Sunday, January 9, 2011

ඇම්ඩාගේ ගාණ...

ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවා. එනකොට තාත්තා සාලෙ වාඩිවෙලා පත්තරයක් බල බල හිටියා. ඇම්ඩාගෙ මූණ ඒතරම් හොදනැති නිසා තාත්තා ඇම්ඩාගෙන් මෙහෙම ඇහුවා.

තාත්තා - මොකද උඹ අදත් ලෙඩක් දාගත්තද?
ඇම්ඩා - ටීචර් කිව්වා හෙට තාත්තව ඉස්කෝලෙට එක්කන් එන්න කියලා
තාත්තා - මම කිව්වේ.. මොකද්ද උඹ කරපු දහදුරා වැඩේ?
ඇම්ඩා - මගේ නෙමෙයි තාත්තේ වැරැද්ද... ටීචගෙ තමයි වැරැද්ද..
තාත්තා - ඔය ඔය.. ටීචලට පිස්සුද නිකං තාත්තලව ඉස්කොලෙට ගෙන්නන්න? මොකද්ද උඹ කලේ කියපන්..
ඇම්ඩා - ටීච මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, මම උත්තර දුන්නා.. එච්චරයි..
තාත්තා - උඹ දුන්න උත්තරේ වැරදියි?
ඇම්ඩා - නැහැ.. හරි..
තාත්තා - බොරු කියන්නෙපා, එහෙමත් ටීචලා හරි උත්තර කිව්වම දඩුවම් දෙනවද? හරි මොකද්ද අහපු ප්‍රශ්නෙ?
ඇම්ඩා - දෙකට තුනක් එකතු කලාම කීයද කියලා ඇහුවා
තාත්තා - හරි, උඹ මොකද්ද කිව්වේ?
ඇම්ඩා - පහයි කිව්වා.
තාත්තා - හරිනෙ, ඉතිං මොකද්ද ප්‍රශ්නෙ?
ඇම්ඩා - ටීච තව ප්‍රශ්නයක් ඇහුවා.
තාත්තා - ඒ මොකද්ද? උඹ ඒක වරද්දන්න ඇති.. කියපන් ඒක
ඇම්ඩා - තුනට දෙකක් එකතු කලාම කීයද ඇහුවා
තාත්තා - කලින් ඇහුවෙත් ඕකෙම අනිත් පැත්ත නේද බං? මොන **** ප්‍රශ්නයක්ද ඒක?
ඇම්ඩා - මමත් ටීචර්ගෙන් ඇහුවෙ ඕකම තමයි තාත්තේ, එතකොට තමයි තාත්තව එක්කගෙන එන්න කිව්වෙ.

මෙච්චරවෙලා කතාව අහගෙන හිටපු අම්මා දඩස් ගාලා බිම වැටුනා.

කරුවලට බයද?

“තාත්ති ඔයා කරුවලට ගොඩක් බයයි නේද?” කුඩා තිළිණි තම පියා වූ නවරත්න ගෙන් ඇසුවේ නිවෙසේ ආලින්දයේ සෙල්ලම් කරමින් සිටියදීය.

“නැහැ දුව. ඇයි ඔයා එහෙම ඇහැව්වේ?” නවරත්න ඇසුවේ, බලමින් සිටි පුවත්පත ඈත් කරමිනි.

“එහෙනං තාත්ති හැමදාම අම්මි ළඟ තුරුල්වෙලා නිදාගන්නෙ” කුඩා තිළිණි කට උල්කොට කීවාය.

වැඩිය ආදරේ කාටද?

"ඔයාගෙ හස්බන්ඩ් ඔයාට කොච්චර ආදරේද?" මාලා අල්ලපු ගෙදර සෝමා ගෙන් ඇසුවේ මිදුලේ කතා කරමින් සිටියදීය.

"ඇයි ඔයා එහෙම ඇහැව්වේ?" සෝමා එම පැනයට තම නොකැමැත්ත මුහුණෙන් පෙන්වමින් මාලාගෙන් ඇසුවාය.

"නෑ මට හිතුණා එයා මට වඩා ඔයාට ආදරේ ද කියල දැනගන්ඩ. ඒ මිසක් මම වැරදි දෙයක් ඇහුවා නෙමෙයි අනේ" මාලා කීවේ සිනාසෙමිනි.

බේරුණේ අනූනමයෙන්...

"ඊයෙ මහ රෑ මගේ ජීවිතේ බේරුණේ අනූනමයෙන්."අරුණ උදේ කාර්යාලයට පැමිණි සැණෙකින් ඉදිරි මේසය අසල වාඩිවී සිටි චම්පා හට කීවේය.
"ඇයි මොකද වුණේ?" චම්පා තමා සකස් කරමින් සිටි වැටුප් ලේඛනය පසෙක දමා විමසුවේ කුතුහලයෙනි.

"ඊයෙ මහ රෑ නිශාන්ති පයින් ඇනලා මට හදිසියෙම ඇහැරුණා. බලනකොට දොර මුල්ලෙ මොකක්දෝ සුදුපාටට වැනෙනවා. මම කොට්ටේ යට තිබුණු පිස්තෝලෙ අරගෙන කළුවරේම ඒ දිහාට වෙඩි තිබ්බා. ලයිට් එක දාලා බලන කොට ඒක දොරේ එල්ලලා තිබුණු මගෙ කමිසයක්" අරුණ කතාව හමාර කළේ සිනාසෙමිනි.

"ඉතින් ඇයි ඔයා බේරුණේ අනූනවයෙන් කියල කිව්වේ?" චම්පා නොසිඳුනු කුතුහලයෙන් විමසුවාය.

"ඇයි හලෝ ඒ වෙලේ මම ඒ කමිසෙ ඇඳගෙන එහෙම හිටියනං වෙඩිල්ල වදින්නෙ මට නෙ" අරුණ කීවේ ඇස් හකුලමිනි.

මොනවා වෙයිද???

"ඊයෙ රෑ හන්දියෙ පික්චර් හෝල් එකේ ඉංග්‍රීසි චිත්‍රපටයක් බලන්න ගිහින් අපේ ගෑනිට සිහිනැති වුණා මචං" රමේෂ් කාර්යාලයේ විදුලි සෝපානයේදී තමා සමඟ සේවය කරන කොට කරූ සමඟ කීවේය.
"තමුසෙට ඕක හොඳ පාඩමක්. ගෑනු උදවියව ඕනෙ නැති විගඩම් බලන්ඩ එක්ක යනවට." සාම්ප්‍රදායික මිනිසකු වූ කරූගේ පණ්ඩිත කතාවට රමේෂ්ට යකා නැග්ගේය.
"උඹ මේ බම්බුවක් කියවනවා. මම හිතා ඉන්නෙ අද රෑ ෂෝ එකට අපේ නැන්දම්මව එක්ක යන්න." රමේෂ් කීවේ තරහිනි.