Saturday, May 28, 2011

ඥානවන්ත හක‍රැල්ලා...

සතුන් විකුනන සාප්පුවකට පැමිනි මිනිසෙක් අසාමාන්‍ය සතෙක් ඇත්නම් මිලදී ගැනීමට තමන් කැමති බව පැවසීය.

ආ අපිගාව ඉන්නවා මහත්තයා හොයන විදිහේ සතෙක්.

ඌ ඥානවන්ත හක‍රැල්ලෙක්.

ඌට මොනවද කරන්න පුලුවන්? මිනිසා විමසීය.

මහත්තයා කියන ඕනෑම දෙයක් ඌ කරයි. සේවකයා පිලිතුරු දිය.

මිනිසා ඥානවන්ත හක‍රැල්ල මිලටගෙන ගෙදර ගියේය.

හක‍රැල්ලාට පැවරුන පලමු කාර්යය වූයේ TV එක on කිරීමයි. ඌ එය මනාව ඉ‍ටුකලේය.

අනතුරුව තේ සෑදීම, නිවස අතුපතුගෑම,ඇදුම් මැදීම ආදී සෑම කටයුත්තක්ම ඌ මනාව ඉ‍ටුකලේය.

එදින පුවත්පත බැලීමට සිතූ මිනිසා කඩයට ගොස් පුවත් පත ගෙන එන ලෙස හක‍රැල්ලාට
පැවසීය.

හක‍රැල්ලා පිටත්වී පැයක් පමන ගත්වූවත් ආපසු පැමිනියේ නැත.

ඌ සෙවීමට ඉටා පිටත්වීමට දොර ඇරිය විට හක‍රැල්ලා දොර පඩියේ වාඩිවී සිටිනු දු‍ටු මිනිසා කොහෙද මොච්චරල වෙලා ගියේ යැයි විමසීය.

කොහේවත් නෑ... පත්තරේ ගේන්න යන්න මම මේ සපත්තු දානවා.

හක‍රැල්ලා පිලිතුරු දිය.

1 comment:

  1. පැයක්වත් යන්න ඇත් සපත්තු ටික දාගන්නම.

    ReplyDelete

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...