Tuesday, May 25, 2010

නෝනගෙන් තමයි අහන්න ඔනේ...

වේගයෙන් පැමිණි රියක් වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට නතර කෙරුණි. ඉන් කඩිනමින් බැස ආ සුරංග කඩිමුඩියේ වෛද්‍යවරයා ළඟට දුවගොස් මෙසේ ඇසීය.

"අනේ ඩොක්ටර්... ඉක්මනට ඉක්කාවට බොහෙතක් තියෙනවා නම් දෙන්නකො..."

කිසිවෙක් නොකී වෛද්‍ය වරයා අත දිගහැර සුරංගගේ කම්බුලට වේගවත් පහරක් ගැසීය.

"ක්ෂණික කම්පනයට පත් වුනාම ඉක්කාව ඉබේම හරි යනවා... දැන් කොහොමද ඉක්කාව හොඳද..?"

කම්ඹුල අතගාමින් වෛද්‍යවරයා දෙස විශ්මයෙන් බලා සිටින සුරංග වෙතට හැරෙමින් වෛද්‍යවරයා ඇසිය...

"දන්නෙ නෑ ඩොක්ටර්" සුරංග පිළිතුරු දුනි.

"ඉක්කාව තියෙන්නේ මගේ නෝනාට.... එයා කාර් එකේ ඉන්නවා... මම අහලා එන්නද???"

ආයුබෝවන්...

සුද්දෙක් ලංකාවට එන්න Sri Lankan Airlines වලට අයිති ප්ලේන් එක්කට නැග්ගා.නැගලා සීට් එකේ වාඩි වෙලා ඉන්නකොට ගුවන් සෙවිකාවක් ලඟට ඇවිල්ලා නලවලා වනවලා “ආයුබෝවන්” කියලා කිව්වා.

සුද්දා පුදුමෙන් වගේ බලලා “No I’m Henry ” කියලා කිවා.

Air hostess අක්කත් ආයේ විරිත්තලා ලතාවට “ආයුබෝවන්”

සුද්ද මල පැනලා “Please don’t disturb me! I’m Henry” කිව්වා.

පස්සේ තමා සීන් එක දනේ.සුද්දට ආයුබෝවන් එක තේරිලා තියේන්නේ  “ආ යූ බෝවන්(Are You Bowen )” කියලා.

උගුරක් ගැහැව්වම ඇති ...

සෑම දිනෙකම බීමත්ව සිටින සොල්දාදුවකු දෙස බලා කණ්ඩායම භාර නිලධාරියා මෙසේ කීවේය.

"ඇයි තමුසෙ මේ අරක්කු බීලම ජීවිතේ නැති කර ගන්ඩ හදන්නෙ. ඔය ජරා පුරුද්ද දැන්මම අතහැරියොත් තමුසෙට වැඩි දවසක් නොගොහින් කෝප්‍රල් කෙනෙක් හරි සාජන් කෙනෙක් හරි වෙන්ඩ පුළුවන්, ලේසියෙන්ම."

එය අසා සිටි සොල්දාදුවා ගොත ගසමින් මෙසේ පිළිතුරු දුන්නේය.

"ඒත් සර් මේකෙන් උගුරක් ගැහැව්වාම මට දැනෙන්නේ මම මේ යුද්ධ හමුදාවේ කමාන්ඩර් කියල නෙ."

තුන්දෙනාම එක වගේ ...

ආලවතී ඇඟලුම් කම්හලේ සේවයෙන් පසු පෙරළා බෝඩිමට යමින් සිටියදී බස් නැවතුම් පළට යාබද නුග ගහ යට සිටි සාස්තරකාරියගේ ඇමතුමෙන් මඳක් නැවතී, සාස්තරයක් අසනු පිණිස ඇයට තම දකුණ’ත පෑවාය.

"නෝනා කවදා හරි කසාද බඳින්නේ රතු හීන්දෑරි මහත්තයෙක්ව." අත දෙස මඳක් බලා සිටි සාස්තරකාරිය කීවාය.

"එහෙම කියල මදි. තව විස්තර ඕනෙ. දැන් මම යාළු වෙලා ඉන්න තුන් දෙනාම රතු හීන්දෑරි අයනෙ." ආලවතී කීවාය.

වසන්තා දන්නවද වැඩක්?

"මනෝජ් කියනවා එයා ජීවිතේටම ආශ්‍රය කරපු ලස්සනම කෙල්ල මමලු"

නිතර දොඩමලු වන නිලූකා, වසන්තා ඉදිරියේ ඇති පුටුවේ වාඩිවෙමින් කීවාය.

"ඔහොම තමයි අනේ, ඔය මනෝජ් ඉඳ හිටලා ඔය විධියේ පට්ටපල් බොරුත් කියනවා"

 ලිපිගොනුවක හිරවී සිටි වසන්තා එම ගොනුවෙන් හිස ඔසවමින් කීවාය.

වැඩිය වදින්නේ මොනවයින් ද?

සුසන්ත, අජිත් සමග අවන්හලින් පිටතට පැමිණියේ හොඳ පදමට රත්වීමෙන් අනතුරුවය. නිවෙස් බලා යාමට බස් නැවතුම් පළ වෙත ඔවුන් දෙදෙනා ගියේ විසිවෙමිනි. එසේ යමින් සිටියදී සුසන්ත අජිත් ගෙන් මෙසේ ඇසීය.

"මචං අජිත්, උඹට වැඩියෙන් වදින්නේ ගල්වලින් ද එහෙම නැත්තං පොල් වලින් ද?"

අජිත් පියවෙන තම දෑස් අමාරුවෙන් හැර මෙසේ පිළිතුරු දුන්නේය.

"බාර් එකේදි නම් ගල්වලිනුත් වදිනවා, පොල්වලිනුත් වදිනවා. ඒත් ගෙදරදි වදින්නේ පිඟන්වලින්."