Friday, April 13, 2012

අයියගේ හැටි...

දිනක් මිතුරන් දෙදෙනෙක් වාහනයක ගමන් ගනිමින් සිටියි .. මාර්ගයේ ඉදිරියෙන් හතරමන් හන්දියේ ඇති color lights හි රතු දැල්වී තිබියදී නොනවත්තාම එය පසු කර ගමන් කළේය...

1 මිතුරා : උබට පිස්සුද යකෝ .... රතු වැටෙද්දී නතර කලේ නැත්තේ...

2 මිතුරා : අපේ අයියත් ඔහොම තම.. කවදාවත් රතු වැටෙද්දී නතර කරන්නේ නෑ..

ඊලග color lights හි රතු දැල්වෙමින් තිබු අතර එයත් පෙර පරිදිම නොනවත්ත ගමන් කළේය..

1 මිතුරා : උබට මොකද වෙලා තියෙන්නේ...police කාරයෙක් දැක්කනම් දඩ කන්නයි වෙන්නේ...

2 මිතුරා : අපේ අයියට රතු වැටෙද්දී පෙන්නන්න බෑ.. කඩගෙනම යනවා පොලිසිය හිටියත්..

නැවතත් color lights හි කොළ දැල්වෙමින් තිබු අතර ඔහු විගස බ්රේක් ගසා වහනය නතර කළේය...

1 මිතුරා : උබනම් මාර යකෙක් ඔයි...රතු වැටෙද්දී කඩාගෙන ගිහින් , කොළ වැටෙද්දී පිස්සෙක් වගේ පාර මැද වාහනේ
නතර කරනවා..

2 මිතුරා : උබනම් කියයි..අපේ අයිය එන්න පුළුවන් එහා පැත්තෙන්...