Sunday, June 5, 2011

වරද කාගේද???


දැනෙන නොදැනෙන තරමට හීන් අඩියක් ගසා කාර්යාලයට ඒමට පුරුදුව සිටි සුගත් එදා රාජකාරිය සඳහා පැමිණියේ හොඳටම බීමත්වය.
"ඇයි බං ඔච්චර බීලා වැඩට ආවේ?"
මංජුල ඇසුවේ ඉන් ඔහු අමාරුවේ වැටෙතැයි සැකයෙනි.

"ඒක මගෙ වැරැද්දක් නෙමෙයි." සුගත් ගොත ගසමින් කීවේය.

"නැත්තං කාගෙද යකෝ වැරැද්ද?" මංජුල ඇසුවේ කෝපයෙනි.

"මං දන්නෙ නෑ වැරැද්ද කාගෙද කියල. අවුරුදු දවස් හින්දා හවසට බාර් එකේ පෝළිම වැඩිවෙයි කියල හිතලා, උදේ ම මම ගත්තු අරක්කු බෝතලේ මූඩිය නැතිවුණා." සුගත් කීවේය.

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...