ එලදෙනව ගොනා ගාවට එක්කන් යන්නයි හදන්නේ!" දැරිය පිලතුරු දුන්නාය.
"බලන්න ඕක ඔයා වගේ පොඩි ළමයෙකුට කරන්න පුළුවන් වැඩක්ද? ඇයි ඔය වැඩේ ඔය ළමයගෙ තාත්තට කරන්න බැරිද?" කාන්තාව ඇසුවේ මදක් තරහිනි.
"බෑ නෝනා අපේ තාත්තට ඒක කරන්න බෑ! ඒක ගොනෙක්ම තමා කරන්න ඕන!"

Saturday, July 9, 2011

Let the Air Force come in

මේකත් අර ටීචර්ගෙම කතාවක්..... මොනවා වුණත් මේක වුනේ 2010යෙ මාර්තු වගේ ... මේකත් කිව්වෙ කට්ටිය සෙට් වෙලා ඉන්න වෙලාවෙ...

ඒ කාලෙ කට්ටියට මතක ඇති ගිණි ගහන රස්නයක් තිබ්බ.....ඉතින් කට්ටියම පන්ති වල හිටියෙ තැම්බි තැම්බි......

ඔය අස්සෙ පාඩම් කරන්න ගියාම තවත් එපා වෙනව නෙ.....කොහොම හරි ටීචර් පන්තියට ආව....ඇවිත් කට්ටියට කියනව ලු,

Children, it's very hot here, open the windows and let the Air Force come in!!!

Girls, where did we stop last night???

ඔන්න එක ටීච කෙනෙක් හිටියා.....ඉගැන්වුවෙත් සිංහල මාධ්‍ය පන්ති වලට.....හැබැයි ඉංග්‍රීසි කෑලි දාන්න ගිහින් අනාගන්නවා......දවසක් ඉතින් ඔන්න උදෙන්ම මේ මිස් ගෙ පීරියඩ් එක ලු......ළමයි නිදිමතේ පුටු උඩ නිදි,.....

ටීචරුත් පන්තියට ආවා කළින්ම. දැන් පොත් ඔක්කොම ඇරගෙන කට්ටිය පාඩමට ලෑස්ති වෙනවා......

ටීචරුත් එක පාරටම ළමයිගෙන අහනවා,

"Girls, where did we stop last night???"

ඉගෙන ගත්තා කෝක වෙතත් ළමයිගෙ නිදිමත ගතිය නම් ගියා ලු!!!

Sunday, July 3, 2011

තාක්ෂණික මෙවලම්...

තාක්ෂණික පාඩමේදී ගුරුතුමිය තාක්ෂණික මෙවලම් පාසලට රැගෙන එන ලෙස බාලාංශ පන්තියේ සිසුන්ට කීවාය.පසුදා ළමුන් සියලු දෙනාම එක එක දෑ ගෙනවිත් තිබුණි .
"සුරේන් මොනාද ගෙනාවේ"
"වොක්මන් එකක්. මේකෙන් සින්දු අහන්න පුළුවන්"
"එතකොට මදුර"
"මන් ගෙනාවා ටීචර් රේසර් එකක්"
"මේකෙන් රැවුල කපන්න පුළුවන්"
"එතකොට සුනිමල් මුකුත් ගෙනාවේ නැද්ද"
"ගේනවා ටීචර්.. ඒක එළියේ"
ළමුන් සහ ගුරුතුමිය එලියට ගොස් සුනිමල් ගෙන දේ බැලුහ
"මොකද්ද මේ"
"මේක අමාරු ලෙඩුන්ට හුස්ම දෙන මැෂින් එකක්"
"මේක ගේනකොට තාත්ත මුකුත් කිව්වේ නැද්ද"
"නෑ ටීචර්... එයා දගලලා සද්ද නැතුව හිටිය"
"ඒ ඇයි??"
"මේක එයාට දාලයි තිබුනේ"

අලුත බැඳපු ජෝඩුවක්...

ඔන්න බැඳපු අලුත ජෝඩුවක් නිවාඩු පාඩු වෙලාවක ගියාලු කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් බලන්න. ටිකක් ගම්බද පලාතක් නිසා ගව සම්පත ගැනත් වැඩි පැහැදිලි කිරීමක් තිබුණාලු. එහිදී ගව පාලනය ප්‍රචලිත කරන බලාපොරොත්තුවෙන් ‍ජවසම්පන්න ගොනුන් කිහිපදෙනෙකු වෙන්දේසියේ විකුණන අවස්ථාවක්ද වූයෙන් එතැනට මෙම නව යුවළද එබී බලන්නට වූහ.

වෙන්දේසිය ඇරඹිණි. වෙන්දේසිය මෙහෙයවන පුද්ගලයා විසින් එක් එක් ගොන් වස්සා දක්කාගෙන විත් ඒ සතා පිළිබඳ පැහැදිලි කිරීමක් කර ලන්සු තැබීමට ආරාධනා කරයි.
"බලන්න මේ ගොනා දිහා මූව අවුරුද්දකට 60 පාරක් විතර පට්ටි දානවා" කියලා
ඕක අහපු අර ගැනිට මාර චූන්ලු, ගෑනි මිනිහගේ කණට කරලා "බලන්නකෝ ඒයි මාසෙකට 5 සැරයක්නේ" කියලා.

ඊට පස්සේ වෙන්දේසිකාරයා තව ඊට වඩා ලොකු ගොන් තඩියෙක් ගෙනල්ලා පෙන්නල කියනවලු "බලන්න මූ දිහා මූ ගෙන් අවුරුද්දකට 120 සැරයක් පට්ටි දාන්න පුලුවන් " කියලා
ඕක ඇහිච්ච ගමන් මේ ගැනී ඒ පාර කියනවලු "ඒයියි.................. බලන්නකෝ මාසෙකට 10 පාරක්නේ අනේ....... හරි ස්වීට්නේ............."කියලා

දැන් දැන් ඇහෙන දේවල් වලට මෑන්ස් ගේ චැනල් මාරු වෙන්න පටන් ගත්තලු.
ඔන්න තව හෙන සයිස් ගොන් තඩියෙක් දක්කගෙන ආපු වෙන්දේසිකාරයා කියනවලු "මූගෙන් අපි අවුරුද්දකට 365 පාරක් පට්ටි දම්මනවා " කියලා....
ඔක් ඇහිච්ච ගමන් මේ අවලං ගෑනි නොතෙරිච්ච විදිහට මිනිහගේ අතටත් පාරක් ගහලා කියනවලු "365 ක් නේ අනේ.... ඒ කියන්නේ දවසකට එක පාරක්, අවුරුද්දේ හැමදාම... අයියෝ බලන්නකෝ අනේ, ඒකටත් එක්ක ඔයා, මොනාද ඒයි........"
මාරාවේශ වෙච්ච මිනිහා බෙරිහන් දුන්නලු

"ඇයි යාකෝ ගිහින් අහපියකෝ අරූගෙන් ඕකුන් හැමදාම හිටියේ එක වැස්සියෙක් එක්කද කියලා???"

Saturday, July 2, 2011

ලක්ෂපති

දිනක් විවාහක යුවලක් ලක්ෂපති වැඩසටහන නරබා අවසානයේ නින්දට යාමට සුදානම් විය .

එදා වැසි දිනයකි.පොඩි සිතලකුත් තිබ්බ නිසා සැමියා බිරිද තුරුළු කරගන්න ලෑස්ති වුනි.

"අද බෑ අනේ..මගේ ඔලුව රෙදෙනවා වගේ." බිරිද කිවය.

"එකද ඔයාගේ අන්තිම උත්තරේ..?"

"ඔව්"

"එහෙනම් මම Caller friend option එක තෝරා ගන්නවා"

Sunday, June 12, 2011

බඹරු නැත්තන් පැනි කොහෙන්ද???

මේක සැර වැඩි වෙන්න පුලුවන්...ඒ නිසා පොඩි ළමයින් බලන්ට එපා ඕන්...

ඔන්න ඉතින් අපේ ඇම්ඩන් කොලුවට පුංචි කාලෙදිම කජ්ජබිලින් වෙන්න ගත්තා, ඉතින් මිනිහගේ කජ්ජබිලින් වෙන්න ගත්ත පලවෙනි දවසෙ ටිකක් බය උනා, මිනිහ දඩිබිඩි ගාලා අපේ වතිල වෙද මහත්තයව හම්බවෙන්න ආවා. ඇවිත් කාරනාව කිව්වට පස්සෙ. අපෙ වතිල වෙද මහත්තයා කිව්වා, "බයවෙන්න කාරි නැහැ ඇම්ඩෝ ඕක ස්වාභාවිකයි" කියලා.

එත් ඉතින් ඇම්ඩට මේක ලොකු ප්‍රශ්නයක්, ඇම්ඩා වතිල වෙදමහත්තයගෙන් ඇහුවා, "වෙදමහත්තයෝ ඇයි කජ්ජබිලින් වෙන්නෙ" කියලා. ඇම්ඩා පොඩි නිසා හරියටම කියන්නත් බැහැ. "කජ්ජබිලින් වෙන්නේ ගුල්වලට දාන්න" කියලා කිව්වා,

දැන් ඉතින් ඇම්ඩට මේක ගුලකට දාලා ටෙස්ට්කොරලා බලනකන් ඉවසිල්ලක් නැහැ. ඇම්ඩා ගෙදර එනගමන් මේක ටෙස්ට්කොරලා බලන එක ගැන හිත හිත එනකොට ඇම්ඩා දැක්කා ගහක පොඩි ගුලක් තියෙනවා, ඇම්ඩට මාර හැපි එකක් ආවා, මොකද දැන් මේක ටෙස්ට්කොරලා බලන්න පුලුවන්නෙ, ඇම්ඩා ටක්ගාලා අහවල් එක අර ගුලට දැම්මා,

දාලා විනඩියක්වත් ගියේ නැහැ, "බුදුඅම්මෝ" කියලා ඇම්ඩා අහවල් එක එලියට ගත්තා, මාර සීන් එක ඇම්ඩා අහවල් එක දාලා තියෙන්නෙ ගහක බැදලා තිබිච්ච බඹර වදයක් ඇතුලට, දැන් අහවල් එක ඉදිමිලා, ඒ මදිවට බඹරු එලව එලවා අහවල් එකට අනිනවා, ඇම්ඩා කැගහගෙන අපහු වතිල වෙදමහත්තයාලගේ ගෙදරට දිව්වා.

"අනේ බුදු වෙදමහත්තයෝ මගේ කජ්ජට බඹරු ඇන්නො මට බැරියෝ" මොකද මොකද ඇම්ඩන් මේ කැගහනේ, අම්මො මේ මොකද මේ කජ්ජට වෙලා තියෙන්නෙ, අනේ බුදු වෙද මහත්තයෝ මම ගෙදර යනගමන් ගහක් තිබුන ගුලක් දැක්කා, මම ඉතින් මගේ කජ්ජ ඒ ගුලට දැමා, අයියො ඇම්ඩන් තමුසේ වැඩේ නාගෙනනේ, ඕවටම හදපු ගුල් ජාතියක් තියෙනවා, තමුසෙට ටික කාලයක් යන්කොට දැනගන්න පුලුවන් වේවි, එතකන් කජ්ජ පරිස්සන්කරගෙන් ඉන්නවා, එක එක ගුල් වලට දාන්නෙ නැතුව" කියලා අපේ වතිල වෙද මහත්තයා ඇම්ඩට කිව්වා.

ඔන්න ඉතින් ටික කාලයක් ගියා, දැන් ඇම්ඩා ගුලක් දකිනකොට බයයි, ඇම්ඩගේ වයසත් හරි නිසා ගෙදරින් ඇම්ඩට කසාදයක් බන්දලා දුන්නා. දැන් ඉතින් ඇම්ඩගේ මංගල රාත්‍රිය, ඒ උනාට ඇම්ඩා කිසිම සද්දයක් බද්දයක් නැහැ, ඇදේ අනිත් පැත්තට හැරිලා ඇම්ඩා නිදි,

මේක ඇම්ඩගේ පවුලට මාර ප්‍රශ්නයක් නිසා ඇම්ඩගෙන් මෙහෙම් ඇහුවා, "මොකද අනේ ඔයා කරන්නෙ, මම මේ බලාහෙන ඉන්නවා ඔයා වැඩ පටන්ගන්නකන්, කෝ ඔයා කිසිම ඇක්ට්යු එකක් නැහැනේ" කියලා, "අපෝ මටනම් බැහැ ඕවා ඇතුලේ බඹරු ඉන්නවා" කියලා ඇම්ඩන් කිව්වා, ඔයාට පිස්සුද අනේ මෙකේ ඇති බඹරෙක් නැහැ, "අනේ නිකන් බොරු නොකිය ඉන්නවා, මටනම් බැහැ" කියලා ඇම්ඩා කිව්වා, "මේකේ ඇති බඹරෙක් නැහැ ඇම්ඩන්, ඔයාට අවිශ්වාස නම් ඇගිල්ල දාලා බලන්නකො" කියලා ඇම්ඩන්ගේ පවුල කිව්වා.

ඉතින් ඔන්න පවුලගේ වදේටම ඇම්ඩන් ඇගිල්ල දාලා බලන්න සෙට් උනා, ඇම්ඩන් බොහොම බයෙන් බයෙන් ඇගිල්ල දැම්මා, "බුදු අම්මෝ" කියාගෙන ඇම්ඩන් ඇගිල්ල එලියට අරගෙන කාමරයෙන් එලියට දුවන්න ලැස්ති උනා, "මොකද මොකද අනේ ඔයාට වෙලා තියෙන්නෙ, මෙකේ බඹරු නැහැයි කියලා ඔයාට දැන් තෙරෙනවනේ, ඉතින් මේ කොහෙද දුවන්න හදන්නේ", "බොරු කියන්න එපා ගෑනියේ, බඹරු නැත්තන් පැණි කොහොහෙන්ද" කියලා ඇම්ඩන් ඇහුවා...

Sunday, June 5, 2011

වරද කාගේද???


දැනෙන නොදැනෙන තරමට හීන් අඩියක් ගසා කාර්යාලයට ඒමට පුරුදුව සිටි සුගත් එදා රාජකාරිය සඳහා පැමිණියේ හොඳටම බීමත්වය.
"ඇයි බං ඔච්චර බීලා වැඩට ආවේ?"
මංජුල ඇසුවේ ඉන් ඔහු අමාරුවේ වැටෙතැයි සැකයෙනි.

"ඒක මගෙ වැරැද්දක් නෙමෙයි." සුගත් ගොත ගසමින් කීවේය.

"නැත්තං කාගෙද යකෝ වැරැද්ද?" මංජුල ඇසුවේ කෝපයෙනි.

"මං දන්නෙ නෑ වැරැද්ද කාගෙද කියල. අවුරුදු දවස් හින්දා හවසට බාර් එකේ පෝළිම වැඩිවෙයි කියල හිතලා, උදේ ම මම ගත්තු අරක්කු බෝතලේ මූඩිය නැතිවුණා." සුගත් කීවේය.

පිස්සෝ කවුද???

මානසික ආරෝග්‍ය ශාලාවෙන් පැන ගිය පිස්සකු අල්ලාගත් පුවතක් පිළිබඳව අනෝමා අල්ලපු ගෙදර රූපා සමඟ කියනු අසා සිටි පුතා සාලයට විත් එහි පුවත්පතක් බලමින් සිටි නිහාල් ගෙන් මෙසේ ඇසීය.

"කොහොමද තාත්තෙ පිස්සන්ව අල්ල ගන්නෙ?"

"සෙන්ට්, පවුඩර්, ක්‍රීම්... එතකොට ඇඟ පේන කොට ගවුම්... ඒ වගේ අඟදර දඟර, බොරු මායම්... ඔය වගේ දේවල්වලින් තමයි පුතේ." නිහාල් පිළිතුරු දුන්නේ කුස්සිය දෙස හොරැහින් බලමිනි.


එඩ්වඩ් චන්ද්‍රසිරි

බළල් මස්ද???

"මොකෝ බං අර කෑම කන්ඩ ආපු මනුස්සයා කෑම නොකා ම හිටිහැටියෙ ආපහු ගියේ?" මුදලාලි, වේටර්ගෙන් ඇහැව්වේ පුදුමයටත් වඩා තරහිනි.
"අනේ මන්දා මුදලාලි ඒ මනුස්සයා ඇහැව්වා කෑම කන්ඩ මස් තියෙනවද කියල. මම කිව්වා විනාඩි පහෙන් උයලා ගේන්නම් කියල. වතුර වීදුරුවකුයි පිඟානකුයි ගේන්ඩ මම ඇතුළට යද්දි කුස්සියෙ හිටිය බළලගෙ වලිගෙ මට පෑගිලා ඌ මරහඬ දුන්නා. මම පිඟානයි වතුර වීදුරුවයි අරගෙන එනකොට මිනිහා ගිහින්." වේටර් කීවේය.

එඩ්වඩ් චන්ද්‍රසිරි

රයිගමයයි ගම්පොළයයි...

සිංහල අලුත් අවුරුද්ද එලැඹීමේ පී‍්‍රතිය නිමිත්තෙන් සුගත් සහ සුසන්ත හීන් අඩියක් ගැසීම සඳහා බාර් එකට ගොඩ වූයේ කාර්යාල වේලාවෙන් පසුවය.

"උඹ දන්නවද වැඩක් සුසන්ත. දැන් අවුරුදු දෙකකට කලින් අපේ මාමණ්ඩියගෙ අවුරුදු 25 ක් පරණ අත් ඔරලෝසුව නාන්ඩ ගිය වෙලාවක කැලණි ගඟට වැටුණා. මේ ගිය සුමානෙ, මාමණ්ඩියා කැලණි ගඟේ නාන්ඩ කිමිදෙන කොට අහම්බෙන් ඒ ඔරලෝසුව හම්බවුණා. විශ්වාස කරපන් සුසන්ත, ඒ හම්බවෙන කොටත් ඔරලෝසුව හොඳට දුවනවා." දෙකක් දාගත් සුගත් කීවේය.

"ඒක මොකක්ද බං? අපේ මාමණ්ඩියා දැන් අවුරුදු දෙකකට කලින් නාන්ඩ ගිහින් ඔය කැලණි ගඟටම වැටුණා. අවුරුදු දෙකක් ම වතුර යට ඉඳලා මිනිහා ගොඩ ආවේ මේ ගිය සුමානෙ." එය අසා සිටි සුසන්ත කීවේය.

"වෙන්ඩ බෑ! යකෝ ඒ මනුස්සයා අවුරුදු 2 ක් වතුර යට මොනවා කළාද?" සුගත් ඇසීය.

"වෙන මොනවද? උඹලෑ මාමණ්ඩිය ගෙ ඔරලෝසුව වයින් කර කර ඉඳලා." සුසන්ත කීවේය.

එඩ්වඩ් චන්ද්‍රසිරි

නැන්දම්මයි ලේලියි...

නන්දා සිය පුතාගේ බිරිඳ වූ මනෝරි සමඟ සිංහල අවුරුදු සමයේදී සාප්පු සංකීර්ණයේ ඇඳුම් තෝරමින් සිටිනු දුටු කරුණා සිනාසී මෙසේ කීවාය.
"ඔය දෙන්නව දැක්කම අනේ නිකම්වත් කියන්ඩ බෑ මේ නැන්දම්මයි ලේලියි කියල."
"ඇයි කරුණක්කා එහෙම කිව්වේ?" නන්දා ද සිනාසී ඇසුවාය.
"මං කවදාවත් දැකලා නැහැනෙ ඔය දෙන්නා කා කොටා ගන්නවා." කරුණා කීවාය.

එඩ්වඩ් චන්ද්‍රසිරි

බේසම...

ඔන්න එක ගමක හිටියා සිරිපාල කියල හෙන පන්ඩිත මනුස්සයෙක්..
මිනිහගෙ වැඩේම කාව හරි බ්යිට් 1ට අල්ලගන්න එකමයි.

ඉතින් දවසක් මිනිහා පහල ඇලේ නනා ඉන්නකොට,පන්සලේ පොඩි හාමුදුරුවෝ පාලම උඩින් වඩිනවලු.

දැන් මිනිහට ඉන්නම බැරිලු හාමුදුරුවන්ට මොනව හරි ජෝක් 1ක් දානකම්....

එතකොට තමයි සිරිපාල දැක්කෙ හාමුදුරුවන්ගෙ අතේ මොකක් ද පොතක් තියනවා.

හොදට බැලුවම පොතේ "පරචිත්ත විජාණන ඣාණය" කියල ලියල තියනව දැක්කා.

හරි... සරමත් ඇදගෙන ගොඩට ගිහින් දෙන්නම් වැඩක් කියල හිතලා,සරම ගන්න බලද්දි සරම නෑලු.

මලා. ඉතින් මොකකද් කරන්නෙ. හාමුදුරුවන්ටත් මොනවම හරි කියන්න ඕනෙමලු.

ඉතින් සරම දිය යටවත් තියනවද කියල අත ගාල බලන කොට නිකම් බේසමක් වගෙ 1ක් අහු උනාලු.

මිනිහා බේසමත් අරගෙන අහවල් ස්ථානෙත් වහගෙන ගොඩට ඇවිත් හාමුදුරුවන්ගෙන් මෙන්න මෙහෙම ඇහුවලු.

"ඇත්තටම හාමුදුරුවනේ ඔය පොතේ තියන විදිහට අනුන්ගෙ හිත් කියවන්න පුලුවන් නම්, හා කියමු බලන්න දැන් මගෙ හිතේ මොනවද තියෙන්නෙ කියල...."

ඉතින් හාමුදුරුවෝ හොද හිනාවක් එහෙම දාල කිව්වලු මෙහෙම.

" මේ උපාසක මහත්තය දැන් හිතාගෙන, ඉන්නෙ ඔය බේසමට අඩියක් තියනව කියල......"

Sunday, May 29, 2011

දර කපන්නා,පොරව සහ බිරිඳ...

අර දර කපන්න කැලේට ගිහින් දර කපද්දි පොරව ගගට වැ‍ටුන සිද්දිය මම හිතන්නෙ හැමොම වගේ අහල තියනව. දන්නෙ නැති අය දන්න කෙනෙක්ගෙන් අහගන්න.

මේ දර කපන්නගෙ කතාවෙ දෙවෙනි කොටස...

ඉතින් අන්තිමට දර කපන්නට පොරෝ තුනක් ම හම්බ උනානෙ. ඒ කියන්නෙ මිනිහගෙ අවංක කම ගැන පැහැදිලා දෙයියො දුන්නනෙ. ඉතින් මිනිහත් අවංක, අහිංසක, නිහතමානී මනුස්සය නිසා වැඩිය උඩ පනින්ඩ දගලන්ඩ ගියේ නෑ. පාඩුවෙ පරන රස්සාවම කරගෙන ඉන්නව. හැබැයි ඉතින් රත්තරන්, රිදී පොරෝ දේක විකුනල ගත්ත සල්ලිවලින් හොද ලස්සන පොඩි ගේකුයි (මිනිහ මොල කාරය, දන්නව ලොකු ගෙවල් හදන්ඩ ගියොත් ඇනෙනව කියල) දර අදින්ඩ කරත්තෙකුයි එහෙම අරගෙන ටිකක් පිලිවෙලකට ඉන්නව. හැබැයි කරන්නෙ පරන රස්සවමයි.

ඉතින් ඔහොම ඉන්නකොට දැන් ගෙදරට අඩු "වලළු දාපු අතක්" තමයි. කෙල්ලො නම් වැහි වැහැල ලු මිනිහ බදින්ඩ. (ඇයි සල්ලි කාරයනෙ) ඒ උනාට මිනිහ පුලුවන් තරම් හොයල බලල හොද දෑවැද්දකුත් ඒක්ක පට්ට කෑල්ලක් බැන්දලු. දැන් සෙරම හරි කියල තමයි මිනිහ හිතාගෙන ඉදල තියෙන්නෙ.

ඉතින් ඔහොම ටික කාලයක් යද්දි (වැඩි කල් නෑ හය මාසයයි....??????? නෑ..නෑ...බබෙක් නෙවෙයි) හැමෝටම වෙනව වගෙ මෑන්ටත් හිතුනලු මේක කරගත්ත මෝඩකම කියල.

වෙන මොකුත් හින්ද නෙමෙයි, කොයි වෙලාවෙත්:

"කොහෙද යන්නෙ?"
"ඇයි යන්නෙ?"
"කාත් එක්කද යන්නෙ?"
"ඇයි තනියෙන් යන්නෙ?",
"කීයටද එන්නෙ?"
"බ්ලා....බ්ලා....බ්ලා..."

ගොඩයි ලු.

අපිට වගේ නෙවෙයිනෙ, මිනිහට මේක පුරුදු නැති නිසා මල වදයක් වෙලා.

ඔහොම ටික දවසක් යනකොට යනකොට අනවශ්‍ය දේවලුත් අහන්ඩ පටන් ගත්ත ලු.

"මේ.... මම මේ අහන්ඩමයි හිටියෙ... ඔයා දර කපන එක විතරනෙ රස්සාවකට කරන්නෙ. ඉතින් කොහොමද මෙච්චර සල්ලි හබ්බ කරේ...?"

ඉතින් මිනිහත් ඕකට උත්තර දෙන්නෙ නැතිව හැමදාම මග අරිනව ලු. අන්තිමට දවසක් උත්තර නොදී මගාරින්ඩ බැරිම උනා ලු. අනේ අර අහින්සකය සේරම විස්තරේ කියලා වයිෆ් එක්ක.

ඉවරයි! දැන් දන්නවනෙ කට්ටිය මොකද වෙන්නෙ කියල?

දැන් "අනේ මට එතන බලන්ඩ යන්ඩ ඕනෑ!" කියල මල වදයක් දෙනවලු වයිෆ්.

අන්තිමට බේරගන්ඩම බැරි තැන "හරි යමු පෙන්නන්ඩ " කිවුව විතරලු මෙන්න විනාඩි පහෙන් ඇදගෙනත් ඉවරයිලු.

කොහොම කොහොම හරි තැන හොයාගෙන ගිහිල්ල. දැන් වයිෆ්ට මාර ආතල් ලු. දැන් ඉතින් අයෙ ප්‍රශ්න වැලයිලු.

"ආනේ, මෙතනද?"
"ඔයට ෂුවර් ද?"
"කොතන ගහ ද?"
"දෙයිය ආවෙ කොහෙන්ද?"
"කොයි පැත්තෙන්ද?"

අන්තිම ප්‍රශ්ණය: "පොරව වැ‍ටුනෙ කොතනින්ද...?" කියල අහපුවම දර කපන්න කිව්වලු "මෙන්න මෙතනින්" කියල.

එතකොටම "හානේ, මෙතනින්ද?" කියල ගඟට නැමුන ලු. කකුල ලිස්සුව ලු.

"ජබොක්....!!!"

වයිෆ් ගඟේ ලු. මලා! (නෑ තම මලේ නෑ).

මොනව කිවුවත් කලත් වයිෆ් නෙ. දුකට, සැපට, මොකට උනත් අසනීපයක් උනත් ආදරෙන් බලගන්නෙ වයිෆ් නේද?
කියල මිනිහට එකපාරටම මතක්වෙලා. (අපි වගේමයි පොරත්) ඔලුවෙ අත් දෙක ගගහ අඩනව ලු.

"අනේ, මොකක්ද මේ උනේ?"

"මගෙ රත්තරං වස්තූව, මගෙ මැණික, පැටියෝ..." කිය කිය දැන් මර ල‍තෝනි දෙනව ලු.

ඔන්න මිනිහගෙ වෙලාව හොදකම කියන්නෙ, දෙයියා අදත් ඉන්නව ලු වෙලවට ලඟ පාතම. මොකද සීන් එක කියල බලනව ලු දෙයියො දැන්.

"ආ! මෙ අර මනුස්සයනෙ. හරි අවංක මනුස්සය. මොකද දන්නෙ නෑ, මේ පාර වෙලා තියෙන්නෙ" කියල ආවලු ලඟට.

දෙයියො දැක්ක ගමන් මිනිහට දෙයියෙක් දැක්ක වගේ හැපී ලු (ඈ, දෙයියෙක් නේන්නං ආවෙ).

ඉතින් දෙයිය අහනව ලු - "ඒ පාර මොකද දරුවා?"

"අනේ දෙයියනේ විස්තරේ පස්සෙ කියන්නම්. වයිෆ් ගගට වැ‍ටුනා. ඉක්මනට ගොඩට ගත්තෙ නැත්තම් මැරෙයි!"

ඉතින් දෙයිය ඇහැව්වෙ නෑ ලු මොකද පැනල බේරගන්නෙ නැත්තෙ කියල. මොකද එය දන්නවනෙ මෙයාට පීනන්ඩ බෑ කියල.

හැබැයි දෙයියන්ට හිතුන ලු මිනිහා තාම අවංකද කියල බලන්ඩ ඕන කියල. ජබොක් කියල ගගට පැන්නලු. පැනල ටික වෙලාවකින් ගොඩට අරගෙන එනවලු ගෑනු කෙනෙක්ව.

හැබැයි වයිෆ් නෙවෙයි ලු. ඒත් "ජැකොලින් ෆර්ඩිනැන්ඩස්" වගේ ලස්සනයි ලු. දෙවියො හිතුවලු මිනිහ අවංක නිසා මෙ ගෑනුකෙනා නෙවේයි මගෙ වයිෆ් කියයි කියල.

හැබැයි වෙල තියෙන්නෙ වෙන දෙයක්!

"මෙයාද වයිෆ්?" කියල ඇහැව්වලු. මිනිහ පැනපු ගමන් බදාගත්තලු අර ගෑනිව.

"අනේ බොහෝම පිං දෙවියනේ! මේ තමයි මගෙ වයිෆ්".

දෙයියන්ට ෆුල් අප්සට් ලු.

"ඕක තමයි මිනිස්සුන්ගෙ තියන කැත ගතිය. සල්ලි භාගෙ හම්බ උනාම අවංක කම වගේ හොද හතිගුන උන්ට අමතක වෙනව නේද? මටනම් හරිම කනගා‍ටුයි උඔ ගැන. උඔ දුප්පත්කමට ඉන්න කාලෙ උඔ කොච්චර හොඳද? සල්ලි ලැබුන ගමන්ම උඔ වෙනස්වුනා නේද? ඉස්සර වගේ දැං උඹ අවංක නෑ. ලස්සන ගෑනියෙක් පෙන්නපු ගමන්ම උඹ පැනල ඒක බදාගත්ත නේද?" කියල ඇහුවලු.

එතකොට දර කපන්නා කියනවලු:

"අනේ නෑ දෙයියනේ, ඔබ වහන්සේට මම කිව්වනම් මේ මගේ ගෑනි නෙවේයි කියල ඔබ වහන්සේ තව ගෑනියක් ගෙනත් පෙන්නයි. මම ඒ ගෑනිත් නෙවෙයි කිව්වනම් ඔබ වහන්සේ මගෙ ඈත්ත ගෑනිව ගෙනත් පෙන්නයි. මට මේ එක ගෑනියෙක් එක්කම ඉන්ඩ අමරුයි.මම කොහොමද දේයියනේ ගෑනු තුන්දෙනෙක් එක්ක ඉන්නෙ. ඒකයි මම දුන්න මුල ගෑනිවම බර ගත්තේ"

එතකොටලු දෙයියන්ට තේරුනේ සීන් එක.

Saturday, May 28, 2011

බෝම්බයට බොරු කිරීම...

අලුත පොලිස් සේවයට බැඳුනු රාළහාමිලා දෙදෙනෙක් වීදි මුර සන්චාරයේ යෙදී සිටියදී
හදිසියේම මහ මඟ දමාගොස් තිබූ අත් බෝම්බ 3ක් හම්බවිය.

ඒවා පොලීසියට ගෙනයාමට දෙදෙන කතා විය.

"මඟදී එකක් පිපිරුනොත්?" ළාබාල රාලහාමි විමසීය.

"ආ ඒකට මොකැයි?? අපි කියමු දෙකයි හම්බවුනේ කියලා" අනෙකා පිලිතුරු දිය.

සොහොනේ ගල් කිටන්නා...

රෑ බෝවී ගෙදර යමින් සිටි සිරී කෙටි මගක් වූ සොහොන් බිම මැදින් වැ‍ටුනු අඩිපාර දෙසට හැරුණි.
එහි මද දුරක් යත්ම ඔහුට ඇසුනේ යමකට වැරෙන් තට්‍ටු කරනා හඬකි.
මද චකිතයකට පත්වුවත් හිත දැඩි කරගනිමින් ඉදිරියටම ගියේය.
එන්න එන්න ශබ්දය වැඩි වන්නට විය.
ඒ සමඟම ඔහුගේ සිතේ චකිතයද වැඩි විය.
අනතුරුව ඔහු දු‍ටුවේ සොහොනේ කොතක අකුරු කොටමින් සිටින මිනිසෙකි.

අම්බානක මලපැන්න සිරී..
"මොනවද ඕයි තමුසෙ කරන්නෙ? ඕක දවල් කරගන්න එපැයි.
මම හොඳටම බය වුනා හොල්මනක්ද කියලා "

මිනිසා මෙසේ පිලිතුරු දිය,
"තරහා ගන්න එපා අයිබෝං, මේක මේ අද හවස්වෙලා හයි කෙරුවෙ,
ඒත් මේ මිනිස්සු මගේ නම වැරදියට නොවැ කොටලා තියෙන්නෙ"

ඥානවන්ත හක‍රැල්ලා...

සතුන් විකුනන සාප්පුවකට පැමිනි මිනිසෙක් අසාමාන්‍ය සතෙක් ඇත්නම් මිලදී ගැනීමට තමන් කැමති බව පැවසීය.

ආ අපිගාව ඉන්නවා මහත්තයා හොයන විදිහේ සතෙක්.

ඌ ඥානවන්ත හක‍රැල්ලෙක්.

ඌට මොනවද කරන්න පුලුවන්? මිනිසා විමසීය.

මහත්තයා කියන ඕනෑම දෙයක් ඌ කරයි. සේවකයා පිලිතුරු දිය.

මිනිසා ඥානවන්ත හක‍රැල්ල මිලටගෙන ගෙදර ගියේය.

හක‍රැල්ලාට පැවරුන පලමු කාර්යය වූයේ TV එක on කිරීමයි. ඌ එය මනාව ඉ‍ටුකලේය.

අනතුරුව තේ සෑදීම, නිවස අතුපතුගෑම,ඇදුම් මැදීම ආදී සෑම කටයුත්තක්ම ඌ මනාව ඉ‍ටුකලේය.

එදින පුවත්පත බැලීමට සිතූ මිනිසා කඩයට ගොස් පුවත් පත ගෙන එන ලෙස හක‍රැල්ලාට
පැවසීය.

හක‍රැල්ලා පිටත්වී පැයක් පමන ගත්වූවත් ආපසු පැමිනියේ නැත.

ඌ සෙවීමට ඉටා පිටත්වීමට දොර ඇරිය විට හක‍රැල්ලා දොර පඩියේ වාඩිවී සිටිනු දු‍ටු මිනිසා කොහෙද මොච්චරල වෙලා ගියේ යැයි විමසීය.

කොහේවත් නෑ... පත්තරේ ගේන්න යන්න මම මේ සපත්තු දානවා.

හක‍රැල්ලා පිලිතුරු දිය.

Saturday, May 21, 2011

සොමිම සොමි උපන්දිනයක් වේවා මට...

අපේ සිංහල jokes පටන් අරන් අවුරුද්දක් සම්පූර්ණ වුණා ඕන්...

එක එක තැන මුලු ගැහිල තිබ්බ විහිලු කථා එක තැනකට ගෙනත් දෙන්න දුන්න ට්‍රයි එක ගොඩද නැද්ද කියල දන්නෙ මේක කියවන ඔයාල තමා...

අවුරුද්දක් අපේ සිංහල jokes එක්ක හිටිය වගේ ඉදිරියටත් අපේ සිංහල jokes එක්කම රැදිල ඉන්න හොදේ...

කොල්ලට මේක ඩිගටම කික් එකෙ කරන් යන්න ගටක් එන්න කියල කියන්න ඔයාට අපේ සිංහල jokes ගැන හිතෙන දේ බොක්කෙන්ම...

ලැහැස්ති වුණාට කමක් නැහැ...

"මංගල දර්ශනේ බළලා ඔයගොල්ලන්ගෙ අම්මලා බොහොම ඉහළින් වර්ණනා කරපු විතානගේ ගෙ අලුත් කොමඩි නාට්‍යය බලන්න ඔන්න මං ටිකට් දෙකක් ගෙනාවා." දවසේ වැඩ කටයුතු නිමා කොට නිවෙසට පැමිණි ලසන්ත, සාලයේ වාඩි වී රූපවාහිනිය නරඹමින් සිටි නන්දිශාට කීවේය.

"හානේ ඇත්තද? එහෙනං මම දැන්මම ලැහැස්ති වෙන්නම්" වහා නැඟිට රූපවාහිනිය ක්‍රියා විරහිත කරමින් ම නන්දිශා කීවේ සතුටිනි.

"ඔව් ඉතින්, ඔයාට අඳීන්ඩ පළඳින්ට යන වෙලාවේ හැටියට කමක් නෑ. නාට්‍යය තියෙන්නෙ හෙට හවසට." ලසන්ත කාමරයට යන ගමන් කීවේය.

සිළුමිණ

දෙවිදිහ...

තම අලුත් හෝටලයට සුදුසු වේටර්වරුන් බඳවා ගැනීම පිණිස ලලිත් පුවත්පත් දැන්වීමක් පළ කළේය. ඒ අනුව හෝටලය වෙත පැමිණි චන්ද්‍රසේන දෙස තියුණු බැල්මක් හෙළූ ලලිත් මෙසේ ඇසීය.

"තමුසෙ දන්නවද මේ හෝටලේට එන කස්ටර්මර්ස්ලට හොඳට සලකන්න"

"ඔව් සර්. දෙවිදිහටම සලකන්න මං දන්නවා." චන්ද්‍රසේන හිස නමා ගරුසරු ඇතිව පිළිතුරු දුන්නේය.

"මොකක්ද ඒ දෙවිදිහ" ලලිත් ඇසුවේ කුතුහලයෙනි.

"ඕනෙනම් ආපහු හෝටලේට එන්නයි. නැත්නම් හෝටලේ පැත්ත පළාතේ නොඑන්නයි" චන්ද්‍රසේන කීවේය.

සිළුමිණ

එහෙනං කමක් නෑ...

තමා කියවමින් සිටි නවකතාවේ රසවත්ම කොටසට බාධා පමුණුවමින් එක දිගට හැඬවෙන්නට ගත් දුරකථනය දෙස බලවත් නොරිස්සුමෙන් බැලූ හමුදා භටයා රිසීවරය අතට ගත්තේ කෝපයෙනි.

"කවුද ඕයි ඔය කතාකරන්නෙ?" ඔහු එම කෝපයෙන්ම ඇසීය.

"මොනවා...! තමුසෙ දන්නවද මම කවුද කියල. මම මේජර් ගජනායක" දුරකථනයේ එහා කොනෙන් මහා ගෙරවිලි හඬකින් පිළිතුරු ලැබිණ.

"මේජර් දන්නවද මේ කතා කරන්නෙ කවුද කියල?" භටයා එවර ඇසීය.

"නෑ.. මං දන්නෙ නෑ." එවරද මේජර් වරයා කෝපයෙන් ගෙරවීය.

"ආ.. එහෙම නං කමක් නෑ." කියූ භටයා වහා රිසීවරය ආපසු තැබීය.

සිළුමිණ

අපූරු බෙහෙත...

චිත්‍රපට නිෂ්පාදක දැරණියගලට තම උදරය වුවමනාවට වඩා ඉදිරියට නෙරා ඇති බව දැනුණේත් එය අසුන්දර ලක්ෂණයක් බව වැටහුණේත් ඔහු සමඟ මෑතකදී හාද වූ චිත්‍රපට නිළි කුසුම්රාණි, තමා හා තනිවූ මොහොතක කළ සරදමක් නිසාය. ඔහු වහා විශේෂඥ වෛද්‍යවරයකු හමුවී තම උදරය අඩුකර ගැනීම සඳහා ප්‍රතිකාර පැතීය...

වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු දැරණියගල කෙළින්ම ගියේ කුසුම්රානි ගේ නිවෙසටය. ඔහු පෙති පිරවූ ලොකු බූලියක් ද රැගෙ එනු දුටු කුසුම් දෑස් මහත් කොට මෙසේ ඇසුවාය...

"මගෙ අම්මෝ! ඩගී මේ පෙති ඔක්කොම බොන්ඩද?"

"නෑ.. නෑ.. ළමයෝ බොන්ඩ නෙමෙයි. ඩොක්ටර් කිව්වේ උදේ හවස මේ පෙති ගෙදර සාලෙ මැද්දෙ හලලා, එකින් එක අහුලලා ආපහු බූලියට දාන්ඩ කියලා. ඒ විදියට මාසයක් කළාම බඩ හොඳටම බහියි කියල ඩොක්ටර් කිව්වා." දැරණියගල කීවේ බඩ අතගාමිනි...

සිළුමිණ

පින්තූරේ හැටි...

අරුණට මීයන්ගෙන් තිබුණේ පුංචි පහේ කරදරයක් නෙමෙයි. කුස්සියේ කිසිම දෙයක් තියාගන්න බැහැ. රෑට කුස්සියට බැහැලා කා දානවා. සාලෙ තියෙන පලතුරකට වුණත් හොට දානවා...

බැරිම තැන ඔහු මී කතුරක් ගෙනාවා...

මී කතුර විකුණූ වෙළෙඳ සේවකයා එයට චීස් කෑල්ලක් සවිකොට එය නිවෙසේ රඳවා තබන ලෙස කිව්වත් රෑ මී කතුර අටවන්නට ලෑස්ති වෙද්දී ඔහුට ඒ සඳහා චීස් කෑල්ලක් සොයාගන්නට බැරිවුණා...

ඒ සඳහා සුදුසු විකල්පයක් ගැන කල්පනා කළ ඔහු චීස් කෑල්ලක පින්තූරයක් කපලා එය මී කතුරට සවි කොට උගුල අටවා තැබුවා.
පහුවැනිදා උදේ බලනකොට මී කතුරට අහුවෙලා තිබුණේ මීයෙකුගෙ පින්තූරයක්...

සිළුමිණ

ස්පගෙත්ති...

ඔන්න එක ඇමරිකාවෙ මිනිහෙක් ඉතාලි කෙල්ලක් එක්ක යාලු උනාලු .

කාලෙ ගෙවි යද්දි අර කීව ඉතාලි කෙල්ල Pregnant උනා.
මේක ඇමරිකන්කාරයට කීවම මිනිහා රත් වුනා .
ඇයි, එයා දැනටමත් කසාද බැදපු කෙනෙක්.
දැන් මොනවා කරන්නද ! ඉතින් මේ මිනිහා ඉතාලි කෙල්ලට පොඩි යෝජනාවක් ගෙනාවා.

" ඔයා ඕක ගැන කාටවත් නොකියා ඉතාලියටම ගියොත් මම ඔයාට සල්ලි දෙනවා .ඔයා ලමයා ඉපදුනාට පස්සෙ එයාව ඉතාලියෙම හදා ගත්තොත් මම එයාට අවුරුදු 18 වෙනකම් සල්ලි එවනවා "

ඉතාලි කෙල්ලට කරන්න දෙයක් තිබ්බෙ නැති හින්දා කැමති වුනා .
ඒත් එයා ඇහුවා ,
" මම කොහොමද ඔයාට දැනුම් දෙන්නේ ලමයා හම්බුනාද නැද්ද කියලා"

" මට පෝස්ට් කාඩ් එකක් එවන්න. එක පිටිපස්සෙ 'ස්පගෙත්ති ' කියලා ලියන්න"
( ස්පගෙත්ති කියන්නෙ ඉතාලියෙ නූල්ඩ්ස් විශේෂයක් )


ඉතින් ඉතාලි කෙල්ල ඉතාලියට ගියා.

කාලෙකට පස්සේ දවසක් ඇමරිකන්කාරයා ගෙදර එනකොට , එයාගෙ බිරිද අමුතු විදියට මෙහෙම කීවා

" අද ඔයාට පෝස්ට් කාඩ් එකක් ආවා . ඒක හරි අමුතුයි "

ඇමරිකන්කාරයා රත් වුනා. ඉතාලි කෙල්ල මොනවා ලියලද කියලා.
එයා පෝස්ට් කාඩ් එක බැලුවා. සුදුමැලි උන ඇමරිකන්කාරයාට සිහි නැති උනා.
ඒකෙ මෙහෙම දෙයක් තිබ්බෙ

" ස්පගෙත්ති , ස්පගෙත්ති , එකකට මීට්බෝල්ස් ( meatballs ) දෙකයි , අනිකට නෑ. මට වැඩිපුර සෝස් ( sause ) එවන්න. "

Saturday, May 7, 2011

අවිහිංසාව...

මේක මේ එක්කෙනෙක්ට වෙච්ච සිද්ධියක්...එයාගෙ වචන වලින්ම අහගන්නකෝ...

මගෙ පොඩි එකා තාමත් පෙර පාසල් යන හින්ද... මම වෙලාවක් හම්බ වෙන වෙලාවට හොද නරක පොඩි එකාට කියල දෙනව.....

මේ ලගදි හරි වැඩක් තමයි මට උනේ......... අවිහිංසාව ගැන පුතාට කියල දෙන්න හිතුන නිසා මම කීව්වා..

දැන් පුතේ මම ගමනක් යන කොට දකිනව මිනිහෙක් බූරුවෙක්ට පොල්ලකින් තඩි බානව...

මම ගිහින් ඒ බූරුවාව බේර ගන්නව....

පුතා දන්නවද ඒ වෙලේ මගෙ හිතේ පහල උන ගුණාංගය මොකක්ද කියල........

මේක කියපිනෙ සහෝදර ප්‍රේමය තාත්තෙ කියල...

Saturday, April 30, 2011

මොකක්ද සිද්ද උනේ???

මේ සිද්දිය උනේ අපේ ගෙවල් ලග පොරකට...

මිනිහයි ගෑනියි දෙන්නම පට්ට කලුයි. අපි මිනිහට කියන්නෙත් කළු අයිය කිය.
මේ යකාගෙ ගෑනිට මේ ලගදි පොඩි එකෙක් හම්බ උනා...
‍වැඩේ කියන්නෙ පොඩි එකා තනිකර චීන බබෙක් වගේ.....
මිනිහට මල පැනල.....ඒ මදිවට අහල පහල එවුනුත් නිකන් නක්කල් ටෝක් දෙනව... මිනිහ කල්පනාකරල කරල අහල ගම් හතේවත් චීනෙක් නෑ....
හිකා.... පස්සෙ මිනිහට මීටර් වෙලා අපේ පන්සලේ ඉන්නව චීන හාමුදුරු නමක්....

මිනිහ දුම්මල වරම අතට ගත්ත වගේ ගිහිල්ල හාමුදුරුවෝ හම්බ වෙන්න....
මිනිහ අටුවා... ටීකා... ටිප්පනි නැතිව කෙලින්ම ගේමට බැහැල.....

"හාමුදුරු‍වනේ අපේ ගෑනිට හම්බ වෙලා ඉන්නෙ චීන ලමයෙක්...
අහල ගම් හතටම චීනෙක්ට ඉන්නෙ හාමුදුරුවෝ විතරයි.. මට නිකං බබා හුකුං නැතිව ඇත්ත කියනව හොදයි... මොකක්ද සිද්ද උනේ???"

හාමුදුරුවෝ නෙමෙයි කලබල උනේ... උන්නාන්සෙ අපේ පොරට මෙහෙම වදාලනව...
"මේ ඇත්තො කලබල වෙන්න කාරි නෑ... ස්වභාව ධර්මයා ඉදල හිටල මේ වගේ අරුම පුදුම දේවල් කරනව... විශ්වාස නැත්තම් එන්න උපාසකට මම පෙන්වන්න" කියල...

ඉස්සරහ තන පිට්ටනියෙ තනකොල කකා ඉන්න සුදු එළු රෑනක් පෙන්නුවා...
"එතන ඉන්නව... එක කළු එලුවෙක්... ඒ කලු එලුව පෙන්වලා කියනව..
අර බලන්න තමන්ගේ පිං පව් අනුව කොහොමත් මේ වගේ දෙවල් වෙනව..."

ඒ සීන් එක දැකපු අපේ කළු අයිය පුල් අප්සට් ගහල වෙවුල වෙවුල හාමුදුරුවන්ට ‍වැදගෙන කියනවලු....

"අනේ පිං අයිති වෙයි හාමුදුරු‍වනේ මම අපේ ගෑනිගෙ ප්‍රශ්නෙ අමතක කරල දාන්නම් මේ කළු එලුව‍ගෙ සිද්දියනම් කාටවත් කියන්න එපා..."කීවලු

වෙලාව ගිය දුරක්...

මනෝ බස් නැවතුම්පළට වී සිටියේ නගරයට යාමේ අදහසිනි. එතැනට ආ තරුණයෙක් ආචාරශීලී ලෙස සිනාසී "වේලාව කීයදැ"යි ඔහුගෙන් ඇසීය. මනෝ තරුණයාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා තියුණු බැල්මක් හෙළා කිසිවක් නෑසුණාක් මෙන් ඉවත බලා ගත්තේය. තරුණයා ලැජ්ජාවට පත්ව ඉවත ගියේය. මේ සිද්ධිය බලා සිටි සිරිල් මනෝ වෙත හැරී මෙසේ ඇසීය.

"මොකෝ මිස්ටර් මනෝ අර හාදයා වෙලාව ඇහැව්වාම ඔහේ උත්තරයක් නොදී අහක බලා ගත්තෙ?"

"සිරිල්, තමුසෙ දකින්ඩ ඇතිනේ වෙච්ච දේ. එයාට මම වෙලාව කිව්වා නං මිනිහා මාත් එක්ක කතාවට වැටෙනවා. මිනිහා එතකොට අහන්ඩ බැරි නෑ බස් එකත් ප්‍රමාද හින්දා තේ එකක් බොමුද කියල.

එහෙම එයාගෙන් තේ බිව්වාම මටත් වෙනවා මිනිහට කියන්ඩ අපේ ගෙවල් පැත්තෙ ඇවිත් යන්ඩ කියල. එහෙම ආවහම මිනිහා මගෙ ලස්සන දුවව දකිනවා. මිනිහා දුවව කසාද බඳින්ඩ කැමැතියි කියල කියන්ඩත් බැරි නැහැ.

දුවත් මිනිහට කැමැති වුණොත් එහෙම දෙන්න කසාද බඳියි. මම කොහොමද අයිසෙ ඔරලෝසුවක් ගන්ඩ බැරි එකෙකුට මගෙ දුවව දෙන්නෙ? ඒකයි මං උත්තරයක් නොදී අහක බලා ගත්තෙ." මනෝ කීය.

ඉතුරුවේ තරම !!!

"මම දැන් පැය භාගයක් තිස්සේ බලාගෙන ඔයා එක සිගරට් එකකින් අනිත් සිගරැට් එක පත්තු කරගන්න හැටි. අනේ ඇත්තට මනුස්සයෝ, ඔයා ඔය විදියට මාසෙකට කොයිතරම් මුදලක් නාස්ති කරනවද?" කොළඹගේ ගේ බිරිඳ පත්තරයක් කියවමින් සිගරට්ටුවක් උරනා තම සැමියා දෙස අවඥාවෙන් බලා කට ඇද කොට කීවාය.

"ඔන්න ඕකනෙ ඩල්සි වැරැද්ද. ඔයගොල්ලෝ ඕන දේක වැරදි පැත්තමනෙ බලන්නෙ. ඔයා හිතුවේ නෑ නේද මට ගිනිපෙට්ටිවලට යන සල්ලි සම්පූර්ණයෙන්ම ඉතුරුයි කියලා." සිගරට් කහට බැඳී අවපැහැ ගැහුණු දත් පෙන්නා සිනාසෙමින් කොළඹගේ කීවේය.


සිළුමිණ

හොඳ නැත්තෙ මොනවද???

"ඔහේලගෙ සාප්පුවෙන් අපි අරගත්ත රත්තරන් බඩු බාලයි. අපි කැමැති නෑ ඒ වගෙ බඩු පාවිච්චි කරන්ඩ. කරුණාකරලා මේවා ආපහු අරගෙන අපිට සල්ලි දෙන්ඩ." තමා රන් බඩු මිලදී ගත් සාප්පුවට ගොඩවැදුණු අනුලා සහ චම්පා එහි කළමනාකරු හමුවී කීවෝය.

"අපි එහෙම පොරොන්දු වෙලා නැහැනෙ නෝනා" කළමනාකරු කාරුණිකව ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

"මොකද නැත්තෙ? මේ බිලේ තියෙන්නේ ලොකු අකුරෙන් මුද්‍රණය කරලා, "හොඳ නැත්නම් මුදල් ආපසු දෙනු ලැබේ" කියලා" අනුලා කළමනාකරුගේ මුහුණට බිල්පත පෑවේ තරහිනි.

"ඒක හරි නෝනා. නෝනා දුන්න සල්ලි ආපහු දෙන්න ඒවයෙ වැරැද්දක් තිබුණෙ නැහැනෙ" කළමනාකරු සිනාසෙමින් කීවේය.

සිළුමිණ

දෙන්නෙක් නෙමෙයි...

මධුසමය ගතකිරීම සඳහා තානායමට ගිය නිලංක සහ මනෝරි නාන කාමරයට වැදී ඇඟපත සෝදාගෙන අවුත් තමන්හට වෙන් වූ කාමරයේ එක් පසෙක ගලා යන ගඟකට මුහුණලා සාදා තිබූ බැල්කනියේ එක ළඟ තබා තිබූ සුවපහසු පුටු දෙකක වැතිරුණහ.

"මින් පස්සෙ ඔයයි මමයි දෙන්නෙක් නෙමෙයි, එක්කෙනෙක්" මනෝරිගේ මුහුණට එබුණු නිලංක ඇගේ දෑත් වැලඳ ගනිමින් කීවේය.

"ඒක මං දන්නව. ඒ වුණාට රෑ කෑම දෙන්නෙකුට ඕනෙ කියල ඕඩර් කරන්න." මනෝරි කීවාය.

සිළුමිණ

කූඹි තමයි...

දඹදිව වන්දනාවේ යාම සඳහා චාමනී කටුනායක ගුවන් තොටුපළට ගියේ තම සැමියා, දරුවන් සහ තවත් සමීප හිතවතුන් පිරිසක් සමඟය. චාමනීටත් ඇගේ යෙහෙළියක වූ රමණීටත් ගුවන්යානයේ එක ළඟ අසුන් ලැබුණි. රමණී මින් පෙර කීප වරක් විදේශයන්හි සංචාරය කර තිබුණි. එහෙත් මේ චාමනීගේ පළමු ගුවන් ගමන විය.

රමණී සමඟ ටික වේලාවක් ආගිය තොරතුරු කතාබහ කරමින් සිටි චාමනී හදිසියේම ගුවන් යානයේ කවුළුවෙන් පිටත බලා මෙසේ කීවාය.

"හානේ... බලන්ඩකො රමණි අර පහළ ඉන්න මිනිස්සු. හරියට කූඹි පෙළක් වගෙ."

රමණි කුහුලින් හුනස්නෙන් මඳක් එසවී කවුළුව දෙසට නැඹුරුව එබී පිටත බලා සිනාසෙමින් මෙසේ කීවාය.

"ඒ කූඹි තමයි චාමනී. අපි තාම පිටත්වුණේ නෑ."

සිළුමිණ

දෙන්නගෙම පළවැනි එක..

"මොකද මේ තමුසෙ බයෙන් වෙව්ලන්නෙ???" ශල්‍යකර්මය සඳහා රැගෙන ආ රෝගියාගේ තොලකට වියළී සුදුමැලි වෙමින් පැවති මුහුණ දුටු වෛද්‍ය ගුණසේකර සිනා සී ඇසීය.

"මේ මගෙ පළවැනි ඔපරේෂන් එක දොස්තර මහත්තයෝ." රෝගියා විලියෙන් මෙන් සිනා සී පිළිතුරු දුන්නේ ය.

"ඉතින් හලෝ මේ මගෙත් පළවැනි ඔපරේෂන් එකනෙ" සිනාසී කියූ වෛද්‍යවරයා නිර්වින්දන එන්නත අතට ගත්තේය.

සිළුමිණ

Who's Speaking???

Who's Speaking??? අලුත් බඩු ටිකක් දැම්මෝ...අහල බලලා කොමෙන්ට්ස් දාන්න...

>>මෙතන කොටන්න<<

Friday, April 22, 2011

ලාම්පුව...

මාටින් : "මුදලාලි, මං ඊයෙ ගෙනිච්ච කුප්පි ලාම්පුව හිල්වෙලා මෙහමත් බඩු විකුණනවද..."

මුදලාලි: "ඇයි බං මාටින් මං ලාම්පුව ගන්න කොටම කිව්වනේ ලාම්පුව පුංචි උනාට තෙල් බොතලයක් උනත් දාන්න පුලුවන් කියලා"

මනමාලිගෙ ඇදුම...

විවාහයකට මවක් සමග පැමිණි කුඩා දරැවෙකු විවාපත් යුවල දැක මෙසේ විමසුවේය.

"අම්මා මොකද අර මනමාලි සුදු ඇදල ඉන්නේ"

මනමාලිගේ සුදු ඇදුමින් පෙන්නුම් කරන්නේඇයගේ සතුට, විවාහ දිනය ඇයගේ ජිවිතයෙ සතුටු දායකම දිනය. මව එලෙස පිලිතුරැ දුන්නාය.

"එතකොට මනමාලයා කලු ඇදුමක් ඇදගෙන ඉන්නේ..."

මල්ලි ආවෙ කොහොමද???

පොඩි එකෙක් තාත්තගෙන් අහනවා මෙහෙම.

"තාත්තේ මල්ලි ආවෙ කොහොමද?"

තාත්ත කියනවා "ආ මල්ලි ගෙනත් දුන්නේ පුංචි සුරංගනාවියක්නේ" කියලා.

පුංචි එකා නවතින්නෙම නෑ"එතකොට නංගි?" තවත් ගැටලුවක්…

"නංගි ගෙනාවේ දේවතාවක්නේ පුතා" තාත්තා කිව්වා.

"එතකොට මම?"තාත්තාට බේරිල්ලක් නෑ.

"ඔයා අපිට දුන්නේ දෙවි කෙනෙක්" පුංචි එකාගේ හිත රිද්දන්න බැරි නිසාම තාත්තා කිව්වා.

එතකොට පුංචි එකා පුදුමයෙන් කියනවා,"යකෝ එතකොට මේ ගෙදර එකෙක්වත් ස්වාභාවික විදියට ඉපදිලා නෑනේ" කියලා.

රාවණාගේ දුන්න කැඩුවේ කවුද???

දිනක් එක්තරා විදුහලක අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මගින් පවත්වනු ලබන පරීක්ෂණයක් විය.. එහිදී එක්තරා පරීක්ෂක වරයකු එක් පන්තියක් පරීක්ෂා කරමින් එහි සිටි සිසුන්ගෙන් කෙනෙකු නැගිටවා ඉතිහාසය පිළිබඳ පැනයක් අසන්නට විය..

ළමයාගේ නම නිමල්ය, පැනය " හොදයි නිමල් කියන්න බලන්න රාවණාගේ දුන්න කැඩුවේ කවුද කියලා"

එවිට එම ළමයා බයෙන් වෙවුළමින් හඬමින් මෙසේ කීවේය " අනේ බුදු සර් මම ඔය වගේ වැඩ කරන්නේ නෑ ඒ කතාව බොරුවක් සර්"

පරීක්ෂකයා අන්දුන් කුන්දුන්වී වට පිට බලා" එතකොට ඒක කිසි කෙනෙක් දන්නේ නැද්දයි ඇසීය... එවිට තවත් ළමයකු නැගිට " අනේ සර් අපේ නිමල් හරිම හොඳ ළමයෙක්.. එයා කවදාවත් ඔහොම වැඩක් කරන්නේ නැහැ යනුවෙන් පැවසීය..

මෙයින් කේන්තියට පත් පරීක්ෂක වරයා පන්ති භාර ගුරුවරිය දෙසට හැරෙමින්.. " මෙහෙමද ඔබ තුමිය මේ පන්තිය පවත්වන්නේ..රාවණාගේ දුන්න කැඩුව කෙනා ගැන මේ අය දන්නේ නැද්ද" යනුවෙන් ඇසීය..

එවිට එම ගුරුවරිය ඉතා යටහත් පහත්ව " අනේ සර් ඔය නිමල් මේ පන්තියේ ඉන්න දක්ෂම ළමයෙක්.. ඒ ළමයා කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ.. සර්ට කවුරු හරි බොරුවක් කියලා තියෙන්නේ.." යැයි පැවසීය..

මෙයින් බොහෝ සේ කිපුන පරීක්ෂක වරයා වහාම විදුහල් පති කාමරයට ගොස් මෙම පන්තිය ගැන පැමිණිළි කරමින් දොස් පැවරීය.. විදුහල්පති වහාම එම පන්තියේ සිසුන් සමග ගුරුවරියද කැදවමින් ඇයගෙන් මේ පිලිබඳව විමසන්නට විය.. එවිට එම ගුරුවරිය ඔහුට තරයේම කියා සිටියේ නිමල් එවැනි වැරදි නොකරන බවය...

එවිට විදුහල්පති පරීක්ෂක දෙසට හැරෙමින් " අනේ සර් මේ මිස් කියනවනේ ඒ ළමයා ඒ වගේ වැරදිකරන්නේ නෑ කියලා.. ඒ නිසා අපි ඒ ළමයට අපි සමාව දෙමු"යැයි පැවසීය...

මෙම ප්‍රකාෂයෙන් තමාට උන් හිටි තැන් අමතක වූ පරීක්ෂක වරයා..වහා එම පාසලත් ගුරු මණ්ඩලයටත් විරුද්ධව පැමිණිලි කිරීමට අධ්‍යපන අධ්‍යක්ෂක වරයා හමු විය ඔහු ගොස් " බලන්න සර්.. අහවල් පාසලේ ළමයි ඉතිහාසය ගැන කිසිම දැනීම්ක් නැහැ..ගුරුවරුත් එහෙමයි..වැඩි දෙයක් තියා ඒ ළමයි රාවණාගේ දුන්න කැඩුවේ කව්ද යයි ඇසූ විට එයට උත්තර නොදුන් බව පැවසීය..

මෙය ඇසූ අධ්‍යක්ෂක වරයා කේන්තියෙන් තම දුර ක්ථනයෙන් භාණ්ඩාගාරයට ඇමතුමක් ගෙන එම පාසලේ නම පවසමින් " ඕකුන් ඔය කැඩිච්ච දුණු කෑලි දෙක ගෙනත් දෙනකන් කිසිම බඩුවක් නැවත නොදෙන ලෙස පැවසීය"
එකෙනෙහිම පරික්ෂක වරායා දඩාස් ගා බිම ඇදවැටිනි...

Tuesday, April 19, 2011

ගොනාවගේ ඉදින්...

අන්දරේගෙ ගෙදර දවසක් මංගල උත්සවයක් තිබුණා. අන්දරේ ටිකක් නාහෙට අහන්නැති මනුස්සයනෙ. ඉතිං අන්දරේගෙ අම්මා මොකද කරන්නෙ එදා උදේ අන්දරේට කතා කරලා "පුතේ වෙනද වගේ දග කරන්නැතිව අද ගොනා වගේ ඉන්ට ඕන හරිද" කියලා කිව්වා.
අන්දරෙත් "හොදයි අම්මෙ මම අම්මා කිව් විධිහට ඉන්නම්" කියලා අම්මගෙ අවවාදෙ පිළිගත්තා. ඉතිං ටික වෙලාවක් ගියාට පස්සෙ උත්සවයට ‍ගමේ මිනිස්සු නෑ හිත මිතුරන් එහෙම ගෙදරට ආවයි කියමුකො. අන්දරේ මොකද කරන්නෙ හතරපයින් ගේ හැමතැනම දුවනවා තප්පුලනවා ඒ විතරක් නම් මැදෑ ඉන්න මිනිස්සුන්ටත් ඔළුවෙන් අනිනවා. මේක දැක්ක අන්දරේගෙ අම්මා හරි අපහසුතාවයකට තමයි පත්වුනෙ.

"මෙහෙ වර මම කිවුවා නේද උඹට දග නරන්නැතුව ඉන්න කියලා ඇයි පුතේ අපට මෙහෙම වද දෙන්නෙ"
කියලා අම්මා අන්දරේට පොඩි සද්දයක් දැම්මා.

අන්දරෙත් අතෑරියෙ නෑ
"ඇයි අම්මෙ අම්මමනෙ මට ගොනා වගේ ඉන්ට කිව්වෙ ඉතිං ගොනා ඉන්නෙ එහෙමනෙ අම්මෙ"

"හා එහෙමද ‍එහෙනම් මේ ගොනා බැදපියව්"කියලා අන්දරේගෙ අම්මා කිව්වා.

කුමරියගෙ ලස්සන...

දවසක් රජතුමාගේ දියණිය රං කලයකට වතුර පුරවා උකුලේ තබාගෙන රජමාලිගයට එනවා දැක්ක අන්දරේ කව්යකින් ඇයට මෙහෙම කිව්වා.

කටකොට කලේ දිය උකුලේ තබා ගෙන
ලොටතන දෙකක් රෙදි කඩකින් වසා ගෙන
තඹ පිත්තල වලින් අභරණ පැලද ගෙන
රොඩී කෙල්ල කොහි යනවද උදෑ සන

මේක ඇහුන කුමරියට හොදටම තරහා ගියා. පස්සෙ කුමරිය මොකද කරන්නෙ තමා රොඩීකෙල්ලක් යැයි කියා අන්දරේ අපහාස කල බවට රජතුමාට පැමිණිලි කලා. රජතුමත් වහාම රාජ පුරුෂයන් යවලා අන්දරේ ගෙන්නගෙන කුමරිට අපහාස කලේ ඇයිද කියලා හරි කේන්තියෙන් අන්දරේගෙන් ඇහුවා.

අන්දරේ රජතුමාට වැදලා එ‍හෙම

"අනේ දේවයන් වහන්ස මේවගේ ලස්සන රාජ කන්‍යාවක් මම රොඩී කෙල්ලක් යැයි ‍කියන්නෙ කොහොමද? මම එතුමියගෙ ගුණ හා ලස්සන වර්ණනා කලා මිස වෙන යමක් නොකීවෙමි"

"මම එය කවියකින් කීවෙමි එතුමියට එය තේරුම් ගැනීමට නොහැකිවූවා සේ පෙනෙයි දැන් ඔබ ඉදිරියෙහිදී වුවත් මට ඒ කවිය කිය හැකිය එහි වරදක් ඇද්දයි ඔබතුමාම බැලුව මැනව"

කී අන්දරේ පෙරකී කවිය වෙනස් කර මෙහෙම කිව්වා.

රං රං කලේ දිය උකුලේ තබා ගෙන
රං කුඹු දෙකක් සළු පටකින් වසා ගෙන
රිදිත් රත්තරං දෙවගේ පැලද ගෙන
මල්මද බිසව කොහි යනවද උදෑ සන

මේක ඇහුව රජතුමා බොහෝම සතුටුවෙලා තෑගි බෝග එහමත් දීලා තමයි අන්දරේ පිටත් කොලේ ඕං......

දෙන්නම බීරි...

දවසක් රජබිසව අන්දරේට කියනවා " අන්දරේ උඹනම් හැමදාම මාලිගාවට එනවා උඹේ මායියා කවදාවත් ඇවිත් නෑ නේද? හෙට එනකොට ඇයත් එක්ක එන්න ඕනෑ තේරුණාද?"
එතකොට අන්දරේ
"දේවියනි ඇය එක්ක එන්න නම් බැරියැ ඇගේ කන් ඇහෙනවා මදිනෙව බොහෝම සද්දෙන් කතාකරන්න පුළුවන්නම් මම ඇය එක්ක එන්නම්"

"ඒගැන මම බලාගන්නම් උඹැහැ එක්ක වරෙන්කො"

ඉන්පස්සෙ අන්දරේ ගෙදර ගෙහුන් බිරිදට මොනවද කියන්නෙ
"උඹව බලන්න කැමත්තෙන් ඉන්නවා බිසවුන් වහන්සේ හැබැයි එතුමියගෙ කන් ඇහෙනවනම් අඩුයි ටිකක් හයියෙන් කතා කරන්ට ඕනෑ"
බිරිඳත් හා කියලා කිව්වා

කොහොමින් කොහොම හරි පහුවදා අන්දරේ රජවාසලට යනකොට මායියාවත් එක්කන් ගියා. අන්දරේගෙ භාරියාව දැක්ක බිසව
"හා..........කොහෝ......මද........සැප......සා........නී.........ප" යැයි සද්දෙන් ඇහුවා.

"හා.......නේ............දෙයියෝ............බුදුවන්ට.....වරදක්..........නෑ................."

කන් ඇහෙන්නැති නිසා සද්දෙන් කතාකරනවා ඇති කියලා දෙන්නම හිතුවා. ටිකෙන් ටික සද්දෙ වැඩිකරමින් කරන මේ කතාව කාලගෝට්ටියක් වගේ මුළු මාලිගාවටම ඇහුනා. රජතුමාද පැමිණ මේ පුදුමය බලා හිනා නොවීසිටියත් අන්දරේ හිනාව නවත්තගන්න බැරිව අත් දෙකින් මූණ ව‍හගෙන ඉන්නවා.

ටික වෙලාවක් ගියාට පස්සෙ දෙන්නා තේරුම් ගත්තා මේක අන්දරේගෙ වැඩක් බව. ලජ්ජාවට පත්වුණු බිසවුන් වහන්සෙ මාලිගය ඇතුලට ගියා. අන්දරේගෙ බිසව තරහෙන් බැණ බැණ ගෙදරගියා.

පස්සෙ රාජකාරි අහවර වෙලා අන්දරේ හවස ගෙදරගියා කියමුකො. තමා ලජ්ජාවට පත් කල නිසා කීපවිඩක් කතාකලත් මායියා ගෙදර දොර ඇරියෙ නෑ. ‍අන්දරේ මේකට හොද උපායක් කල්පනා කොරා. පස්සෙ මොකද කරන්නෙ විශාල ගලක් ඔසවාගෙන ඇවිත් ගේපිටිපස්සෙ තියෙන ලිඳට දැම්මා. ඒ සද්දෙ ඇහුනු අන්දරේගෙ බිරිඳ හිතුවෙ අන්‍දරේ ලිඳට පැන්නා කියලා ඉක්මණට දොර ඇරගෙන ලිඳ ලඟට ගියා. මේ අතර අන්දරෙ ‍ගෙට පැනලා දොර වහගත්තා. දොර ඇරියෙ පහුවදා පාන්දරලු.

වම්බටු...

අන්දරේ රජතුමා සමඟ ගමනක් යමින් සිටියේ වම්බොටු වගාවක් අසළිනි.
"වම්බොටු කොහොමද?" රජතුමා ඇසීය.

"රජ කෑමක් රජතුමනි" යැයි අන්දරේ කීය.

දෙසතියකට පසු අන්දරේ යළිත් වතාවක් රජතුමා සමඟ එම වම්බොටු වගාව පසුකර යමින් සිටියේ ය.

"තුඃ නොදකින් ජරා කෑම" රජතුමා කීය.

අන්දරේ එකපැහැර කීයේ ඇත්ත, බලූ කෑමක් රජතුමනි කියා ය.

ඇයි යෝදයෝ දෙසතියකට කලින් කිව්වේ රජ කෑමක් කියා නේද යැයි රජතුමා වික්ෂිප්තව විමසීය.

සිනාසුනු අන්දරේ මෙහෙම කිව්වලු.

"මම සේවය කරන්නේ වම්බොටුවලට නොවෙයි, රජජතුමාට නේ"

රජතුමාගේ බිසව...

අන්දරේට රජතුමාගේ බිසව ගැන හිතක් ඇතිවිය. මේ ගැන රජතුමාට ඇඟුනි. අන්දරේ හැරේන්නේ පොල් පැලේට බව රජතුමා දුරතියාම හඳුන ගත්තේය.

දිනක් රජතුමා අන්දරේට කතාකොට

රජතුමා, ” හොඳයි අන්දරේ, හැබැයි උඹ පොඩි පරීක්ෂනයකින් සමත් වෙන්න ඕන.”

අන්දරේ ඊට එකඟ විය.

මුලුතැන් ගෙට ගිහින් විවිධ ද්‍රව්‍ය වලින් හැදූ බාජන කීපයක් ගෙනෙන ලෙස රජු අන්දරේට නියම කලේය.
අන්දරේ රාජකීය මුලුතැන් ගෙට ගොස් වීදුරු,ලී, මැටි, රන්, රිදී, තඹ, ලෝකඩ, පිත්තල ආදියෙන් සෑදූ බාජන කීපයක් ගෙනාවේය.

ඒවා බිම තබා ඊට වතුර පුරවන ලෙස රජු නියම කලේය.

“දැන් අන්දරේ හැම එකෙන්ම ටික ටික බීලා මොන රසද කියාපන්”.

“රජතුමනි, කිසි වෙනසක් නැහැ. හැම එකේම තියෙන්නෙ වතුර”.

“ඒක තමයි අන්දරේ, ඔය කොයි …භාජනෙත්…….. එකයි. වෙනස තියෙන්නෙ පාටෙයි, හැඩෙයි.
ඒ නිසා මගේ මගුල් පොකුනෙන් වතුර බොන්න දඟලලා මගෙන් මැරුම් කන්නෙ නැතිව ගෙදර ගිහින් උඹේ ලිඳෙන් බීපිය”. කියලා අන්දරේ එලවා ගත්තේය.

Monday, April 18, 2011

මුලකුරු...

ඔන්න ඉතින් දවසක් ව් ජ මු මහත්තය ගියාලු ස්කෝලෙකට සිංහල බස ගැන කියල දෙන්න ,පටන් ගත්තේ අපි මේ කතා කරන මුලකුරු scene 1න්
ඔන්න ඉතින් දේශනය පටන් ගත්ත
ව් ජ මු: ලමයා ඔයාගේ නම කියන්න .
ළමය : "මම L. B. රත්නායක ".
ව් ජ මු : පුතා L. B. කියන්නේ මොකද්ද ?.
ළමය : ලොකු බණ්ඩා.
ව් ජ මු : මීට පස්සේ ඔයා L.B. රත්නායක නෙමෙයි , ඔයා ලො. බ. රත්නායක
ඔන්න ගිය ඊලග ළමය ලගට
ව් ජ මු : පුතා කියන්න ඔයාගේ සම්පූර්ණ නම .
2වෙනි ළමය : මගේ නම පුලස්ති කන්කානම්ගේ කපිල ලුචාස් ෆර්නැන්ඩෝ
ව් ජ මු : පුතා , අද ඉඳල ඔයාගේ නම . පු . ක. ක. ලු. ෆර්නැන්ඩෝ.
ඊලග එකා ව් ජ මු කතා කරන්නත් කලින් නැගිට්ට
3 ළමය : සර් මගේ නම K. N. අබේරත්න . K කියන්න "කුමුදු ", N කියන්නේ "නුවන් ". කුමුදු නුවන් අබේරත්න
ව් ජ මු: බොහොම හොදයි පුතා, මීට පස්සේ ඔයා කු නු අබේරත්න
.ඔන්න මේක අස්සේ 1 කොල්ලෙක් අඩනවා , ව් ජ මු ඉතින් ඇහුව මුගේ නම
අඩන බබා :සර් මගේ නම යසිත කෝසල මාරසිංහ .යාලුවෝ මීට පස්සේ ! මට කියවී ය කෝ මාරසිංහ කියල .
ඔන්න ඉතින් ඔහොම පන්තියේ හිටපු හැමෝගෙම නම හෙළුවෙන් ලිව්වා ,එකා සැරේම ව් ජ මු දැක්ක පන්ති බාර ගුරුතුමිය
ව් ජ මු : ආහ්හ් , ගුරුතුමිය ගේ නම අහන්න බැරිවුණා නේ .
ගුරුතුමිය : H. K. M. D. සිරියාවතී .
ව් ජ මු : නැහැ , එහෙම නෙවෙයි , සම්පූර්ණ නම කියන්න .
ගුරුතුමිය : හුන්නස්ගිරිය කන්කනම් මුදියන්සේලගේ දමයන්ති සිරියාවතී .
ඔන්න ඉතින් , ව් ජ මු ත් විනාඩි 2 ක් විතර කල්පනා කරලා කිව්වා
"ගුරුතුමිගේ නම පරණ විදියට තියමු "....කියල

Friday, April 8, 2011

ගේම් ෂෝ - II

අපේ සිංහල jokes එක්ක මුලින් සම්බන්ද වුණ අය දන්නව ඇතිනේ අපේ සිංහල jokes ගෙම් ෂෝ එකක් කළා... මෙන්න ඒ වගේ ඒත් තෑගි ලැබෙන්නේ නැති ගේම් ෂෝ එකක්...

කරන තියෙන්නේ හරිම ලේසි සිම්පල් වැඩක්...

මෙන්න මේ විඩියෝ එක බලලා ඒකෙ වම් පැත්තෙ පිංතුරෙයි දකුණු පැත්තෙ පිංතුරෙයි වෙන වෙනස්කම් තුන මොනාද කියලා කොමෙන්ට් එකක් දාන එකයි...

ඉගිය:
ෆුල් ස්ක්‍රීන් දාල දකුණු පින්තුරෙ වම් අග බලන් ඉන්න...

හී...හී...හී...හිතුවද තුනම කියයි කියලා???

ඒවා කොහෙද...හරි ඔන්න ගෙම් එක පටන් ගත්තෝ...

Wednesday, March 30, 2011

පටි රෝල්...

තව පටි රෝල් සැට් එකක් දැම්මෝ...

>>  මෙතන කොටන්න <<

පටි රෝල්...

මෙන්න තවත් ආතල් වැඩක් පටන් ගත්තා...

බඩ පපුව හෝස් ගාල හිනා වෙන්න මෙන්න අහන්න පටි රෝල්....

>>  මෙතන කොටන්න <<

පට්ටියා, ගොවියා සහ බෙහෙත...

මේක මේ හරක් පට්ටි අයිති ගොවියො දෙන්නෙක් අතර වෙච්ච කතාබහක්!

ඔය හරක් පට්ටි වල ඉන්නේ වැස්සියෝ ගොඩකුයි එක ගොනෙකුයි නේ!

ඉතිං උගේ කාර්යභාරය කියන්න ඕනේ නැහැනේ.

ඌට කියන්නේ පට්ටියා කියලා!

ඉතිං එක ගොවියෙක් අනිකට විස්තර කියනවා,

"පහුගිය දවස්වල අපේ පට්ටියා පැත්තකට වෙලාමයි හිටියේ, ඌට උගේ රාජකාරියවත් හරියට කොරගන්න බැරුව ගියා"

"අනේ අම්මෝ, ඇත්තද? ඉතිං මක්කැයි කොරේ?" අනිත් ගොවියා ඇහුවා.

"මම අපේ බලුදොස්තරට(පශුවෛද්‍යවරයා) විස්තරේ කිව්වා, මිනිහා බෙහෙතක් ලියලා දුන්නා! එක වේලයි පට්ටියට දුන්නේ, අම්මප
දැන් ඌ ගිනිකසයා වගේ වැඩ"

"හැබැටම! අපේ පට්ටියත් මේ දවස්වල වැඩට හොරයි, ඌටත් ඕක දුන්නනම් හොඳයි වගේ. මොකක්ද බෙහෙතෙ නම කිව්වේ?"
අනිත් ගොවියා ඇහුවා.

"බෙහෙතෙ නම නම් මට මතක නෑ, ඒ උනාට බෙහෙතනම් චොකලට් රසයි!"

නිදන මැදිරිය...

දිනක් රාත්‍රී දුම්රියක නිදන මැදිරියේ සිටියේ මැදිවියේ කාන්තාවක් සහ පුරුෂයෙකි. දෙදෙනාම කිසිම දිනෙක දැක නැත. මැදිරියේ කිසිවෙකුද නැත. විටින් විට දෙදෙනාම හොරෙන් එකිනෙකා දෙස බලමින් කල් මැරුවෝය. ඔවුන්ට වෙන්වූ නිදන කුටියේ ඉහල කාන්තාවය. පහල පුරුෂයාය... පුරුෂයා කතාවකට පටලවා ගන්නට සිතූ කාන්තාව ...

කාන්තාව - "අනේ ඔයා ලඟ වැඩිපුර පොරෝනයක් තියෙනවනම් මට දෙනවද? හරිම සීතලයි..."

පුරුෂයා - "ම්..... ඉතිං ඔයා පල්ලෙහාට එන්නකෝ...."

කාන්තාව - "ඒ කියනනේ නෝනයි මහත්තයයි වගේ..? හරි මම එකඟයි. හැබැයි මේ දැන් ඉදං ඔයා මට ඔයාගේ නෝනට වගේ සලකන්න ඕනි එහෙනම්, හොඳද ??? "

පුරුෂයා - "ඉඳා.... ගනිං මේ රෙද්ද..... පල්ලෙහාට බැස්සොත් එහෙම අනිනවා දත් ටික බඩට යන්න. තොත් එක්ක ඉන්නවට වැඩිය හොඳයි හීතලේ මැරෙන එක...."

අයි.සී.සී. ක්‍රිකට් වර්ල්ඩ් කප්...

කොදෙව් රටේ මේ වන වන විට පොල් හිඟයක් පවතින අතර ලෝක කුසලාන සමයේ විශාල ලෙස කලටි පොල් කැඞීම නිසා මෙලෙස පොල් හිඟයකට මුහුණ දී ඇත. කෙසේ වෙතත් කැරිබියන් රජයේ පොල් සංවර්ධන ඇමති ප‍්‍රකාශ කර සිටියේ ඉදිරියේදී ඉන්දියාවේ කේරල ප‍්‍රාන්තයෙන් පොල් ආනයනය කරන බවයි. කෙසේ වෙතත් ඒ සඳහා ලෝක කුසලානය අවසාන වන තුරු බලා සිටීමට සිදුවන බව එතුමා වැඩිදුරටත් පවසයි. (2 වැනිදට කේරලේ කලටි හැලෙයිද දන් නෑ නේ)

ඕස්ටේ‍්‍රලියාවේ බජිරි සඳහා විශාල ඉල්ලූමක් පවතින අතර බජරි ගොවීන් පවසන්නේ 1996 න් පසුව මෙලෙස බජරි වෙළඳාම ඉහළ ගිය ප‍්‍රථම අවස්ථාව මෙය බවයි. හිටපු ඕස්ටේ‍්‍රලියානු නායක ටිං ටිං (සමාවන්න පොන්ටිං) මැතිතුමාව එරට රජය විසින් වැවිලි සංවර්ධන ඇමති ධූරයට පත් කර ඇත. කුඹුරු ඇත්නම් ඒවායේ මී හරක් ඉවත් කර එරට සම හරක් ක‍්‍රීඩකයින්ව ඒ සඳහා යෙදවීමට තීරණය කර ඇත.

නවතම ආරංචි මාර්ග පවසන්නේ පසුගියදා පැවති ක‍්‍රිකට් තරඟයෙන් පසු. එංගලන්තයේ මාළිගාවේ උළු ඉවත් කර ඇස්බැස්ටෝස් වහලයක් සවි කරන බවයි.

මේ වන විට නවසීලන්තයට ආසන්න මුහුදේ සිටින සියළුම තල් මසුන් වෙනත් මුහුදු සීමාවන් කරා ගොස් ඇති අතර. ලෝක කුසානය අවසන් වන තුරු උන් නොපැමිණෙන බව සත්ව සංවිධාන පවසා සිටී. මොනවා නැතත් උන්ට තමාගේ හක්ක වටින බවයි ඔවුන් පවසන්නේ..

ඉන්දියාවේ කාශ්මීර ප‍්‍රදේශයේ ජනතාව එම ප‍්‍රදේශය වලින් ඉවත්ව ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ ඉදිරියේ ඉන්දියාවේ කඳුවල හිම දිය වීමට ඉඩ කඩ ඇති බැවින්.. ප‍්‍රවේශම් වන ලෙසයි.

ඔන්න බලන්නකො ඒකෙත් හැටි :)) ..

Thursday, March 17, 2011

වයසක අංකල් කෙනෙක්...

ඊයෙ හවස අපේ සීයගෙන් බෙහෙත් ගන්න ගොඩක් ලෙඩ්ඩු ඇවිත්
සෙනග වැඩි හින්ද සීය මට කීව කොල්ලො ලෙඩ්ඩු ටිකක් බලපන්කො කියල
ඉතිං ඔය අතරෙ අවුරුදු 80 ක විතර වයසක අංකල් කෙනෙක් ආව...

මම ඇහුව මොකක්ද උන්නැහෙගෙ ලෙඩේ කියල

මුන්දැ කියනව මහත්‍තයෝ මගෙ මේ එක කකුලක් හිරිවැටිල...
අඩිය තියද්දි කටු ඇනෙනව වගේ ... එහෙම වෙන්නෙ ඇයි කියල

මම කීව වයසට යද්දි ඔහොම තමයි අංකල් කියල

ඒ පාර මේ යකා කියපි ඉතිං මහත්තයෝ මගෙ කකුල් දෙකම එක වයසෙනෙ
ඇයි එහෙනම් අනිකට එහෙම නැත්තෙ කියල...

මම කීව උන්නැහෙ ලොකු වෙද මහත්තයාගෙන්ම බෙහෙත් ගන්න කියල මම නැගිටලා ආව..

Monday, March 7, 2011

එළදෙනගේ නැට්ට...

ඉස්පිරිතාලේ හදිසි අනතුරු වාට්ටුවට ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ පසුවන රෝගියකු ඇතුලත් කරනලදී.
පෙනුමෙන් ඉතා දරුණු තුවාල වලින් පසුවූ මෙම පුද්ගලයාගේ මුහුණ හඳුණා ගත නොහැකි පරිදි විකෘති වී තිබූ අතර
අස්ථි කිහිපයක්ද බිඳි ගොස් ඇති බවක් දක්නට ලැබුනි...

වහාම ඔහු වෙත පැමිණි වාට්ටු භාර වෛද්‍යවරයා සුපුරුදු ප්‍රශ්නය ඔහුගෙන් ඇසීය..
"මොකක්ද ඔහේට උනේ..???"

"අනේ ඩොක්ටර් මායි මගේ නෝනයි ගොල්ෆ් සෙල්ලම් කර කර හිටියේ...
ටිකක් ඈත වලකට අපි දෙන්නම ට්‍රයි කරා..
ඒත් හරි ගියේ නෑ...
අපි ගහපු බෝල දෙකම පිට්ටනියෙන් එලියට විසි වෙලාලඟ තිබ්බ ෆාම් එකක් ඇතුලට ගියා..
අපි දෙන්නම ගිහින් බෝල දෙක හෙව්වා...

පොඩි අය ඉතිරි ටික බලන්නේ පරිස්සමට හොදේ...හී...හී..හී...

ඔහොම හොයද්දි මම දැක්කා ටිකක් එහායින් උන්නු එළදෙනෙක්ගේ පස්ස පැත්තේ අමුතු දෙයක්..
ළං වෙලා බලද්දි තමා දෙයියනේ දැක්කේ අපි ගහපු බෝලයක් එළදෙනගේ පස්ස පැත්තේ හිර වෙලා කියල...
මං ළං වෙලා එළදෙනගේ නැට්ට පොඩ්ඩක් එහාට කරල බලද්දි තමා දැක්කේ
ඒ බෝලෙ මගේ නෝනගේ නමේ මුල අකුරු කොටලා තියෙනවා කියලා...
මට බෝලේ හොයාගත්ත සතුටටත් එක්ක නැට්ටත් අල්ලගෙනම හයියෙන් කෑ ගහලා නෝනට කිව්ව.."

"මේ ඒයි... මේකනම් ඔහේගෙ එක වගෙ කියලා..."

"අනේ ඩොක්ටර් මට මතක එච්චරයි.."

ඇම්ඩගෙන් අම්මට බබෙක්...

ඇම්ඩා කරපු මොකක් හරි අලුගුත්තේරු වැඩකට පංති බාර ටීචර් කිව්ව හෙට එනකොට අම්මත් එක්ක එන්ඩ කියල, ඉතිං , පහුවදා ඇම්ඩගෙ අම්මත් ආව ඇම්ඩ එක්කම, අම්ම ටිකක් අමාරුවෙන් ආවෙ මොකද ගර්භනී, ඒ කිව්වෙ බබෙක්..... හරිද?

ඇම්ඩන් අම්මගෙ බඩ පෙන්නල ටීචර් ට කිව්ව "මැඩම්, මේකත් මගෙ වැඩක් තමයි, හරිද?" කියල, ටීචර් අන්දුන් කුන්දුන් උනා, මේ මොකක්ද මේ කතාව කියලා, ඒ එක්කම අම්මත් කියාපි"අනේ, ඔව් මැඩම් , මේකා කිව්වට අහන්නෙම නැහැ නෙව, වතාවක් මුගෙ අප්පට අහුවෙලා හොඳටම තඩි බෑවා, ඒත් මූ හදන්ඩ බැහැ" කියලා,

ටීචර්ට දැන්නම් උතුර දකුණ මාරුවෙලා, ඒ අස්සෙ ඇම්ඩත් එතනම් ඉන්නව අම්මගෙ බඩ අත ගගා, ටීචර් ඒ පාර බොහොම අමාරුවෙන් ඌව එතනින් යවල කාරිය අම්මව පුටුවක වාඩි කරවල එහෙම කිට්ටු උනා විස්තරේ අහගන්ඩ,

ලොකු අය විතරක් ඉතිරි ටික බලන්න...හී...හී..හී...

"දැං ඇම්ඩන්ලයෙ අම්මෙ, මොකක්ද අර ඔහෙගෙ බඩ පෙන්නල ඇම්ඩන් කියාපු කතාවෙ තේරුම?, මේ, .... මේ,...... මේකත් මගෙ වැඩක්ය කියාල, "

"ඒකනෙව මැඩම් කියන්නෙ, මේ ඇම්ඩන් මහ වසවර්තියා නෙව" මනුස්සයා ටීචර් දිහාවට නැවිල රහසිං කිව්ව "අපේ එක්කෙනා ඔය කොපු ..... මැඩම් දන්නවනෙ අර..... අර....කොපු" ඔව් ඔව් මම දන්නව, ඉතිං, ටීචර් නොඉවසිල්ලෙන් කිව්වා,"අපේ එක්කෙනා කොපු ගෙනත් හංගන තැන බලා ඉඳල, මේ ඇම්ඩන් කරන්නෙ එව්වයෙ අග කපල දාන එක, ඉතිං හදිස්සියට ඔව්ව හොය හොය ඉන්ඩ පුලුවන් කාටද, එව්වයෙ ප්‍රතිඵල තමයි මේ,"ඇම්ඩන්ගෙ අම්මා බඩ අතගාන ගමන් කිව්වා,

බස් රථයක් තුලදී...

පි - හා.. නන්ගි.. කොහොමද? ඔයා ගා(ර්)මන්ට් එකකද වැඩ කරන්නේ.. ???

ගැ - ඔව් , අයියා කොහොමද දැන ගත්තේ..?

පි - නූල් කෑල්ලක් පිටේ තිබුන ඒකෙන් දැන ගත්තේ...

ගැ - අයියා ගැරිජ් එක්කද වැඩ කරන්නේ....??

පි - ඔහේ පලයන් අම්මට සිරි ඔය කොහොමද එක දැන ගත්තේ..??

ගැ - අයියා ජැක් එක ගහපු හැටියෙන් තමා එක දැන ගත්තේ...

Sunday, February 27, 2011

සදහටම හිරේ

"ෂ! දැන් උඹේ මූණත් එක්ක එළිය වැටිලා. මොකෝ මේ." චමිල ටික කලකට පසු හමුවූ රොෂාන්ගෙන් ඇසුවේය.

"මං ගිය මාසෙ කසාද බැන්ඳ නෙ." රොෂාන් පිළිතුරු දුන්නේ සතුටිනි.

"කසාඳ බැඳිල්ලත් හරියට හිරේ වැටෙනවා වගෙ වැඩක් නේද රොෂාන්." කසාදය පිළිබඳ අදහස දිනෙන් දින කල් දමමින් සිටින චමිල තම මිතුරාගෙන් විමසීය.

"ඒක මහා බොරු කතාවක් චමිල." රොෂාන් කීවේ සිනාසෙමිනි.

"ඒ මොකද උඹ එහෙම කියන්නෙ?" කුතුහලයෙන් යුතුව චමිල විමසීය.

"හිරේ ගියොත් කවදා හරි නිදහස් වෙනවනෙ බං." රොෂාන් කීවේය.

Saturday, February 26, 2011

කිව්වේ ඇත්තද?

රෙදි පිළි ප්‍රදර්ශනාගාරයේ වෙළෙඳ සේවකයකු, පාරිභෝගික කාන්තාවක හා උස් හඬින් කතා කරනු දුටු එහි කළමනාකරු එම වෙළෙඳ සේවකයා තමා වෙත කැඳවා දීර්ඝ අනුශාසනාවක් කළේය.

"අයිසෙ පීටර් මේ සාප්පුවට එන කිසිම පාරිභෝගිකයකු එක්ක පැටලෙන්ඩ අපිට කිසිම අයිතියක් නැහැ. අපි මෙහාට එන හැමෝටම බොහොම හොඳට ආචාරශීලීව කථාබහ කරන්ඩ ඕනෙ. ඒ ගොල්ලෝ කියන දේවල් වාද නොකර පිළිගන්ඩ ඕනෙ. එහෙම තියෙද්දි ඇයි තමුසෙ දැන් ටිකකට කලින් මේ සාප්පුවට ආපු නෝනත් එක්ක එකට එක කිව්වේ" කළමනාකරු විමසුවේ කෝපයෙනි.

"ඉතින් සර් ඒ නෝනා මට කිව්වනෙ තමුසෙලගෙ මැනේජර් පල් මෝඩයෙක් කියල" වෙළෙඳ සේවකයා කීවේය.

තෝරා බේරා ගන්නා ක්‍රමය

අනුලා සති අන්තයේ පොළට ගියේ කෑමබීම සඳහා අවශ්‍ය බඩුමුට්ටු මිලදී ගන්නා අදහසිනි. එහි එක් වෙළෙන්දකු හතු ගෝනියක් විකිණීමට තබා තිබෙනු දුටු ඇය එතැනට ළංවී මෙසේ විමසුවාය.

"ඔය හතු වගාවලදී නයි හතුත් හැදෙනවලු නේද? ඇත්තද ඒවා හරි විසයි කියන්නෙ."

"අපොයි ඔව් නෝනා..." වෙළෙන්දා කීවේය.

"ඉතින් කොහොමද ඔය නයි හතු අඳුනා ගන්නෙ?" අනුලා ඇසුවාය.

"ඒක හරි ලේසියි නෝනා. රෑට හතු කාලා නිදාගන්ඩ. උදේට නැගිට්ටොත් ඒවා හොඳ හතු" වෙළෙන්දා කීවේය.

පවුල දැනගත්තොත්..

"කරූ මගෙයි ඔයාගෙයි මේ සම්බන්ධය දැනගත්තාම ඔයාගෙ පවුලෙ අය විරුද්ධ වෙයිද බබෝ.." නිලන්ති තොෙඳාල් බසින් කරුණාරත්න ගෙන් ඇසුවේ ඔහුගේ ත්‍රීවීලරයේ සාප්පු සවාරියක් යමින් සිටියදී ය.

"අපොයි එහෙම දැනගත්තොත් මගෙ පවුල මාව විතරක් නෙමෙයි ඔයාව ඉතුරු කරන එකකුත් නැහැ." කරූ කීවේ පාරේ කිසිදු අවහිරතාවයක් නොමැතිව වුවද තදින් බ්‍රේක් ගසමිනි.

මවගේ පරම්පරාව

"තාත්තෙ අපි පැවතෙන්නෙ වඳුරාගෙන්ය කියල අද අපේ ටීචර් විද්‍යා පාඩමේදී අපිට කිව්වා. ඒක ඇත්තද තාත්තෙ?" නිහාල් ගෙ කුඩා පුතු නිහාල් නිවෙසට ආ විගස ඇසුවේය.

"ඒක නං මට හරියටම කියන්ඩ බෑ පුතා. මම උඹලගෙ අම්මව බැන්දට ඒගොල්ලන්ගෙ පරම්පරාවේ උදවිය ගැන හරියටම දන්නෙ නැහැ.” නිහාල් කීවේ අනෝමා කුස්සියේ සිට සාලයට පිවිසේදැයි හොරැහින් බලමිනි.

ගෞරවය කාටද?

මහාචාර්යවරයාගේ තරුණ බිරිඳට දරුවකු ලැබුණේත් ඔහුගේ අලුත්ම පර්යේෂණ කෘතිය එළිදැක්වුණේත් එකම සතියේය.
තම සමීප ගෝලයකු ගේ ද සහායෙන් සාර්ථකව නිම කළ පර්යේෂණ කෘතිය පිළිබඳව මහාචාර්යවරයා සිටියේ දැඩි තෘප්තියකිනි.
අලුත උපන් දරුවා බැලීමට මහාචාර්ය වරයාගේ බිරිඳගේ ළඟ ඥාතීන් පිරිසක් නිවෙසට ගොඩ වූයේ මේ අතරවාරයේ දී ය.

"සුබ ආරංචියක් ලැබුණා. ඒකයි අපි මේ තකහනියක් ආවේ. ඉතින් ප්‍රොෆෙසර්, අපේ සුබපැතුම් පිළිගන්න." ඥාතීහු දරු උපත නිමිතිකොට සුබ පැතූහ.

"ඇත්තම කියනවා නං, ඔය වැඩේ කොහොමටවත් තනියම කරගන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. මගෙ ගෝලයට තමයි ඒකෙ ගෞරවයෙන් වැඩි කොටසක් අයිති වෙන්ඩ ඕනෙ. මිනිහා තමයි ඕකට හුඟක්ම මහන්සි වුණේ" මහාචාර්යවරයා කීවේය.

Wednesday, February 23, 2011

ඒවා නං නෑ...

නිවෙසට අවශ්‍ය මස්, මාළු, එළවළු ආදිය මිලදී ගැනීමට හන්දියේ කඩවීදිය වෙත ගිය චන්ද්‍රසිරි, හරක් මස් රස බැලීමේ අදහසින් නසාර් නානා ගේ හරක් මස් කඩය වෙත ගොස් මස් කිලෝවක් ඉල්ලීය.

තමා වෙත ලැබුණු මස් පාර්සලය දිග හැර බැලූ හෙතෙම එහි මස්වලට වඩා ඇත්තේ කටු බැව් දැක නසාර් නානා වෙත මස් ටික දිගු කොට කෝපයෙන් මෙසේ කීය.

"බලනවා මුදලාලි, මේකෙ මස්වලට වඩා තියෙන්නෙ කටුනෙ. සල්ලිත් අරගෙන තමුසෙලා විකුණන්නෙ ඕවද අයිසෙ?" තමුසෙලා ළඟ මිනිස් කං ඇත්තෙම නැද්ද ඕයි."

"තරහා ගන්ඩ එපා මාතිය, මාත්තියාට කියන්ඩ යපිලා ළඟ මිනිස් කන් නං නෑ. හරක් කන් තමා තියෙනවා." නානා කීවේය.

මොකද මම බක්කරේ කෙනෙක්ද???

සැමියා නිවසට එනකොට බිරිඳ අල්මාරිය ළඟය

බිරිඳ: ඔයා එනකම්මයි ඩාලිං හිටියේ. අල්මාරියේ තට්ටුවක් ගැලවිලා.ඔයාට පුලුවන්ද ඒක හදලා දෙන්න?

සැමියා: අනේ මට බැහැ මම වඩුවෙක් නෙමෙයිනේ..

පසුවදා වැඩ ඇරිලා එනකොට බිරිඳ නාන කාමරයේය.

බිරිඳ: අනේ මේ බලන්න වතුර පයිප්පේ කැඩිලා.ඒක හදලා දෙන්න පුලුවන්ද?

සැමියා: මට බැහැ ඕවා කරන්න. මම පයිප්ප බාස් කෙනෙක් නෙමෙයිනේ..

ඊළඟ දිනයේ එනවිට කුස්සියේ විදුලි පහන පිලිස්සී ඇත.

බිරිඳ: ඩාලිං මෙන්න මේ බල්බ් එක දාලා දෙන්නකෝ

සැමියා: ඕකට විදුලි කාර්මිකයෙක් හොයා ගන්න

ඊලඟ දිනයේ එනවිට බිරිඳ ප්‍රීතියෙන් උතුරා යමින් සාලයේ ඉඳගෙන හිටියේය.

බිරිඳ: අල්ලපු ගෙදර කොල්ලා හරි හොඳයි. මිනිහා මට අල්මාරියයි, වතුර පයිප්පෙයි,බල්බ් එකයි ඔක්කොම හදලා දුන්නා..

සැමියා: ඇත්තට.. සල්ලි කීයක් දුන්නද??

බිරිඳ: පිස්සුද අනේ මිනිහා හරිම කට්ටයා මිනිහා කියනවා,එක්කෝ එයා ඉල්ලන කේක් ගෙඩියක් හදලා දෙන්නලු. නැත්නම් එයාත් එක්ක ඇඳට යන්න එන්නලු

සැමියා කලබල විය

සැමියා: හරි මිනිහෙක්නේ ඔයා මොන විදිහේ කේක් එකක්ද හදලා දුන්නේ??

බිරිඳ: ඔයාට පිස්සුද? කේක් හදන්න මම බක්කරේ කෙනක්ද?කියා සැහැල්ලුවෙන් කීවේය.

Saturday, February 5, 2011

Who's Speaking???


මෙන්න උණු උණු බඩු දැම්මා...අහල කොමෙන්ට් එකක් නොදා ගියොත් බලාගන්න පුලුවන්...


අඹ ගස්...

අරුන..

අසංකගෙ අදරේ...

අටපට්ටම...

Friday, February 4, 2011

Who's Speaking???



මෙන්න උණු උණු බඩු දැම්මා...අහල කොමෙන්ට් එකක් නොදා ගියොත් බලාගන්න පුලුවන්...


අක්කගෙ ආදරේ...

දත් දොස්තර...

ගෘහ සේවිකාවක්...

නැගී එන නිළිය...

Thursday, February 3, 2011

Who's Speaking???


මෙන්න උණු උණු බඩු දැම්මා...අහල කොමෙන්ට් එකක් නොදා ගියොත් බලාගන්න පුලුවන්...



නිකන් පාර්ට් තියාගන්න එපා...

ලර්නස් එකේ...

අලුත් ෆිල්ම් එකට...

ඉන්සුවරන්ස් එක...

කෝ ඩිස්කවුන්ට්???

“තමුන් කී වතාවක් හිරේ ගිහිං තියෙනවද?”

විනිශ්චයකාරතුමා නඩු විභාගියකදී විත්තිකාර පාර්ශවයෙන් ප්‍රශ්න කළා.

“නව වතාවක් ස්වාමීනි.”

“මොකක්? නව වතාවක්? එහෙනං මේ පාර තදින් ක්‍රියාකරන්නම වෙනවා. උපරිම දඩුවම් සහිතව ජීවිතාන්තය දක්වා මම තමුන්ව සිර ගෙදරට නියම කරනවා”.
 
“උපරිම දඬුවම්?” විත්තිකාර අයියා ප්‍රශ්න කළා. “අයියෝ මොකක්ද ස්වාමිනී, නිතර නිතර එන කස්ටර්මස්ලාට ඕනම තැනක පොඩියට හරි ඩිස්කවුන්ට් එකක් දෙනවනේ”.

Monday, January 17, 2011

දරු දෙක මොක...

මැදපෙරදිග රැකියාවකට ගොස්‌ සිටි කාන්තාවක්‌ වසර පහකට පසු ආපසු පැමිණියාය.නිවෙසට පැමිණි විගසම ඇය සිය දරු දෙදෙනා ගැන සැමියාගෙන් විමසුවේ මෙසේය.
"දරු දෙක මොක....."

බිරියගේ මේ අණ්‌ඩර දෙමළ භාෂාව ඇසීමෙන් සැමියා අන්දුන් කුන්දුන් විය.

ඉන් පසු කුස්‌සියේ තිබුණු කොස්‌ ගෙඩියක්‌ දුටු ඇය "මේ බොල් බොල් මොක" කියා සැමියාගෙන් ඇසුවාය.

අමුතු භාෂාව ඇසීමෙන් සැමියා මහත්සේ කෝපයට පත්විය.

"මේ කෙටි කාලෙට මේකිට සිංහලත් අමතක වෙලා" ඔහු තමාටම කියා ගත්තේය.

"ෂර්ට්‌ එක ඉරිල. මොක........" ඇය යළිත් සිය අප්‍රභංශ භාෂාව පටන් ගත්තාය.ඔහුගේ කෝපයේ රතු ඉර පැන්නේය.

ඇගේ කෙස්‌ වැටියෙන් අල්ලා ගත් ඔහු ඇයට පහර කීපයක්‌ ගැසුවාය.

ඒ සමඟම ඇය "බුදු මාමේ... මෙන්න මාව මරන්න හදනවෝ..... මාව බේරා ගනියෝ........." යනුවෙන් යටි ගිරියෙන් කෑ ගසමින් අසල පිහිටි සිය ඥතියකුගේ නිවස කරා දිව ගියාය.

ඒ එයා පොඩි කාලේ!!!

විදේශීය සංචාරකයෙක්‌ එක්‌තරා රටක කෞතුකාගාරයක්‌ නැරඹීමට ගියේය.

එහි ප්‍රදර්ශනයට තබා තිබුණු හිස්‌ කබලක්‌ දුටු සංචාරකයා එහි සිටි නිලධාරියෙකුගෙන් මෙසේ ඇසුවේය.

"මේ හිස්‌කබල කාගේද?"

"ඒක අපේ රටේ නිදහස වෙනුවෙන් සටන් කළ වීරයෙකුගේ."

එයට මඳක්‌ ඔබ්බෙන් තවත් කුඩා හිස්‌ කබලක්‌ තිබෙනු දුටු සංචාරකයා එය කාගේ හිස්‌ කබල දැයි නිලධාරියාගෙන් ඇසුවේය.

"ඒක එයා පොඩි කාලේ." නිලධාරියා පිළිතුරු දුන්නේය.

Saturday, January 15, 2011

උපදේශයට පන්සීයයි!

හොරු දෙදෙනෙක්‌ එක්‌තරා පාළු ස්‌ථානයකට වී කතා බස්‌ කරමින් සිටියහ.

"ඊයේ වැඩෙන් නම් මට පාඩු වුණා.." එක්‌ හොරෙක්‌ අනෙකාට පැවැසීය.

"ඒ කොහොමද?"

"මම ඊයෙ පැන්නෙ නීතිඥවරයෙකුගෙ ගෙදරට. මම මිනිහගෙ අතටම අහුවුණා."

"ඊට පස්‌සෙ මොකද වුණේ?"

"මොකුත් වුණේ නැහැ. එයා මට තදින් අවවාද කළා නීතිඥවරුන්ගෙ ගෙවල්වලට මීට පස්‌සෙ පනින්න එපා කියලා."

"ඉතින් වෙච්ච පාඩුව මොකක්‌ද?"

"ඒ දුන්නු අවවාදයට කියල රුපියල් පන්සීයක්‌ මගෙන් අය කළා."
ඔහු දුක්‌මුසු ස්‌වරූපයෙන් එසේ පැවසීය.

ඔව් සර්..

පුරා සතියක් කිසිම දැනුම් දීමකින් තොරව සේවයට නොපැමිණි සුගත් ඊළඟ සතියේ සඳුදා රාජකාරියට වාර්තා කළ වහාම නියෝජ්‍ය කොමසාරිස් කරුණාරත්න මහතා ඔහු තමා වෙත කැඳවා මෙසේ ඇසීය.
“තමුසෙ දන්නවද තමුසෙ මෙතන සුළු සේවකයෙක් කියල?”

“ඔව් සර්..” සුගත් යටහත් පහත්ව පිළිතුරු දුන්නේය.

“එතකොට තමුසෙ දන්නවද මම මෙතන ප්‍රධානියෙක් කියල?”

“ඔව් සර්..” එවර සුගත් දෙකට නැමී කීවේය.

“තමුසෙ හිතාගෙන ඉන්නෙ මං බූරුවෙක් කියලද” කරුණාරත්න මහතා එවර ඇසුවේ තරමක ආවේගයකිනි.

“ඔව් සර්..” සුගත් බයාදු ලෙස සිනාවී පිළිතුරු දුන්නේය.

කතාකරන්නෙ කොහොමද?

“අනේ මහත්තයො අර විසිතුනේ ඇදේ ලෙඩාට දැන් කොහොමද?” පපුවේ අමාරුවක් සෑදී ඊට පෙර දින හතරේ වාට්ටුවට ඇතුළු කළ තම සැමියා බැලීමට පැමිණි කුසුම් විවේක කාමරයේ අසුන් ගෙන සිටි වෛද්‍යවරයා වෙත ගොස් ඔහුගේ මුහුණට
එබෙමින් ඇසුවාය.

“ආ.. එයාට දැන් හුඟක් සනීපයි. ඒත් ඒ ලෙඩා කිසිම කතාබහක් නැහැ. ඒ ගැනයි අපි දැන් පරීක්ෂා කරගෙන යන්නෙ.” දොස්තර මහතා කාරුණිකව පිළිතුරු දුන්නේය.

“කතා කරන්නෙ කොහොමද මහත්තයො. අපේ මනුස්සයා උප්පත්තියෙන්ම ගොළුවෙක් නොවැ” කුසුම් කීවේ දත් තිස්දෙකම පෙන්නා සිනාසෙමිනි.

බලන් ඉන්ඩ බෑ...

“මට ඔය අසාධාරණ, අසමජ්ජාති වැඩ පේන්ඩ බෑ.” චන්ද්‍රසේන කීවේ තම සගයින් සමඟ කාර්යාලයේදී දිවා ආහාරය ගනිමින් සිටියදීය.

“දවසක් දා මං බස් එකේ යද්දි හදිස්සියෙම දැක්කා ගැටකපන්නෙක් බස් එකේ යන කෙනෙකුගෙ පොකට් එකට විදිනවා. මට ඒක බලන් ඉන්ඩ බැරුව ගියා..” ඔහු බලවත් ආවේගයකින් කීවේය.

“උඹ ඉතින් මොනවද කළේ?” වීරකෝන් ඇසුවේ ආහාර අනුභවය මඳකට නවතමිනි.

“ඉතින් මං අහක බලා ගත්තා” බත් කටක් අනුභව කරමින් චන්ද්‍රසේන කීවේය.

හේතුව මේකයි...

නැවේ තමාට නියමිත රාජකාරියෙන් පසු ලද විරාමයකදී නැව් තට්ටුවට වී ලිපියක් කියවමින් සිටි අජිත් වෙත පැමිණි වීරකෝන් දෙස බලා අජිත් සතුටින් මෙසේ කීවේය.

“මේ ලියුම ගෙදරින්. මගේ වයිෆ් කියල එවලා තියෙනවා එයාට පුතෙක් ලැබුණයි කියල.”

“ඒ වුණාට අන්තිමට උඹ ගෙදර ගිහින් දැන් අවුරුද්දකට වැඩියිනෙ.” මඳක් කල්පනා කළ වීරකෝනේ කීවේ කපටි සිනාවක් පාමිනි.

“ඒක ඇත්ත. එයා කියල තියෙනවා එයාට දරුවෙක් ලැබෙන්න යන බව මාස තුනක්ම එයා දැනගෙන හිටියේ නෑ කියල. එතකොට කාලෙ හරිනෙ.” අජිත් පිළිතුරු දුන්නේය.

තවම අමාරුද???

“පහුගිය සුමානෙ උඹගෙ මාමණ්ඩියට හදිසියේ පපුවේ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලෙ නැවැත්තුවා කියල කිව්වා නේද? තවම ලෙඩාට අමාරු ද?” දිවා ආහාර විවේකයේදී කෑම ගනිමින් සිටියදී මංජුල සුගත් ගෙන් ඇසීය.

“දැන් නං අමාරුවක් නැතුව ඇති. පෙරේදානෙ භූමිදානය තිබුණෙ” සුගත් කීවේ වතුර වීදුරුව අතට ගනිමිනි.

Friday, January 14, 2011

දැන් පෙන්වනවා...

දැන් පෙන්වනවා...
පළාතක් කම්පා කල ඒ වියරු මිනිසාගේ ඉරණම මෙයද...

Sunday, January 9, 2011

ඇම්ඩාගේ ගාණ...

ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවා. එනකොට තාත්තා සාලෙ වාඩිවෙලා පත්තරයක් බල බල හිටියා. ඇම්ඩාගෙ මූණ ඒතරම් හොදනැති නිසා තාත්තා ඇම්ඩාගෙන් මෙහෙම ඇහුවා.

තාත්තා - මොකද උඹ අදත් ලෙඩක් දාගත්තද?
ඇම්ඩා - ටීචර් කිව්වා හෙට තාත්තව ඉස්කෝලෙට එක්කන් එන්න කියලා
තාත්තා - මම කිව්වේ.. මොකද්ද උඹ කරපු දහදුරා වැඩේ?
ඇම්ඩා - මගේ නෙමෙයි තාත්තේ වැරැද්ද... ටීචගෙ තමයි වැරැද්ද..
තාත්තා - ඔය ඔය.. ටීචලට පිස්සුද නිකං තාත්තලව ඉස්කොලෙට ගෙන්නන්න? මොකද්ද උඹ කලේ කියපන්..
ඇම්ඩා - ටීච මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, මම උත්තර දුන්නා.. එච්චරයි..
තාත්තා - උඹ දුන්න උත්තරේ වැරදියි?
ඇම්ඩා - නැහැ.. හරි..
තාත්තා - බොරු කියන්නෙපා, එහෙමත් ටීචලා හරි උත්තර කිව්වම දඩුවම් දෙනවද? හරි මොකද්ද අහපු ප්‍රශ්නෙ?
ඇම්ඩා - දෙකට තුනක් එකතු කලාම කීයද කියලා ඇහුවා
තාත්තා - හරි, උඹ මොකද්ද කිව්වේ?
ඇම්ඩා - පහයි කිව්වා.
තාත්තා - හරිනෙ, ඉතිං මොකද්ද ප්‍රශ්නෙ?
ඇම්ඩා - ටීච තව ප්‍රශ්නයක් ඇහුවා.
තාත්තා - ඒ මොකද්ද? උඹ ඒක වරද්දන්න ඇති.. කියපන් ඒක
ඇම්ඩා - තුනට දෙකක් එකතු කලාම කීයද ඇහුවා
තාත්තා - කලින් ඇහුවෙත් ඕකෙම අනිත් පැත්ත නේද බං? මොන **** ප්‍රශ්නයක්ද ඒක?
ඇම්ඩා - මමත් ටීචර්ගෙන් ඇහුවෙ ඕකම තමයි තාත්තේ, එතකොට තමයි තාත්තව එක්කගෙන එන්න කිව්වෙ.

මෙච්චරවෙලා කතාව අහගෙන හිටපු අම්මා දඩස් ගාලා බිම වැටුනා.

කරුවලට බයද?

“තාත්ති ඔයා කරුවලට ගොඩක් බයයි නේද?” කුඩා තිළිණි තම පියා වූ නවරත්න ගෙන් ඇසුවේ නිවෙසේ ආලින්දයේ සෙල්ලම් කරමින් සිටියදීය.

“නැහැ දුව. ඇයි ඔයා එහෙම ඇහැව්වේ?” නවරත්න ඇසුවේ, බලමින් සිටි පුවත්පත ඈත් කරමිනි.

“එහෙනං තාත්ති හැමදාම අම්මි ළඟ තුරුල්වෙලා නිදාගන්නෙ” කුඩා තිළිණි කට උල්කොට කීවාය.

වැඩිය ආදරේ කාටද?

"ඔයාගෙ හස්බන්ඩ් ඔයාට කොච්චර ආදරේද?" මාලා අල්ලපු ගෙදර සෝමා ගෙන් ඇසුවේ මිදුලේ කතා කරමින් සිටියදීය.

"ඇයි ඔයා එහෙම ඇහැව්වේ?" සෝමා එම පැනයට තම නොකැමැත්ත මුහුණෙන් පෙන්වමින් මාලාගෙන් ඇසුවාය.

"නෑ මට හිතුණා එයා මට වඩා ඔයාට ආදරේ ද කියල දැනගන්ඩ. ඒ මිසක් මම වැරදි දෙයක් ඇහුවා නෙමෙයි අනේ" මාලා කීවේ සිනාසෙමිනි.

බේරුණේ අනූනමයෙන්...

"ඊයෙ මහ රෑ මගේ ජීවිතේ බේරුණේ අනූනමයෙන්."අරුණ උදේ කාර්යාලයට පැමිණි සැණෙකින් ඉදිරි මේසය අසල වාඩිවී සිටි චම්පා හට කීවේය.
"ඇයි මොකද වුණේ?" චම්පා තමා සකස් කරමින් සිටි වැටුප් ලේඛනය පසෙක දමා විමසුවේ කුතුහලයෙනි.

"ඊයෙ මහ රෑ නිශාන්ති පයින් ඇනලා මට හදිසියෙම ඇහැරුණා. බලනකොට දොර මුල්ලෙ මොකක්දෝ සුදුපාටට වැනෙනවා. මම කොට්ටේ යට තිබුණු පිස්තෝලෙ අරගෙන කළුවරේම ඒ දිහාට වෙඩි තිබ්බා. ලයිට් එක දාලා බලන කොට ඒක දොරේ එල්ලලා තිබුණු මගෙ කමිසයක්" අරුණ කතාව හමාර කළේ සිනාසෙමිනි.

"ඉතින් ඇයි ඔයා බේරුණේ අනූනවයෙන් කියල කිව්වේ?" චම්පා නොසිඳුනු කුතුහලයෙන් විමසුවාය.

"ඇයි හලෝ ඒ වෙලේ මම ඒ කමිසෙ ඇඳගෙන එහෙම හිටියනං වෙඩිල්ල වදින්නෙ මට නෙ" අරුණ කීවේ ඇස් හකුලමිනි.

මොනවා වෙයිද???

"ඊයෙ රෑ හන්දියෙ පික්චර් හෝල් එකේ ඉංග්‍රීසි චිත්‍රපටයක් බලන්න ගිහින් අපේ ගෑනිට සිහිනැති වුණා මචං" රමේෂ් කාර්යාලයේ විදුලි සෝපානයේදී තමා සමඟ සේවය කරන කොට කරූ සමඟ කීවේය.
"තමුසෙට ඕක හොඳ පාඩමක්. ගෑනු උදවියව ඕනෙ නැති විගඩම් බලන්ඩ එක්ක යනවට." සාම්ප්‍රදායික මිනිසකු වූ කරූගේ පණ්ඩිත කතාවට රමේෂ්ට යකා නැග්ගේය.
"උඹ මේ බම්බුවක් කියවනවා. මම හිතා ඉන්නෙ අද රෑ ෂෝ එකට අපේ නැන්දම්මව එක්ක යන්න." රමේෂ් කීවේ තරහිනි.

Sunday, January 2, 2011

දෙන්නම් අද ව‍හලෙ උලු ගැලවෙන්න...

ඔන්න ඉතිං අපේ අම්ඩන් අයාලෙ යන එක වැඩි උන හින්ද ඇම්ඩන්ගෙ තාත්ත කල්පනා කලා මූව බන්දලා දෙන්න ඔනෙ කියල.

ඔන්න හොද කෑල්ලක් හොයල බැන්දයි කියමුකො, ඒත් ඉතිං අපේ ඇම්ඩට හනිමුන් දවසේ හෝටලේදි කරපු ටික විතරයි ගෙදර ආවට පස්සෙ මුකුත්ම කර ගන්න බැරි උනා හැම දාම වැඩේට සෙට් වෙද්දි තාත්ත පෙරේතයෙක් වගේ දොර අස්සෙන් ජනේලෙන්, අ‍හරෙන් මෙහෙන් බලාගෙන ඉන්නව.

ඉතිං ඔහොම ටික දවසක් ගත උනා ඇම්ඩගෙ තාත්තත් කල්පනා කලා කොහොමද මූට නොදැනෙන්න මේක බලන්නෙ කියල ඇම්ඩන්ගෙ තාත්තගෙ ටිකිරි මොලේට ආව හොද අදහසක්, නැග්ග වහලෙට පොඩ්ඩක් අයින් කලා උලු කැටයක් දාගත්ත ඇහැ ඇතුලට, දැන් බලන් ඉන්නව

ඔන්න ඇම්ඩත් වටපිට බැලුව අද තාත්ත පේන්න නෑ වැහුව දොර නැග්ග ඇදටඇම්ඩට මෝල් වැඩි කමටම මෙහෙම කියවුනා

"අද නම් මොකෙක්වත් නෑ දෙන්නම් අද ව‍හලෙ උලු ගැලවෙන්න".... කියල වහලෙ උඩ හිටපු තාත්ත බය උනා වහලෙ උලු ගැලවුනොත් මිනිහට එක පාරටම "හෝව් හෝව් පුතේ පොඩ්ඩක් හිටපන් මම බිමට පහිනක්ම්" කියවුනා

එදයින් පස්සෙනම් ඇම්ඩ කරදරයක් නැතුව වැඩේ කලාලු.