Sunday, May 30, 2010

නිදාගෙන ඉන්නකොට මොන වගේද...

ඇස් දෙක පියාගෙන කණ්නාඩිය ඉදිරිපිට හිටගෙන ඉන්නා සිල්වා දුටු සිල්වී,

ඇයි මොකද ඔයා ඔතනට වෙලා හිටගෙන කරන්නේ?

සිල්වා : මම මේ බැලුවේ මම නිදාගෙන ඉන්නකොට මොන වගේද කියලා…

පුතාට ලියන ලියුම...

සිල්වා යමක් ඉතාමත් හෙමින් හෙමින් ලිය ලියා ඉන්නවා දුටු ඔහුගේ මිතුරෙක් , ආ…. සිල්වා මොනවද ඔය හෙමින් හෙමින් ලියන්නේ?

සිල්වා : මම මේ මගේ පුතාට ලියුමක් ලියනවා.එයාට වේගයෙන් කියවන්න බෑ…

උණු කෝපි රු 5 යි. සීතල කෝපි රු 10 යි...

සිල්වා සහ සිල්වී දවසක් කෝපි බොන්න හිතුනු නිසා කඩයකට ගොඩ විය.

සිල්වා : ඉක්මනට බොන්න…ඉක්මනට බොන්න….
සිල්වි : ඇයි?. මොකද හදිස්සිය?.
සිල්වා : ඇයි යෝදියේ…පේන්නේ නැද්ද අර අතන ගහල තියෙන්නේ? උණු කෝපි රු 5 යි. සීතල කෝපි රු 10 යි කියලා?

දිව්‍ය ලෝකෙ ප්රශ්න...

චංක මැරුනාට පස්සෙ ඌ කරපු හොද වැඩ නිසා දිව්‍ය ලෝකෙට යන්න තරම් වාසනාවන්ත උනා.
ලංකාවෙන් එන අයට දිව්‍යය ලෝකෙට ඇතුල්වෙන්න නම් ප්රශ්න දෙකකට උත්තර දෙන්න වෙනවා. ඒකට හේතුව ලංකාවේ අධ්‍යාපනය හොද නිසා.

නිලධාරියා : පළවෙනි ප්රශ්නය, t අකුරෙන් පටන් ගන්නා සතියේ දවස් දෙකක් නම් කරන්න.

චංක : (ඔලුව කසමින් පොඩ්ඩක් කල්පනා කරයි….) today සහ tommorrow

නිලධාරියා : (මූණ ඇඹුල් කර ගනිමින් සහ පුදුම වෙමින්) හ්ම්ම්ම්ම් කමක් නෑ, කමක් නෑ. ලංකාවේ නේ?
දෙවෙනි ප්රශ්නය , අවුරුද්දට seconds කීයද?

චංක : (කල්පනා කරයි…….)

නිලධාරියා : ඉක්මන් කරන්න…….තව තත්පර 5..4…3…2..

චංක : 12 යි.

නිලධාරියා : (ඇස් ලොකු කර ගනිමින්) ඒ කොහොමද?

චංක : ජනවාරි 2 , පෙබරවාරි 2 , මාර්තු 2…….

නිලධාරියා තවත් වචනයක් වත් කතා නොකර ගේට්ටුව අරින ලදී.

ඔබ දැන් නරඹන්නේ රූපවහිනිය...

ඔන්න අපේ චංක මහත්තයා එයාගේ අඹුව (චංකි) එක්ක හොටෙල් එකක කාමරයකට ගියා. ගියපු වෙලේ ඉදලම චංක කාමරයේ උඩ යට බල බලා ඉන්නව දැකපු චංකි මෙහෙම අහනවා.

චංකි : අයියෝ…ඔයා ආපු වෙලාවේ ඉදලා මොනවද මේ උඩ බිම බල බලා හොයන්නෙ?.

චංක : හංගපු කැමරා

චංකි : ඇයි ඔයා හිතන්නේ මේක ඇතුලෙ හංගපු කැමරා තියෙනවා කියලා?.

චංක : අර tv එකේ ඉන්න කොල්ලෝ ටික මම දිහා හොදට ඇහැ ගහගෙන ඉන්නේ. දැක්කේ නැද්ද අර උන් ටික විනාඩියෙන් විනාඩියට කියන්නේ “ඔබ දැන් නරඹන්නේ රූපවහිනිය” කියලා.
කොහොමද උන් දන්නේ මම දැන් බලාගෙන ඉන්නෙ රූපවාහිනිය කියලා?

අපි බදිමුද???

චංක පොඩි ගෑනු ලමයෙක් එක්ක යාලු වෙන්න හිතුනු නිසා ලස්සන ගෑනු ලමයෙක් හොයාගෙන ගියා.

චංක : අපි බදිමුද?

ගැ.ළමයා : අපෝ ඔයා මට වඩා අවුරුද්දක් වැඩිමල් නේ? ඒක අපිට බලපානවා නේ?

චංක : අපෝ..ඒක මොකක්ද?. අපි එහෙනම් ලබන අවුරුද්දේ බදිමු.