Friday, June 22, 2012

මෝඩ ජෝඩුව...

ඔන්න දවසක් මුදලාලිලා දෙන්නෙක් සෙට් වෙලා තමන්ගේ ගෝලයන් ගැන කතා වෙනවා.

උඹ දන්නේ නෑ මට ඉන්න එක ගැන කතා කරලා වැඩක් නෑ.සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල. කිරියා….කිරියා….

සද්දේ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා.

මේ රුපියල් 10 අරගෙන ගිහින් හන්දියේ කාර් සේල් එකෙන් මට කාර් එකක් අරගෙන වරෙන්.

රුපියල් 10 අතට ගත්ත කිරියා බෘම් ගාගෙන හන්දිය පැත්තට දිව්වා.

බලපන් මු කොච්චර මෝඩයෙක්ද කියල රුපියල් 10 කොහෙද බන් කාර් දෙන්නේ.

ඔය කිව්වට මගේ එකත් ඔය වගේම තමයි ඔන්න බලපන්. .කළුවා … මෙහෙ වරෙන් ගිහින් බලල වරෙන් මම ගෙදර ඉන්නවද කියල..

කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා.

ඔන්න බලපන් මේකා කොච්චර මෝඩයෙක්ද කියල.

මෙහෙම ටික වෙලාවක් යනකොට කිරියයි කලුවයි මගදී හම්බ උනා..ආ කිරියා උඹ කොහෙද යන්නේ කළුවා ඇහුව.

බලපන් බන් උඹට කියන්න අපේ මහත්තය ඉන්නවා නේද ඕක හෙන මෝඩයා බන් වෙන එකෙක් නම් මෙලහකත් අස් වෙලා ගිහින් බලපන් මු අද මට රුපියල් 10 දීල කියනවා කාර් එකක් අරගෙන වරෙන් කියල මුට පිස්සු බන් මේ පෝය දවසේ කොහෙද බන් කාර් සේල් ඇරලා තියෙන්නේ.

ඔව් බන් අපේ එකත් ඔය වගේම හරකෙක් තමයි.මු මට කතා කරලා කියනවා ගිහින් ඌ ගෙදර ඉන්නවද කියල බලන් වරෙන් කියල ඔය ගස් ගෙම්බා ලග ෆෝන් එකක් තියනවා කෝල් එකක් දීල බලන්න බැරිද බන් මාවම කන්න හදන්නේ…..

Thursday, June 14, 2012

ඇම්ඩාගේ හීනය...

ඔන්න අපේ ඇම්ඩා මලය ගියා පොරගේ අක්කලාගේ ගෙදර දවසක් දෙකක් ඉඳල එන්න කියල... කොහොමෙන් කොහොමෙන් හරි මුට නිදියන්න උනේ තනියම... මලා මු කරුවලට බයයි නේ..අක්ක මසියත් එක්ක අහවල් කෙරුවාවට එන්ටර් වෙන්න හදනකොටම මු එහා කාමරේ ඉඳල කැ ගහනවා තනියම නිදියන්න බැරියෝ කියල..

අක්කට මුව කන්න තරහ.. මොනවා කරත් මු අක්කගේ එකම සුරතල් පුංචි මලයනේ කියල අක්කයි අක්කගේ මසියගෙයි මැදින් නිදියගන්න කිව්වා....... බුවා දැන් මොන ජගතටත් බය නැ... හොඳට දිගැදිලා නිදි....

නින්දේ තරම කියන්නේ මුට හීනයක් පේන්න ගත්ත, අය එසේ මෙසේ හීනයක් නෙමෙයි සක්කර දෙයියොත් එක්ක මුට පෙනුනේ මු දිවය ලෝකේ සංචාරෙකට ගිහින්...

ඔන්න සක්කර දෙයියෝ කියනවා මුට... ආ.... ඇම්ඩා... සාදරයෙන් පිලිගන්නවා දිවය ලෝකෙට අද ටුවර් එකේ බලන්න ලස්සන දේවල් තියනවා..... මුලින්ම අපි යමු බලන්න තමාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ කොච්චර තියනවද කියල බලන්න... කියල මුව එක්කගෙන ගියා සුදුම සුදු background එකක් තියන පැත්තකට ඉමක් කොනක් නැ පහන් ගොඩ පත්තු වෙනවා... සමහර ඒවා නිවිලා ... බලන්න ලස්සනේ බැ...

ඇම්ඩා කට ඇරගෙන බලාගෙන ඉන්නවා... සක්කර දෙයියෝ ගියා එක තැනකට... ගිහින් පහන් සෙට් එකක් පෙන්නලා කිව්වා... ඇම්ඩා... මේ තමා ඔයාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ පෙන්නන තැන කියල....

ඇම්ඩා අහනවා ඒ කොහොමෙයි දෙයියනේ මේ පහන් වලින් ආයුෂ පෙන්නන්නේ කියල....... සක්කරයා - ඔය පහන් වල තෙල් ඉවර උනගමන් පහනට අයිති කෙනා මැරෙනවා...

ඇම්ඩා- ආ එහෙමද... එතකොට කාගේද මේ පහන ???

ඕක තමා ඔයාගේ තාත්තගේ පහන, මේ ඔයාගේ අම්මගේ පහන, මේ ඔයාගේ අක්කගේ පහන, මේ ඔයාගේ අයියගේ පහන කියල එක එක සක්කර දෙයියෝ ඇම්ඩාට පෙන්නුවා ඇම්ඩා ඇහුවා...

එතකොට කෝ මගේ පහන ???? සක්කරයා මේ තියන්නේ .... කියල පහනක් පෙන්නුවා හුටා.... පනේ දැල්ල මලානිකයි, ඒ වගේම තෙලුත් ඉවර වෙලා.. මලා .. බැලුව වටපිට. අම්මට උඩු ..අක්කගේ පහනේ නම් හොඳට තෙල් තියනවා පහන හොලවන්නවත් බැ....

දැම්ම ඇඟිල්ල... අපහු දැම්ම ඇම්ඩාගේ පහනට, . ඔහොම ඇම්ඩා පොරගේ පහනට අක්කගේ පහනේ තෙල් ඇඟිල්ලෙන් බින්දුව බින්දුව උස්සනවා අක්කගේ පහනට ඔබනවා.... මුගේ පහනට ඔබනවා..........අක්කගේ පහනට ඔබනවා.... මුගේ පහනට ඔබනවා..........අක්කගේ පහනට ඔබනවා..... මුගේ පහනට ඔබනවා.........

දිඩීන්........ කන් අඩිය කීන් ගාල ගියා ඇම්ඩා ඇහැරුනේ හොඳ කනේ පාරකුත් එක්ක මොකද වෙලා තියන්නේ ??????

මු නින්දෙන් පහන් කියල අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා..... ආපහු මසියගේ කටේ ඔබලා...... අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා....... ආපහු මසියගේ කටේ ඔබලා.....අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා...... ආපහු මසියගේ කටේ ඔබලා ....

Saturday, June 9, 2012

ෂලොක් හෝම්ස් සිංහරාජ අඩවියේ...

1886 වසරේ සැප්ත්ම්බර් මස දිනක සන්ද්‍යා කාලයයි..මිට සති කීපයකට පෙර මාගේ මිත්‍ර හෝම්ස් සහ මා ලංකාවට පැමිණියේ,පසු ගිය මාස කිහිපය අපට ඉතා කාර්යබහුල වූ බැවින් කිසියම් විවේකයක් ගත කිරීම අරමුණිනි.

මෙහි ඉතා සුන්දර වනාන්තරයක් වූ සිංහරාජ නම් වූ වනයේ දින දෙකක සංචාරයක් ගත කිරීමට හෝම්ස් හට සිතුනේ ඔහු පරිසරය ඉතා ඇල්මක් දක්වන නිසා යයි මට හැගී ගියේය..එම නිසා මමද ඔහුගේ කැමැත්ත ප්‍රතික්ෂේප නොකට ගමනට සුදානම් විය..

පැය කීපයක දුම්රිය ගමනකින් සහ පැය කීපයක පා ගමනකින් පසු අප සිංහරාජ වනයට පිවිසුණු විට ඇදිරි වැටෙන්නත් පටන්ගෙන තිබුණි..දීර්ග ගමනක විඩාවත් සමග අපට බඩගින්නත් ඇති වූ හෙයින් රාත්‍රී ආහාරයද අප වනය තුලම ගෙන ගිනි මැලයක් ද අටවා නින්දට යාමට සිතුනි.. එහෙයින් කුඩාරමක් අටවා අප එය තුලට විත් විනාඩි 5 ක් තුල නින්ද ගියේ අප ගමනේ තිබු විඩාපත් බව නිසාමය...

පැයකට පමණ පසු ෂලොක් හදිසියේම නැගිට මා අවදි කළේය...ඉන් පසු ඔහු සුපුරුදු ලෙස ඔහුගේ කටහඩ අවදි කළේය..

 "වොට්සන් ඔබට මේ රාත්‍රී ආකාසයේ තියෙන තරු දිහා නිරීක්ෂණය කලාම, කුමක්ද ඔබේ නිගමනයට එන්නේ.."

" මටනම් පෙන්නේ හෝම්ස් අපේ කුඩාරම කව්දෝ ගලවාගෙන ගිහින්"

 Choppe

Monday, June 4, 2012

මෙහමත් ජීවිතයක්...

කෙල්ල : කොහමද මහත්තයෝ?? කොහේද ඉන්නේ??

කොල්ලා : මම හොදින් පැටියෝ.. ගෙදර ඉන්නෙ.. (Message sent failed)

කෙල්ල : කෝ ඔයා??? වැඩක්ද?? කොල්ලා : මම ඔයාට Msg එකක් එව්වා.. ඒත් deliver උනේ නැ..(Message sent failed)

කෙල්ල : මම ඔයාට මෙච්චර Msg එවනවා.. ඔයාට මාව ගානක් නැද්ද?? ඇය් උත්තරයක් නැත්තේ??

කොල්ලා: නැ රත්තරන්.. මම Msg එව්වට යන්නේ නැ.. Network problem එකක්.. (Message sent failed)

කෙල්ල: හරි කමක් නැ.. ආයිත් මම ඔයාට කතාකරන්නේ නැ.. මටත් මගේ පාඩුවේ ඉන්න දෙන්න..

කොල්ලා: ඕන මගුලක් කරගන්නවා... (Message sent successfully.)