Friday, June 4, 2010

බේබද්දෝ...

ඔන්න එක දවසක් යාළුවො දෙන්නෙක් හොඳටෝම බීලා. උතුර දකුණ සොයා ගන්න බෑ. හරියට පහුවදාට රටේම අරක්කු තහනම් කරනවා කියල හිතාගෙන තමයි බීල තියෙන්නේ. හැබැයි මේ දෙන්න තැබෑරුමෙන් නැගිටල යන්න හදන කොට තමයි මුණ ගැහුණේ
දැන් දෙන්නට දෙන්නා බදාගෙන පයින් ඇවිද ගෙන යනව ගෙදර යන්න. ඔහොම ගිහිල්ල ගෙයක් ළඟ නතර වුණා මෙන්න මෙහෙමයි දෙන්නගේ කතා බහ. නැත්නම් සංවාදේ.

1 මිත්‍රයා - එහෙනම් මචං මම යනවා. චෙරියෝ ගුඩ් නයිට්.

2 මිත්‍රයා - උඹ කොහේ යන්නද? ඔය තියෙන්නේ මගේ ගේ

1 මිත්‍රයා - පිස්සුද? උඹට වැඩියි මේක මගේ ගෙදර.

2 මිත්‍රයා - මට නෙවෙයි පිස්සු ඔයාට. මේක මගේ ගේ. උඹේ ගේ කියල කොහොමද ඔප්පු කරන්නේ.

1 මිත්‍රයා - හරි මේ ගෙදර ඉන්නේ මගේ වයිෆ්. ඊළඟට පුතා. අපි තුන් දෙනා තමයි ඉන්නේ.

2 මිත්‍රයා- ඔයාට පයිත්තියන්. මේ ගෙදර ඉන්නේ අම්මයි - තාත්තයි - මමයි හරිද?

1 මිත්‍රයා- හොඳයි මම ද උඹ ද හරි කියල බලන්න දොරට තට්ටු කරමු. සොරි සොරි බෙල් එක ගහමු.

ඔන්න ඉතින් බෙල් එක ගැහැව්වා. නෝනා කෙනෙක් දොර ඇරියා.

නෝනා - හනේ! හනේ! ලැජ්ජ නැතිකම අද තාත්තයි පුතයි දෙන්න එකට බීල නේද???

කැමැති දේ...

කුමාරි තම මනමාලයා ද සමඟ මධුසමය සඳහා තානායමට ගියා ය. දින දෙකක් ගතවන තුරු කෑමට පවා ඔවුන් එළියට පහළියට ආවේවත්, වේටරයකු කැඳවූයේ වත් නැත. තුන් වැනි දිනයේ ඔවුන්ගේ කාමරයේ සීනුව නාද වූයෙන් වේටර්වරයකු ඔවුන් කරා එළැඹ,

“මොනවද සර් ඕනෑ කරන්නේ?” යනුවෙන් විමසීය.

මනාලයා විමසුම් දෑසින් කුමාරි දෙස බැලීය.

“ඔයා දන්නවනෙ මං කැමැති මොනවටද කියල...”

“ඒක මං දන්නවා. ඒ වුණාට ළමයෝ අපි මොනවා හරි කන්නත් එපායැ” මනාලයා කීවේය.

එලාම් ඔරලෝසුව...

"ටයිම්පීස් ඔරලෝසුව නොතිබුණා නම් අද මට ඔෆීස් එන්න හොඳටම පරක්කු වෙනවා" එදින කාර්යාලයේ යතුරු රාජකාරිය භාර වූ මිත් කාර්යාලයේ ප්‍රධාන දොර විවෘත කරන තෙක් බලා සිටි ප්‍රියන්තට කීවේය.

"එහෙනං තමුසෙ ඊයෙ කිව්වේ, ටයිම්පීස් ඔරලෝසුව කැඩිලා, ඒක ඉක්මනට හදාගන්ඩ ඕනෙ කියල." ප්‍රියන්ත ඇසුවේ සෝපාහාසයෙනි.

"ඒක කැඩිලා තමයි. ඒත් අද උදේ අපේ මායියට තරහා ගිහින්, මං නිදා ඉන්න කොට ඒකෙන් මට දමල ගැහැව්වයින් හොඳට ගියා" සුමිත් කීවේ තට්ටය අතගාමිනි.