Sunday, May 23, 2010

වන්නිල ඇත්තෝ facebook

වන්නිල ඇත්තෝගේ ඔපීසියල් facebook පොපයිල් එක

අයිෆල් කුළුන...

ඇම්ඩන්ලගෙ පන්තියෙ ඉතිහාසය කරමින් සිටි ගුරැතුමා

මේ... ළමයි දන්නවාද අයිෆල් කුළුන හදන්න ගොඩ කාලයක් ගත වුනේ ඇයි කියලා..

ඇම්ඩන්: ෂුවර් එකටම කරන්න ඇත්තේ Government ඔෆිස් එකකින් වෙන්න ඇති..

මංකොල්ල කෑම

පළමු වසරේ ඉගෙනුම ලබන ඇම්ඩන් බොහො පමා වී පාසලට පැමිනෙනු දුටු ගුරැතුමිය.

"මොකද ඇම්ඩන් මෙච්චර පරක්කු වුනේ?".

ඇම්ඩන්: මං ඉස්කොලෙට එන අතරේ මංකොල්ල කාරයෙක් මාව අල්ල ගත්තනෙ ටීච..

"හත්තිලව්වයි..ඉතින් ඔය ලමයා මොකද කලේ?"

ඇම්ඩන්: මම ඉතින් කොහොමහරි පැනලා ආවා..ඒත් ටීච..ඌ මගෙ ගෙදර වැඩ පොත අරන් ගිහිල්ලනේ..

COOL ජලය...

මම බස් එකේ යනවා.යනකොට මගින් වතුර විකුනන කොල්ලෙක් නැග්ගා.පොඩි කොල්ලෙක් අවුරුදු 12ක් විතර ඇති.
“වතුර වතුර. කූල් වතුර. ගන්න මහත්තයා කූල් ජලය…” පොඩි එකා මල්ලක දාගෙන වතුර බෝතල් විකුනනවා.
“බෝතලයක් කීයද?”
“40යි ගන්න මහත්තයා. ගන්න කූල් ජලය”
ඒ වෙලාවෙ තිබ්බ ගමන් මහන්සියයි රස්නෙයි එක්ක බස් එකේ ගොඩක් දෙනෙක් වතුර බෝතල් ගත්තා.මමත් රුපියල් 40ක් දීලා බෝතලයක් ගත්තා.
හැබයි වතුර කූල් නෑ.
“මල්ලි මේක කූල් කිව්වට කිසිම කූල් එකක් නෑනෙ” පිටිපස්සෙ හිටපු පොරක් කේස් එක ඇද්දා.
“එතකොට පොඩි එකා කිංඩියට වගේ හිනාවෙලා බෝතලෙ ලේබල් එකට ඇඟිල්ල තියලා පෙන්නුවා”
.
“COOL! පිරිසිදු පානීය ජලය”
.
ඒ වතුර බෝතල් ජාතියෙ නම තම COOL.

Solar Eclipse

මේ අවුරුද්දෙ මුල සූර්යග්‍රහනයක් තිබ්බා මතකද? මේ සිද්ධිය උනේ එදා.සුගතුයි දෙවින්දයි facebook එකේ චැට් කර කර හිටියේ.

සුගත් - අඩෝ මචන් අද solar eclipse එක බැලුවද? මරු නේ ?
දෙවින්ද - මොකක් ?
සුගත් - solar eclipse එක බං. බැලුවෙ නැත්නම් වැඩක් නැ.ඉක්මනට බලපන්.
දෙවින්ද – අඩේ සුගතා තරහ නැතුව මට link එක එවපන්කො.
සුගත් -මොකක්?
දෙවින්ද - solar eclipse එකේ link එක එවපන් යකෝ.

මල්ලී මේ පාර යන්නේ කොහාටද?

කොල්ලො සෙට් එක පිටින් බෝක්කුව උඩ රස්තියාදු පාර දාගෙන ඉන්නවා.ඔහොම ඉන්නකොට එතනින් වෑන් එකක් නැවැත්තුවා.

වන්දනා ගමනක් යන කට්ටියක්.පිටිපස්සේ පොත්ත සුදු කෙල්ලෝ තුං හතර දෙනෙකුත් ඉන්නවා.ඉස්සරහා වාඩිවෙලා හිටියා පොඩ්ඩක් පණ්ඩිත පහේ පොරක් (ඇත්තටම පණ්ඩිතද දන්නේ නෑ.ඒ උනාට සමහට ඩයල් දැක්කහම එහෙම හිතේනවනේ ).
පොර වෑන් එකෙන් එලියට ඔලුව දාල , පොඩ්ඩක් සද්දෙට

“මල්ලී මේ පාර යන්නේ කොහාටද?” කියලා ලොකුකමට වගේ ඇහුවා.

එතකොට කොල්ලෙක් ගත් ක‍ටටම “ආ අයියා , දවල්ටනම් මේ පාර කොහාටවත් යන්නෑ , හැබැයි රෑට කොහේ හරි යනවද දන්නෑ..”කියලා  කියල...

31st night

මේක ඇවිල්ල අපෙ එකෙක් කිව්ව සීන් එකක්...ඕන් ඉතින් අහගන්නකෝ...

ඉස්කෝලෙ හොස්ටල් ඉන්න කොල්ලො ටික දෙසැම්බර් 31 පොඩි පාටියක් සෙට් කරල වැඩි හොදටත් එක්ක ප්‍රින්සිපල්ටත් කියලම කරමු කියල මුන් ටික ගියා මෑන්ස්ව හම්බවෙන්න.
ගිහින් කිව්වලු "සර්,අපි 31st night පාටියක් දාන්න ඉන්නේ..සර් එදාට අපේ වැඩේට සහයෝගයක් දෙන්නත් එක්ක එන්න ඕන"කියලා.

"ෂා නියමයිනේ..."කියලා මෑන්ස් කොල්ලන්ගෙ ආරාධනය ඉහලින්ම පිලි අරගෙන මේක සංවිධානය කිරීම ගැන ස්තුතියකුත් කරලා.

ඒ වැඩෙත් එහෙනම් හරි කියල කොල්ලො ටික එන්න හදනකොට පිනා කියනවලු,

“කෝ…, ඔය ලමයි පාටිය තියනව කිව්ව විතරනෙ, තියන දිනෙයි වෙලාවයි කිව්වෙ නැහැනෙ"කියලා...

අම්මගේ තරමටම ...

සෑමදාම කොට කලිසම ගසාගෙන ටෙනිස් ගහන්න යන ලොකු මහත්තයාගේ දියණිය දකින ආරොන්ට ඉවසා සිටින්නට බැරිම දේ උනේ ඇය උඩ තට්ටුවේ සිට පහතට බහින්නේ අත්වැල උඩින් කකුලක් අනිත් පැත්තට දමා විදුලි වේගයෙන් පහතට රූටා එම දකිද්දීය. අම්මප අත්වැලක් උනානම් ආරොන් සිතූ වාර අනන්තය. රැව්ල කපන බ්ලේඩ් තලයක් ගෙන අත්වැලෙහි මැද ගැසුවේ ඉවසා ඉවසා ඉවසා ඉවසන තැන ගෙවීගිය ආරොන්ය. පසුදා පහන්විය. ඇය සුපුරුදු ක්‍රීඩාවේය. අප්පච්චියේ ආරොන්ගේ තරහ හරියටම පිරිමැහී ඇත. වහා ඇය පව්ලේ වෛද්‍යවරයා වෙත ගෙන ගියාය.
මැසීමට ඇවැසි සියළු උපකරණ රැගෙන ..

දොස්තර - Oh My God ! බේබි කියන්න කොච්චර ඉතුරු කරන්න ඕනිද කියලා?

ම්හ! පිළිතුරක් නැත. ඇය විලියෙන් ඇඹරෙයි
දොස්තර - කියන්න ළමයෝ කියන්න. ලැඡ්ඡ වෙන්න එපා. ඕගොල්‍ලන්ගේ අම්මි බේත්
ගන්නෙත් මගෙන්නේ.

අවසානයේ බැරිම තැන ඇඹරෙමින්
දියණිය - එහෙනම් අම්මගේ තරමටම ඉතුරු කරන්න.
දොස්තර - එහෙනම් බේබි ගිහින් අත්වැලේ තව සැරයක් රූටන්න

සිත ගිය තැන...

එක ගමක ඉතා වෙහෙස මහන්සිවී පාඩුවේ වැඩ කටයුතු කරගෙන ඉන්න ගොවි මහත්තයෙක් හිටියා. දවසක් වැඩ කරකර ඉන්න අතරේ හේන අද්දරින් ගිය මගියෙක් ගමකට යන පාර ඇහුවා.

ගොවිරාල - ඔය කියන ගම හුඟාක් දුරයි. ඇඳිරි වැටීගෙන එන මේ වෙලාවේ ඔය ඇත්තට එච්චර දුර යන්ඩ අමාරුයි. මේ ඉසව්ව පහුවුනහම මහා ඝණ කැලෑව නොවැ.
අමුත්තා - අනේ මම උදේ ඉඳල එන්නේ. මේ ලඟ පාත අම්බලමක්වත් තියෙනවද රාලේ මට නවතින්න.
ගොවිරාල - ම්හු ! ඔය ඇත්ත අමාරුවේ වැටිලා වගෙයි මට පේන්නේ. මමයි අපේ උන්දැයි විතරයි මයෙ පැල්කොටේ ඉන්නේ. ඔය ඇත්ත කැමතිනම් මගේ පැලේ ලැගල උදේ රැයින් යන්න ඇහැකි.
අමුත්තා - අනේ රාලේ පිං සිද්ද වෙනවා.

මළු බැම...

මානසික රොහලක වෛද්‍යවරයෙක් සුපුරුදු ලෙස උදයක වාට්ටුවේ ඇවිද බලමින් සිටින අතරතුර ඔහු හදිසියේම දුටුවේ බිලී පිත්තක් ගෙන එහි ඇම වතුර බේසමක දමාගෙන සිටින රෝගියෙකි.
"කොහොමද? මාළු කී සෙනෙක් අහු වුනාද ?"වෛද්‍යවරයා විමසා සිටියේය..
එවිට රෝගියා"මොන පිස්සුද දොස්තර මහත්තයෝ...මාළු කොහෙද වතුර බේසමේ.."

නෑ කමේ අරුත...

මං ඔයා නිසා අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ...තරුණ‍යෙකු වෙත දිව ආ තරුණියක කීවාය.
මහ මග මහ පිරිසක් මැද හටගත් ඒ සිද්ධියෙන් කම්පනයට පත් තරුණයා කෑ ගසමින් "මොකක් කිව්වා...එහෙම වෙන්නේ කොහොමද?...මේක හරි කථාවක්නේ.."

"නෑ...නෑ...කලබල වෙන්න එපා.."තරුණිය යළි නැලැවිල්ලේ කිවාය.
මං කියන්න හැදුවේ මේ ඔයගෙ තාත්ත මාව කසාද බදින්න තීරණය කරල කියලයි....