Sunday, June 5, 2011

රයිගමයයි ගම්පොළයයි...

සිංහල අලුත් අවුරුද්ද එලැඹීමේ පී‍්‍රතිය නිමිත්තෙන් සුගත් සහ සුසන්ත හීන් අඩියක් ගැසීම සඳහා බාර් එකට ගොඩ වූයේ කාර්යාල වේලාවෙන් පසුවය.

"උඹ දන්නවද වැඩක් සුසන්ත. දැන් අවුරුදු දෙකකට කලින් අපේ මාමණ්ඩියගෙ අවුරුදු 25 ක් පරණ අත් ඔරලෝසුව නාන්ඩ ගිය වෙලාවක කැලණි ගඟට වැටුණා. මේ ගිය සුමානෙ, මාමණ්ඩියා කැලණි ගඟේ නාන්ඩ කිමිදෙන කොට අහම්බෙන් ඒ ඔරලෝසුව හම්බවුණා. විශ්වාස කරපන් සුසන්ත, ඒ හම්බවෙන කොටත් ඔරලෝසුව හොඳට දුවනවා." දෙකක් දාගත් සුගත් කීවේය.

"ඒක මොකක්ද බං? අපේ මාමණ්ඩියා දැන් අවුරුදු දෙකකට කලින් නාන්ඩ ගිහින් ඔය කැලණි ගඟටම වැටුණා. අවුරුදු දෙකක් ම වතුර යට ඉඳලා මිනිහා ගොඩ ආවේ මේ ගිය සුමානෙ." එය අසා සිටි සුසන්ත කීවේය.

"වෙන්ඩ බෑ! යකෝ ඒ මනුස්සයා අවුරුදු 2 ක් වතුර යට මොනවා කළාද?" සුගත් ඇසීය.

"වෙන මොනවද? උඹලෑ මාමණ්ඩිය ගෙ ඔරලෝසුව වයින් කර කර ඉඳලා." සුසන්ත කීවේය.

එඩ්වඩ් චන්ද්‍රසිරි

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...