Sunday, July 25, 2010

එතකොට අම්මා..?

"මොකද අම්මේ තාත්තගෙ ඔළුවේ කෙස් නැත්තෙ?" කුඩා මංජුල තම මවගෙන් ඇසුවේ කුතුහලයෙනි.

"ඒ, තාත්තා හුඟාක් හිතලා මතලා වැඩකරන, බොහොම බුද්ධිමත් කෙනෙක් හින්දනෙ පුතේ." මව පිළිතුරු දුන්නාය.

"එහෙනං අම්මගෙ ඔළුවෙ හුඟාක් කෙස් තියෙන්නෙ." මංජුල මවගේ හිස වෙතට ඇඟිල්ලක් දිගු කරමින් ඇසුවේය.

"මේ උඹ මගෙන් මුකුත් අහන්නෙ නැතුව ගිහින් පොතක් පතක් බලාගනිං." මව කෝපයෙන් මංජුලට කඩා පැන්නාය

Saturday, July 24, 2010

මහත්තයා දන්නවද?

දුම්පානය කරන්නන් දකින විට කෝපයට පත්වන, එමෙන්ම ඊට වහා ප්‍රතිචාර දක්වන එක් කාන්තාවක් දිනක් පාරේ ගමන් කරමින් සිටියාය. බස් නැවතුම් පළක කණුවකට හේත්තු වී බොහෝ සැහැල්ලු ආකාරයෙන් දුම්වැටියක් උරන තරුණයකු දැක කෝපයට පත් ඇය ඔහු අසලට ගොස් ආවේගශීලීව මෙසේ ඇසුවාය.

"තමුසෙගෙ අම්මා දන්නවද තමුසෙ ඔය විදියට සිගරට් බොනවයි කියල?"

"ඔය නෝනගෙ මහත්තයා දන්නවද ඔහේ මහ පාරෙදි හම්බුවෙන නන්නාදුනන ඉලන්දාරිත් එක්ක පැටලෙන්න යනවයි කියල." තරුණයා පෙරළා ඇසුවේය.


උපුටා ගැනීම : සිළුමිණ

ගෙවන්නෙ මොකටද?

ප්‍රේමදාස රෙදි සාප්පුවකට ගොඩ වැදුණේ කලිසමක් මිලදී ගන්නා අදහසිනි. කලිසම් තොගයක්ම පෙරළා බලා තමාට ගැළපෙන කලිසමක් තෝරා ගෙන හැරී බලද්දී එහා පැත්තේ තිබුණු කමිස තොගයක් දැක කලිසම ආපසු දමා, ඉන් කමිසයක් තෝරා ගෙන සාප්පුවෙන් එළියට පැමිණියේය.

ඔහු පසුපස හඹා ආ ආරක්‍ෂක නිලධාරියෙක්, "මහත්තයා පොඩ්ඩක් ඉන්න. ඔහේ මේ කමිසෙට ගෙව්වෙ නැහැ නේද?" යයි ඇසුවේය.

"ඇයි මං කමිසෙට හරියන්න කලිසමක් දාලා ආවනෙ." ප්‍රේමදාස කීය.

"ඒ වුණාට මහත්තයා ඒ කලිසමට ගෙව්වෙත් නැහැනෙ."

ආරක්‍ෂක නිලධාරියා තවත් පැනයක් නැගීය.

"මට ඕනෙ නැති කලිසමකට මං ගෙවන්නෙ මොකටද හලෝ."යනුවෙන් කී ප්‍රේමදාස යන්නට හැරුණේය.


උපුටා ගැනීම : සිළුමිණ

එහෙම වුණා නං

"ඔයා දන්නවද වැඩක්.මම අද උදේ තිබුණු රැස්වීමට ගිහින්, වේදිකාවට නැඟලා,
"නෝනාවරුනි, මහත්වරුනි, මම තමා ඔබේ අලුත් කෘෂිකර්ම ඇමැතිවරයා" කියලා කිව්වා විතරයි, එතන හිටිය මිනිස්සු මට කුණු වෙච්ච තක්කලි, කෙසෙල් ගෙඩි, බිත්තර වගෙ දේවල්වලින් ගහන්ඩ පටන් ගත්තනෙ.මම බොහොම අමාරුවෙන් බේරිලා ආවේ. ඒ එන ගමන් මට හිතුණා මම කොයි තරම් වාසනාවන්තයෙක් ද කියලා." නව ඇමැතිවරයා නිල නිවසේ පෝටිකෝවේදී තම බිරිඳට එසේ කීවේ රථයෙන් බසිමිනි.

"ඉතින් මොකක්ද ඒකෙ තියෙන වාසනාව?"

ඇමැති බිරිඳ ඇසුවේ පුදුමයටත් වඩා කෝපයෙනි.
"වාසනාව...? ඇයි මෝඩියේ, මම කර්මාන්ත ඇමැතිවරයා වුණා නං එහෙම?"

ඇමැතිතුමා කීවේ කටපුරා සිනාසෙමිනි.

උපුටා ගැනීම : සිළුමිණ

Friday, July 23, 2010

දොස්තරගේ විවේක කාමරය

"ඔබ ආවේ ඇයි?" කියා දොස්තරගේ කාර්යාලයේදී ඔවුහු සැම විටම අසති. කාරණාව කුමක්ද කියා ඔබට පිළිතුරු දීමට සිදුවන්නේ අනෙක් අය ඉදිරියේදීය. මෙය සමහර අවස්ථාවල රෝගියා ඉතාමත් අපහසුතාවයට මෙන්ම ලැජ්ජාවටද පත් කරවයි.
අනෙකුත් රෝගීන්ද තම වාරය එනතුරු රැඳී සිටින කාමරයක දොස්තරගේ පිළිගැනීම් නිලධාරිනිය ඔබේ රෝගය කුමක්දැයි ඇයට කියන ලෙසට බල කිරීම තරම් නරක තවත් දෙයක් නැත. බොහෝ දෙනා මෙය අත්දැක තිබෙනු නොඅනුමානය. මේ මහළු මිනිසා එහිදී ක්‍රියා කළ ආකාරය හරිම අපූරුය.

අවුරුදු 86ක් වයසැති පුද්ගලයෙක් සෙනඟ පිරුණු කාමරයට පිවිස මේසය වෙත ගියේය.

"ඔව් සර්! ඔබ අද දොස්තර හමුවෙන්නේ මොකටද?" කියා පිළිගැනීමේ නිලධාරිනිය විමසුවාය.

"මගේ පුරුෂ ලිංගයේ මොකක්දෝ දෝෂයක් තියෙනවා." මහළු පුද්ගලයා පිළිතුරු දුන්නේය.
මෙය ඇසූ සැණෙන් පිළිගැනීමේ නිලධාරිනිය කෝපයට පත් වූවාය.
"මෙවැනි සෙනඟ පිරුණු තැනකට ඇවිත් එවැනි දෙයක් කීම ඔබට වටින්නේ නැහැ" ඇය කියා සිටියාය.
"ඇයි නැත්තේ? ඔබ මගෙන් රෝගය කුමක්ද කියා ඇහුවා, මම කිව්වා" යැයි ඔහු කීවේය.
එවිට පිළිගැනීමේ නිලධාරිනිය මෙසේ පැවසුවාය.

"ඔබ දැන් මේ සෙනඟ පිරුණු කාමරයේදී මාව ලැජ්ජාවට පත් කර තියෙනවා. ඔබට කනේ හරි වෙන කොහේ හරි අමාරුවක් තියෙනවා කියලා මට කියන්න තිබුණා. ඊට පස්සෙ දොස්තර ළඟට ගිහින් පෞද්ගලිකව ඔබේ රෝගය ගැන සාකච්ඡා කරන්න තිබුණා."

"පිළිතුරෙන් ඔබ ලැජ්ජාවට පත් වුණා නම් අමුත්තන්ගෙන් පිරුණු කාමරයක ඔබ මිනිසුන්ගෙන් ප්‍රශ්න ඇසිය නොයුතුව තිබුණා" කියූ මහලු පුද්ගලයා එතැනින් පිටව ගියේය. මිනිත්තු කිහිපයකින් පසුව යළි පැමිණියේය.
පිළිගැනීමේ නිලධාරිනිය සිනාමුසුව "ඔව්!" කීවාය.

"මගේ කනේ මොකක්දෝ වැරැද්දක් තියෙනවා" මහළු පුද්ගලයා කීවේය.

හිස වනමින් ඔහු පිළිගත් ඇය ඔහු තමාගේ උපදෙස් අනුගමනය කරනු දැකීමෙන් ආඩම්බරයට පත් වූවාය. පෙර සිනාවෙන් ම
"ඔබේ කනේ තිබෙන වැරැද්ද මොකක්ද සර්?" කියා ප්‍රශ්න කළාය.

"මට ඒකෙන් මුත්‍රා කරන්න බැහැ" යැයි මහලු පුද්ගලයා පිළිතුරු දුන් විට මුළු කාමරයම සිනා හඬින් පිරී ගියේය.

ලන්තෑරුම

දුම්රිය හරස් පාරක ඉතාමත් දරුණු අනතුරක් සිදුවිය. දුම්රිය කාරයක් සමඟ ගැටුණේය. කිසිවෙක් මරුමුවට පත් නොවූවද කාරයේ රියැදුරු දුම්රිය කොම්පැණිය උසාවියට ගෙන ආවේය.

නඩු විභාගයේදී, දුම්රිය ඉංජිනේරුවා අවධාරණය කර සිටියේ තමා මිනිත්තුවකට ආසන්න කාලයක් තමාගේ ලන්තෑරුම ඉස්සරහටත් පස්සටත් වනමින් දුම්රිය රියැදුරුට ගොඩක් වේලාවක සිට අනතුරු ඇඟවූ බවය.
ඔහුගේ කතාව පිළිගත් උසාවිය නඩුව ඉවත දැමුවේය.

"මගේ සුබ පැතුම්" විත්තියේ නීතිඥවරයා උසාවියෙන් පිටව යද්දී ඉංජිනේරුවරයාට කීවේය. "හරස් ප්‍රශ්න ඇසීමේදී ඔබ ඉතාමත් ම බුද්ධිමත්ව පිළිතුරු දුන්නා."

"ස්තූතියි!" ඉංජිනේරුවරයා පිළිතුරු දුන්නේය. "නමුත්, පැමිණිල්ලේ නීතිඥවරයා මාව දැන් දැන් කොටු කර ගනීවි කියා මම හරිම අප්සෙට් එකෙනුයි හිටියේ."

"එහෙම වෙන්නේ කොහොමද?" නීතිඥවරයා ඇසීය.

"ඒ වැඩකට නැති ලන්තෑරුම ඒ වෙලාවේ පත්තු වෙලා තිබුණාද? කියල කොයි වෙලාවක හරි එයා මගෙන් අහයිද කියලා හරි බයෙනුයි මම හිටියේ."

නීතිඥවරයාගේ රිය අනතුර

අලුත් කාරයක් මිලදී ගත් නීතිඥවරයෙක් එය තම මිතුරන්ට පෙන්නා උදම් ඇනීමේ දැඩි ආශාවකින් පෙළෙමින් සිටියේය. දිනෙක ඔහු කාරය මහමග නතර කරගෙන සිටියදී වේගයෙන් පැමිණි ලොරියක් රියැදුරු අසුන පැත්තේ ඔහු සිටගෙන සිටිද්දී දොරත් කඩාගෙන ගියේය.

"අයියෝ...!" යනුවෙන් ඔහු කෑගැසුවේ කොතරම් දක්‍ෂ මෙකැනික්වරයකුට වුවද දොර තිබූ පරිදිම යළි සවිකිරීමට නොහැකි බව ඔහු ඉඳුරාම දැන සිටි නිසාවෙනි.

මේ අතර පොලිස් භටයෙක් එහි පැමිණෙනු දුටු නීතිඥවරයා ඔහු වෙත දිව ගොස් මෙසේ කීවේය. "මගේ ජගුවර් කාරයේ දොර කව්දෝ මෝඩ රියදුරෙක් මේ දැන් කැඩුවා!"

"ඔබ නීතිඥයෙක් නේද?" පොලිස් භටයා ඇසුවේය.

"ඔව්, මම නීතිඥයෙක් තමයි. නමුත් ඒකෙයි මගේ කාර් එකෙයි තියෙන සම්බන්ධය මොකද්ද?" නීතිඥවරයා පිළිතුරු දුන්නේ ය.

එවිට පොලිස් භටයා මෙසේ කීවේය. "නීතිඥවරු හැම තිස්සෙම තමන්ගේ බඩු භාණ්ඩ ගැන විතරයි අවධානය යොමු කරන්නේ. ඔට්ටුයි ඔබ තවම දන්නේ නැහැ ඔබේ වම් අත නැති වෙලා කියලා. එහෙම නේද?"
නීතිඥවරයා ඔහුගේ වම් පැත්ත බලා මෙසේ මොර දුන්නේ ය.

"අයියෝ! මගේ රොලෙක්ස් ඔරලෝසුව."

Thursday, July 22, 2010

හැම තැනම වැඩ කරන බාර් කීපර්

අවන්හලක සිටි එක් පුද්ගලයෙක් හොඳට ම වෙරි වී සිටියේය. බාර්කීපර්ට ඒ බව දැනිණි. එබැවින් ඔහු තවත් බීර වීදුරුවක් ඉල්ලා සිටි විට ඔහුට තවත් මත්පැන් දීමට තරම් ඔහු හොඳ සිහියෙන් නැති බව බාර්කීපර් නිහතමානීව කියා සිටියේය. පුද්ගලයා එතැනින් පිටව ගියේය.

අවන්හලේ පැත්තකින් තිබුණු දොරෙන් ඇතුළු වූ ඔහු බාර්කීපර්ගෙන් බීර වීදුරුවක් ඉල්ලා සිටියේය. මඳක් කලකිරුණු බාර් කීපර් ඔහු කලින් දුන් පිළිතුර ම නැවත කීවේය. පුද්ගලයා පිටව ගියේය.

අවන්හලේ අනෙක් පැත්තේ දොරෙන් නැවතත් ඇතුළු වූ බීමත් පුද්ගලයා බාර් කීපර් වෙත පැමිණ බීර වීදුරුවක් ඉල්ලා සිටියේය.
බාර්කීපර්ට තරහ ගියේය. ඔහු ඉතාමත් ම බීමත්ව සිටින බැවින් අවන්හල අතහැර දමා වාහනයක් ගෙන නිවෙසට යන ලෙසට බාර් කීපර් එම පුද්ගලයාට අවවාද කළේය. ඔහු පිටව ගියේය.

නැවතත්, අවන්හලේ පිටුපස දොරෙන් ඇතුළු වූ එම පුද්ගලයා බාර්කීපර් වෙත පැමිණියේය. ඔහු වචනයක් හෝ කතා කිරීමට පෙර බාර්කීපර්ට යකා නැංගේය. “මම දැන් කලිනුත් කියල තියෙනවා තමුසෙට හොඳටම වෙරි කියලා. තමුසෙට තවත් බියර් දෙන්නේ නැහැ. වහාම මගේ බාර් එකෙන් පිටවෙලා පලයන්” බාර්කීපර් කෝපයෙන් කෑගැසුවේය.

බලවත් අමනාපයට පත් වූ බීමත් පුද්ගලයා ද බාර්කීපර් දෙස බලමින් මෙසේ කෑගැසීය. "තමුසෙ බාර් කීයක වැඩ කරනවාද ඕයි???"

මළ ගෙදර

ප්‍රේක්‍ෂකයෙක්‌ පාපන්දු තරගයක්‌ නරඹමින් සිටියේ ලු. ඔහුට යාබද අසුන හිස්‌ව තිබුණේ ලු.

"එහා ආසනය හිස්‌ නේද? ඒක කාගෙද?" යි තවත් ප්‍රේක්‍ෂකයෙක්‌ විමසුවේ ලු.

"ඔව්. ඒක හිස්‌ තමයි. ඒක මගේ නෝනගේ"

"නෝනා එන්නෙ නැද්ද?"

"නැහැ. එයා අද උදේ මැරුණා!"

"ඉතින් එම ආසනය ඥතියෙකුටවත් දෙන්න තිබුණානේ"

"ඒ ඔක්‌කොම මළ ගෙදර ගිහින්"

වඳුරා...

එක් පුද්ගලයෙක් අවන්හලට ගොඩවූයේ වඳුරෙකු ද සමඟය. මත්පැන් ඇණවුම් කළ ඔහු එය පානය කරමින් සිටියදී වඳුරා සෑම තැනම දුවන්න පනින්න පටන් ගත්තේය. බාර් කවුන්ටරයේ තිබූ ඔලිව්ස් ගෙඩි කිහිපයක් ඩැහැගත් වඳුරා එය ගිල දැමුවේය. ඉන්පසු එතැන තිබූ දෙහි පෙති කිහිපයක් කෑවේය.

අනතුරුව කුඩා බිලියඩ් මේසය මතට පැන්න වඳුරා එහි තිබූ බෝලයක් ඩැහැගෙන එය උගේ කටට ඇතුළු කර ඉන්පසුව එය සම්පූර්ණයෙන් ම ගිල දැමුවේය.

බාර් කීපර් පුද්ගලයාට කෑගැසුවේය. "ඔබ දැක්කද ඔබේ වඳුරා මේ දැන් කළේ මොකක්ද කියලා?"

"නැහැ, මොකක්ද?" පුද්ගලයා ඇසුවේය.

"ඌ මේ දැන් මගේ බිලියඩ් බෝලයක් සම්පූර්ණයෙන් ම ගිල්ලා" බාර්කීපර් පැවසීය.

"ආ... ඒක මට පුදුමයක් නෙවෙයි." පුද්ගලයා පිළිතුරු දුන්නේය."පේන්න තියෙන හැම දෙයක්ම ඒ මෝඩයා කනවා. බිලියඩ් බෝලෙටයි අනෙක් ඒවටයි මම ගෙවන්නම්" යැයි පැවසූ ඔහු සිය බිල ගෙවා දමා පිටත්ව ගියේය.

දෙසතියකට පසුව ඔහු යළි ඒ අවන්හලට පැමිණියේය. එවිටද ඔහු සමග ඒ වඳුරා සිටියේය. ඔහු මත්පැන් ඇනවුම් කළ අතර වඳුරා යළි බාර් එක වටේ දුවන්න පටන් ගත්තේය.

පුද්ගලයා බීම පානය කරමින් සිටින අතරදී වඳුරාට චෙරී ගෙඩියක් හමුවිය. එය ඩැහැගත් ඌ චෙරී ගෙඩිය පස්සා පැත්තට ඇතුළු කර, යළි එළියට ගෙන එය කා දැමුවේය.

බාර්කීපර්ට මහත් පිළිකුලක් ඇති විය. "ඔබේ වඳුරා දැන් කළ දේ ඔබ දුටුවාද?" ඔහු එම පුද්ගලයාගෙන් විමසුවේය.

"ඒ පාර මොකක්ද?" පුද්ගලයා පෙරළා ප්‍රශ්න කළේය.

"ඌ චෙරී ගෙඩියක් උගේ පස්ස පැත්තෙ ගහලා, ආයෙත් ඒක එළියට අරගෙන කෑවා" බාර්කීපර් කීවේය.

"ආ... ඒක මට පුදුමයක් නෙවෙයි" පුද්ගලයා පැවසීය. "ඌ තාමත්, පේන්න තියෙන හැම දෙයක්ම කනවා. නමුත් අර බම්බු බිලියඩ් බෝලය කාපු දවසේ පටන් යමක් කන්න ඉස්සෙල්ලා ඌ ඒක මැනලා බලනවා."

Wednesday, July 21, 2010

උපාසකම්මා

කරුණාවති උපාසකම්මා හවස් ජාමේ පන්සලට යද්දී පාලම යට කොලු ගැටයෙක් බිලී පිත්තකින් මාළු බාමින් සිටිනවා දැත කම්පා වෙමින් මෙසේ කීවාය.

"අනේ අප්පොච්චියේ, හැබෑටම ළමයෝ උඹට ලැජ්ජා නැද්ද මේ අහිංසක සත්තු මරන්ඩ"

"නෑ ආච්චියේ, උන් අනුන්ගේ දේවල්වලට කට නොදා ඉන්නව නම් ඔය මුකුත් ප්‍රශ්නයක් නෑ"

කොළුවා ඇඟට පතට නොදැනී පිළිතුරු දුන්නේය.

කතෘ: එඩ්වඩ් චන්ද්‍රසිරි

Tuesday, July 20, 2010

සිංහ ඔළුව

අවන්හලකට ගොඩ වූ පුද්ගලයෙක් බාර් කවුන්ටරයට ඉහළින් එල්ලා තිබූ, පුරවන ලද සිංහ ඔළුව අගය කරන්නට විය.

"ෂා.... කොතරම් විශිෂ්ඨ දෙයක් ද?" පුද්ගලයා බාර්මන්ට කීවේය.

"මම නම් ඒකට විශිෂ්ඨයි කියන්නෙ නැහැ” බාර්මන් පිළිතුරු දුන්නේය." ඒ පර සිංහයා මගේ බිරිඳව මැරුවා."

"අහෝ දෙවියනි!" පුද්ගලයා කීවේය. "ඒගොල්ලෝ කැලේ සෆාරි ගමනක් යමින් සිටියාද?"

"නැහැ" බාර්මන් පිළිතුරු දුන්නේය. "ඒක මගේ බිරිඳගේ හිස මත වැටුනා."

ආදර රස

කෙල්ල – විවාහයෙන් පසුවත් ඔයා මට ආදරේ කරනවාද?
කොල්ලා - එය රඳා පවතින්නේ ඔයාගේ ස්වාමිපුරුෂයා මතයි. ඔහු මට ඉඩ දුන්නොත්.

හුඹහ ළඟ බහිනවා

ප්‍රයිවට් බස් ආවට පස්සේ බස් ධාවනය මෙලෝ රහක් නෑ. බස් එක හැම තැනම නතර කරනවා. හැබැයි හෝල්ට් එකේ හැර පාර අයිනේ කවුරු හරි හිටියොත් බස් එක බ්රේක් පාරක් ගහලා දාගන්නමයි ට්‍රයි එක. කවුරු හරි අත උස්සල කණක් කැහුවත් බස් එක නතර කරනවා. හැබැයි පස්සෙන් තව බස් එකක් එනවා නම් මරා ගෙන මැරෙන වේගෙන් තමයි බස් එක එළවන්නේ.

දැන් ඔය ඉස්සර වගේ බහින්න බෙල් ගහන්නෙත් නෑ.

"ඩ්‍රයිවර් උන්නැහේ ඔය ගහ යට දාල යන්න. ඩ්‍රයිවර් මහත්තයෝ ඔය තේ කඩේ ළඟ පොඩ්ඩක් ස්ලෝ කරන්න. මේ අයිසේ ඔය තැපැල් කණුව ළඟ මං දාල යනවද???මේ ඇහුනැයි ඔය බෝක්කුව ළඟ පොඩ්ඩක් මාව බස්සනව ද" ආදි වශයෙන් තමයි මිනිස්සු බහින්නේ.

එක දවසක් එක මනුස්සයෙක් "මේ ඩ්‍රැයිවර් මහත්තයෝ ඔය ඉස්සරහ හුඹහ ළඟ මාව දාල යන්න කෝ" කීවා.

ඩ්‍රයිවර් ස්ලෝ කළා, මිනිහ හුඹහ ළඟ බැස්සා.

ඩ්‍රයිවර් පස්ස හැරිලා කොන්දොස්තර ගෙන් මෙන්න මෙහෙම ඇහුවාලු.

"ඕයි ඒ බැහැලා ගියේ නයෙක් ද"

සූර සන්නිවේදකයෝ

ලොව වේගවත්ම සන්නිවේදන ක්‍රම ත්‍රිත්වයකි.
1. Tele – phone (දුරකථනය)
2. Tele – vision (රූපවාහිනිය)
3. Tell – a – woman (කාන්තාවකට කියන්න)
ඔබට වේගය තවත් වැඩිකර ගන්න වුවමනාද?
කාටවත් කියන්න එපා කියා ඇයට කියන්න.

Monday, July 19, 2010

උසාවිය නිශ්ශබ්ද වනු!

බීමත්ව සිටි පුද්ගලයෙක් උසාවියට ගෙනැවිත් තිබිණි.

නඩුව ඇසීමට මොහොතකට පෙර උසාවියේ ඝෝෂාවක් ඇසෙන්නට විය.
විනිසුරු ඔහුගේ මේසයට මිටියෙන් තට්ටු කරමින් "ඕඩර්, ඕඩර්!!" කියා කෑගැසුවේය.

වහාම ක්‍රියාත්මක වූ බීමත් පුද්ගලයා මෙසේ කියා සිටියේ ය.
"ස්තූතියි, උතුමාණනි! මම අරක්කු කාලයි සෝඩා බාගයකුයි ගන්නම්."

Sunday, July 18, 2010

‘වෙරි’ හයිය

එක් අවන්හලකට ගොඩ වූ, නගරයට අලුත් පුද්ගලයෙක් එහි බාර් කවුන්ටරයේ එල්ලා තිබූ දැන්වීමක් කියවන්නට විය. "නොමිලේ බියර් ! පරීක්ෂණය සමත් වීමට හැකි පුද්ගලයාට බියර් නොමිලේ" යනුවෙන් දැන්වීමෙන් කියැවිණි.

දැන්වීම කියැවූ, නගරයට අලුත් පුද්ගලයා බාර්කීපර්ගෙන් පරීක්ෂණය කුමක්දැයි විමසා සිටියේය.

බාර්කීපර් මෙසේ පිළිතුරු දුන්නේය. "ඉස්සෙල්ලා ඔයා අර තිත්ත රසැති මෙක්සිකානු මද්‍යසාර ගැලුම බොන්න ඕන. මුළු ගැලුම ම එක හුස්මට බොන්න ඕන. එසේ බොද්දී මුහුණෙන් අප්පිරියාව පෙන්නන්න බැහැ. ඊට පස්සේ, පිටිපස්ස කාමරයේ ඉන්න, දතක් නරක් වෙච්ච කිඹුලාගේ ඒ නරක් වූ දත ඔබේ අත් දෙකෙන් ගැලවන්න ඕනෙ. ඊටත් පස්සේ, උඩ තට්ටුවෙ ගෑනු කෙනෙක් ඉන්නවා....එයාට හාද්දක් දෙන්න කිසිම පිරිමියෙක්‍ට තාම පුලුවන් වෙලා නැහැ... ඔයා එයාටත් හාද්දක් දෙන්න ඕනෙ."

සියල්ල අසා සිටි, නගරයට අලුත් පුද්ගලයා තම තීරණය ප්‍රකාශ කළේය. " ආ....., නොමිලේ බියර් බොන්න මම කොච්චර ආස වුණත් මම ඒක කරන්නේ නැහැ. මෙක්සිකානු මද්‍යසාර ගැලුමක් බීලා ඊට පස්සෙ තවත් විකාර වැඩ කරන්න ඒ මිනිහා අමු පිස්සෙක් විය යුතුයි." එසේ කී එම පුද්ගලයා විස්කි ඇණවුම් කොට පානය කරන්නට විය.

කාලය ගෙවී යද්දී ඔහුට හොඳට ම වෙරි වන්නට විය. වෙරි මරගාතේ ඔහු "කෝ....කෝ...අර මොකක්ද තියෙනවා කියපු ගැලුම?" කියා ඇසුවේය.

බාර්කීපර් ඔහුට එය පෙන්වීය. අත් දෙකෙන්ම ගැලුම අල්ලා ගත් ඔහු ඇස් දෙකෙන් කඳුළු ගලද්දී එය බීගෙන බීගෙන ගියේය. ඉන්පසු වැටි වැටී පිටුපස කාමරයට ගියේය.

ගතවූයේ මොහොතකි. කාමරය දෙසින් ගොරවන සහ හැප්පෙන බියකරු ශබ්ද අවන්හලේ සිටින පිරිසට ඇසෙන්නට විය. අනතුරුව පැවතියේ නිශ්ශබ්දතාවයකි.

කාමරයට ගිය පුද්ගලයා වැනි වැනී නැවත බාර් කවුන්ටරයට පැමිණියේය. ඔහුගේ කමිසය කීතු කීතුවලට ඉරී තිබිණි. ශරීරය පුරා ලොකු සීරීම් තුවාල පෙනෙන්නට තිබිණි.

"දැන් අර නරක් වෙච්ච දතක් තියෙන කාන්තාව ඉන්නේ කොහේද ?"ඔහු ඇසුවේය.

ෂාරුක් ඛාන් ලංකාවට ආපු වෙලේ...

ඔන්න ඉතින් මෙයා ලංකාවට ආවම මේ වගෙ කාට උනත් අනිවා මූණ දෙන්න වෙන දේ ඛාන් ටත් උනා. ඒ කියන්නෙ මාධ්‍යවේදීන් විසින් වටකරගෙන ප්‍රශ්න අහන එක..

ඛානුත් ඉතින් පොඩ්ඩක් නැවතිලා මේ ප්‍රශ්න වලට උත්තර දුන්නා.
මෙයාට සිංහල බැරි නිසා කට්ටිය ඉතින් ඉංග්‍රිසියෙන් තමා සන්නිවේදනය කරන්නෙ.

ඔය අතර හිටියා හිංදි පිස්සෙක්. මිනිහා නිතර හින්දි චිත්‍රපටි බලන නිසා හින්දි ටිකක් ගැට ගහගන්න පුලුවෙනි. ඉතින් මෑන් වැඩ පෙන්නන්නත් එක්ක ඛාන් ගෙන් ප්‍රස්නයක් ඇහුව, හින්දියෙන්..
"ඛාන් ජී, තුම්හාරේ මේ ක්ෂේත්‍රේ සෙ කේසේ ආගයී?"

ඛාන් තුමා උඩ බිම බැලුවා. ටික වෙලාවක් කල්පනා කරලා මිනිහ එතනින් හෙමිහිට මාරු උනා..

ඉන්පසු...

මාධ්‍යවේදීන්: මොකො මෙයා මාරු උනේ? ඉන්දියාවෙ හිටියට හින්දි තේරෙන් නැද්ද??

ෂාරුක් ඛාන්: මොකක්ද අරූ ඇහුවෙ, මට තේරුනෙ නෑනෙ. ෂික්! මම නොදන්න හින්දිත් තියෙනව වගේ...

ප්‍රශ්නෙ අහපු මාධ්‍යවේදියා: හුටා! දැන්නෙ මතක් උනේ!! "ක්ෂේත්‍රේ" කියන්නෙ සිංහල වචනයක් නෙ!

මෙන්න යාළුවෝ!!!!

සාමාන්‍යයෙන් කාන්තා පාර්ශව කියන කතාවක් තමයි, ඒගොල්ලන්ගේ යාලුවො තමයි හොදම කට්ටිය කියලා.
මේක කියවන්නකෝ. බලන්න පිරිමි අයගේ යාළුවෝ කොච්චර හොදද කියලා. කැපුවත් පාවලා නම් දෙන්නේ නෑ.

නෝනගේ යාළුවෝ

ඊයේ රාත්‍රියේ ගෙදර ආවේ නැත්තේ ඇයි කියල මහත්තයා නෝනාගෙන් අහනවා.
එතකොට නෝන කියනව එයා (කාන්තා)යාළුවෙක්ගේ ගෙදර නැවතිලා හිටියා කියලා.
මහත්තයා, නෝනගේ හොදම (කාන්තා)යාලුවෝ 10 දෙනෙක්ට දුරකතනයෙන් කතා කරල අහනවා, එයාගේ නෝන ඒගොල්ලොත් එක්ක හිටියද කියලා.
10 දෙනාම නෝන ඒගොල්ලොත් එක්ක හිටියේ නෑ කියනවා..!

මහත්තයගේ යාළුවෝ

ඊයේ රාත්‍රියේ ගෙදර ආවේ නැත්තේ ඇයි කියල නෝනා, මහත්තයාගෙන් අහනවා.
එතකොට මහත්තයා කියනව එයා (පිරිමී) යාළුවෙක්ගේ ගෙදර නැවතිලා හිටියා කියලා.
නෝන, තමන්ගේ මහත්තයාගේ හොදම (පිරිමී)යාලුවෝ 10 දෙනෙක්ට දුරකතනයෙන් කතා කරල අහනවා, එයාගේ මහත්තයා ඒගොල්ලොත් එක්ක හිටියද කියලා.

5 දෙනෙක්ම කියනවා මහත්තයා ඒගොල්ලොත් එක්ක තමයි ඊයේ රාත්‍රියේ හිටියේ කියල.

ඉතුරු 5 දෙනාම කියනවා ඊයේ රෑ විතරක් නෙමෙයි, තාමත් මහත්තයා ඉන්නේ ඒගොල්ලොත් එක්ක කියලා !!!

බලන්න කොච්චර හොද යාළුවොද නේ...??!!

Saturday, July 17, 2010

තව මාස 10 ක්

මැණිකේ විවාහ වුණේ පාසල් දිවියට ආයුබෝවන් කිව්වත් එක්කමයි. ඈ නිළියක් වුණෙත් විවාහයෙන් පස්සෙයි. ඒ වෙන කොට මැදිවියේ පසුවූ ඇයට ඇගේ තරමටම උස මහත රූමත් දියණියකුත් සිටියා.

දවසක් දා කලා පත්තරයක ලේඛකයකු මැණිකේ හා කතා බහ කොට පිටවී ගියායින් පස්සේ දියණිය මැණිකේට මෙන්න මෙහෙම කිව්වා.

"අම්මා, අම්මගෙ වයස කීයයි කියල කිව්වත් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කරුණාකරලා එහෙම වයස කියන කොට මගෙ වයසට වඩා මාස 10 ක් වත් වැඩියෙන් කියන්න."

ගනුදෙනු කාරයෝ කවුද?

දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතුවලට බාධාවන අන්දමින් අනුලාට නිතර දුරකථන ඇමතුම් ලැබෙන බැව් ගණකාධිකාරිවරයා කිහිපවිටක්ම නිරීක්‍ෂණය කර තිබුණි.

දිනක් අනුලා එක දිගට පැය භාගයකට ආසන්න කාලයක් සෙලියුලරයේ එල්ලී හුරතල් වනු දුටු හෙතෙම ඇයට අඬගසා දොස් පවරමින් මෙසේ ඇසීය.

"කවුද අනුලා ඔයාට ඔච්චර ටෙලිෆෝන් කරන්නෙ?

"කස්ටර්මර්ස්ලා සර්..." අනුලා තොදොල් වෙමින් තෙපළාය.

"ඒ කියන්නෙ ගනුදෙනුකාරයො. දෙපාර්තමේන්තුවෙද? ඔයාගෙද?" ගණකාධිකාරි ඇසුවේ මුවඟට සිනාවක් නංවා ගනිමිනි.
උපුටා ගත්තේ සිළුමිණ පුවත්පතින්

ඒ හින්දම තමයි



"අපේ නැන්දම්මව මට පේන්න බෑ මචං" අරුණ, මනෝජ් සමඟ කිව්වේ කාර්යාලයේදී දිවා ආහාරය ගනිමින් සිටියදීය.

"එහෙම කියන්න එපා බං. නැන්දම්මා නැත්තං උඹට, උඹේ වයිෆ් නිශාන්ති කොහෙන්ද?"

"ඒ හින්දම තමයි බං, මට ඔය ගෑනි පේන්ඩ බැරි." අරුණ කීවේ කෝපයෙනි.

දන්නෙ කොහොමද?


කෙසඟ මිනිසකු වූ සුමිත් තම බයිසිකලය රියගාලේ නවතා තබා බාර් එකට ගොඩ වූයේ හීන් අඩියක් ගැසීමේ අපේක්‍ෂාවෙනි. ඔහු බාර් එකේ සිට නිවෙස බලා යාම සඳහා ආපසු විත් බයිසිකලට නැඟීමට සැරසෙන විට කිසිවකු තම බයිසිකලයේ වාඩිවෙන අසුනේ රතු තීන්ත තවරා ඇති බැව් හදිසියේම දුටුවේය.

ඉමහත් කෝපයට පත් ඔහු බයිසිකලය එතැනම තබා ආපසු බාර් එකට ගොඩ වී, එහි තැන තැන අසුන් ගෙන සිටි අය දෙස බලා මෙසේ කෑගසා කීය.

"කවුද යකෝ, මගෙ බයිසිකලේ සීට් එකේ තීන්ත අතුල්ලපු පාහරයා?"

එවිටම එක් මේසයක අසුන් ගෙන සිටි හැඩිදැඩි සද්දන්ත මිනිසෙක් නැඟිට මෙසේ ඇසීය.

"මමයි තීන්ත ගෑවේ. ඇයි තමුසෙ මොනවා කරන්නද?"

"නෑ ඒකට කමක් නැහැ. ඒත් ඔහේ දන්නෙ කොහොමද මම රතු පාටට ගොඩක් ආසයි කියල."
සුමිත් බයාදු ලෙස තට්ටය අතගාමින් ඇසීය.

Friday, July 16, 2010

ගොලුබෙල්ලාගේ වේගය

ගොලුබෙල්ලෝ තුන්දෙනෙක් එකෙකුගේ ගෙදරකට සෙට්වී රා බිව්වේය.අල්ලාප සල්ලාපයේ යෙදීසිටි ඔවුන් රා කලය හිස් වී ඇති බව දැක එක ගොලුබෙල්ලෙකුට තැබෑරුමට ගොස් තව රා කලයක් ගෙනෙන ලෙස පවසා පිටත්කර හැරියහ.නව රා කලය ගෙනෙන තුරු දවස් දෙකක් තිස්සේ බලා සිට හෙම්බත් වූ එක් ගොලුබෙල්ලෙක් මෙසේ කීවේය.

"හපොයි එකනම් හරිම හිමින් යන ගොලුබෙල්ලෙක් තමයි"

එවිට ගෙදර පඩිය ලඟ සිට ගොලුබෙල්ලෙක් කතාකරන හඬ ඇසිනි.

"මම නැතිතන මාව විවෙචනය කරනවට මම කැමති නෑ. එහෙම කරනවනම් මම තැබෑරුමට යන එක නවත්වල ආපහු එනව"

පිස්තෝලය...


නිමල්ගේ නිවස මංකොල්ලකා ඇති බව ආරන්චි වූ විමල් වහා එහි දිවගියේය.

විමල් : "මොකද මචන් උනේ? උන් කීදෙනෙක් ආවද?"

නිමල් : "එක හොරයි ආවෙ.ඌ පිහියක් පෙන්නල අපිව බයකරල සල්ලියි රත්තරන් බඩුයි ඔක්කොම අරන් ගියා."

විමල් : "ඇයි උඹ නිකන් බලන් හිටියෙ? උඹලඟ හැමතිස්සෙම තියන පිසතෝලෙ තිබුනෙ නැද්ද ඒ වෙලාවෙ?"

නිමල් : "හොඳ වෙලාවට හොරා ඒක දැක්කෙ නෑ.මම පිස්තොලෙ ඉනේ ගහගන ශර්ට් එක උඩින් දාගෙන හිටියෙ."

මොකද අමතක...


ගුණසේන තද ක්‍රිකට් ලෝලියෙකි. ක්‍රිකට් මැච් එකක් පැවැත්වෙන දිනවල ඔහු රූපවාහිනියේ ඇලී ගැලී සිටියි. එවැනි දිනවලදී ගෙදර අවශ්‍යතා පිළිබඳව වගේ වගක් නැතිව ඔහු රූපවාහිනිය නරඹයි.
එවැනි දිනෙක ඔහුගේ බිරිඳ මැසිවිලි නඟන්නට වූයේ ඔහුට ක්‍රිකට් මිස මෙලෝ සිහියක් නැති බව කියමිනි.

"මගෙ අලුත් හැට්ටෙට අල්ලන්න රේන්ද යාරයක් ගේන්ඩ කිව්වා. ඒක මතක නෑ. ඔයාට ක්‍රිකට් ගැන නම් හැම දෙයක්ම මතක තියෙනවා. වෙන එකක් තියා අපි බැඳපු දවස ගැනවත් මතකයක් ඔයාට නැහැ."

ඇගේ කන්දොස්කිරියාව නොඉවසූ ගුණසේන කෝපයෙන් වහා පිළිතුරු දුන්නේය.

"මොකෝ මට මතක නැත්තෙ. අපේ මුළු ටීම් එකම ලකුණු තිස් පහකට අවුට් වුණේ අපි බැන්ද දවසෙනෙ..."

වැඩිමලා කවුද?



කාන්තාවෝ දෙදෙනෙක් කුමක්දෝ ප්‍රශ්නයක් මත බස් නැවතුම් පොළක හිඳ එකිනෙකා හා බැණ ගන්නට වූහ. එහි සිටි කීප දෙනකු එය වළක්වන්නට උත්සාහ කළ ද එකෙකුට එකෙක් නොපරදින අයුරින් රණ්ඩුව පවත්වා ගෙන ගියෝය.

මේ අතර පාරේ යමින් සිටි පොලිස් භටයෙක් කලබලය දැක එතැනට කඩා වැදුණේ ය. දබර කර ගන්නා කාන්තාවන් දෙදෙනා දෙස මදක් බලා සිටි හෙතෙම ඔවුන් අතරට පැන මෙසේ කීවේය.

"මේ... මේ... ඔය දෙන්නගෙන් වයසින් වැඩිමලා ඉස්සෙල්ලා කතා කරනවා."

මෙය ඇසූ දෙදෙනාම වචනයක් වත් නොදොඩා දෙපැත්තට වූහ.

අන්ඩපාල...

Thursday, July 15, 2010

Wednesday, July 14, 2010

මිත්‍ර සමාගම 1 වන කොටස

TVදෙරණේ අලුතින් පටන්ගත්ත කොමඩි ටෙලිනාටකය තමා මිත්‍ර සමාගම...ඔයාලට මතක ඇතිනේ "සිකුරු හත" පිචෑර් එක..ඒක හදපු ගිරිරජ් මහත්තයම තමා මේකත් හදන්නේ...බලලාම ගුණාගුණ කියන්නකො බලන්න...

නොකැඩී විඩියෝ බැලීමේ අපේ කළාව අත්විදින්න...

Who's Speaking???

ඔන්න කලෙකින් එකක් හම්බුනා...කට්ටියත් එක්ක අහල බලන්නකෝ...

හෝටලේ...

එළවලු සිංදුව

මේක සමහරක් අය අහල ඈතී...ඒත් ආයි ඈහුවට ජොලි නෑත්තෙ නෑනේ...ඔක්කොමල අහල බලන්නකො...


එළවලු සිංදුව...

පිස්සා කවුද ?

නගරයේ නගරාධිපතිවරයාට එම නගරයේ පිහිටා තිබූ පිස්සන් කොටුවේ තත්ත්වය දැක බලා ගැනීමට අවශ්‍ය විය. මානසික ලෙඩුන්ට සැලකීම හා එම ආයතනය මඟින් හරිහැටි සේවාවක් සිදුවේද යන්න දැක බලා ගැනීම නගරාධිපතිවරයාගේ අරමුණ විය.

ප්‍රධාන පරිපාලන නිලධාරිවරයා සමඟ මානසික රෝගීන් සිටින කාමර ගැන සෝදිසි කරමින් යද්දී එක කාමරයක සිටි ලෙඩෙක් ඔහුට අත වනා අඬ ගැසුවේ ය.

"තමුසේ කවුද?"

මඳක් අදිමදි කළ නගරාධිපතිවරයා තමා මේ නගරයේ නගරාධිපති බව කීවේ ය.

එවිට උස් හඬින් පිළිතුරු දුන් රෝගියා "මමත් මෙහාට එනකොට හිතුවේ ඔය විදියටමයි. මාත් හිතුවා මෙහේ නගරාධිපති මමයි කියල. ඒත් කල් යනකොට එහෙම නෙවෙයි බව තේරුණා. ඔහේටත් ටික කලක් මෙහේ ඉන්නකොට තේරේවි තමුසේ නගරාධිපති නොවෙන බව" කියමින් සිය කාමරය වෙත පිය නැඟුවේ ය.

ජීවිතයේ නරකම දවස...

බාර් එකක සිටින පුද්ගලයෙක් තමාගේ බීම වීදුරුව දෙස ඔහේ බලාගෙන සිටී. පැය භාගයක් ගතව ඇතත් ඔහු තවමත් බීම පානය නොකර ඒ දෙස බලා සිටී.

කලබල ඇතිකරන, හැඩිදැඩි ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් බාර් එකට ඇතුල් වන්නේ මේ අවස්ථාවේදීය. බීම වීදුරුව දෙස බලා සිටින පුද්ගලයා අසලට පැමිණි ඔහු, කිසිම වග විභාගයකින් තොරව එම වීදුරුව රැගෙන බීගෙන බීගෙන ගියේය.

අසරණ පුද්ගලයා හඬන්නට පටන් ගත්තේය. ට්‍රක් ඩ්‍රයිවර් ඔහු සනසමින් "කමෝන් මෑන් ! මම නිකං විහිළුවක් කළේ. අඬන්න එපා, මම තව ඩ්‍රින්ක් එකක් ඔයාට අරන් දෙන්නම්. කව්රු හරි අඬනවා බලන් ඉන්න මට බැහැ" යැයි කියා සිටියේය.

"නැහැ, ඒකමත් නෙවෙයි" අසරණ පුද්ගලයා පවසා සිටියේය. "අද දවස මගේ ජීවිතයේ නරක ම දවසයි. ඉස්සෙල්ලා ම, මට නින්ද ගිය නිසා වැඩට යන්න පරක්කු වුණා. ඒ ගැන කුපිත වුන මගේ බොස් මාව රස්සාවෙන් අයින් කළා....මම කාර්යාලයෙන් පිටව මගේ කාර් එකට යද්දී ඒක හොරකම් කරලා. "තමන්ට කරන්න කිසිම දෙයක් නැහැ"යි කියල පොලිසිය කිව්වා. මම ටැක්සියක් අරගෙන ගෙදර ගියා. මගේ පර්ස් එකයි ක්‍රෙඩිට් කාඩ්ස් ටිකයි ටැක්සියේ බව මට මතක් වෙනකොට ටැක්සිය ගිහිං.”
"මම ගෙදරට ඇතුල් වෙද්දී, මගේ බිරිඳ උයන්පල්ලාත් එක්ක එක ඇදේ. මම ගෙදරින් පිටවෙලා මේ බාර් එකට ආවා. එහෙම ඇවිත්, මගේ ජීවිතය ඉවර කර ගන්න හිත හිතා ඉන්නකොට ම, ඔයා ඇවිත් මගේ වහ ටික බිව්වා."

Tuesday, July 13, 2010

ඔක්කොටොම මගේ ගානේ ඩ්‍රින්ක්ස්...

බාර් එකකට පැමිණි, හොඳට ම වෙරි වූ පුද්ගලයෙක් "ඔක්කොටොම මගේ ගානේ ඩ්‍රින්ක්ස්... ඔයාටත් එක්ක" යැයි බාර්මන්ට කීවේය.

එම පුද්ගලයාගේ ඇණවුමට අනුව ක්‍රියා කළ බාර්මන් "ගාන රුපියල් 5800 යි" කීවේය.

තමන් ළඟ මුදල් නැතැයි පුද්ගලයා කීවේය. කනේ පහර කිහිපයක් ගැසූ බාර්මන් එම පුද්ගලයාගේ බෙල්ලෙන් අල්ලා ඔහු දොට්ට දැමුවේය.

ඊළඟ රාත්‍රියේ ඒ බේබද්දා ම යළි එම බාර් එකට පැමිණ බාර්මන් ද ඇතුළුව එහි සිටි සියලු දෙනාටම ඩ්‍රින්ක්ස් ඕඩර් කළේය. පෙර දින පරිද්දෙන් ම බාර්මන් එම පුද්ගලයාගේ උපදෙස් පරිදි ක්‍රියා කළේය.

ඉන්පසු බිලේ ගණන කී විට, තමන් ළඟ මුදල් නැතැයි එම පුද්ගලයා කීවේය. ඔහුගේ කන පැලෙන්න පහරක් දුන් බාර්මන් අනතුරුව එල්ල කළ පයින් පහරෙන් බීමත් පුද්ගලයා බාර් එකෙන් පිටතට වීසි විය.

තෙවැනි දින රාත්‍රියේද මේ පුද්ගලයා වෙරි මතින් අවන්හලට පැමිණියේය. බාර්මන් හැරෙන්නට අනෙක් සියලු දෙනාට ම ඩ්‍රින්ක්ස් ඕඩර් කළේය.

"මොනවා, මට ඩ්‍රින්ක් එකක් නැද්ද?" බාර්මන් ඇසුවේය.

"අපෝ නැහැ! බිව්වාම ඔයා හරි දරුණු වෙනවා" යැයි පුද්ගලයා පිළිතුරු දුන්නේය.

රුධිර සංසරණ පද්ධතිය...

රුධිර සංසරණ පද්ධතිය ගැන ළමුන්ට විස්තර කරදුන් ගුරුතුමිය ....

"මම දැන් ඕගොල්ලන්ට කියලා දුන්න අපේ ශරීරයේ රුධිරය ගමන්කරන විදිහ..මම ඔළුවෙන් හිටගත්තොත් මගේ මූණ, ඇස් රතුපාට වෙනවා..... ඒත් මම හිටගෙන ඉන්නකොට රතුපාට වෙන්නේ නෑ. ඇම්ඩට මොකද හිතෙන්නේ ඒ ගැන ?"

ඇම්ඩා - "මට හිතෙන්නේ මිස්ට මොලයක් නැති හින්දා ඇ‍ඟේ තියෙන ඔක්කොම ලේ ඔළු කට්ට ඇතුලට පිරෙන හින්දයි එහෙම වෙන්නේ..."

ට්‍රින්කො...

මානසික රෝහලේ සිටි එක් රෝගියෙකු නිතරම කුඩා දරුවෙකු මෙන් කාර් පදී. කොහේ ගියත් දෑත ඉදිරියට දමාගෙන . ඈම් ඈ......ම් කියමින් හේ ගමන් ගනී. මානසික රෝගීන්ට ඉතා කරුණාවෙන් සලකන හෙදියන් ඔවුන්ගෙන් සුවදුක් විමසයි.

සුදත් ද මානසික රෝගියෙකි. ඔහුගේ නිවස ලෙස ඔහු පවසන්නේ හෙදියන්ගේ වැසිකිලියටයි. දිනක් වැසිකිලයට යන හෙදියක් ඒ අසලින් ගිය සුදත් ගෙන් මෙසේ ඇසීය ..

"අද කොහෙද සුදත් යන්නේ..... ඈතකද ?"

වාහනය හෙදිය අසල නැවතූ සුදත්, "ඔව් මම අද ‍ට්‍රින්කො යනවා"

හෙදිය යටි හිතින් සිනාසෙමින් වැසිකිලියට ගියාය. ඇය වැසිකිලියෙන් එලියට දොර අරිනවාත් සමගම රෝහලට අළුතින් ආ මානසික රෝගියා ඇඹරෙමින් වැසිකිලියේ දොර ලඟ සිටී.

හෙදිය - "ආ..... ඔයා මොකද මෙතන කරන්නේ......"

රෝගියා - "සුදත් අද ට්‍රිංකො ගියා....... ගෑණි තනියම හින්ද මට ගේ බලාගන්න කියලයි ගියේ...... ගෙදරත් කවුරුවත් නැති හින්ද ඇතුලට යමුකො සුදෝ......."

Monday, July 12, 2010

වඩේ කෑම...

ඔන්න යලුවනෙ එකමත් එක රටක හිටිය බොනපර්ට් කෙනෙක්....

මිනිහ දවසක් හොදටම බීල මගදි කන්න වඩෙ එකකුත් අරගෙන යනව....

ඔහොම යනකොට සරම පොඩ්ඩක් හදා ගන්න ගිහින් අතෙ තිබ්බ වඩෙ එක බිම වෙටෙනව....

සරම හදා ගත්ත මිනිහ කලුවරෙම බිම වෙටුන වඩෙ එක හොයන්ව....

මිනිහට අහු වෙන්නෙ පරෙ හිටිය ගෙම්ම්බෙක්....

මිනිහ දෑන් ගෙම්බව වඩෙ එක කියල කටෙ දා ගන්න හඩන්නෙ...

එතකොටම ගෙම්බ බය වෙල " බක!! බක!! " ගෑව...මිනිහ කියපි " බැ බැ කියල හරි යන්නෙ නෑ බොල...රුපියල් 10ක් දීල ගත්තෙ කන්නනෙ...." කියල කටෙ ඩ ගත්තලු....

ලොකුකම...

එක පාරක් ගමරාළ කෙනෙක් පොඩි පුරස්නෙකට හාමිනේට පොඩ්ඩක් කෑ ගහල, හාමිනෙත් එකටෙක ටිකක් කියල දැන් දෙන්න දෙමාල්ලො හොඳට තරහයි. ගමය හාමිනේ එක්ක කතා කරන්නෙත් නෑ, හාමිනේ ගමය එක්ක කතා කරන්නෙත් නෑ.

දැන් ගමයට බත් බෙදුවම සද්ද නැතිව ඇවිත් කාල, ටිකක් හයියෙන් පුටුව ඇදල නැගිටිනව. එතකොට හාමිනෙත් සද්ද නැතුව ඇවිත් පිඟාන ගෙනියනව. විටක් කන්න ගොහින් අඩුවැඩිය මුකුත් අඩුපාඩුවක් නං හය්යෙන් හෙප්පුව බිම තිබ්බාම හාමිනේ ඇවිත් ඔලුව දාල බලල සද්ද නැතුවම ගෙනුහිං අර අඩුපාඩු පිරිමහල ගෙනත් දෙනව.

ඉතින් ඔහොම දවසක් දෙකක් ගියා.

මේ අව්ල අස්සෙ ගමයට දවසක් පාන්දර කොළඹ යන්ට උවමනාවක් උනා ලොකු රාජකාරියකට. දැන් ඉතින් පාන්දරින් නැඟිටල යන්නත් එපැයි.

ඉතින් ගමය වේලපහ තමන්ගෙ වැඩ ටික ඉවර කරල ගෙදර ඇවිත්, නාගෙන කරගෙන නින්දට ලෑස්ති උනා. ඒත් දැන් කවුද මුන්දැව මේ ගිනි පාන්දර නැගිට්ටවන්නෙ. දැන් හාමිනේ එක්කත් කතාබහක් නෑ නොවැ. වෙනදට නං උන්දැට කිව්වම පාන්දර හරිට වෙලාවට ඔර්ලෝසුව තිබ්බ වගෙ, නැගිට්ටෝල විතරක් නෙමේ කහට එකකුත් වක්කරල දීල අනිත් අඩුම කුඩුම ටිකත් ලං කොරල වෙලාවට පිටත් කොරනව නොවැ. ඒත් දැන් අද මක්කැයි කොරන්නෙ. දැන් හිතේ ලොකුකම හින්ද කලින් කතාකොරල බාල වෙන්ටත් පුලුවනෑ!

පස්සෙ ගමය හිතල හිතල" හරි මං කරන්න්නකො වැඩෙ" කියල පොඩි කරදාසි කෑල්ලක පැන්සල් කොටෙන්

" මට කොළඹ යන්ට තිබෙ, පාන්දර ජාමෙ හතරට නැගිටුවොත් හොඳයි"

කියල ලියල, කෑම මේසෙ මැද හාම්නේට පේන්නම තියල ගොහින් පිලේ ඇලඋනා.

වෙන්ද වගේම කුකුලගෙ ගෝරනාඩුවට් ඇහැ ඇරුන ගමය දනි පනි ගාල නැගිටල බලනකොට වටින් ගොඩින් එලියත් වැටිල, බලද්දි වෙලාව පහත් පැනල.

දැන් කොහෙද කොළඹ යන්නෙ. බස් එක අල්ලන්ට උඩින් ගියත් දැන් මදිනෙ. මේ සේරම හාමිනේ වෙලාවට නැගිට්ටුව නැති නිසානෙ!

හොඳටම තරහ ගිය ගමය

" ඔහේ මොනාද මේ කරපු අලුගුත්තේරු වැඩේ, මොකද මට වෙලාවට කතා නොකලෙ, මොකෝ දෑක්කෙ නැතුන් නෙමෙයිනෙ මගෙ පනිවුඩේ"

එතකොට වචනයක්වත් නොදොඩාපු හාමිනේ බොහෝම කොචෝක් එකට වගේ කට කොනකින් හිනාවක් දාල, ඇස් කරකවල, නහයෙන් වගේ මේසෙ උඩ දිහා පෙන්නල කුස්සිය පැත්තට යන්ට ගියා.

හිමීට මේසෙ ගාවට කිට්ටු කරපු ගමය එතකොටයි දැක්කෙ තමන්ගෙ තුන්ඩු කෑල්ලට එහා පැත්තෙ

" දැන් හතරයි වෙලාව, නැගිට්ටොත් හොඳයි "

කියල ලියපු තව තුන්ඩුවක් තීනව.

වැරැද්ද...

Sunday, July 11, 2010

FiFA ආතල් 2





FiFA ආතල්











දවසේ කාර්ටූන්...

ආදරේට පෝර

"හෙට ඉඳලා අපේ ආදරේ දළුලා වැඩෙයි අනුලා" හවස් යාමයේ මුහුදු වෙරළට වී තම පෙම්වතිය සමඟ පෙම්බස් දොඩමින් සිටි වසන්ත කීවේය.

"ඒ මොකද වසන්ත?" අනුලා ඇසුවේ තරමක විමතියෙනි.

"හෙට ඉඳලා මං පෝර සංස්ථාවේ වැඩට යනවා." වසන්ත කීවේ පී‍්‍රතියෙනි.

නොමිලේ දුන් දේ

"ඔයා මට හාද්දක් දෙනවා නං මං ඒ එක හාද්දට රුපියල් සීයක් දෙන්න ලෑස්තියි..." රමේෂ් සුමාලිට කීවේ කන්තෝරුවේ විදුලි සෝපානයේදීය. මෙය ඇසූ සුමාලි සුසුම් හෙළමින් හඬන්නට වූවාය.

"ඇයි ඔයා අඬන්නෙ? කැමැති නැත්තං බැහැ කිව්වනං ඉවරනෙ.." කලබල වූ රමේෂ් කීවේය.

"නෑ මං ඇඬුවේ අකැමැති හින්දමත් නෙමෙයි..."

"එහෙනං?" රමේෂ් පුදුම වී ඇසීය.

"ඔයා ඒක ඇහැව්වම, මං කොච්චරක් නං සල්ලි නිකං නාස්ති කරලා තියෙනවද කියල මට දුක හිතුණා." සුමාලි තොල් විකමින් කීවාය.

Saturday, July 10, 2010

පේළිය කෝකද?

අසාමාන්‍ය ලෙස තරබාරු සිරුරක් සහිත මනෝ සිය බිරිඳ වසන්තා සමඟ විවේක කාලය අවසන් වීමට ආසන්නයේ සෙනඟින් පිරී තිබූ සිනමාහලේ තම අසුන් කරා එමින් සිටියේය.

"මං එළියට යනකොට මට ඔහේගෙ කකුල පෑගුණාද?" මනෝ එක් අසුන් පෙළක ආසන්න කෙළවරේ සිටි තැනැත්තා ගෙන් විමසීය.

"ඔව්.." ඒ තැනැත්තා කීවේ තරබාරු මිනිසා තමාගෙන් සමාව ඉල්ලතැයි අපේක්‍ෂාවෙනි.
එහෙත් මනෝ තම බිරිඳ දෙසට හැරී මෙසේ කීවේය.

"වසන්තා එන්ඩ. අපි මේ පේළියේ තමයි වාඩිවෙලා ඉඳලා තියෙන්නෙ.."

අච්චු කන්තෝරුවේ නම?

"විභාගෙට තියෙන්නෙ හරියටම තව සති දෙකයි. ප්‍රශ්න පත්තර අච්චු ගහන්ඩ දීලත් ඉවරයි. ඔය ළමයින්ට මුකුත් ප්‍රශ්නයක් හෙම අහන්ඩ තියෙනවද?" ගුරුතුමා පන්තිය සිසාරා බැල්මක් හෙළමින් ඇසීය.

"ඒ අච්චු කන්තෝරුවේ නම මොකක්ද සර්?" සිසුහු සැවොම එක හඬින් ඇසූහ.

පහු පහු වෙන කොට

"මම රොහාන්ව බඳින්න කැමැති වුණේ එයා පුරාවිද්‍යාඥයෙක් හින්දා." ඉන්ද්‍රානි පාසලේ ගුරු විවේක කාමරයේදී ඩල්සිට කීවාය.

"ඇයි මොකක්ද ඒ රස්සාවෙ විශේෂත්වය?” ඩල්සි විමසුවේ කුතුහලයෙනි.

"වයසට යන්න යන්න එයා තමන්ගෙ බිරිඳ ගැන දක්වන උනන්දුව වැඩි වෙන්නෙ පුරාවිද්‍යාඥයෙක් හින්දනෙ.” ඉන්ද්‍රානි පැහැදිලි කළාය.

කළ යුතු දේ

කිසිවකු ගෙදර දොරට තට්ටු කරනවා ඇසී ශි‍්‍රයානි දිවගොස් දොර හැරියාය. කවුදෝ අමුත්තකු දොර ළඟ සිට මෙසේ ඇසුවේය.

"ඔහෙලගෙ බළලෙක් හිටියද සුදුපාට?"

"ඔව්... ඇයි?" ශි‍්‍රයානි පෙරළා ප්‍රශ්න කළේ බලවත් කුහුලකිනි.

"හරි වැඩේනෙ වුණේ. දැන් ටිකකට කලින් ඌ පාර හරහා පනිද්දි මගෙ කාරෙකට අහුවෙලා මළා. දැන් ඉතින් මගෙන් මොනවද කෙරෙන්න ඕනෙ?" අමුත්තා ඇසුවේ වරදක් කළේය යන හැඟීමෙන් තතනමිනි.

"කරන්න ඕන එකද අහන්නෙ?" ශි‍්‍රයානි ඇස් මහත් කොට කෝපයෙන් විමසා මෙසේ කීවාය.
දැන් ඉතින් කුස්සියට ගිහින් මීයො අල්ලන්ඩ පටන් ගන්නවා."

වැඩක් වුණේ නැහැ...

"ඊයෙ පාටියෙ ඉඳලා ගෙදර යන කොට කාර් එකේදි කරුණාසේන සර්ගෙන් මුකුත් කරදරයක් වුණෙ නැත්ද?" කල්පනා සුමාලිගෙන් ඇසුවේ උදේ තේ බොන අතරතුරදීය.

"එයා අතරමඟදි එහෙන් මෙහෙන් අත දැම්මා. ඒත් කිසි වැඩක් වුණේ නැහැ. මං සල්ලි ටික කොණ්ඩෙ අස්සෙ හංගාගෙනයි හිටියෙ." සුමාලි කීවේ සිනාසෙමිනි.

හොරා මාමේ...

ඔන්න යාලුවනේ දවසක් මහ රෑ ඇම්ඩගෙ ගෙදරට කලුපාට රෙද්දකින් මූන බැදගත්ත හොරෙක් පැන්නලු...

මේ වෙලාවෙ ගෙදර ඉදල තියෙන්නෙ ඇම්ඩනුයි ඇම්ඩගෙ අම්මායි ඇම්ඩගෙ ආච්චියි ඇම්ඩගෙ නංගියි විතරයි...

හොරා ගෙදරට පැනල ඇම්ඩගේ අම්මට තුවක්කුවක් දික්කරල කිව්වලු "ගෙදර තියන සල්ලියී, රත්නරන් බඩුයි ගෙනත් දියන් නැත්නම් උඹලා ඔක්කොම දුෂණය කරනවා..." කියල.

ඊට පස්සෙ ඇම්ඩගේ අම්මා එයාලග තිබුන සල්ලියි රත්නරන් බඩුයි ගෙනත් දෙන්න ගේ ඇතුලට ගිය වෙලාවෙ ඇම්ඩා අර හොරාගෙන් ඈහුව "හොරා මාමේ... හොරා මාමේ.... ඔයා අපේ අම්මා සල්ලියි රත්නරන් බඩුයි දුන්නෙ නැත්නම් ඔයා අපෙ අම්මව දුෂණය කරනවද ???" කියල.

ඔන්න ඊට පස්සෙ හොරා කියනව "ඔව් ඔව් සල්ලි දුන්නෙ නැත්නම් මම උඹලගෙ අම්මව දුෂණය කරනවා..." කියල. ඊට පස්සෙ ඇම්ඩා ආයෙත් හොරගෙන් අහනව "හොරා මාමේ.... හොරා මාමේ.... ඔයා අපේ නංගිවත් දුෂණය කරනවද???" කියල.

ඊට පස්සෙ හොරා කියනව "ඔව් ඔව් යකො නංගි විතරක් නෙමෙයි තොවත් දුෂණය කරනව" කියල.
මෙන්න යකො ඒ පාර ඇම්ඩ අහපි "හොරා මාමේ.... හොරා මාමේ.... ඔයා අපේ ආච්චිවත් දුෂණය කරනවද" කියල.

එකපාරටම හොරටත් කලින් මෙන්න බොලේ පැනපු ගමන් ආච්චි කියපි "නැතුව නැතුව එහෙම නැතුව කොහොමද ???"

100%ක්ම ජලය...

ඇම්ඩා කියන්නෙ පන්තියෙ ඉන්න හොදම ළමය නෙමේ ෂෝක්ම කොල්ල කියල ඉතින් හෑමෝම දන්නවනේ...ඒකා ටීචර් කියන කිසිම දෙයකට හරියට උත්තරයක් දෙන්නේ නෑ මොනවහරි කියල හිනාවෙලා ඉන්නවා...

දවසක් මිස් පෝෂණය යන පාඩම උගන්නනවා...ඔන්න මිස් කියනව මාලුන්ගෙ වැඩිපුරම අඩංගුවන පෝෂණ ගුණ…

ප්‍රොඅටීන් 12%
කැල්සියම් 05%
ජලය 75%
මේදය 08% ... කියල මිස් ටික වෙලාවකින් අහනවා…"හොදයි ඇම්ඩා කියන්න බලන්න…මාලු කන එක කොච්චර ගුණදායකද කියලා…"

ඇම්ඩා කියනවා…"ටීචර් දැන් කඩේ මාලු කිලෝ 1ක් රු 150..ඊට වැඩිය හොදයි..මිස්..රු 40 වතුර බොඅතලයක් බොන එක..." කියලා..
ටීචර් අහනවා "ඒ මොකද ඒ???"

ඇම්ඩා කියනව රු 150 දීල 75% ජලය ගන්නවට වැඩිය ලාබයි..රු 40 දීල 100%ක්ම ජලය ගන්න එක…..

Friday, July 9, 2010

දවසේ කාර්ටූන්...

බස් කොන්දොස්තර...

තෑගි ලැබුණ කුඩා බස් රථය රැගත් ඈන්ගේ පොඩි පුතු , බස් කොන්දොස්තර කෙනෙකු මෙන් කෑ ගසමින් සෙල්ලම් කරන අයුරු කුස්සියේ සිටි ඈන්ට ඇසෙයි. වරෙක ඔහු මගීන්ට බැණ වැදෙයි. වාද විවාද බොහොමයකි.

"මොනවද ඕයි කරන්නේ ඇතුලට යනවකෝ ඔතන ඉන්නේ නැතිව...ගන්නව ගන්නව සල්ලි....කොහෙ යන්න ද ඕයි මේකේ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ තමුසේ තව පටෝනවා....මොකද තමුසේ ඔතන කරන්නේ බැරිනම් බැහැල වෙන එකක එනව...පාගල පලයන් බං. සී. ටී. බී. එකක් අපිව කපාගෙන යනව වගෙයි. ඇරල දාපං....ඔය නාකි එවුන්ට බස් එක නවත්තන්ඩ එපා යකෝ... පරක්කු වෙනවා"

 මගී පාර්ෂවය සහ කොන්දොස්තර පාර්ෂවය තනිවම නියෝජනය කරමින් ඔහු ක්‍රීඩා කරයි.

පුතාගේ වදන්වලින් කැළඹී ගිය ඈන් ආදරයෙන් පුතු අමතා......

"අනේ පුතේ... ඔයවගේ කථා කරන්න එපා... අපි කවුරුවත් ඔය වගේ කථා කරන්නේ නෑනේ... කොන්දොස්තර මාමලා කියනදේවල් අහගෙන ඉඳලා මයෙ පුතා ඒව කියන්ඩ එපා...මගේ හොඳ පුතානේ". කියා ඔහුට අවවාද දුනි.

ඊට පසු කිසිම සද්දයක් නැතිව බස් රථ ක්‍රීඩාව සිදු වේ. ඈන්ටත් හිනාය... පුතු කරුණාවෙන් මගීන්ට සලකයි.

"ආ.... ඔන්න ඔක්කොමල බහින්න......."

බස්රථය ගමනාන්තයට පැමිණ ඇත. ගමනාන්තයේදී ඇසුණු දෙබසින් ඈන්ට දෙලෝ සිහිවිය.

"මීට වඩා හොඳයි පයිං ආවනම්. තමුසෙලා ගෑටුවනේ අයිසේ...... "

"පරක්කු උන හේතුව ගිහිං අහගණින් අපේ අම්මගෙන්. අන්න ඉන්නව කුස්සියේ... තමුසෙට විතරක් නෙවෙයි ඕයි මටත් පාඩුයි. මම ආපු විදිහට ආවනම් මෙලහකට අනිත් ටර්න් එකටත් බස් එක ගහල"


ඉක්මනින් වේලීම...

සිරිපාල සහ ගුණපාල මානසික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනෙකි. දිනක් සිරිපාල රෝහලේ පිහිණුම් තටාකයට පැන්නේය. පිහිනීමට නොදත් හේ දියෙහි ගිලෙනවිට ගුණපාල තටාකයට පැන්නේය. මහත් පරිශ්‍රමයක් දරා සිරිපාලව මරණයෙන් ගලවා ගත්තේය. මේ සිද්ධිය රෝහලේ සියළුදෙනාගේ කථා බහට ලක්විය. මොහොතක් යන්නට මත්තෙන් තවත් ආරංචියක් රෝහල පුරා පැතිරී ගියේය. එනම්, සිරිපාල නාන කාමරයේ ගෙල වැලලාගෙන මියගොස් ඇති බවය.

සිරිපාලගේ වියෝවෙන් දින කීපයකට පසු රෝහල් අධ්‍යක්ෂවරයා පුමුඛ වෛද්‍ය මණ්ඩලය ගුණපාලව කාර්යාලයට කැඳවා "ගුණපාල, මිනිසෙක් මරණයෙන් ගලවා ගත් නිසා අපට සිතෙනවා ඔබ දැන් සුවපත්වී ඇතැයි කියා. ඔයා ගෙදර යන්න. ඔයාට හුඟක් ස්තූතියි. අධ්‍යක්ෂවරයා ඇමතූ .....

ගුණපාල - "ඔව් මට දැන් සනීප තමයි.හැමෝම මට ස්තූති කලා ඒවෙලාවේ, ඌව ඉක්මනට වේල ගන්න බෙල්ලලට ලණුවක් දාල නාන කාමරේ එල්ලුවෙත් මමම තමයි"

Thursday, July 8, 2010

අරේ සහ මරේ

තව කථා දෑම්මා...අහල බලල comment එකක් දන්න අමතක කරන්න එපා ඕන්...

ඇම්ඩා දෙක වසරේ...

"ඔන්න ඇම්ඩා දෙක වසරේ ඉන්න කාලේ දවසක් ටීචර් කිව්වලු මූට . . පුතා ඔයා හෙට ඉස්කෝලේ එන්න ඕන නෑ හොඳේ . . ගෙදරට වෙලා සෙල්ලම් කරන්න . . කියලා . . "

"ඇයි තීත එහෙම තිව්වේ . . කියලා මූ ඇහුවලු"

"පුතේ හෙට ඉස්කෝලෙට ඉන්ස්පෙක්ටර් මහත්තුරු එනවා. ඔයා මොකක් හරි නෝටි වැඩක් කලොත් ඉස්කෝලෙට හොඳ නෑ නේ . . ඒක නිසයි මම එහෙම කිව්වේ කියලා . . ටීචර් මූව ශේප් කරගන්න කියලා හිතලා කිව්වලු"

"මූ සාමාන්‍යයෙන් වෙනදට ස්කූල් කට් කරනවලු . . ඒත් ටීච ම එන්න එපා කිව්ව හින්දා කරන්නම් හොඳ වැඩක් කියල හිතලා පහුවදා වෙනදටත් වඩා උදෙන්ම ඉස්කෝලේ ගියාලු"

"ටීචර්ට හීන් දාඩිය දැම්මලු මූව දැක්ක ගමන් . . ඒත් දැන් මොකෝ කරන්නේ කියලා හිතලා ඊහ්නම් හොඳ පුත වගේ දඟ වැඩ නොකර ඉන්න කියලා මුගේ ඔලුව එහෙම අතගෑවලු"

"ඔන්න ඉතිං ඉන්ස්පෙක්ටර්ලා ඇවිත් පංතියෙන් පන්තිය ට යනවලු . . මූ ඉන්න පංතියටත් ඇවිත් ආයිබෝවන් ළමයි . . . කියලා සුභ පැතුවලු. . ළමයිනුත් ආයිබෝවන් ත. . ර් . ." කියලා සර්ටත් සුභ පැතුවලු.

"හරි මේ චූටි දූලා පුතාලා අතරින් සිංදුවක් කියන්න පුලුවන් කවුරු හරි ඉනවානම් අත උස්සන්න . . " කියලා සර් කිව්වලු.

"ළමයි නෝ හෙල්ලුම්ලු . . "

"සර්ට ටිකක් අප්සට් වගේලු . . "

"හරි එහෙනම් කවියක් කියන්න පුලුවන් ළමයෙක් . . ?"

"ඒත් ම් . හු ලු . . "

"හරි කමක් නෑ කතාවක් කියන්න දන්න ළමයෙක් ඉන්නවද එහෙනම් . . "

"ටික වෙලාවක් ගිහින් ඇම්ඩා හෙමීට ටීචර් දිහා බල බල අත උස්සන්න හදනවලු . . ටීච අතින් කියනවලු අත පහත දාන්න කියලා. .

"මේක දැකපු සර්ට හරි තරහයිලු . . . ඇයි මිස් ඔයා එහෙම කරන්නේ . . බලන්න ඒ ළමයගේ ඉදිරිපත් වීම කොයි තරම් ලොකු දෙයක් ද . . ඔයා කරන වැඩෙන් ඒ ළමයට ලොකු අසාධාරණයක් වෙනවනේ . . කියලා බැනලා හරි පුතා එන්න . . ඉස්සරහට ඇවිහ් ඔයාගේ කතාව කියන්නකෝ . . කිව්වලු . . "

"තබාවෙන් අවසරයි . මා මෙතනට පැමිනියේ තතාවක් කිලීමතයි . . කිව්වලු . . "

"අනේ ශෝක් පුතෙක් . . සර් කිව්වලු . . . "

"ඔන්න එතෝමත් එත රතක තූති කුලුල්ලෙකුයි කපුතෙකුයි හොඳ යාලුවෝ වෙලා ඉතියාලු . . "

"ලස්සන කතාව වගේ නේද පුතා . . ටීචර්ට රවලා බලලා සර් කිව්වලු. . "

"පායන කාලේ පුලාම තූති කුලුල්ලා කෑම බීම දාති දොදාක් එකතු කලගෙන එයාගේ කූදුවේ තියා ගත්තාලු . . "

"ශා මොලේ තියෙන කුරුල්ලෙක් නේද පුතා . . සර් ඇහුවලු . . "

"කපුතා කලේ පායන කාලේ පුලාම තින්දු කිය කිය නත නත හිතපු එක තමයිලු . . ."

"මෝඩ කපුටෙක් නේද පුතේ . . ඉතිං ඉතිං . . "

ඔන්න ඉතිං වැත්ත කාලේ ආවලු . .. තූති කුලුල්ලා එයාගේ කූදුවත වෙලා කෑම බීම කකා සතුතෙන් හිතියලු . . "
එතකොට පුතේ කපුටා . .

"කපුතත හොඳතෝම බදගිනි වුනාලු . . එයාට කන්න මොතුත් නෑ . . එයා තූති කුලුල්ලගේ කූදුව ලඟත ගිහින් කිව්වලු . .. යාලුවේ යාලුවේ , , අනේ බත බදගිනී . . ඔයාගේ කෑම මොනා හලි මත දෙන්න . . තියලා . . "

"ඉතිං . . චූටි කුරුල්ලා මොනාද කිව්වේ . . "

"ආ ඔයා යන්න . . . ඔයා වැත්ත කාලේ පුලාම තිංදු කිය කිය හිතියේ . . දැන් නිකන් ඉන්න . . . මත බෑ ඔයාත මොකුත් දෙන්න කියලා . . .තූති කුලුල්ලා තිව්වලු . . "

"හොඳ වැඩේ නේද පුතේ . . "

"කපුතත හොඳතෝම තලහා ගියාලු . . එයා කිව්වලු . . ආ වැස්ස පායපුවාකෝ . . මම තොගේ කූඩුවත් කඩලා . . . තොගේ අම්මට . . . .. . ලා තොටත් . . .. . තමයි පස්ස බලන්නේ කියලා . .. "

සර්ට කලන්තේ දාලා වැටුනාලු . .

කාර් එක...

සැමියා අලුත් ම මෝටර් රථයක් මිලට ගත්තේ ය. රථය රැගෙන වෙළෙඳපළට යෑමට ඔහු ගේ බිරිඳට වූයේ බලවත් ආසාවකි. එහෙත් බිරිඳ අලුත් ම මෝටර් රථය ධාවනය කිරීම පිළිබඳව සැමියා කිසිදු කැමැත්තක් නො දැක්වීය. දිනක් බිරිඳ සුපුරුදු ලෙස ම ඇගේ ඉල්ලීම ඉදිරිපත් කළාය.

බිරිඳ - “අනේ මට අද වත් කාර් එක ඩ්‍රයිව් කරන්න දෙන්න කෝ”

සැමියා - “බෑ... මම සැරයක් කිව්වා නේ”

බිරිඳ - “ඔයාට මාවද ලොකු කාර් එක ද ලොකු?”

සැමියා - “මට කවදත් ලොකු වුණේ ඔයා නේ”

බිරිඳ - “එහෙනං ඇයි මට කාර් එක නො දෙන්නේ?”

සැමියා - “... ඔයාට තියෙන ආදරේ නිසා. බලන්න ඔයා කාර් එක එළවන්න ගිහිං ඇක්සිඩන්ට් එකක් වුණොත් මොකද වෙන්නේ?”

බිරිඳ - ඒක තමයි මම කිව්වේ ඔයාට මට වඩා ලොකු කාර් එකයි කියලා”

සැමියා - “නෑ.. නෑ.. ඇක්සිඩන්ට් එකක් වුණොත් පොලීසිය ඔයාගේ ඩ්‍රයිවින් ලයිෂන් අරගෙන ඒ විස්තර පොලිස් පොතේ ලියා ගන්නවා. ඊට පස්සේ ඒ විස්තරේ පත්තරේටත් වැටෙනවා නේ.

බිරිඳ - “ඉතිං?”

සැමියා - “ඉතිං කියන්නේ.. ඔයාට තේරෙන්නේ නැද්ද.. එතකොට ඔයා ගේ නියම වයස හැමෝම දැන ගන්නවනේ..”

බිරිඳ - “අනේ ඩාලිං ඔයා නං මට ඇත්තටම ආදරේ බව අද හොඳටම දැන ගත්තා”

සැමියා අලුත් ම මෝටර් රථය හා බිරිඳ ගේ ආදරය යන දෙකම රැක ගත්තේ එසේ ය.

පියසීලි...

පියසෝමට පියසීලි මුණ ගැසුණේ අගනුවරදීය.

දැන හැඳින ටික දිනකින් පියසීලි විවාහ කර ගන්නට කැමැත්ත පළ කළ පියසෝම ඇය සමඟ තම මාමා ගේ නිවසට ගියේ, විවාහය පිළිබඳව ඔහුට දන්වා අනුමැතිය ලබා ගන්නා අදහසිනි.


පියසීලි දුටු පියසෝම ගේ මාමා ඇස් උඩ හිඳුවා, නළල රැළි ගන්වා පියසෝම දෙස බැලුවේ බලවත් විමතියකිනි. සීමාවක් නොමැති ඇගේ විරූපී බව දැක කෝපයට පත් හෙතෙම, පියසෝම පසෙකට කැඳවා රහසින් නමුත් කෝපයෙන් මෙසේ කියන්නට විය.


"කොහෙන්ද ගොනෝ මේ දරහෑව උඹ හොයා ගත්තේ? දත් ඇන්ද කෙහෙල් ඇවරියක් වගෙ එළියට පැනලා. ඇස් දෙක හොඳටෝම වපරයි. බොම්බාය දිහා බැලුවාම පේන්නෙ කල්කටාව. ඒ මදිවට බෙරි තොල යටින් රැවුල් ගස් ඇදිලා. මෙහෙම ගෑනියෙක් ගන්ඩ උඹට ඔල්මාදෙ ද හැබෑට?"


"ඔච්චර හෙමිහිට, රහසේ කථා කරන්ඩ ඕනෙ නෑ මාමේ. පියසීලිගෙ කන් ඇහෙනවත් හොරයි." පියසෝම බයාදු අයුරින් හිනාවී කීවේය.

මටත් ඕකම තමයි...

ඔන්න දවසක් පොරවල් දෙකක් ටවුන් එකේ පාරක් දිගේ ඇවිදගෙන යනවලු. දෙන්න හොඳ යාළුවොලු. ඇතින් ඉස්සරහට ගෑණු දෙන්නෙකුත් එනව පේනවලු.
ඒ බව දැක්ක ගමන් එක පොරක් කඩාගෙන බිඳගෙන පාරෙ අයිනෙ තිබුණ හෝටලයක් ඇතුලට ගිහින් පස්සෙ දොරෙන් පිටවෙලා හැංගුණා ලු.

මෙන්න බොලේ බැලින්නං අනිත් පොරත් දුවගෙන එනවලු හෝ ගාල.

"මචං මාර වැඩේ නේ තව පොඩ්ඩෙන් වෙන්නෙ, මගෙ ගෑනියි හොර ගෑනියි දෙන්න එකට එනව දැක්ක අපි ඉස්සරහට ඒකයි මං හැංගුනේ" මුලින්ම දුවපු පොර කිව්වලු.

"මටත් ඕකම තමයි මචෝ වෙන්න ගියේ.. ..!!!" ඒ අනිත් එකා කිව්වලු.

Wednesday, July 7, 2010

මා උස්සා කැලේ...

මගීන් නංවා ගැනීම පිණිස නවතා තිබූ බස් රථය වෙත පැමිණි රූපා, රියැදුරු අසුනේ වාඩිවී, සිගරැට්ටුවක් උරමින් සිටි ගැටයා ගෙන් මෙසේ ඇසුවාය.

“මා උස්සා කැලේ’ට යන්ඩ පුළුවන් ද?”

රූපා ගේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා කෑදර බැල්මක් හෙළූ ගැටයා මෙසේ පිළිතුරු දුන්නේය.

‘කැලේ යන්ඩ ඕනෙ නෑ. අපි රෙස්ට් හවුස් එහෙකට යමු.’

කන් බිහිරි වීම...

දුර ගමනක් යමින් සිටි චාලී අතරමඟ රිය නතර කෙළේ ඉන්ධන පුරවා ගැනීමට ය. ඒ අතර ඔහු ගේ බිරිඳ නැන්සි ඉන්ධන පිරවුම් හළේ වූ වෙළෙඳසලකට ගියාය. රිය පණ ගන්වා ගත් චාලී වේගයෙන් එය ධාවනය කරමින් සැතපුම් කිහිපයක් ඉදිරියට ගමන් කෙළේය.

මේ අතර ඔහු පසුපසින් හඹා ආ පොලිස් මුර සංචාරක රථයක් මඟ අවහිර වන සේ නතර කෙළේ ය. ඉන් බැස ගත් පොලිස් නිලධාරියෙක් චාලී සමීපයට පැමිණියේ ය.

පොලිස් නිලධාරියා - මහත්තයා දන්නැද්ද ඔයා ගේ නෝනාව පෙට්‍රල් ෂෙඩ් එකේ දාලා ඇවිත් තියෙන බව.


චාලී - දෙයියන්ට ස්තූති වෙච්චාවේ. ඒත් මං හිතුවා උන් හිටි ගමන් මගේ කන් බීරි වුණේ කොහොමද කියලා.

ඔය ඇති...

පාර අයිනේ නැවතී කතා කරමින් සිටි තරුණ යුවළක් කුලී රථයක් නවත්වා එයට ගොඩ නැඟුණේ ය. තරුණ යුවළගේ් මඟ පෙන්වීමට අනුව ටික දුරක් ඉදිරියට ගිය රථය එක්වරම නැවතුණි.

”මොකද නැවැත්තුවේ?” තරුණිය රියැදුරාගෙන් ඇසුවේය.

”ඇයි නෝනා කිව්වේ, ‘ඔය ඇති, ඔතනින් නවත්තන්න.’ කියලා.” රියැදුරා පිළිතුරු දුන්නේය.

”තමුසෙ යනවා. ඒ කිව්වේ තමුසෙට නෙමෙයි.” තරුණිය, තරුණයා දෙස රවා බලමින් කීවාය

Tuesday, July 6, 2010

පිඟන්

රාත්‍රි කෑමෙන් පසු එක් නිවෙසක දරුවෝ ආලින්දයේ සෙල්ලම් කරමින් සිටියෝ ය. ටික වේලාවකින් මහා ශබ්දයක් නඟමින් පිඟන් බිඳී යනවා කුස්සිය පැත්තෙන් ඇසුණි.


“අනුමානයක් නෑ. පිඟන් ගොඩ බිම වැටෙන්න ඇත්තේ අම්මගෙ අතින්.” එම ශබ්දය නැඟුණු දෙසට හොඳින් කන්දී සිටි දියණිය කීවාය.

“දකින්නෙත් නැතුව ඔයා කොහොමද මෙතන ඉඳගෙන හරියටම කියන්නේ, ඒ අම්මයි කියල” පුතා ඇසුවේ තරමක විමතියකිනි.

“ඔයාට ඒ ටිකවත් තේරෙන්නෙ නැද්ද අය්යේ. පිඟන් බිඳුණේ තාත්තා අතින් නම්, ඒ එක්කම චටාස් ගාලා සද්දෙකුත් ඇහෙන්ඩ එපායැ. කෝ එහෙම සද්දයක් ඇහුණේ නැහැනෙ” දුව පිළිතුරු දුන්නාය.

සිරිබිරිස්...

පලා මල්ල

Monday, July 5, 2010

කිරි වෙළෙන්දා...

අප්‍රකට, අපූරු දිය ඇල්ලක් පිළිබඳව හදිසියේ කියවන්නට ලැබුණු කවියෙක් එය දැකීමේ ආශාවෙන් වංහුං අසමින් දිය ඇල්ල පිහිටි පෙදෙසට ළඟා විය. හේ සාහිත්‍යයට ඉමහත් ළැදියාවක් දැක්වූ අයෙකි.

පටු පාරක් ඔස්සේ දියඇල්ලේ හඬට ඉව අල්ලමින් පැමිණි හේ වංගුවකින් හැරුණු වහාම ඇසට හසුවූ සුදෝ සුදු පෙණපිඩු නංවමින් ඇද හැලෙන දිය ඇල්ල දැක වශීකෘතව හුන් තැනම නැවතී ඉතා ආශාවෙන් එදෙස බලා සිටින්නට විය.

දිය ඇල්ල පාමුල සිට තමා මෙන් ම ඒ දෙස බලා සිටින අයකු දුටු හෙතෙම සතුටින් ඔහු වෙත පිය නඟමින් මෙසේ විමසුවේ ය.

"නිසංසලේ සුන්දරව ගලා බසිනා මේ දියඇල්ල දෙස ඇසිපිය නොහෙළා බලා සිටින ඔබ කුමන කලාකරුවෙක් ද?"

"මම කිරි වෙළෙන්දෙක්" යනුවෙන් පිළිතුරු දුන් හෙතෙම බෝතල් මල්ල ද එල්ලාගෙන නොපෙනී ගියේ ය.

චිත්‍රපටය...

එය එක්තරා චිත්‍රපටයක ජවනිකාවක් රූගත කෙරෙන අවස්ථාවකි. එහි ප්‍රධාන චරිතය රඟපෑ නළුවා තරුණ නිළියන් අමාරුවේ දැමීම පිළිබඳ ප්‍රචලිත අයෙක් විය.

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ප්‍රධාන නිළිය සහ නළුවා හට රූගත කිරීමට නියමිත අවස්ථාව පහදා දෙමින් සිටියේ ය.

"දැන් තියෙන්නේ ඔයාව ගඟේ ගහගෙන යන සීන් එකක්. ඔයා ගහගෙන යද්දී මෙයා ගඟට පැනලා ඔයාව බේරගන්නවා. ඉතින් ඊට පස්සේ…"

"ඔව් ඊට පස්සේ මාව මෙයාගෙන් බේරගන්නේ කවුද?" නිළිය වහා ඇසුවා ය.

Sunday, July 4, 2010

සිරිබිරිස්...

බල්ලන්ට දෙන විස්කෝතු...

සිල්ලර කඩයක මුදලාලි කවුන්ටරය ඉදිරිපිට වාඩි වී පුවත්පතක් බලමින් සිටියේ ය. මද්දහන පසු වෙමින් පැවති වේලාව වූ බැවින් දෝ පාරිභෝගිකයෝ කිසිවෙක් කඩයේ නොවූහ.

කවුන්ටරය අසලට පැමිණි පාරිභෝගිකයෙක් මදක් නතරව, කඩයේ රාක්ක තුළ අසුරා ඇති වෙළෙඳ භාණ්ඩ දෙස විමසුම් දෑසින් බලා මුදලාලි ගෙන් මෙසේ ඇසීය.

"මුදලාලි බල්ලන්ට දෙන විස්කෝතු මෙහෙ තියනවද?"

මුදලාලි කියවමින් සිටි පුවත්පතින් දෑස් ඉවත් කර උත්තර දෙමින් පෙරළා මෙසේ විමසීය.

"ඔව් තියෙනවා. දැන් කන්ඩද ගෙදර ගෙනියන්ඩද?"

Saturday, July 3, 2010

ක්ෂණික ප්‍රතිඵල...

"තමුසේ ගිය සුමානෙ පත්තරේ දැන්වීමක් දානවයි කිව්වා නේද? ඇත්තටම අයිසෙ, ඔය දැන්වීම්වලින් ප්‍රයෝජනයක් තියෙනවද?" සුමනවීර තම අසල්වැසි ව්‍යාපාරික ජයසේකර ගෙන් ඇසීය.

"ඇයි නැත්තෙ? බොහොම ඉක්මන් ප්‍රතිඵල දැන්වීම්වලින් ලැබෙනවා. මම පෙරේදා මුරකාරයෙක් ඉල්ලලා පත්තරේ දැන්වීමක් දැම්මා. ඊයෙ රෑ හොරු සාප්පුව කඩලා..." ජයසේකර කීය.

ඔව්වට එන්න එපා...

පාරේ ගමන් කරමින් සිටි ප්‍රේමදාස කුඩයක් ඉහළා ගෙන පැද්දෙමින් ලතාවකට ඇවිද යන තරුණිය පසු කරන ගමන් මෙසේ කීය.

"නංගි අද හරි අව්වයි නේද?"
තරුණිය කටකාරියකි. ඈ තරුණයා අපහසු තත්වයට පත් කරන අදහසින් රළු මුහුණක් පෙන්වා මෙසේ කීය.

"මේ... ඔව්වට විතරක් එන්න එපා මාත් එක්ක. තේරුණා ද?"

"නෑ නෑ නංගි වරදවල තේරුම් ගන්න එපා. අනිත් එව්වාවලට පස්සෙ එන්නම්..."කී ප්‍රේමදාස යන්නට ගියේ ය.

විශේෂ උපහාරය...

දවසක් දා කන්ද උඩ බංගලාවේ ගුණවර්ධන හාමු තම මෙහෙකරු ජෝන් අමතා මෙසේ කීවේ ය.

"ජෝන් උඹ අපි ළඟ අවුරුදු විසි පහක් බොහොම අවංකව ඒ වගේ ම කීකරුව වැඩ කරලා තියෙනවා. ඒ හින්දා මම තීරණය කළා ඒ වෙනුවෙන් උඹට විශේෂ සැලකීමක් කරන්ඩ..."

"අනේ ඒක නං ලොකු උදව්වක් සර්. ඉතින් මොකද්ද ඔය සැලකීම?" ජෝන් නොඉසිලිමත්ව ඇසුවේ තම හාම්පුතා ඉදිරියේ දෙකට නැවෙමිනි.

"අපි හැමෝම මීට පස්සෙ උඹට කතා කරන්නෙ මිස්ටර් ජෝන් කියල..." ගුණවර්ධන හාමු කීය.

Thursday, July 1, 2010

අරේ සහ මරේ...

අද ඉදන් ඔබට මං ගේන අලුත්ම විශේෂාංගය තමා අරේ සහ මරේ...

හැමදම අලුත් කොටස් ඔයාලට දෙන්නයි හිතන් ඉන්නේ...

අද හොද අරම්භයක් ගන්නත් එක්ක කියල මෙන්න කතා 6ක්ම...

ඒව අහන්න >>මෙතන කොටන්න<<

පිස්සන් කොටුවෙන් පැනයාම...පාර්ට් 2...

පිස්සන් කොටුවෙන් පැනයාම...පාර්ට් 1... කියෙව්වේ නැත්නම් >>මෙතන කොටන්න<<

ඔන්න ඉතින් අර පිස්සො තුන්දෙනා ආපහු තාප්පේ හදලා ඉවරවෙනකන්ම ඉඳලා,ඊලඟට ආපු පෝය දවසේ මහ රෑ පිස්සන් කොටුවෙන් සාර්ථකව පැනගත්තලු.( ඇයි ඉතින් මාස ගානක ප්‍රැක්ටිස් එකකුත් තිබුණනේ )

ඔන්න දැන් තුන්දෙනා පයින්ම යනවලු පාර දිගේ.ඔහොම යනකොට කඩයක් අයිනේ නවත්තලා තියෙනවලු අලුත්ම කිරිකිරි බයිසිකලයක්.

ඒ වෙලාවේ බයිසිකලේ අයිතිකාරය කඩේ ඇතුලේ කෑම බීමවලින් සප්පායන් වෙනවා මගේ හිතේ.( එහෙම නොවුණත් එහෙමයි කියලා හිතාගමු,නැත්තන් කතාව ලියන්න බෑනේ )

දැන් ඉතින් තුන්දෙනාටම "පිස්සු" වගේලු!දුවගෙන ගියාලු , නැග්ගලු බයිසිකලේට.

එකෙක් බයිසිකලේ එලවන සීට් එක උඩලු,අනිත් දෙන්නා බයිසිකලේ හැන්ඩ්ල් එක උඩලු!ඒ කියන්නේ බයිසිකලේ එලවන එකාට පාර පේන්නේ නෑ , ඉතින් එලවන පිස්සට පාර කියන්නේ අර හැන්ඩ්ල් එක උඩ ඉන්න දෙන්නා.ඔන්න දැන් තුන්දෙනා චූන් එකේ යනවලු බයිසිකලේ නැඟලා.

( දැන් අහන්න එපා බයිසිකලේ ස්ටාට් කලේ කොහොමද , දෙන්නෙක් කොහොමද හැන්ඩ්ල් එක උඩ යන්නේ ! වගේ දේවල්. හින්දි ෆිල්ම්වල වෙන දේවල්වල හැටියට මේව මොනවද අනේ! )

[අනික බොස් අයියා මොකට පිස්සෝ තුන්දෙනෙක්ව පිස්සන්කොටුවෙන් පැන්නුවද මන්දා.මෙච්චරකල් එයාගේ කතාවල පැන්නේ පිස්සෝ දෙන්නයි.මේ පාර අලුත් අයිඩියා පාරක් ඇති බොස් අයියගේ.මිනිහා මොලකාරයනේ ඉතින්.]


මේ පිස්සෝ තුන්දෙනා දන්නේ බයිසිකල් ගැන විතරයි.ඒ කියන්නේ පිස්සු හැදුනට පස්සේ වෙන වාහන ගැන අමතකවෙලා.

ඉතින් ඔන්න තුන්දෙනා යනවලු දැන් හැටට හැටේ!යන්නෙත් රෝන්ග් සයිඩ් එකෙන්.ඒ කිව්වේ පාරේ වම්පැත්තෙන් නෙවෙයි,දකුනු පැත්තෙන්ලු.

ඔහොම යනකොට ඔන්න ඈතෙන් එනව පේනවලු ලයිට් එකක්. දැන් ඉතින් මේ පිස්සු අයියන්ඩිලා දන්නේ බයිසිකල් ගැන විතරයිනෙ අනික තනි ලයිට් තියෙන්නේ බයිසිකල් වලනේ,ඔන්න හැන්ඩ්ල් එක උඩ ඉන්න දෙන්නා,බයිසිකලේ එලවන පොරට කිව්වලු

"මචෝ ඈතින් බයිසිකලයක් එනවා.මිනිහා රෝන්ග් සයිඩ් එන්නේ,වම්පැත්තට දාගෙන යමු , නැත්තන් මේ පිස්සා අපිවත් හප්පයි" කියලා.

ඉතින් අපේ ඩ්‍රයිවර පිස්සා බයිසිකලේ සාර්ථකව වම් පැත්තට ගත්තලු.මොහොතකින් අර ඈතින් ආපු බයිසිකලේ සිං... ගාල පහු කරන් ගියාලු මේ තුන්දෙනා යන බයිසිකලේ.

"බලපන් බං ඌටනං අමු පිස්සු.රෝන්ග් සයිඩ් දාගෙන තව හැටට හැටෙත් යනවා!වැඩි දුරක් යන්න කලින් මිනිහ හොඳ පාඩමක් ඉගෙන ගනියි"

කිය කියා හැන්ඩ්ල් එක උඩ ඉන්න උන් දෙන්නා අර ගිය බයිසිකල් කාරයට බනිනවලු.

ඔන්න තව ටිකක් දුර යනකොට තව ලයිට් එකක් එනවලු වම් පැත්තේ ඉස්සරාහින්.
දැන් උඩ ඉන්න දෙන්නා කියනවලු ;

"අනේ බන්!උඹ රෝන්ග් සයිඩ්නේ බන් යන්නේ.ඔන්න තව බයිසිකලයක් එනවා ඉස්සරාහින්,දකුණු පැත්තට ගනින්" කියලා.

ඔන්න ඩ්‍රයිවර් අයියා බයිසිකලේ දකුනට ගත්තලු.අර බයිසිකලෙත් මේ පිස්සු සෙට් එක පහු කරගෙන ගියාලු.

ඔන්න ඊලඟට තමයි සිද්ධිය වෙන්නේ!

දැන් ඔන්න ඈතින් එනවලු ලයිට් දෙකක්!ඔන්න දැන් හැන්ඩ්ල් එකේ ඉන්න දෙන්න කිව්වලු ඩ්‍රයිවරයට ;

"ඔන්න මචෝ බයිසිකල් දෙකක් එනවා ඈතින්.වමට කපන්නත් එපා , දකුණට කපන්නත් එපා.උන් දෙන්නා එකටමයි එන්නේ , ඒ නිසා පාර මැද්දට වෙන්න අල්ලපන්" කියලා!

අපේ ඩ්‍රයිවර පිස්සාත් අර දෙන්න කියපු විදියට පාර මැද්දට වෙන්න බයිසිකලේ අල්ලලා ගියාලු!

දඩා...ස්!!!!! ගාලා සද්දයක් ආවලු.

අනේ අපේ කතා නායකයෝ තුන්දෙනා උඩී..න් ගිහිල්ලා වැටුනලු පාර අයිනේ තිබුණු කානුවකට.( වෙලාවට තුන්දෙනාටම මුකුත් වුණේ නෑ ඔන්න )

හැප්පෙන්න හේතුව?

ඇවිත් තිබුණේ බයිසිකල් දෙකක් නෙවෙයි , ලොකු බස් එකක්!ඒකේ ඉතින් ලයිට් තියෙන්නේ ඈතින්නෙ!ඒත් ඉතින් මේ පිස්සු අයියන්ඩිලා දන්නේ බයිසිකල් ගැන විතරයිනේ.

ඔන්න දැන් බයිසිකලේ එලෝපු එකා අනිත් උන් දෙන්නට බනිනවලු හෝ ගාලා!

"මොකක්ද බන්!උඹලට හරියට පාරවත් බලල කියන්න බෑනේ!" කිය කියා.

එතකොට අනිත් දෙන්නගෙන් එකෙක් කියනවලු

"නෑ බන්!අපේ වරදක් නෙවෙයි.දෙපැත්තෙන් ආපු බයිසිකල් කාරයෝ දෙන්නා මැද්දෙන් ලයිට් නැතුව තව බයිසිකල් කාරයෙක් ඇවිත් බන්!" කියලා.