Tuesday, July 6, 2010

පිඟන්

රාත්‍රි කෑමෙන් පසු එක් නිවෙසක දරුවෝ ආලින්දයේ සෙල්ලම් කරමින් සිටියෝ ය. ටික වේලාවකින් මහා ශබ්දයක් නඟමින් පිඟන් බිඳී යනවා කුස්සිය පැත්තෙන් ඇසුණි.


“අනුමානයක් නෑ. පිඟන් ගොඩ බිම වැටෙන්න ඇත්තේ අම්මගෙ අතින්.” එම ශබ්දය නැඟුණු දෙසට හොඳින් කන්දී සිටි දියණිය කීවාය.

“දකින්නෙත් නැතුව ඔයා කොහොමද මෙතන ඉඳගෙන හරියටම කියන්නේ, ඒ අම්මයි කියල” පුතා ඇසුවේ තරමක විමතියකිනි.

“ඔයාට ඒ ටිකවත් තේරෙන්නෙ නැද්ද අය්යේ. පිඟන් බිඳුණේ තාත්තා අතින් නම්, ඒ එක්කම චටාස් ගාලා සද්දෙකුත් ඇහෙන්ඩ එපායැ. කෝ එහෙම සද්දයක් ඇහුණේ නැහැනෙ” දුව පිළිතුරු දුන්නාය.

සිරිබිරිස්...

පලා මල්ල