Saturday, July 24, 2010

මහත්තයා දන්නවද?

දුම්පානය කරන්නන් දකින විට කෝපයට පත්වන, එමෙන්ම ඊට වහා ප්‍රතිචාර දක්වන එක් කාන්තාවක් දිනක් පාරේ ගමන් කරමින් සිටියාය. බස් නැවතුම් පළක කණුවකට හේත්තු වී බොහෝ සැහැල්ලු ආකාරයෙන් දුම්වැටියක් උරන තරුණයකු දැක කෝපයට පත් ඇය ඔහු අසලට ගොස් ආවේගශීලීව මෙසේ ඇසුවාය.

"තමුසෙගෙ අම්මා දන්නවද තමුසෙ ඔය විදියට සිගරට් බොනවයි කියල?"

"ඔය නෝනගෙ මහත්තයා දන්නවද ඔහේ මහ පාරෙදි හම්බුවෙන නන්නාදුනන ඉලන්දාරිත් එක්ක පැටලෙන්න යනවයි කියල." තරුණයා පෙරළා ඇසුවේය.


උපුටා ගැනීම : සිළුමිණ

ගෙවන්නෙ මොකටද?

ප්‍රේමදාස රෙදි සාප්පුවකට ගොඩ වැදුණේ කලිසමක් මිලදී ගන්නා අදහසිනි. කලිසම් තොගයක්ම පෙරළා බලා තමාට ගැළපෙන කලිසමක් තෝරා ගෙන හැරී බලද්දී එහා පැත්තේ තිබුණු කමිස තොගයක් දැක කලිසම ආපසු දමා, ඉන් කමිසයක් තෝරා ගෙන සාප්පුවෙන් එළියට පැමිණියේය.

ඔහු පසුපස හඹා ආ ආරක්‍ෂක නිලධාරියෙක්, "මහත්තයා පොඩ්ඩක් ඉන්න. ඔහේ මේ කමිසෙට ගෙව්වෙ නැහැ නේද?" යයි ඇසුවේය.

"ඇයි මං කමිසෙට හරියන්න කලිසමක් දාලා ආවනෙ." ප්‍රේමදාස කීය.

"ඒ වුණාට මහත්තයා ඒ කලිසමට ගෙව්වෙත් නැහැනෙ."

ආරක්‍ෂක නිලධාරියා තවත් පැනයක් නැගීය.

"මට ඕනෙ නැති කලිසමකට මං ගෙවන්නෙ මොකටද හලෝ."යනුවෙන් කී ප්‍රේමදාස යන්නට හැරුණේය.


උපුටා ගැනීම : සිළුමිණ

එහෙම වුණා නං

"ඔයා දන්නවද වැඩක්.මම අද උදේ තිබුණු රැස්වීමට ගිහින්, වේදිකාවට නැඟලා,
"නෝනාවරුනි, මහත්වරුනි, මම තමා ඔබේ අලුත් කෘෂිකර්ම ඇමැතිවරයා" කියලා කිව්වා විතරයි, එතන හිටිය මිනිස්සු මට කුණු වෙච්ච තක්කලි, කෙසෙල් ගෙඩි, බිත්තර වගෙ දේවල්වලින් ගහන්ඩ පටන් ගත්තනෙ.මම බොහොම අමාරුවෙන් බේරිලා ආවේ. ඒ එන ගමන් මට හිතුණා මම කොයි තරම් වාසනාවන්තයෙක් ද කියලා." නව ඇමැතිවරයා නිල නිවසේ පෝටිකෝවේදී තම බිරිඳට එසේ කීවේ රථයෙන් බසිමිනි.

"ඉතින් මොකක්ද ඒකෙ තියෙන වාසනාව?"

ඇමැති බිරිඳ ඇසුවේ පුදුමයටත් වඩා කෝපයෙනි.
"වාසනාව...? ඇයි මෝඩියේ, මම කර්මාන්ත ඇමැතිවරයා වුණා නං එහෙම?"

ඇමැතිතුමා කීවේ කටපුරා සිනාසෙමිනි.

උපුටා ගැනීම : සිළුමිණ