Sunday, June 12, 2011

බඹරු නැත්තන් පැනි කොහෙන්ද???

මේක සැර වැඩි වෙන්න පුලුවන්...ඒ නිසා පොඩි ළමයින් බලන්ට එපා ඕන්...

ඔන්න ඉතින් අපේ ඇම්ඩන් කොලුවට පුංචි කාලෙදිම කජ්ජබිලින් වෙන්න ගත්තා, ඉතින් මිනිහගේ කජ්ජබිලින් වෙන්න ගත්ත පලවෙනි දවසෙ ටිකක් බය උනා, මිනිහ දඩිබිඩි ගාලා අපේ වතිල වෙද මහත්තයව හම්බවෙන්න ආවා. ඇවිත් කාරනාව කිව්වට පස්සෙ. අපෙ වතිල වෙද මහත්තයා කිව්වා, "බයවෙන්න කාරි නැහැ ඇම්ඩෝ ඕක ස්වාභාවිකයි" කියලා.

එත් ඉතින් ඇම්ඩට මේක ලොකු ප්‍රශ්නයක්, ඇම්ඩා වතිල වෙදමහත්තයගෙන් ඇහුවා, "වෙදමහත්තයෝ ඇයි කජ්ජබිලින් වෙන්නෙ" කියලා. ඇම්ඩා පොඩි නිසා හරියටම කියන්නත් බැහැ. "කජ්ජබිලින් වෙන්නේ ගුල්වලට දාන්න" කියලා කිව්වා,

දැන් ඉතින් ඇම්ඩට මේක ගුලකට දාලා ටෙස්ට්කොරලා බලනකන් ඉවසිල්ලක් නැහැ. ඇම්ඩා ගෙදර එනගමන් මේක ටෙස්ට්කොරලා බලන එක ගැන හිත හිත එනකොට ඇම්ඩා දැක්කා ගහක පොඩි ගුලක් තියෙනවා, ඇම්ඩට මාර හැපි එකක් ආවා, මොකද දැන් මේක ටෙස්ට්කොරලා බලන්න පුලුවන්නෙ, ඇම්ඩා ටක්ගාලා අහවල් එක අර ගුලට දැම්මා,

දාලා විනඩියක්වත් ගියේ නැහැ, "බුදුඅම්මෝ" කියලා ඇම්ඩා අහවල් එක එලියට ගත්තා, මාර සීන් එක ඇම්ඩා අහවල් එක දාලා තියෙන්නෙ ගහක බැදලා තිබිච්ච බඹර වදයක් ඇතුලට, දැන් අහවල් එක ඉදිමිලා, ඒ මදිවට බඹරු එලව එලවා අහවල් එකට අනිනවා, ඇම්ඩා කැගහගෙන අපහු වතිල වෙදමහත්තයාලගේ ගෙදරට දිව්වා.

"අනේ බුදු වෙදමහත්තයෝ මගේ කජ්ජට බඹරු ඇන්නො මට බැරියෝ" මොකද මොකද ඇම්ඩන් මේ කැගහනේ, අම්මො මේ මොකද මේ කජ්ජට වෙලා තියෙන්නෙ, අනේ බුදු වෙද මහත්තයෝ මම ගෙදර යනගමන් ගහක් තිබුන ගුලක් දැක්කා, මම ඉතින් මගේ කජ්ජ ඒ ගුලට දැමා, අයියො ඇම්ඩන් තමුසේ වැඩේ නාගෙනනේ, ඕවටම හදපු ගුල් ජාතියක් තියෙනවා, තමුසෙට ටික කාලයක් යන්කොට දැනගන්න පුලුවන් වේවි, එතකන් කජ්ජ පරිස්සන්කරගෙන් ඉන්නවා, එක එක ගුල් වලට දාන්නෙ නැතුව" කියලා අපේ වතිල වෙද මහත්තයා ඇම්ඩට කිව්වා.

ඔන්න ඉතින් ටික කාලයක් ගියා, දැන් ඇම්ඩා ගුලක් දකිනකොට බයයි, ඇම්ඩගේ වයසත් හරි නිසා ගෙදරින් ඇම්ඩට කසාදයක් බන්දලා දුන්නා. දැන් ඉතින් ඇම්ඩගේ මංගල රාත්‍රිය, ඒ උනාට ඇම්ඩා කිසිම සද්දයක් බද්දයක් නැහැ, ඇදේ අනිත් පැත්තට හැරිලා ඇම්ඩා නිදි,

මේක ඇම්ඩගේ පවුලට මාර ප්‍රශ්නයක් නිසා ඇම්ඩගෙන් මෙහෙම් ඇහුවා, "මොකද අනේ ඔයා කරන්නෙ, මම මේ බලාහෙන ඉන්නවා ඔයා වැඩ පටන්ගන්නකන්, කෝ ඔයා කිසිම ඇක්ට්යු එකක් නැහැනේ" කියලා, "අපෝ මටනම් බැහැ ඕවා ඇතුලේ බඹරු ඉන්නවා" කියලා ඇම්ඩන් කිව්වා, ඔයාට පිස්සුද අනේ මෙකේ ඇති බඹරෙක් නැහැ, "අනේ නිකන් බොරු නොකිය ඉන්නවා, මටනම් බැහැ" කියලා ඇම්ඩා කිව්වා, "මේකේ ඇති බඹරෙක් නැහැ ඇම්ඩන්, ඔයාට අවිශ්වාස නම් ඇගිල්ල දාලා බලන්නකො" කියලා ඇම්ඩන්ගේ පවුල කිව්වා.

ඉතින් ඔන්න පවුලගේ වදේටම ඇම්ඩන් ඇගිල්ල දාලා බලන්න සෙට් උනා, ඇම්ඩන් බොහොම බයෙන් බයෙන් ඇගිල්ල දැම්මා, "බුදු අම්මෝ" කියාගෙන ඇම්ඩන් ඇගිල්ල එලියට අරගෙන කාමරයෙන් එලියට දුවන්න ලැස්ති උනා, "මොකද මොකද අනේ ඔයාට වෙලා තියෙන්නෙ, මෙකේ බඹරු නැහැයි කියලා ඔයාට දැන් තෙරෙනවනේ, ඉතින් මේ කොහෙද දුවන්න හදන්නේ", "බොරු කියන්න එපා ගෑනියේ, බඹරු නැත්තන් පැණි කොහොහෙන්ද" කියලා ඇම්ඩන් ඇහුවා...

Sunday, June 5, 2011

වරද කාගේද???


දැනෙන නොදැනෙන තරමට හීන් අඩියක් ගසා කාර්යාලයට ඒමට පුරුදුව සිටි සුගත් එදා රාජකාරිය සඳහා පැමිණියේ හොඳටම බීමත්වය.
"ඇයි බං ඔච්චර බීලා වැඩට ආවේ?"
මංජුල ඇසුවේ ඉන් ඔහු අමාරුවේ වැටෙතැයි සැකයෙනි.

"ඒක මගෙ වැරැද්දක් නෙමෙයි." සුගත් ගොත ගසමින් කීවේය.

"නැත්තං කාගෙද යකෝ වැරැද්ද?" මංජුල ඇසුවේ කෝපයෙනි.

"මං දන්නෙ නෑ වැරැද්ද කාගෙද කියල. අවුරුදු දවස් හින්දා හවසට බාර් එකේ පෝළිම වැඩිවෙයි කියල හිතලා, උදේ ම මම ගත්තු අරක්කු බෝතලේ මූඩිය නැතිවුණා." සුගත් කීවේය.

පිස්සෝ කවුද???

මානසික ආරෝග්‍ය ශාලාවෙන් පැන ගිය පිස්සකු අල්ලාගත් පුවතක් පිළිබඳව අනෝමා අල්ලපු ගෙදර රූපා සමඟ කියනු අසා සිටි පුතා සාලයට විත් එහි පුවත්පතක් බලමින් සිටි නිහාල් ගෙන් මෙසේ ඇසීය.

"කොහොමද තාත්තෙ පිස්සන්ව අල්ල ගන්නෙ?"

"සෙන්ට්, පවුඩර්, ක්‍රීම්... එතකොට ඇඟ පේන කොට ගවුම්... ඒ වගේ අඟදර දඟර, බොරු මායම්... ඔය වගේ දේවල්වලින් තමයි පුතේ." නිහාල් පිළිතුරු දුන්නේ කුස්සිය දෙස හොරැහින් බලමිනි.


එඩ්වඩ් චන්ද්‍රසිරි

බළල් මස්ද???

"මොකෝ බං අර කෑම කන්ඩ ආපු මනුස්සයා කෑම නොකා ම හිටිහැටියෙ ආපහු ගියේ?" මුදලාලි, වේටර්ගෙන් ඇහැව්වේ පුදුමයටත් වඩා තරහිනි.
"අනේ මන්දා මුදලාලි ඒ මනුස්සයා ඇහැව්වා කෑම කන්ඩ මස් තියෙනවද කියල. මම කිව්වා විනාඩි පහෙන් උයලා ගේන්නම් කියල. වතුර වීදුරුවකුයි පිඟානකුයි ගේන්ඩ මම ඇතුළට යද්දි කුස්සියෙ හිටිය බළලගෙ වලිගෙ මට පෑගිලා ඌ මරහඬ දුන්නා. මම පිඟානයි වතුර වීදුරුවයි අරගෙන එනකොට මිනිහා ගිහින්." වේටර් කීවේය.

එඩ්වඩ් චන්ද්‍රසිරි

රයිගමයයි ගම්පොළයයි...

සිංහල අලුත් අවුරුද්ද එලැඹීමේ පී‍්‍රතිය නිමිත්තෙන් සුගත් සහ සුසන්ත හීන් අඩියක් ගැසීම සඳහා බාර් එකට ගොඩ වූයේ කාර්යාල වේලාවෙන් පසුවය.

"උඹ දන්නවද වැඩක් සුසන්ත. දැන් අවුරුදු දෙකකට කලින් අපේ මාමණ්ඩියගෙ අවුරුදු 25 ක් පරණ අත් ඔරලෝසුව නාන්ඩ ගිය වෙලාවක කැලණි ගඟට වැටුණා. මේ ගිය සුමානෙ, මාමණ්ඩියා කැලණි ගඟේ නාන්ඩ කිමිදෙන කොට අහම්බෙන් ඒ ඔරලෝසුව හම්බවුණා. විශ්වාස කරපන් සුසන්ත, ඒ හම්බවෙන කොටත් ඔරලෝසුව හොඳට දුවනවා." දෙකක් දාගත් සුගත් කීවේය.

"ඒක මොකක්ද බං? අපේ මාමණ්ඩියා දැන් අවුරුදු දෙකකට කලින් නාන්ඩ ගිහින් ඔය කැලණි ගඟටම වැටුණා. අවුරුදු දෙකක් ම වතුර යට ඉඳලා මිනිහා ගොඩ ආවේ මේ ගිය සුමානෙ." එය අසා සිටි සුසන්ත කීවේය.

"වෙන්ඩ බෑ! යකෝ ඒ මනුස්සයා අවුරුදු 2 ක් වතුර යට මොනවා කළාද?" සුගත් ඇසීය.

"වෙන මොනවද? උඹලෑ මාමණ්ඩිය ගෙ ඔරලෝසුව වයින් කර කර ඉඳලා." සුසන්ත කීවේය.

එඩ්වඩ් චන්ද්‍රසිරි

නැන්දම්මයි ලේලියි...

නන්දා සිය පුතාගේ බිරිඳ වූ මනෝරි සමඟ සිංහල අවුරුදු සමයේදී සාප්පු සංකීර්ණයේ ඇඳුම් තෝරමින් සිටිනු දුටු කරුණා සිනාසී මෙසේ කීවාය.
"ඔය දෙන්නව දැක්කම අනේ නිකම්වත් කියන්ඩ බෑ මේ නැන්දම්මයි ලේලියි කියල."
"ඇයි කරුණක්කා එහෙම කිව්වේ?" නන්දා ද සිනාසී ඇසුවාය.
"මං කවදාවත් දැකලා නැහැනෙ ඔය දෙන්නා කා කොටා ගන්නවා." කරුණා කීවාය.

එඩ්වඩ් චන්ද්‍රසිරි

බේසම...

ඔන්න එක ගමක හිටියා සිරිපාල කියල හෙන පන්ඩිත මනුස්සයෙක්..
මිනිහගෙ වැඩේම කාව හරි බ්යිට් 1ට අල්ලගන්න එකමයි.

ඉතින් දවසක් මිනිහා පහල ඇලේ නනා ඉන්නකොට,පන්සලේ පොඩි හාමුදුරුවෝ පාලම උඩින් වඩිනවලු.

දැන් මිනිහට ඉන්නම බැරිලු හාමුදුරුවන්ට මොනව හරි ජෝක් 1ක් දානකම්....

එතකොට තමයි සිරිපාල දැක්කෙ හාමුදුරුවන්ගෙ අතේ මොකක් ද පොතක් තියනවා.

හොදට බැලුවම පොතේ "පරචිත්ත විජාණන ඣාණය" කියල ලියල තියනව දැක්කා.

හරි... සරමත් ඇදගෙන ගොඩට ගිහින් දෙන්නම් වැඩක් කියල හිතලා,සරම ගන්න බලද්දි සරම නෑලු.

මලා. ඉතින් මොකකද් කරන්නෙ. හාමුදුරුවන්ටත් මොනවම හරි කියන්න ඕනෙමලු.

ඉතින් සරම දිය යටවත් තියනවද කියල අත ගාල බලන කොට නිකම් බේසමක් වගෙ 1ක් අහු උනාලු.

මිනිහා බේසමත් අරගෙන අහවල් ස්ථානෙත් වහගෙන ගොඩට ඇවිත් හාමුදුරුවන්ගෙන් මෙන්න මෙහෙම ඇහුවලු.

"ඇත්තටම හාමුදුරුවනේ ඔය පොතේ තියන විදිහට අනුන්ගෙ හිත් කියවන්න පුලුවන් නම්, හා කියමු බලන්න දැන් මගෙ හිතේ මොනවද තියෙන්නෙ කියල...."

ඉතින් හාමුදුරුවෝ හොද හිනාවක් එහෙම දාල කිව්වලු මෙහෙම.

" මේ උපාසක මහත්තය දැන් හිතාගෙන, ඉන්නෙ ඔය බේසමට අඩියක් තියනව කියල......"