Friday, November 11, 2011

වල් පරයා...

එක්තරා මහතෙක් බඩේ අමාරුවකට ප්‍රතිකාර ගන්න දොස්තර මහතෙක් හමුවෙන්න ඔහුගේ බෙහෙත් ශාලවට ගියා.මේ ඩොක්ටර් මේ මහතාට දුන්න බෙහෙත් එකක්.

මේ බෙහෙත් එක බොන එකක් නෙවෙයි. මේ බෙහෙත ඔහුගේ අධෝ මාර්ගයට ඇතුල් කර ගත යුතුයි.මේක අධෝ මාර්ගයේ සෑහෙන්න ඇතුලට දැම්මොත් තමයි හොඳම ප්‍රතිපල ගන්න පුලුවන් කියලා මේ දොස්තර ඔහුට කියලා දුන්නා.

ඉතින් දොස්තර ග්ලවුස් එකක් දාගෙන මේක ඉස්සෙල්ලාම මේ මහතාට නැමෙන්න කියලා,අධෝ මාර්ගයේ ඇතුලටම දැම්මා.මේ මහතාට තරම වේදනවක් දැනුනා.ඊට පස්සේ ඔහුට කීව "ඉතිරි එක ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ දාන්න".

මේ මහතා ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ තමාම දාගන්න උත්සහකලා.ඒ වුනාට එච්චර දුර දා ගන්න බෑ.පස්සේ බිරිඳට කතා කරා.බිරිඳ ඔහුට නැමෙන්න කියලා දාන්න උත්සහ කලා .ටිකක් අමාරුයි.ඊට පස්සේ ආපහු ඔහුට නැමෙන්න කියලා බිරින්ද එක අතක් ඔහුගේ කර උඩ තියාගෙන අනික් අත අධෝ මාර්ගයට දාලා මේක කොහොම හරි ඇතුල් කලා.

ඔන්න එක පාරම මේ මහත්තයා කේන්තියෙන් කෑ ගහනවා " වල් පරයා.... " කියලා.බිරිඳ අහනවා "මේ මොකද ඔයාට තද වෙලා මට බනින්නේ".

මේ මහත්තයා කියනවා " ඔයාට නෙවෙයි අර දොස්තරයා ඔය බෙහෙත දාන කොට උගේ අත් දෙකම තිබුනේ මගේ කර උඩ .දැන් තමයි මට මතක් වුනේ"

Sonyට නගියි...

මේ කතාව කොක්කු ගැනයි...

විවිධ කොක්කු වර්ග වෙති. මේ ඉන් සමහරකි.


පාලමේ කොකා – මූ නිතරම ඉන්නේ පාලම් ඇඳි වලය. නිතරම කෝලම් කිරීමට සමතෙකි.


පාරලේ කොකා – ඉස්සර පාරක් දිගේ ලේ දමා ගෙන කෝරලේ ගෙදරට ගිය නිසා මූට ඒ නම් කියනු ලැබේ


පණ නැති කොකා – මූට පණ නැතයි කිවත් මූ පණ ගසා එන්නේ සමහර වෙලාවටය. මේ කොක්කු බොහොමයක් මුස්ලිම් කොක්කුන් වෙති.


පස් කන කොකා – මූ නිතරම පස් වල හැදෙන කොස් ආහරයට ගන්න කොක් විෂේශයකි.


පාණ කොකා – මූ එක්තර කෝණයකට ඇදවී ගිය කොකෙකි.


පාන් කොකා – පාන් කෑමට රුචි මුත් මේ කොකාගේ ප්‍රධාන ආහාරය කෝන් ය.


පලු කොකා - මේ කොකාගේ ඇත්තේ එක පලුවකි. නමුත් කොලු වැඩ වලට ඉතා දක්ෂය.


පරණ කොකා – මූ ආදීතම කොක් විශේෂයකි. නමුත් වැඩ කොරවා ගැනීමට ඉතා ලොකු හැකියාවක් දක්වති.

මීට අමතරව ඔයා දන්න තවත් කොක්කු ඉන්නවනම් හැමෝටම දැන ගන්න කොමෙන්ට් කරන්න... :D

ටියුබ් ලයිට්...

ඔන්න, පෙර රජ දවසක කැලයක සිංහයෙක් කැලේ පාලනය කලාලු. ඉතින් මේ සිංහයාත් නිකන් අපේ රටේ විධායක ජනාධිපති කෙනෙක් වගේ. ඌට හිතෙන හිතෙන විදිහට නීති දාගෙන තමා කැළෑවැසියන්ව පාලනය කලේ.

ඔහොම කාලයක්‌ යද්දී මේ සිංහ රජා මුළු කැළෑවැසියන් ඔක්කොම රැස් කරලා දැම්ම අලුත් නීතියක්, හැම සතෙක්ම රාජ සභාව ඉස්සරහට ඇවිල්ල කියන්න ඕනි හිනායන කතාවක්. සභාවේ ඉන්න එක සතෙකුට හරි හිනා යන්නේ නැත්තම්, සිංහයා පැනල ඌව මරාගෙන කනවා.

ඔන්න ඉතින් මුලින්ම ආවේ වඳුරාගේ වාරේ. වඳුරත් ඉස්සරහට ඇවිල්ල කරනම් ගහල නැට්ට කරකවල සිරා ජෝක් එකක් දැම්මලු. මුළු සභාවම හිනාවෙන්න පටන් ගත්තලු. ඒත් ඉබ්බා ඉන්නවලු පුස් මූනක් දාගෙන. කරන්න දෙයක් නෑ නීතිය නිතියමයි සිංහයා පැනල වඳුරව මරාගෙන කෑව.

ඊළඟ වාරේ හාවාගේ, හාවත් ඇවිල්ල කන් පාත් කරලා බල්ටි ගහල සිරා ජෝක් එකක් දැම්ම. කලින් වගේමයි, ඔක්කොම හිනා වෙනව ඉබ්බා පුස්මුණ දාගෙන ඉන්නව. හවාවත් ඉතින් මරාගෙන කෑව.

ඊළඟ වාරේ කොටියගෙ කොටිය ඉස්සරහට ඇවිල්ල කට අරින්න හැදුව විතරයි, මෙන්න ඉබ්බා පෙරලි පෙරලි පොලවේ පස් කකා හිනා වෙන්න ගත්ත. මේක දැක්ක සිංහයා ෆුල් අබ්ලික් වෙලා අහනවා,

"මොකද යකෝ තෝ විහිලුවටත් කලින් හිනා වෙන්නේ?" ඉබ්බා කිව්වලු "මරු ඕයි වඳුරාගේ ජෝක් එක".

බලද්දී ඉබ්බා ටියුබ් ලයිට්.

Sunday, November 6, 2011

නිරුවත් කෙල්ල...

ඉහල පෙලේ රාත්‍රී සමාජ ශාලවක් අසලදී බීමත් නිරුවත් කාන්තාවක් ටැක්සි එකකට නැංගා.ටැක්සි ඩ්‍රයිවර්ට මේ කාන්තාව කිව්වා එයා යන ස්ථානය.

ඉතින් ටැක්සි ඩ්‍රයිවර් වාහනය එලවන ගමන් පසු පස බලන කන්නාඩියෙන් මේ ගෑනී දිහා බලනවලු.

මේ ගෑනී අහනවා " මොකද හලො කන්නාඩියෙන් බලන්නේ තමුසේ මීට කලින් ගෑනියෙක් හෙලුවෙන් දැකලා නැද්ද?"

මේ ඩ්‍රයිවර් කියනවා" නෑ නෝනා මම වල්කමට බලනවා නෙවෙයි,මම මේ බලන්නේ ඔයා ටැක්සියට ගෙවන්න සල්ලි තියාගෙන ඉන්නේ කොහෙද කියලා"....

Saturday, November 5, 2011

අක්කගේ සිප් එක...

ඔන්න ඔය පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ දුර ගමන් යන බස් පෝලිමකට ඇවිල්ලා ගැහැව්වලු බස් එකක්. ඉතින් අර සිමෙන්තියෙන් දෙපැත්තෙ බිත්ති හදලා තියෙන පෝලිමේ එක් කෙනෙකුට විතරක් එකපාරකට ඇවිල්ල නගින්න පුලුවන් විදිහේ බස් ස්ටෑන්ඩ් එකක් තමයි ඒක. ඔන්න දැන් බස් එකට පෝලිමේ ඇවිත් මිනිස්සු පිරෙනවලු. ටිකවෙලාවකින් ඔය මොඩ් ඔෆිස් එහෙක වගේ වැඩකරනවැයි කියලා හිතන්න පුළුවන් ගෑනු ළමයෙක් පෝලිමේ ආවලු.. කිව්වත් වගේ මෙයා ඇඳගෙන ඉඳලාතියෙන්නෙ හෙනම හෙන ටයිට්ම ටයිට්, දනහිසටත් වඩා දිග සායක්ලු. ඊට හරියන අඩි උසම උස සපත්තු දෙකකුත් දාගෙන තමයි මෙයා ඉඳලා තියෙන්නෙ. ඔන්න ඉතින් මෙයා දැන් ට්‍රයි කරනවලු බස් එකට නගින්න. ඒත් කකුල උස්සන්න බැහැ මොකද සාය එච්චරටම තදයි. ඔන්න ට්‍රයි කරල කකුල උස්සන්න හදනවා, ඒත් බැහැ. ඔන්න ඒ පාර මෙයා මොකද කරන්නෙ, සාය පිටි පස්සට අත යවලා සායේ සිප් එක පොඩ්ඩක් විතර පල්ලෙහාට දැම්මලු. ඔන්න ආයෙත් කකුල උස්සන්න හදනවලු, ඒත් බැහැල්ලු. ඒ පාර ආයෙමත් අත පිටිපස්සට දාලා සායෙ සිප් එක තව ටිකක් පල්ලෙහාට දැම්මලු. ඒත් නගින්න බැහැල්ලු. ආපහු සිප් එක තව ටිකක් පල්ලෙහට දැම්මලු. එතකොටම මේ ගෑනු ළමයගේ පිටිපස්සෙන් හිටපු හීනියට දාගත්ත අන්කල් කෙනෙක් එකපාරටම මෙයාගේ ඉනෙන් අල්ලලා උස්සලා බස් එකේ පඩිය උඩින් තිබ්බලු.

ඔන්න බොලේ මේ වෙච්ච වැඩෙන් මල පැනපු කෙල්ල අනිත් පැත්ත හැරිලා අර අංකල් කාරයට දෙනවලු දැන් බැෂ්ටිය.

"වනචරයා..... කවුරු කියලා හිතාගෙනද මාව ඇල්ලුවේ....? අපිට පාරෙ බැහැලා යන්න බැහැ මුන් වගේ මිනිස්සු නිසා...." කියල අරින්නෙමනැතුව දිගටම දෙනවලු ..

ඔන්න ඒ පාර අර අංකල් ඉඳන් කිව්වලු,

"අනේ නංගි, මමනම් හිතුවෙ ඔය නංගි මාව හොඳට අඳුරනවා ඇති කියලනෙ. මොකද ඔයා තුන්පාරක්ම මගේ කලිසමේ සිප් එක පල්ලෙහාටදැම්මනේ ...........!"

Friday, November 4, 2011

කරුණාවෙන් සවන්දෙන්න...

මෙහි පලවන කථා මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවා වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව නැවතත් දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.

මෙම blog අඩවිය මදි නොකියන්න විනොදාස්වදය සැපයීමේ අරමුණින් ආරම්භ කළ හෙයින් හිත් අමනාපකම් ඇති කිරීම මගේ චේතනාව නොවිය...

ස්තූතියි,
මීට,
නදුන්

Thursday, November 3, 2011

මුරලිගෙ ගෑනි ඌව දාල ගිහිල්ල...

තිලක් අයියා: මාර වැඩේ බං. මුරලිගෙ ගෑනි ඌව දාල ගිහිල්ල
නිලා: නෑ. මොකක්ද case එක?
තිලක් අයියා: නෑ බං මේ ටිකේ වැඩිය ඌට cricket නැති නිසා අර කෙල ගාල බෝලෙ අඹරන එක මූ ගෙදර ගෑනිට කරන්න ගිහින්

අහල පහල උන්ද සිනාසෙයි. ඒත් කතාව ඉවර නෙත. නිලාගේ කට දෙවනි වන්නේ තිලක් අයියට පමනක්මය.

නිලා: එක අතකට මුරලිගෙ ගෑනි සතු‍ටු වෙන්න ඕනෙ
තිලක් අයියා: ඒ මොකද බං?
නිලා: නෑ ඉතින් වකාර් ගෙ ගෑනි උනා නම් ඌ ටොනික් පියනකින් හූරනවත් එක්කනෙ

විහිලුවක් පමණි..