Saturday, June 19, 2010

ඔබට බෝහෝම ස්තුතියි...

අපේ සිංහල jokes,
Blogger හන්දිය,
පෘථිවිය.
2010-06-19

හිතවත් ජොලියට බර ඔබ වෙතයි,

දවස් 31...

ඇවිත් ගියපු ගණන 1850+

කථා කියවපු වාර ගණන 8750+

පරිඝණකය දාපු ගමන් ඉස්සෙල්ලාම අපේ සිංහල jokes බලන්න එන්න පුරුදු වෙච්ච ගණන 60+

දවසකට කතා කියවන වාර ගණන 400+

මෙච්චර ලොකු දෙයක්...මෙච්චර ඉක්මණට ලග කරගන්න ලැබුනේ ඔබ හැමදාම මාත් එක්ක හිටපු නිසයි...

ඔබට බෝහෝම ස්තුතියි...ඔබේ පැමිණීම මාව තව තවත් දිරිමත් කරනවා...

අපේ සිංහල jokes සමග දිගටම රැදී සිටින්න...

ඔබේ යහලුවන්ටත් අපේ සිංහල jokes Facebook Group එකට ආරධනා කරලා අපේ සිංහල තව තවත් සමාජ ගත කරන්න උදවු වෙන්න...

මේක අපේ සිංහල jokes නිසා ඔබගේ අදහස්...යෝජනා...චෝදනා...කැමති භාෂාවකින් මට කියලා අපේ සිංහල jokes තව තවත් ලස්සන කරන්න මට උදවු වෙන්න...

ස්තුතියි...
මීට විශ්වාසී,
අපේ සිංහල jokes

විසඳුම...

කඳුකර ප්‍රදේශයක් හරහා ගමන් කරමින් තිබූ දුම්රියේ එක් මැදිරියක සිටි කාන්තාවෝ දෙදෙනෙක් දබර කර ගනිමින් උන්හ. එක් කාන්තාවක් තමා අබියස ජනේලය වසා දැමිය යුතු යයි තරයේ කියා සිටි අතර අනෙක් කාන්තාව ජනේලය හැර තැබිය යුතු යයි තර්ක කළාය.

ක්‍රමයෙන් උග්‍ර අතට හැරුණු මේ හබය බේරීමට ඉදිරිපත් වූයේ දුම්රිය ආරක්‍ෂක නිලධාරියෙකි. ඔහු හමුවේ කරුණු දැක්වූ එක් කාන්තාවක්,

"මේ ජනේලෙ ඇරලා තිබුණොත් සීතලේ වෙවුලලා මාව මෙතනම මැරිලා යාවි" යයි කීවාය.

"මේ ජනේලෙ වහලා තිබුණොත් හුස්ම හිරවෙලා මාව මෙතනම මැරිලා වැටේවි" අනෙක් කාන්තාව හඬ නැඟුවාය.

මොහොතක් කල්පනා කළ ආරක්‍ෂක නිලධාරියා මෙසේ කීය.

"මුලින්ම ජනේලෙ ඇරලා තියමු. එතකොට මෙයා ඉවරවෙයි. ඊට පස්සේ ජනේලෙ වහමු. එතකොට අරයා ඉවරයි. ඊට පස්සෙ මේ ඔක්කොටම කනක් ඇහිලා කෝච්චියෙ යන්න පුළුවන් නෙ..."

හිතුණු දේ කළා...

කැන්ටිමේ කොනක වාඩිවෙලා තේ වීදුරුවක් තොල ගාමින් සිටි අජිත් වඩේ එකක් හපන ගමන් ඉදිරිපස අසුනේ සිටි සුසන්තට මෙහෙම කිව්වා.

"මම කාටවත් බය ඇති කොල්ලෙක් නෙමෙයි. මට හිතුණ දෙයක් මම කරනවා."සුසන්ත කට ඇද කළේ ඔලොක්කුවට වගෙ.

"එහෙනං ගිය සුමානෙ තුසිත ගහන්ඩ පැනපු වෙලාවේ උඹ පැනලා දිව්වේ."

"ඔව්, මට දුවන්ඩ හිතුණා ඉතින් මම දිව්වා." අජිත් කිව්වේ පපුව ඉස්සරහට දාගෙන.

කොහොමද එන්නෙ???

දිනක් මධ්‍යම රාත්‍රියේදී ගිනි නිවන හමුදාවේ දුරකථනය නොනවත්වාම නාද වන්නට විය. දුරකථනයෙන් නැඟුණේ් කලබලයෙන් කතාකරන ගැහැනියකගේ හඬකි.

"ගින්නක්... ගින්නක්..."

"කොහේද???" ගිනි නිවන හමුදාවෙන් විමසුමක් නැගිණ.

"අපේ ගෙදර..." ගැහැනිය නොඉවසිල්ලෙන් කීවාය.

"ගෙදර කොහේද???" ගිනි නිවන භටයා ඇසීය.

"කුස්සියේ..." ඈ කෑගසමින් කීවාය.

’හරි.. හරි... කොහොමද ඔතනට එන්නේ!!!" භටයා ඇසුවේ නිවැරැදි පිළිතුරක් අපේක්‍ෂාවෙනි.

"ඇයි තමුසෙලා ළඟ වාහන නැද්ද???" ගැහැනිය කෝපයෙන් තෙපළාය.

පටලැවිල්ල...

මනෝජ් මඟුල් කපුවකු ගෙනා යෝජනාවක් අනුව මනාලිය බලන්නට ගියේ තම මිතුරු අරුණත් එක්ක. මනමාලි බලලා, සංග්‍රහයක් හෙම භුක්ති විඳලා ආපහු එන අතරේ කපු මහත්තයා මනෝජ්ගෙන් මෙහෙම ඇහැව්වා.

"කොහොමද මහත්තයා මනමාලි හිතට ඇල්ලුවද?’"

නෝජ් උත්තර දුන්නේ මඳක් ලැජ්ජාවෙන් "කෙල්ල නං ලස්සනයි. ඒ වුණාට එයාගෙ උඩ ඇන්දේ ඉස්සරහ දතක් නැහැනෙ කපු මහත්තයා"

"දෙයියන්ට ඔප්පු වෙච්චාවේ, මහත්තයා, ඒ මනමාලි නෙමෙයි, එයාගෙ අම්මා" කපු මහත්තයා ඔළුවේ අතගහ ගත්තා.