Saturday, August 20, 2011

නැත්තෙ මොකද???

"සාර්ථක විවාහ දිවියකට මඟ" යනුවෙන් ප්‍රසිද්ධ දේශකයා පැවැත් වූ එම දේශනයට සවන් දීම සඳහා ශාලාව පිරෙන්නට සෙනඟ රැස්ව සිටියෝ ය.

"තමන්ගෙ බිරිඳ ගෙන් කරදර හිරිහැර විඳින අය නැඟිටින්න..." දේශනය අරඹා මඳ වේලාවකින් දේශකයා සභාව දෙස බලා කීවේ ය. එක් අයකු හැර ශාලාවේ සිටි සියල්ලෝම නැඟී සිටියහ.

"මේ ශාලාවේ ඉන්න දාහක් විතර පිරිසගෙන් ඔහේට විතරයි ප්‍රශ්න නැත්තෙ." දේශකයා නොනැඟිට සිටින තැනැත්තා දෙස බලා මදහසක් නඟමින් කීවේ ය.

"මට අංශ භාගෙ. තව කෙනෙකුගෙ උදව්වක් නැතුව මට නැගිට ගන්ඩ බැහැ. ඒකයි ඉඳගෙන ඉන්නෙ..." හේ කීවේ ය.

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...