Saturday, August 20, 2011

සතුටයි සනීපයයි...

"හහ්! ඕස්ට්‍රේලියාව කොයි තරම් ලස්සන, සුන්දර රටක් ද? කෙනෙක් එහෙ ගියාම කොයි තරම් සතුටක් ද සනීපයක් ද දැනෙන්නෙ" දයානන්ද එක් සති අන්තයක තමා හමුවීමට තම නිවෙසකට පැමිණි සාලියට කීවේ ය.

"ඒ වුණාට තමුසෙ කවදාවත් ඕස්ට්‍රේලියා ගිහිල්ලා තියෙනවා යැ?" සාලිය කීවේ පුදුමයෙනි.

ඒක ඇත්ත. ඒත් දුවව බලන්න අපේ යමුනා ගිහිල්ලා හය මාසයක් එහෙ ගත කළානෙ. ඒ කාලෙ මං හිටියෙ කොයි තරම් සතුටකින් ද? සනීපයෙන් ද? දයානන්ද කීවේ ඒ සතුට මුහුණෙන් පෙන්වමිනි.

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...