Friday, July 29, 2011

දියණියගේ ආදර පලහිලව්ව...

දිනක් තවමත් පාසැල් යන සිසුවියක වූ තම දියණියගේ ආදර පලහිලව්ව ගැන දැනගත් පියා ''අනේ ඇත්තට උඹට රටේ කොල්ලෝ නැතිවටද අර මෝඩ, මෙලෝ දෙයක් දන්නැති, රස්තියාදුකාරයත් එක්ක යාලු වුනේ'' යැයි බැන වැදුනේය.

තම ආදරවන්තයාට බැන වදිනු තවත් අසා සිටිනු බැරි තැන දියණිය මෙසේ පැවසීය​.

''ඔය ඉතිං එයා ගැන​ තාත්තා දන්න තරම තමයි. එයාව මට හමුවෙලා තවම මාස 2යි. මෙච්චර කාලයක් හැම මාසෙම ලෙඩවෙන මාව සනීප කරපු 1ම මදිද'' යැයි ආඩම්බරයෙන් පැවසීය​.