Sunday, February 27, 2011

සදහටම හිරේ

"ෂ! දැන් උඹේ මූණත් එක්ක එළිය වැටිලා. මොකෝ මේ." චමිල ටික කලකට පසු හමුවූ රොෂාන්ගෙන් ඇසුවේය.

"මං ගිය මාසෙ කසාද බැන්ඳ නෙ." රොෂාන් පිළිතුරු දුන්නේ සතුටිනි.

"කසාඳ බැඳිල්ලත් හරියට හිරේ වැටෙනවා වගෙ වැඩක් නේද රොෂාන්." කසාදය පිළිබඳ අදහස දිනෙන් දින කල් දමමින් සිටින චමිල තම මිතුරාගෙන් විමසීය.

"ඒක මහා බොරු කතාවක් චමිල." රොෂාන් කීවේ සිනාසෙමිනි.

"ඒ මොකද උඹ එහෙම කියන්නෙ?" කුතුහලයෙන් යුතුව චමිල විමසීය.

"හිරේ ගියොත් කවදා හරි නිදහස් වෙනවනෙ බං." රොෂාන් කීවේය.

Saturday, February 26, 2011

කිව්වේ ඇත්තද?

රෙදි පිළි ප්‍රදර්ශනාගාරයේ වෙළෙඳ සේවකයකු, පාරිභෝගික කාන්තාවක හා උස් හඬින් කතා කරනු දුටු එහි කළමනාකරු එම වෙළෙඳ සේවකයා තමා වෙත කැඳවා දීර්ඝ අනුශාසනාවක් කළේය.

"අයිසෙ පීටර් මේ සාප්පුවට එන කිසිම පාරිභෝගිකයකු එක්ක පැටලෙන්ඩ අපිට කිසිම අයිතියක් නැහැ. අපි මෙහාට එන හැමෝටම බොහොම හොඳට ආචාරශීලීව කථාබහ කරන්ඩ ඕනෙ. ඒ ගොල්ලෝ කියන දේවල් වාද නොකර පිළිගන්ඩ ඕනෙ. එහෙම තියෙද්දි ඇයි තමුසෙ දැන් ටිකකට කලින් මේ සාප්පුවට ආපු නෝනත් එක්ක එකට එක කිව්වේ" කළමනාකරු විමසුවේ කෝපයෙනි.

"ඉතින් සර් ඒ නෝනා මට කිව්වනෙ තමුසෙලගෙ මැනේජර් පල් මෝඩයෙක් කියල" වෙළෙඳ සේවකයා කීවේය.

තෝරා බේරා ගන්නා ක්‍රමය

අනුලා සති අන්තයේ පොළට ගියේ කෑමබීම සඳහා අවශ්‍ය බඩුමුට්ටු මිලදී ගන්නා අදහසිනි. එහි එක් වෙළෙන්දකු හතු ගෝනියක් විකිණීමට තබා තිබෙනු දුටු ඇය එතැනට ළංවී මෙසේ විමසුවාය.

"ඔය හතු වගාවලදී නයි හතුත් හැදෙනවලු නේද? ඇත්තද ඒවා හරි විසයි කියන්නෙ."

"අපොයි ඔව් නෝනා..." වෙළෙන්දා කීවේය.

"ඉතින් කොහොමද ඔය නයි හතු අඳුනා ගන්නෙ?" අනුලා ඇසුවාය.

"ඒක හරි ලේසියි නෝනා. රෑට හතු කාලා නිදාගන්ඩ. උදේට නැගිට්ටොත් ඒවා හොඳ හතු" වෙළෙන්දා කීවේය.

පවුල දැනගත්තොත්..

"කරූ මගෙයි ඔයාගෙයි මේ සම්බන්ධය දැනගත්තාම ඔයාගෙ පවුලෙ අය විරුද්ධ වෙයිද බබෝ.." නිලන්ති තොෙඳාල් බසින් කරුණාරත්න ගෙන් ඇසුවේ ඔහුගේ ත්‍රීවීලරයේ සාප්පු සවාරියක් යමින් සිටියදී ය.

"අපොයි එහෙම දැනගත්තොත් මගෙ පවුල මාව විතරක් නෙමෙයි ඔයාව ඉතුරු කරන එකකුත් නැහැ." කරූ කීවේ පාරේ කිසිදු අවහිරතාවයක් නොමැතිව වුවද තදින් බ්‍රේක් ගසමිනි.

මවගේ පරම්පරාව

"තාත්තෙ අපි පැවතෙන්නෙ වඳුරාගෙන්ය කියල අද අපේ ටීචර් විද්‍යා පාඩමේදී අපිට කිව්වා. ඒක ඇත්තද තාත්තෙ?" නිහාල් ගෙ කුඩා පුතු නිහාල් නිවෙසට ආ විගස ඇසුවේය.

"ඒක නං මට හරියටම කියන්ඩ බෑ පුතා. මම උඹලගෙ අම්මව බැන්දට ඒගොල්ලන්ගෙ පරම්පරාවේ උදවිය ගැන හරියටම දන්නෙ නැහැ.” නිහාල් කීවේ අනෝමා කුස්සියේ සිට සාලයට පිවිසේදැයි හොරැහින් බලමිනි.

ගෞරවය කාටද?

මහාචාර්යවරයාගේ තරුණ බිරිඳට දරුවකු ලැබුණේත් ඔහුගේ අලුත්ම පර්යේෂණ කෘතිය එළිදැක්වුණේත් එකම සතියේය.
තම සමීප ගෝලයකු ගේ ද සහායෙන් සාර්ථකව නිම කළ පර්යේෂණ කෘතිය පිළිබඳව මහාචාර්යවරයා සිටියේ දැඩි තෘප්තියකිනි.
අලුත උපන් දරුවා බැලීමට මහාචාර්ය වරයාගේ බිරිඳගේ ළඟ ඥාතීන් පිරිසක් නිවෙසට ගොඩ වූයේ මේ අතරවාරයේ දී ය.

"සුබ ආරංචියක් ලැබුණා. ඒකයි අපි මේ තකහනියක් ආවේ. ඉතින් ප්‍රොෆෙසර්, අපේ සුබපැතුම් පිළිගන්න." ඥාතීහු දරු උපත නිමිතිකොට සුබ පැතූහ.

"ඇත්තම කියනවා නං, ඔය වැඩේ කොහොමටවත් තනියම කරගන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. මගෙ ගෝලයට තමයි ඒකෙ ගෞරවයෙන් වැඩි කොටසක් අයිති වෙන්ඩ ඕනෙ. මිනිහා තමයි ඕකට හුඟක්ම මහන්සි වුණේ" මහාචාර්යවරයා කීවේය.

Wednesday, February 23, 2011

ඒවා නං නෑ...

නිවෙසට අවශ්‍ය මස්, මාළු, එළවළු ආදිය මිලදී ගැනීමට හන්දියේ කඩවීදිය වෙත ගිය චන්ද්‍රසිරි, හරක් මස් රස බැලීමේ අදහසින් නසාර් නානා ගේ හරක් මස් කඩය වෙත ගොස් මස් කිලෝවක් ඉල්ලීය.

තමා වෙත ලැබුණු මස් පාර්සලය දිග හැර බැලූ හෙතෙම එහි මස්වලට වඩා ඇත්තේ කටු බැව් දැක නසාර් නානා වෙත මස් ටික දිගු කොට කෝපයෙන් මෙසේ කීය.

"බලනවා මුදලාලි, මේකෙ මස්වලට වඩා තියෙන්නෙ කටුනෙ. සල්ලිත් අරගෙන තමුසෙලා විකුණන්නෙ ඕවද අයිසෙ?" තමුසෙලා ළඟ මිනිස් කං ඇත්තෙම නැද්ද ඕයි."

"තරහා ගන්ඩ එපා මාතිය, මාත්තියාට කියන්ඩ යපිලා ළඟ මිනිස් කන් නං නෑ. හරක් කන් තමා තියෙනවා." නානා කීවේය.

මොකද මම බක්කරේ කෙනෙක්ද???

සැමියා නිවසට එනකොට බිරිඳ අල්මාරිය ළඟය

බිරිඳ: ඔයා එනකම්මයි ඩාලිං හිටියේ. අල්මාරියේ තට්ටුවක් ගැලවිලා.ඔයාට පුලුවන්ද ඒක හදලා දෙන්න?

සැමියා: අනේ මට බැහැ මම වඩුවෙක් නෙමෙයිනේ..

පසුවදා වැඩ ඇරිලා එනකොට බිරිඳ නාන කාමරයේය.

බිරිඳ: අනේ මේ බලන්න වතුර පයිප්පේ කැඩිලා.ඒක හදලා දෙන්න පුලුවන්ද?

සැමියා: මට බැහැ ඕවා කරන්න. මම පයිප්ප බාස් කෙනෙක් නෙමෙයිනේ..

ඊළඟ දිනයේ එනවිට කුස්සියේ විදුලි පහන පිලිස්සී ඇත.

බිරිඳ: ඩාලිං මෙන්න මේ බල්බ් එක දාලා දෙන්නකෝ

සැමියා: ඕකට විදුලි කාර්මිකයෙක් හොයා ගන්න

ඊලඟ දිනයේ එනවිට බිරිඳ ප්‍රීතියෙන් උතුරා යමින් සාලයේ ඉඳගෙන හිටියේය.

බිරිඳ: අල්ලපු ගෙදර කොල්ලා හරි හොඳයි. මිනිහා මට අල්මාරියයි, වතුර පයිප්පෙයි,බල්බ් එකයි ඔක්කොම හදලා දුන්නා..

සැමියා: ඇත්තට.. සල්ලි කීයක් දුන්නද??

බිරිඳ: පිස්සුද අනේ මිනිහා හරිම කට්ටයා මිනිහා කියනවා,එක්කෝ එයා ඉල්ලන කේක් ගෙඩියක් හදලා දෙන්නලු. නැත්නම් එයාත් එක්ක ඇඳට යන්න එන්නලු

සැමියා කලබල විය

සැමියා: හරි මිනිහෙක්නේ ඔයා මොන විදිහේ කේක් එකක්ද හදලා දුන්නේ??

බිරිඳ: ඔයාට පිස්සුද? කේක් හදන්න මම බක්කරේ කෙනක්ද?කියා සැහැල්ලුවෙන් කීවේය.

Saturday, February 5, 2011

Who's Speaking???


මෙන්න උණු උණු බඩු දැම්මා...අහල කොමෙන්ට් එකක් නොදා ගියොත් බලාගන්න පුලුවන්...


අඹ ගස්...

අරුන..

අසංකගෙ අදරේ...

අටපට්ටම...

Friday, February 4, 2011

Who's Speaking???



මෙන්න උණු උණු බඩු දැම්මා...අහල කොමෙන්ට් එකක් නොදා ගියොත් බලාගන්න පුලුවන්...


අක්කගෙ ආදරේ...

දත් දොස්තර...

ගෘහ සේවිකාවක්...

නැගී එන නිළිය...

Thursday, February 3, 2011

Who's Speaking???


මෙන්න උණු උණු බඩු දැම්මා...අහල කොමෙන්ට් එකක් නොදා ගියොත් බලාගන්න පුලුවන්...



නිකන් පාර්ට් තියාගන්න එපා...

ලර්නස් එකේ...

අලුත් ෆිල්ම් එකට...

ඉන්සුවරන්ස් එක...

කෝ ඩිස්කවුන්ට්???

“තමුන් කී වතාවක් හිරේ ගිහිං තියෙනවද?”

විනිශ්චයකාරතුමා නඩු විභාගියකදී විත්තිකාර පාර්ශවයෙන් ප්‍රශ්න කළා.

“නව වතාවක් ස්වාමීනි.”

“මොකක්? නව වතාවක්? එහෙනං මේ පාර තදින් ක්‍රියාකරන්නම වෙනවා. උපරිම දඩුවම් සහිතව ජීවිතාන්තය දක්වා මම තමුන්ව සිර ගෙදරට නියම කරනවා”.
 
“උපරිම දඬුවම්?” විත්තිකාර අයියා ප්‍රශ්න කළා. “අයියෝ මොකක්ද ස්වාමිනී, නිතර නිතර එන කස්ටර්මස්ලාට ඕනම තැනක පොඩියට හරි ඩිස්කවුන්ට් එකක් දෙනවනේ”.