Monday, August 2, 2010

ඒ විදිහට බැරි ද?

විවාහ වී වසර දහයක් පිරීම නිමිත්තෙන් නිහාල් තම බිරිඳ වූ අනෝමා සමඟ චිත්‍රපටයක් බැලීමට ගියේය. එය අතිශය කාමභෝගී ජවනිකාවන් ගෙන් පිරුණු චිත්‍රපටයකි.

චිත්‍රපටය නරඹා විත් කාරයට ගොඩ වූ සැණෙන් නිහාල් ගේ මුහුණට එබුණු අනෝමා ආයාචනාත්මකව මෙසේ ඇසුවාය.

"ඇයි අනේ ඔයා මට ඒ විදියට පේ‍්‍රම කරන්නෙ නැත්තෙ?"

"ඔයාට පිස්සු ද? ඔය විදියට කරනවට ඒ ගොල්ලන්ට කොච්චර ගෙවනවද කියල ඔයා දන්නව ද?’ නිහාල් වහා කීය.

හඳුනා ගන්නා ලකුණක්...

සූරියා තම කාර්යාලය කිට්ටුව පිහිටි බැංකුවකට ගොඩවුණේ චෙක්පතක් මාරු කරගන්නා අදහසිනි.

චෙක්පත පිරික්සා බැලු කවුන්ටරයේ සිටි නිලධාරියා සූරියා දෙස බලා "මිස් ඔයා ගෙ අයිඩෙන්ටි කාඩ් එක දෙන්න." යනුවෙන් කීවේ හැඳුනුම්පත පරීක්ෂා කරන අදහසිනි.

"අනේ මම අයිඩෙන්ටිය නං දාලා ආවෙ." සූරියා කීවේ ලැජ්ජාශීලී සිනාවක් මුවට නංවා ගනිමිනි.

"හොඳයි එහෙනං, මිස්ව හඳුනාගන්න මොකවත් මිස් ළඟ තියෙනවද?" නිලධාරියා කාරුණිකව ඇසීය.

මඳක් කල්පනා කළ සූරියා ලැජ්ජාවෙන් සිනාසී මෙසේ කීවාය.

"මගෙ දකුණු කලවේ උපන් ලපයක් තියෙනවා."

පහේ ශිෂ්‍යත්වයට සායනික ප්‍රතිකාරයක්

පහේ ශිෂ්‍යත්ව වැඩමුළුවක් පසුගියදා හොරණ පාසලකදී පැවැත්විණි. එම වැඩමුළුවේ දී ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවන් පමණක් නොව ඔවුන්ගේ මව්පියෝ ද දැනුවත් කරති.

ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවන්ට දිය යුතු ආහාර ගැන ද මව්පියන්ට කරුණු කියා දීමත් හොරණ වැඩමුළුවේ දී සිදු විය.

හොරණ වැඩමුළුවට දොස්තර කෙනෙකු සහභාගී කරවා ගන්නට ඒ ගැන හොරණ පදිංචි හිතවත් නිලධාරී මහතකුට කතා කිරීමට අසෝකා පියවර ගත්තාය.

"ඔව් ! ඔව් ! ඔයා ගිහින් මං මේ කියන අය හමුවෙන්න කෝ. ඒ අය උදව් කරාවි" අපේ නිලධාරී මහතා කීවේය.

ඒ අනුව අසෝකා ගොස් නිලධාරීතුමාගේ යාලු දොස්තරලා දෙන්නෙක් සමඟ කතා කර තිබේ.

"ආ ඒ මහත්තයාද ? මං හොඳට දන්නවා. ඒ මහත්තයාගෙ බල්ලා මේ ගිය සතියෙත් මං ළඟට ගෙනාවා. මොකද ඉතින් මගෙන් කෙරෙන්න ඕන" දොස්තර ඇසුවේය.

අසෝකාට කටඋත්තර නැති විය.

කෑම වේල

"හලෝ! මම මැඩම් පැරෆනේලියා. මට ඉක්මන් කරල බැදපු කුකුලෙක් එවනව ද?"

"අපි ළඟ බැදපු කුකුල් මස් නෑ"

"එහෙනම් උයාපු ඉස්සෝ ප්ලේට් දෙකක් එවනවා ද?"

"අපි ළඟ උයාපු ඉස්සොත් නෑ"

"මොන කරදරයක් ද මන්ද. එහෙනම් මට එළුමස් කරියක් විගහට එවනවා."

"එළු මස් කරි අපි ළඟ නෑ."

"හලෝ ඔය ගාර්ධිර් අය්යා ගේ හෝටලේ ද?"

"නැහැ, අපි මේ මාලක්ක ගේ මල් කඩේ."

"එහෙම නම් මට සුදුමල් වඩමක් එවන්න අපේ මිනිහ දැනටමත් බඩගින්නේ මැරිල ඇති!"

කිවිසුම් යාම

වයසට යමින් සිටින සිය පියාට කාන්තාවක් සුභ පතයි.

"මට ඔබ ගැන හරි ආඩම්බරයි. ඔබට කිඹුහුම් යද්දී ඔබේ අතින් කට වසා ගන්න දැන් ඉගෙන ගෙන තිබෙන බව මම දැකල තියෙනවා"

"ඇත්තෙන් ම ඔව්!" යැයි වයස්ගත පුද්ගලයා පැවසීය.

"එහෙම නැතුව මම කොහොමද මගේ දත් කුට්ටම අල්ලා ගන්නේ?"

සීනි පෙට්ටිය

ඔහු කුස්සියට පැමිණ සීනි පෙට්ටිය විවෘත කළේය. ඇතුළත බලා එය වසා දැමීය.
බිරිය මේ සියල්ල බලා සිටියාය.

යළිත් කුස්සියට පැමිණි ඔහු සීනි පෙට්ටිය ඇරියේ ය. ඇතුළට එබිකම් කළේය. පෙට්ටිය වසා දැමුවේය.

"ඔයා මොනවද ඔය කරන්නේ. අරිනවා... බලනවා... වහනවා" බිරිඳ ඇසුවාය.

"දොස්තර මට කිව්වා නිතරම ‘ෂුගර් ලෙවල්’ එක චෙක් කරන්න කියලා" ඔහු පිළිතුරු දුන්නේ ය.

පොත් ඔබේ මිතුරෝය...