Saturday, May 22, 2010

බිරිද & ස්වාමියා

බිරිද         :   ඩාලිං මම හදිස්සියේ මලොත්?
ස්වාමියා  :   පිස්සුද?මොනවද මේ කියන කථා? පිස්සී...
බිරිද        :   එහෙනම උනොත්,ඔයා වෙන කෙනෙක් බදියි..එයත් එක්ක මේ වගේ අපේ ඇදේ එක‍ට...
ස්වාමියා :   චිකේ...මගෙ රං..මොනවද ඔයා මේ කියන්නේ?
බිරිද        :   ඒ විතරක් නෙමෙයි එයා මගෙ සාරිත් අදියි..සෙරප්පුත් දායි..ගවුම් අදියි..
ස්වාමියා :   පිස්සුද එයා ඔයා වගෙ කැහැටු නෑ...
බිරිද        :   ????

දන්නේ කොහොමද ?

අශ්වයන් ඇති කිරීම විනෝදාංශය කරගත් එක් ධනවත් පුද්ගලයෙක් ඉතා අධික වටිනාකමකින් යුත් අශ්වයෙක් මිලදී ගත්තේය. අශ්වයා තමන්ගේ ගාලෙහි ගාල් කළ ඔහුට, අශ්වයාගේ ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි විය. ඒ නිසාම ආරක්ෂක සේවා සපයන ආයතනයකට කථා කර ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නියාමකයෙක් සේවයේ යොදවා ගත්තේය. එදින රාත්‍රියේ අශ්වයා ගැන මහත් උද්දාමයෙන් සිටි ඔහුට ආරක්ෂාවට ගත් තැනැත්තා පරීක්ෂා කර බැලීමට සිත්වී අශ්ව ගාල වෙත පිය මැන්නේය.

මහත් සතුටකි. ඔහු අවදියෙනි. හිස්වූ සිතිවිල්ලෙන් නිදිවරන ඔහුට නින්ද යා හැකි බැවින් ධනවත් පුද්ගලයා ඔහුට මෙසේ පැවසීය.
"මේ ඕයි ! තමුසෙ මොනව ගැනද කල්පනා කරන්නේ??"
නියාමකයා - "මොකවත් නෑ ස.. ර්..."
"එහෙම ඉන්න එපා අයිසේ! තමුසෙට නින්ද යයි. කල්පනා කරන්න දේවල්ද නැත්තේ. බලනවකො කල්පනා කරලා අහසට තරු ආවේ කොහොමද කියලා."
නියාමකයා - හොඳමයි ස.. ර්.

එසේ පැවසූ ඔහු නිවස කරා ගොස්, මධ්‍යම රාත්‍රියේදී අවදිවී ආරක්ෂක නියාමකයා පරීක්ෂා කිරීමට නැවතත් ගාල වෙත පැමිණෙයි.

මහත් සතුටකි. ඔහු අවදියෙනි.
"මොනවද තමුසේ කල්පනා කරන්නේ අහසේ තරු ගැනද ?"
නියාමකයා - "ඒකනේ ස.. ර්.. මමත් කල්පනා කලේ"
"එකක් ගැනම හිතන්න එපා යෝධයෝ තමුන්ට නින්ද යයි. හිතනවකෝ වෙන දෙයක් ගැනත්. දැන් බලනව, මුහුදට ලුණු රස අවේ කොහොමද කියලා. හිතනවකෝ ඒ වගේ දෙයක් ගැනත්"

නැවතත් නිවසට ගිය ඔහු ආපසු ආවේ උදෑසනය

මහත් සතුටකි. ආරක්ෂකයා කමුලේ දෙඅත් ගසාගෙන කල්පනා කරමින් සිටී.
"තමුසේ මොනව ගැනද හිතන්නේ ? අහසේ තරු ගැනද ? එහෙමත් නැත්නම් මුහුදේ ලුණු රස ගැනද ?"

නියාමකයා - ස...ර්... මගුලක් කථා කරනවා මම මේ හිතන්නේ අශ්වයා පැනල ගියාද? හොරු ගෙනිච්චද කියලා.

ඇයි දෙයියනේ එහෙම කලේ...

අධික දේව භක්තිකයෙක් ගඟක් අසල වාසය කළේය. තද වැසි හේතුවෙන් ගඟ දොගොඩතලා යෑමට සැරසෙද්දී පොලීසියෙන් පැමිණ වහා ඉවත්වන ලෙස දැනුම් දෙද්දීත් “දෙවියන් මා බේරාගනීවි” පවසා නිවසින් ඉවත් නොවීය. නිවසේ දෙවන තට්ටුව තෙක් වතුරට යටවිය. නැවත ජීවිතාරක්ෂක සේවයෙන් පැමිණ මෙම පුද්ගලයා ඔවුන් සමග රැගෙන යාමට තැත් කළේය. එවිටද “දෙවියන් මා බේරාගනීවි” යි පවසා ඔහු නිහඞව සිටී. දෙවන තට්ටුවද යටවීම නිසා මොහු වහලට නැග්ගේය. ඔහු බේරාගන්නට පැමිණි හෙලිකොප්ටරයටද මොහු පැවසූයේ “දෙවියන් මා බේරාගනීවි” කියායි. අවසානයේදී මොහු වතුරට ගසාගෙන ගොස් ඉතා අමාරුවෙන් ගසක එල්ලී පන බේරා ගත්තේය. දින කීපයකට පසු ඉතා කේන්තියෙන් දේවාලය වෙත ගිය හේ “දෙවියනේ ඇයි මට එහෙම කලේ? ඇයි මාව බේරාගන්න ආවේ නැත්තේ ? ” යි විලාප තැබීය. එවිට දෙවියන් මෙසේ පැවසීලු.

“යකෝ මම දෙසැරයක් පොලීසියෙන් එව්වේ. ඊට පස්සේ හෙලිකොප්ටරයකුත් එව්වේ තෝ නැග්ගයෑ. මම මොනව කරන්නද ඒකට”