Saturday, May 21, 2011

අපූරු බෙහෙත...

චිත්‍රපට නිෂ්පාදක දැරණියගලට තම උදරය වුවමනාවට වඩා ඉදිරියට නෙරා ඇති බව දැනුණේත් එය අසුන්දර ලක්ෂණයක් බව වැටහුණේත් ඔහු සමඟ මෑතකදී හාද වූ චිත්‍රපට නිළි කුසුම්රාණි, තමා හා තනිවූ මොහොතක කළ සරදමක් නිසාය. ඔහු වහා විශේෂඥ වෛද්‍යවරයකු හමුවී තම උදරය අඩුකර ගැනීම සඳහා ප්‍රතිකාර පැතීය...

වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු දැරණියගල කෙළින්ම ගියේ කුසුම්රානි ගේ නිවෙසටය. ඔහු පෙති පිරවූ ලොකු බූලියක් ද රැගෙ එනු දුටු කුසුම් දෑස් මහත් කොට මෙසේ ඇසුවාය...

"මගෙ අම්මෝ! ඩගී මේ පෙති ඔක්කොම බොන්ඩද?"

"නෑ.. නෑ.. ළමයෝ බොන්ඩ නෙමෙයි. ඩොක්ටර් කිව්වේ උදේ හවස මේ පෙති ගෙදර සාලෙ මැද්දෙ හලලා, එකින් එක අහුලලා ආපහු බූලියට දාන්ඩ කියලා. ඒ විදියට මාසයක් කළාම බඩ හොඳටම බහියි කියල ඩොක්ටර් කිව්වා." දැරණියගල කීවේ බඩ අතගාමිනි...

සිළුමිණ

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...