Saturday, April 30, 2011

කූඹි තමයි...

දඹදිව වන්දනාවේ යාම සඳහා චාමනී කටුනායක ගුවන් තොටුපළට ගියේ තම සැමියා, දරුවන් සහ තවත් සමීප හිතවතුන් පිරිසක් සමඟය. චාමනීටත් ඇගේ යෙහෙළියක වූ රමණීටත් ගුවන්යානයේ එක ළඟ අසුන් ලැබුණි. රමණී මින් පෙර කීප වරක් විදේශයන්හි සංචාරය කර තිබුණි. එහෙත් මේ චාමනීගේ පළමු ගුවන් ගමන විය.

රමණී සමඟ ටික වේලාවක් ආගිය තොරතුරු කතාබහ කරමින් සිටි චාමනී හදිසියේම ගුවන් යානයේ කවුළුවෙන් පිටත බලා මෙසේ කීවාය.

"හානේ... බලන්ඩකො රමණි අර පහළ ඉන්න මිනිස්සු. හරියට කූඹි පෙළක් වගෙ."

රමණි කුහුලින් හුනස්නෙන් මඳක් එසවී කවුළුව දෙසට නැඹුරුව එබී පිටත බලා සිනාසෙමින් මෙසේ කීවාය.

"ඒ කූඹි තමයි චාමනී. අපි තාම පිටත්වුණේ නෑ."

සිළුමිණ

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...