Wednesday, June 2, 2010

පරණ බඩු...

සෙනසුරාදා මද්දහනේ වසන්තා තට්ටු නිවාසයේ ජනේලයෙන් පහළ පාර දෙස බලා සිටියේ ටියුෂන් පන්තියකට ගිය තම දියණිය පැමිණෙන්නේ දැයි විපරම් කරමිනි.
බර කිරණ තරාදියක් සහ ගෝනියක් අතින් ගෙන පාර දිගේ ආ මිනිසෙක්, වසන්තා දැක උඩ බලමින් උස් හඬින් මෙසේ කීය.
“නෝනා, පාව්චිචි කරන්ඩ බැරි පරණ බඩු තියෙනවා නං ගන්නවා.”
වසන්තා ද කටහඬ මඳක් උස් කොට මෙසේ පිළිතුරු දුන්නා ය.
‘හවසට වරෙන්. දැන් මහත්තයා ගෙදර නෑ.”

බබාලා විතරයි...

සමීක්ෂණයක් සඳහා කොළඹට සමීප නගරයක නිවෙසක් වෙත ආ එන්ජීඕ නිලධාරියා එහි ගෙහිමියා ගෙන් මෙසේ ඇසීය.

"මේ නගරෙ ප්‍රභූ වරු හෙම ඉපදිලා තියෙනවද?"

"අපොයි නෑ සර්. බබාලා විතරයි."

තුන් සරණේ හරිද???

ව්‍යාපාරිකයෝ සතර දෙනෙක් එක් සති අන්තයක උතුරේ සවාරියක් ගොස්, නාගදීපය බලා යාමට බෝට්ටුවකට ගොඩ වූහ.
ඉන් එක් අයෙක් මුස්ලිම් භක්තියකු වූ අතර ඉතිරි තිදෙනා බෞද්ධයෝ වූහ.
ගමන ඇරැඹී බෝට්ටුවට මුහුද මැදට පිවිසෙත් ම බෝට්ටුවේ ඇන්ජිම ක්‍රියා විරහිත වී, බෝට්ටුව වේගයෙන් ගැහෙන්නට විය.
සිදුවීමට යන විපත ගැන ඉව වැටුණු බෞද්ධයෝ තිදෙනා, තුන් සරණේ කවි කියන්නට පටන් ගත්තේ ඉන් පිළිසරණක් පතමිනි.
මෙය අසා සිටි මුස්ලිම් වෙළෙන්දා ඉතිරි තිදෙනා දෙස නොසතුටින් බලා මෙසේ කීය.
‘චී... චී... මෙතන අපිලා ඔක්කොම හතර දෙනයි. තමුසෙලා තුන් සරණේ විතරක් කියනවා. හතර සරණේ තමා කියන්ඩ ඕනේ...?