Wednesday, April 17, 2013

මේ ෆෝන් කෙලිය...

මේව නම් බලලත් ඇති ඒත් හොද දෙයක් නිසා හැමෝම එක්ක බෙදා ගන්න හිතුනා. බලල අදහසක් දාල යන්න අමතක කරන්න එපා.

Tuesday, March 26, 2013

සටන් සහ බණ...

"විජේරත්න නෝනා, මේ සැරේ ඇසළ පෝයට පන්සලේ ධර්ම දේශනාව බොහොම කලඑළියට කරන්ඩයි මගෙ කල්පනාව. ධර්ම දේශනාව අතරතුරේ ආලවක දමනය, මාර පරාජය වගෙ දේවල් නාට්‍යානුසාරයෙන් බණ ශාලාවේ පෙන්නන්ඩත් ලැහැස්ති කරලයි තියෙන්නෙ.
ඒකත් ඇතුළත් කරලා හොඳ දැන්වීමක් හදලා පෝස්ටරයක් විදියට මුළු ගම පුරාම ඇලෙව්වොත් නේද හොඳ?" පන්සලේ නායක හාමුදුරුවෝ බෝමළුවේ දී හමුවූ තම පන්සලේ ප්‍රමුඛ දායිකාවකට කීවේය.

ඇය තම සැමියාට ඒ විස්තරය පවසා ඔහු ලවා පෝස්ටරයක් සකස් කොට එය පන්සලට රැගෙන ගොස් නායක හාමුදුරුවන්ට පිළිගැන්වූවාය.

එය කියවා බැලූ උන්වහන්සේ හිසේ අතගසා ගත්තෝය. එහි ශීර්ෂ පාඨය ලෙස මෙසේ සඳහන්ව තිබිණ.

"ත්‍රාසජනක සටන් ඇතුළත් මනහර ධර්ම දේශනයක්"