Monday, April 18, 2011

මුලකුරු...

ඔන්න ඉතින් දවසක් ව් ජ මු මහත්තය ගියාලු ස්කෝලෙකට සිංහල බස ගැන කියල දෙන්න ,පටන් ගත්තේ අපි මේ කතා කරන මුලකුරු scene 1න්
ඔන්න ඉතින් දේශනය පටන් ගත්ත
ව් ජ මු: ලමයා ඔයාගේ නම කියන්න .
ළමය : "මම L. B. රත්නායක ".
ව් ජ මු : පුතා L. B. කියන්නේ මොකද්ද ?.
ළමය : ලොකු බණ්ඩා.
ව් ජ මු : මීට පස්සේ ඔයා L.B. රත්නායක නෙමෙයි , ඔයා ලො. බ. රත්නායක
ඔන්න ගිය ඊලග ළමය ලගට
ව් ජ මු : පුතා කියන්න ඔයාගේ සම්පූර්ණ නම .
2වෙනි ළමය : මගේ නම පුලස්ති කන්කානම්ගේ කපිල ලුචාස් ෆර්නැන්ඩෝ
ව් ජ මු : පුතා , අද ඉඳල ඔයාගේ නම . පු . ක. ක. ලු. ෆර්නැන්ඩෝ.
ඊලග එකා ව් ජ මු කතා කරන්නත් කලින් නැගිට්ට
3 ළමය : සර් මගේ නම K. N. අබේරත්න . K කියන්න "කුමුදු ", N කියන්නේ "නුවන් ". කුමුදු නුවන් අබේරත්න
ව් ජ මු: බොහොම හොදයි පුතා, මීට පස්සේ ඔයා කු නු අබේරත්න
.ඔන්න මේක අස්සේ 1 කොල්ලෙක් අඩනවා , ව් ජ මු ඉතින් ඇහුව මුගේ නම
අඩන බබා :සර් මගේ නම යසිත කෝසල මාරසිංහ .යාලුවෝ මීට පස්සේ ! මට කියවී ය කෝ මාරසිංහ කියල .
ඔන්න ඉතින් ඔහොම පන්තියේ හිටපු හැමෝගෙම නම හෙළුවෙන් ලිව්වා ,එකා සැරේම ව් ජ මු දැක්ක පන්ති බාර ගුරුතුමිය
ව් ජ මු : ආහ්හ් , ගුරුතුමිය ගේ නම අහන්න බැරිවුණා නේ .
ගුරුතුමිය : H. K. M. D. සිරියාවතී .
ව් ජ මු : නැහැ , එහෙම නෙවෙයි , සම්පූර්ණ නම කියන්න .
ගුරුතුමිය : හුන්නස්ගිරිය කන්කනම් මුදියන්සේලගේ දමයන්ති සිරියාවතී .
ඔන්න ඉතින් , ව් ජ මු ත් විනාඩි 2 ක් විතර කල්පනා කරලා කිව්වා
"ගුරුතුමිගේ නම පරණ විදියට තියමු "....කියල