Sunday, December 19, 2010

Who's Speaking?

අහ්...මෙන්ඩෝ...අළුත්ම අළුත් Who's Speaking??? තොගයක් දැම්මෝ...

උණු උණු Who's Speaking??? අහන්න >> මෙතන කොටන්න <<

Saturday, December 11, 2010

යාන්තම් ඇති...

කෞතුකාගාරය තුළ යමක්‌ උස්‌ හඬක්‌ නගමින් බිමට වැටෙන ශබ්දය ඇසීමෙන් කලබලයට පත් සියලු දෙනාම ඒ දෙසට දිව ගියහ. කෞතුකාගාරයේ කාර්ය භාර නිලධාරියාද ඒ අතර විය. කෞතුකාගාරය නැරඹීමට පැමිණි අයෙකු මේසයක හැපීම නිසා ඒ මත තිබූ යෝධ මල් බඳුනක්‌ බිමට වැටී කැබෙලි බවට පත්ව තිබුණි.

"දෙයියනේ... ඔහේ මේ කඩල තියෙන්නෙ අවුරුදු පන්සියයකටත් වඩා පැරණි බඳුනක්‌ නෙ." කාර්යභාර නිලධාරියා මේසයේ හැපුණු තැනැත්තා දෙස බලමින් පැවසුවේ.

කාර්යභාර නිලධාරියා දෙස බලා මද සිනහවක්‌ පෑ ඔහු මෙසේ පවසමින් යන්නට ගියේය.

"යාන්තම් ඇති... මම හිතුවෙ ඒක අලුත් එකක්‌ කියල..."

ගාන වැඩියි...

නඩුවක්‌ සම්බන්ධයෙන් උපදෙස්‌ ලබාගැනීම සඳහා මැදිවියේ පුද්ගලයෙක්‌ නීතිඥවරයෙකු හමුවීමට ගියේය.

"ඔබේ ගාස්‌තුව කියද" ඔහු නීතිඥවරයාගෙන් ඇසුවේය."

"ප්‍රශ්න තුනකට රුපියල් 5000 යි. නීතිඥවරයා පිළිතුරු දුන්නේය.

"ඒ ගාන වැඩි නැද්ද" ඔහු නීතිඥයාගෙන් ඇසුවේය.

"ඔව්. ඒක එහෙම තමයි. ඔහේගෙ තුන්වැනි ප්‍රශ්නය මොකද්ද? නීතිඥවරයා උස්‌ හඬින් ඇසුවේය.

මහදිග කතාව...

සිය සේවකයන් වෙනුවෙන් රැස්‌වීමක්‌ කැඳවූ එක්‌තරා සමාගමක සාමාන්‍යාධිකාරිවරයෙක්‌ ඒ සඳහා විනාඩි විස්‌සක කතාවක්‌ ලියා දෙන ලෙස සමාගමේ ප්‍රධාන ලිපිකරුගෙන් ඉල්ලා සිටියේය.

යොදාගත් පරිදි සාමාන්‍යාධිකාරීවරයා සිය කතාව කරගෙන ගියේය.

ටික වේලාවක්‌ ගත වන විට රැස්‌වීම් ශාලාවේ සිටි පිරිසෙන් හරි අඩක්‌ පමණ පිටවී ගියහ.

කෝපයට පත් සාමාන්‍යාධිකාරිවරයා ප්‍රධාන ලිපිකරුගෙන් මෙසේ ඇසුවේය.

"තමුසේ හරි මිනිහෙක්‌නෙ. මම තමුසෙට කිව්වෙ විනාඩි විස්‌සක කතාවක්‌ ලියල දෙන්ඩ කියල... තමුසෙ මට පැයක කතාවක්‌ ලියල දීලා...

"නෑ... නෑ... සර්. මම ලියල දුන්නෙ විනාඩි විස්‌සක කතාවක්‌ තමයි. සර් කිව්වෙ ඒ කතාවෙ පිටපත් දෙකකුත් දෙන්න කියල..." ප්‍රධාන ලිපිකරු පිළිතුරු දුන්නේය.

නරක වෙලාව

දවස පුරා සිය කුලී රථය පදවා දැඩි ලෙස වෙහෙසට පත් රියෑදුරෙකු වීදියේ කෙළවර ගසක්‌ යට රිය නතර කළේ සුළු වේලාවක්‌ හෝ නිදාගැනීමේ අදහසිනි.

ටික වේලාවකට පසු යම්කිසිවකු පැමිණ මෝටර් රථයට තට්‌ටු කිරීමට පටන් ගත්තේය. එම හඬින් අවදිවූ රියෑදුරා.

"මොකද? කියා ඔහුගෙන් ඇසුවේය.

"කරුණාකරල මට වේලාව කීයද කියනවද?"

"8.10 යි" ඔහු පිළිතුරු දුන්නේය.

දෑස්‌ පියෑවීගෙන එද්දී තවත් පුද්ගලයකු පැමිණ මෝටර් රථයේ දොරට තට්‌ටු කරන හඬක්‌ ඇසුණි.

"කරුණාකරල වෙලාව කීයද කියල කියනවද?" දෙවැන්නාත් එම ප්‍රශ්නයම ඇසුවේය.

"8.20" යි. ඔහු එසේ පිළිතුරු දී අත් ඔරලෝසුවද ගලවා පසෙක තබා කොළයක්‌ ගෙන මෙසේ ලියා මෝටර් රථයේ වීදුරුවේ ඇලෙව්වේය.

"මා ළඟ ඔරලෝසුවක්‌ නැත."

ගතවූයේ නිමේෂයකි. යළිත් යම්කිසිවෙකු මෝටර් රථයට තට්‌ටු කරන හඬක්‌ ඇසුණි.

කෝපයට පත් රියෑදුරා "මොකද?" කියා උස්‌ හඬින් ඇසුවේය.

"වෙලාව 8.30 යි." තුන්වැන්නා එසේ පවසමින් යන්නට ගියේය.

ඊයේ තිබුණෙ නෑ...

ජපන් ජාතිකයෙක්‌ ලන්ඩන් නගරයේ සංචාරයක්‌ සඳහා පැමිණියේය.

සංචාරය සඳහා ඔහු මෝටර් රථයක්‌ කුලියට ගත්තේය.

නගරයේ මද දුරක්‌ යන විට තට්‌ටු තුනක ගොඩනැගිල්ලක්‌ දුටු සංචාරකයා රියෑදුරාගෙන් මෙසේ ඇසුවේය.

මේ ගොඩනැගිල්ල හදන්න කොච්චර කාලයක්‌ ගතවෙලා තියෙනවද?

"අර පුවරුවේ සඳහන් කරල තියෙන්නෙ... 1998-2008 කියල.

"අපොයි එච්චර කාලයක්‌ වැඩියි" සංචාරකයා පැවසුවේය.

ටික දුරක්‌ යන විට යෝධ පාලමක්‌ හමුවිය.

මේ පාලම හදන්න කොච්චර කාලයක්‌ ගත වුනාද?" සංචාරකයා රියෑදුරාගෙන් විමසූවේය.

ඒක හදන්ඩ අවුරුදු දොළහක්‌ ගතවෙලා තියෙනවා.

"මයි ගෝඩ් - හොඳටම වැඩියි" සංචාරකයා මිමිණුවේය.

පාලම පසුකරනවාත් සමගම තට්‌ටු හතක සුවිසල් ගොඩනැගිල්ලක්‌ දිස්‌විය.

"මේ ගොඩනැගිල්ල හදන්ඩ කොච්චර කාලයක්‌ ගතවෙලා තියෙනවද?"

"මේක මෙතැන ඊයේ තිබුණෙ නෑ... රියෑදුරා උස්‌ හඬින් පැවසුවේය.

අපූරු පිළිතුර

ඉමහත් සමාජ සේවයක්‌ ඉටු කරනු ලබන පුණ්‍ය වර්ධන සමිතියට නගරයේ ප්‍රධාන පෙළේ නීතිඥවරයකුගෙන් කිසිදු ආධාරයක්‌ ලැබුණේ නැත.

දිනක්‌ එකී සමිතියේ සභාපතිවරයා මෙම නීතිඥවරයා හමුවීමට ගොස්‌ මේ පිළිබඳව විමසා සිටියේය.

"ඔබට අවුරුද්දකට රුපියල් දස ලක්‌ෂයක පමණ ආදායමක්‌ ලැබෙන බැව් ආදායම් බදු වාර්තාවල සඳහන් වෙනවා. නමුත් ඔබ මේ දක්‌වා අපේ පුණ්‍යවර්ධන සමිතියට කිසිම ආධාරයක්‌ කර නැහැ. ඔබ මහජනයාට උදව් කරන්න කැමැති නැද්ද."

"මගේ මවට අසනීප බව ඔබ දන්නවාද? ඇයට මසකට බෙහෙත් සඳහා විශාල මුදලක්‌ වැය වෙනවා. ඒ විතරක්‌යෑ මගෙ අයියා අන්ධයි. ඔහුට රැකියාවකුත් නැහැ. එච්චර නම් බැරියා... මගෙ නංගිගෙ මහත්තයා මැරිලා ඇයට ළමයි තුන්දෙනෙකුත් ඉන්නවා.ඉතින් ඒ අයටවත් සළකන්නෙ නැති මම කොහොමද ඔහේලගෙ පුණ්‍යවර්ධන සමිතියට ආධාර කරන්නෙ???"නීතිඥවරයා කියාගෙන ගියේය

තව නවයයි!!!

අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගියෙකු පරීක්‌ෂාකර බැලීම සඳහා වෛද්‍යවරයකු ගියේය.

රෝගියා පරීක්‌ෂා කිරීමෙන් පසු වෛද්‍යවරයා මෙසේ පැවසීය.

"ඔබට ජීවත්වීමට ඇත්තේ තව දහයයි."

"දහය මොනවද? අවුරුදු ද මාසද, දවස්‌ද, පැයද නැත්නම් විනාඩිද?" රෝගියා ඇසුවේය.

"තව නවයයි." වෛද්‍යවරයා ඇඟට පතට නොදැනී පිළිතුරු දුන්නේය.

අපූරු පුස්‌තකාලේ!

තම මිතුරු නිමල් සිය නිවසේ වටිනා පුස්‌තකාලයක්‌ පවත්වාගෙන යන බැව් දැනගත් කමල් දිනක්‌ එහි ගියේය.
පුස්‌තකාලයේ පොත්පත් පරීක්‌ෂාකර බැලූ කමල් මිතුරාගෙන් මෙවැනි ඉල්ලීමක්‌ කළේය.

"මම මේකෙන් එක පොතක්‌ අරන් යන්නද? බලල ගේන්නම්."

"තරහ වෙන්ඩ එපා. ඒක නම් කරන්ඩ බෑ... ඔහොම අරන් ආපු පොත්වලින් තමයි මම මේ පුස්‌තකාලෙ හැදුවෙ..." නිමල් කියාගෙන ගියේය.

Sunday, December 5, 2010

ගෑනු ගතිය

"අපේ අමිතා ගෙ ඔළුවට අදහසක් ආවොත් මැරුවත් ඒක වෙනස් කරන ගෑනියෙක් නෙමෙයි එයා." කරුණාසේන තම මිතුරු දාබරේ හා කීවේ තම දියණියගේ විවාහය නිමිත්තෙන් පැවති සාදයේ දී ය.

"අයිසේ කරු, තමුසෙ ගෑනුන්ව හරියට අඳුරන්නෙ නැති පාටයි. අමිතා මොකක් හරි අදහසක් එළියට දැම්ම ගමන් තමුසෙ පටස් ගාලා ඒකට එකඟ වෙලා බලනවා. ගෑනි එක පාරටම ඒ අදහස වෙනස් කරාවි." ස්ත්‍රී සොඬකු වූ දාබරේ කීවේ සිනාසෙමිනි.


සිංහල බබෙක්

උදිතා පේ‍්‍රමපාල ව කසාද බැන්දෙ එංගලන්තෙ යන්ඩ ඔන්න මෙන්න කියල. ලන්ඩන් නුවර වාසය අරඹලා අවුරුදු පහක් ඉක්ම ගියත් උදිතාට දරුවෙක් ලැබෙන පාටක් නැහැ. උදිතා වගේම පේ‍්‍රමපාලත් දරු පැටියෙකු ගෙ මූණ බලන්ඩ බොහොම ආසාවෙන් හිටියෙ.
අන්තිමේදී උදිතා ලන්ඩන් නුවර ප්‍රසිද්ධ ස්ත්‍රී රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයෙක් ව මුණ ගැසුණා. දොස්තර උදිත ගෙ කථාව අහගෙන හිටියේ කිසිම තෙත් ගතියක් නැතුව කිසිදු කරුණාවක් නොපෙන්වා, දොස්තර මහතා උදිතාට මෙහෙම කිව්වා.

"ගලවනවා ඔය ඇඳුම්. දැන් දිගාවෙනවා ඔය ඇඳ උඩින්."

උදිතා තිගැස්සුණා. ඈ ටිකක් අදිමදි කරමින්, බයෙන් වගෙ දොස්තරට මෙහෙම කිව්වා.

"අනේ ඩොක්ටර්, මට ඕනෑ කරල තියෙන්නෙ සිංහල බබෙක්."


ඔය විදියට තමයි

පොලිස් නිලධාරියකු වූ අරුණ පාසල් සමයේ පටන්ම දිනපතා සිරුර වඩවා ගැනීමේ ව්‍යායාම කළ, කරාටේ සටන් ක්‍රම ප්‍රගුණ කළ, බෲස් ලී හට තද ඇල්මක් දැක්වූ අයෙකි.

දිනක් සේවය අවසන් වී බොරැල්ල හන්දියට පැමිණි හෙතෙම බාබර් සාප්පුවකට ගොඩ වීය.

"බෲස් ලී ගෙ විදියට මගෙ කොන්ඩේ කපන්න ඕනෙ." අරුණ බාබර් දෙස කණ්ණාඩියෙන් බලමින් කීවේ සුදු රෙද්දක් තම සිරුරේ ඉදිරිපස දමමින් බාබර් කොණ්ඩය කැපීමට සැරසෙද්දී ය.

කොණ්ඩය කපා අවසාන වූ පසු නැගිට මදක් ඉදිරිපසට නැමී කණ්ණාඩියෙන් තම හිස පිරික්සු අරුණ මුහුණ ඇඹුල් කර ගෙන බාබර් දෙස බලා කෝපයෙන් මෙසේ කීය.

"අයියෙ බෲස් ලී කොන්ඩේ කපන්නෙ මේ විදියට නෙමෙයි නෙ."

"මොකද මහත්තයා නැත්තෙ? බෲස් ලී මෙහාට ආවොත් අපි එයාගෙ කොණ්ඩෙ කපන්නෙත් ඔය විදියට තමයි." බාබර් කීය.

ආදරේට අදින ඇදුම

හැන්දෑවෙ 5ට විතර ෂොපින් ගියපු නැන්දම්ම පුතා ගෙදර ඇවිත් ඇති කියල හිතාගෙන යන ගමන් පුතාගෙ ගෙදර පැත්තට කාරෙක හැරෙව්වා.ඉතින් දොරේ බෙල් එක එහෙම ගහල පුරුදු විදියට දොර ඇරගෙන ඇතුලට යනකොට මෙන්න බොලේ ලේලි පොඩ්ඩ ඇඟේ නූල් පොටක් නැතුව දොර මුල්ලෙ
“ඇයි හත්තිලව්වෙ මොකක්ද මේ කරන්නේ?” නැන්දම්ම ඇහුව
“අ….අ…………අ…නේ…නෑ අම්මේ මම මේ අරය වැඩ ඉවර වෙලා ගෙදර එනකම් ඉන්නෙ….”
“හරි බන් මම දන්නව එත් මොකෝ මේ ඇගේ නූල් පොටක් නැතුව??”.නැන්දම්මා ආයෙත් ඇහුවා.
“මේ මගේ ආදරේට අදින ඇදුම අම්මේ” ලේලි බයෙනුයි..ලැජ්ජාවෙනුයි ඇඹරි ඇඹරි හිමිහිට කිව්වලු.
“ආදර ඇදුම?ඇයි යකො උඹ පොට්ට වෙලාද උඹ මේ උපන් ඇඳුමෙන්නෙ ඉන්නේ යොදියේ??????” ප්‍රශ්න කෝටියයි.
“ඔව් අම්මෙ, එත් එයා කැමතී මම මේ ඇදුම ඇදන් ඉන්නවට…..” කියපු ලේලි පොඩ්ඩ,
“අනේ අම්මෙ මම මේ වැඩකාරිත් ගමේ යවල බොහෝම අමාරුවෙන් තමයි මේ ඇදුම ඇද ගත්තේ,තව ටිකකින් එයා ගෙදර එයි අම්මා තරහ නැතුව වෙන දවසක එනවද?” කියල ආයෙත් අමාරුවෙන් කියගත්තා..
“අනේ උඹලගෙ මනමාලකම්, හා හා ඕන දෙයක් එහෙනම් මෙන්න මම ගියා” කියල නැන්දම්ම ගෙදර එන්න ආවලු.

ගෙදර යන ගමන් දැන් ගෑනිගෙ කල්පනාවම තමන්ගෙ ලේලි පොඩ්ඩගෙ ආදර බර ඇදුම ගැනමලු.ගෙදර ගියාම ගෑනිටත් ගණ දෙවි නුවණ පහලවෙලා නාල කරල, ලග තියෙන සුවදම සෙන්ට් කුප්පිය අරන් ඇගේ හැමතැනටම ඉහගෙන,පවුඩර් තලියකුත් මුනෙ උලාගෙන දොර මුල්ලට වෙලා ලේලිගෙ ඇඳුම් ඇඳන් හිටියා තමන්ගෙ මනුස්සය එනකම් ලේලිට පින් දිදී…
ඉතින් ඔහොම ඉන්නකොට ඔන්න වයසක මාමන්ඩියත් වැඩ ඉවර වෙල ගෙදර ඇවිත් ගෙට ඇතුල් වෙනකොටම,ගෑනි ඇඟේ නූල් පොටක් නැතුව මිනිහ ඉස්සරහට පැන්නලු.
“හත්වලාමයි මොකෝ බන් හාමිනේ මේ රෙදි ගලෝගෙන?” මාමන්ඩිය අහපි
“අනේ මොනාද අනේ,මේ තමයි මගේ ආදර ඇදුම…”
ආයෙත් පාරක් තමන්ගෙ ගෑනි දිහා බලලා කින්ඩියට හිනාවක් දාල “ඉස්තිරික්ක කොරේ නැතෙයි??” කියපු මාමන්ඩිය හිමිහිට මාරු උනාලු…

නඩුව

එක්තරා පුද්ගලයෙකු තමන්ට අසභ්‍යවචනයෙන් බැනවැදුන බව කියමින් පුද්ගලයෙකුට විරුද්ධව නඩුවක් පවරා තිබුණි එම නඩුව විභාගවන දින පැමිණි පුද්ගලයා හා නඩුකාරවරයා අතර ඇතිවූ සංවාදය මෙසේය..

නඩුකාර තුමා- දැන් යුශ්මතාට විත්තිකරු කියපු අසභ්‍ය වචන මොනවද?

පැමිණිලිකරු- ස්වාමීණි! විත්තිකරු මට බැන්නෙ 'තමුසෙ" කියල

නඩුකාර තුමා- තමුසෙ? ඉතින් අයිසේ, ඕක නඩුදාන්න දෙයක්ද ? "තමුසෙ" කියන්නෙ හොඳ සිංහල වචනයක්නේ තමුසෙ කියන්නෙ "තමුන් වහන්සෙ" කියන එක කෙටි කරල නේ.මේ නඩුව ඉල්ලා අස්කරගෙන සාමාදාන වෙනව!

පැමිණිලිකරු- (නඩුකාර තුමා දෙසට හැරී) හරි තමුසෙ කියනව නම් මම එහෙම කරන්නම්.