Monday, January 17, 2011

දරු දෙක මොක...

මැදපෙරදිග රැකියාවකට ගොස්‌ සිටි කාන්තාවක්‌ වසර පහකට පසු ආපසු පැමිණියාය.නිවෙසට පැමිණි විගසම ඇය සිය දරු දෙදෙනා ගැන සැමියාගෙන් විමසුවේ මෙසේය.
"දරු දෙක මොක....."

බිරියගේ මේ අණ්‌ඩර දෙමළ භාෂාව ඇසීමෙන් සැමියා අන්දුන් කුන්දුන් විය.

ඉන් පසු කුස්‌සියේ තිබුණු කොස්‌ ගෙඩියක්‌ දුටු ඇය "මේ බොල් බොල් මොක" කියා සැමියාගෙන් ඇසුවාය.

අමුතු භාෂාව ඇසීමෙන් සැමියා මහත්සේ කෝපයට පත්විය.

"මේ කෙටි කාලෙට මේකිට සිංහලත් අමතක වෙලා" ඔහු තමාටම කියා ගත්තේය.

"ෂර්ට්‌ එක ඉරිල. මොක........" ඇය යළිත් සිය අප්‍රභංශ භාෂාව පටන් ගත්තාය.ඔහුගේ කෝපයේ රතු ඉර පැන්නේය.

ඇගේ කෙස්‌ වැටියෙන් අල්ලා ගත් ඔහු ඇයට පහර කීපයක්‌ ගැසුවාය.

ඒ සමඟම ඇය "බුදු මාමේ... මෙන්න මාව මරන්න හදනවෝ..... මාව බේරා ගනියෝ........." යනුවෙන් යටි ගිරියෙන් කෑ ගසමින් අසල පිහිටි සිය ඥතියකුගේ නිවස කරා දිව ගියාය.

ඒ එයා පොඩි කාලේ!!!

විදේශීය සංචාරකයෙක්‌ එක්‌තරා රටක කෞතුකාගාරයක්‌ නැරඹීමට ගියේය.

එහි ප්‍රදර්ශනයට තබා තිබුණු හිස්‌ කබලක්‌ දුටු සංචාරකයා එහි සිටි නිලධාරියෙකුගෙන් මෙසේ ඇසුවේය.

"මේ හිස්‌කබල කාගේද?"

"ඒක අපේ රටේ නිදහස වෙනුවෙන් සටන් කළ වීරයෙකුගේ."

එයට මඳක්‌ ඔබ්බෙන් තවත් කුඩා හිස්‌ කබලක්‌ තිබෙනු දුටු සංචාරකයා එය කාගේ හිස්‌ කබල දැයි නිලධාරියාගෙන් ඇසුවේය.

"ඒක එයා පොඩි කාලේ." නිලධාරියා පිළිතුරු දුන්නේය.

Saturday, January 15, 2011

උපදේශයට පන්සීයයි!

හොරු දෙදෙනෙක්‌ එක්‌තරා පාළු ස්‌ථානයකට වී කතා බස්‌ කරමින් සිටියහ.

"ඊයේ වැඩෙන් නම් මට පාඩු වුණා.." එක්‌ හොරෙක්‌ අනෙකාට පැවැසීය.

"ඒ කොහොමද?"

"මම ඊයෙ පැන්නෙ නීතිඥවරයෙකුගෙ ගෙදරට. මම මිනිහගෙ අතටම අහුවුණා."

"ඊට පස්‌සෙ මොකද වුණේ?"

"මොකුත් වුණේ නැහැ. එයා මට තදින් අවවාද කළා නීතිඥවරුන්ගෙ ගෙවල්වලට මීට පස්‌සෙ පනින්න එපා කියලා."

"ඉතින් වෙච්ච පාඩුව මොකක්‌ද?"

"ඒ දුන්නු අවවාදයට කියල රුපියල් පන්සීයක්‌ මගෙන් අය කළා."
ඔහු දුක්‌මුසු ස්‌වරූපයෙන් එසේ පැවසීය.

ඔව් සර්..

පුරා සතියක් කිසිම දැනුම් දීමකින් තොරව සේවයට නොපැමිණි සුගත් ඊළඟ සතියේ සඳුදා රාජකාරියට වාර්තා කළ වහාම නියෝජ්‍ය කොමසාරිස් කරුණාරත්න මහතා ඔහු තමා වෙත කැඳවා මෙසේ ඇසීය.
“තමුසෙ දන්නවද තමුසෙ මෙතන සුළු සේවකයෙක් කියල?”

“ඔව් සර්..” සුගත් යටහත් පහත්ව පිළිතුරු දුන්නේය.

“එතකොට තමුසෙ දන්නවද මම මෙතන ප්‍රධානියෙක් කියල?”

“ඔව් සර්..” එවර සුගත් දෙකට නැමී කීවේය.

“තමුසෙ හිතාගෙන ඉන්නෙ මං බූරුවෙක් කියලද” කරුණාරත්න මහතා එවර ඇසුවේ තරමක ආවේගයකිනි.

“ඔව් සර්..” සුගත් බයාදු ලෙස සිනාවී පිළිතුරු දුන්නේය.

කතාකරන්නෙ කොහොමද?

“අනේ මහත්තයො අර විසිතුනේ ඇදේ ලෙඩාට දැන් කොහොමද?” පපුවේ අමාරුවක් සෑදී ඊට පෙර දින හතරේ වාට්ටුවට ඇතුළු කළ තම සැමියා බැලීමට පැමිණි කුසුම් විවේක කාමරයේ අසුන් ගෙන සිටි වෛද්‍යවරයා වෙත ගොස් ඔහුගේ මුහුණට
එබෙමින් ඇසුවාය.

“ආ.. එයාට දැන් හුඟක් සනීපයි. ඒත් ඒ ලෙඩා කිසිම කතාබහක් නැහැ. ඒ ගැනයි අපි දැන් පරීක්ෂා කරගෙන යන්නෙ.” දොස්තර මහතා කාරුණිකව පිළිතුරු දුන්නේය.

“කතා කරන්නෙ කොහොමද මහත්තයො. අපේ මනුස්සයා උප්පත්තියෙන්ම ගොළුවෙක් නොවැ” කුසුම් කීවේ දත් තිස්දෙකම පෙන්නා සිනාසෙමිනි.

බලන් ඉන්ඩ බෑ...

“මට ඔය අසාධාරණ, අසමජ්ජාති වැඩ පේන්ඩ බෑ.” චන්ද්‍රසේන කීවේ තම සගයින් සමඟ කාර්යාලයේදී දිවා ආහාරය ගනිමින් සිටියදීය.

“දවසක් දා මං බස් එකේ යද්දි හදිස්සියෙම දැක්කා ගැටකපන්නෙක් බස් එකේ යන කෙනෙකුගෙ පොකට් එකට විදිනවා. මට ඒක බලන් ඉන්ඩ බැරුව ගියා..” ඔහු බලවත් ආවේගයකින් කීවේය.

“උඹ ඉතින් මොනවද කළේ?” වීරකෝන් ඇසුවේ ආහාර අනුභවය මඳකට නවතමිනි.

“ඉතින් මං අහක බලා ගත්තා” බත් කටක් අනුභව කරමින් චන්ද්‍රසේන කීවේය.

හේතුව මේකයි...

නැවේ තමාට නියමිත රාජකාරියෙන් පසු ලද විරාමයකදී නැව් තට්ටුවට වී ලිපියක් කියවමින් සිටි අජිත් වෙත පැමිණි වීරකෝන් දෙස බලා අජිත් සතුටින් මෙසේ කීවේය.

“මේ ලියුම ගෙදරින්. මගේ වයිෆ් කියල එවලා තියෙනවා එයාට පුතෙක් ලැබුණයි කියල.”

“ඒ වුණාට අන්තිමට උඹ ගෙදර ගිහින් දැන් අවුරුද්දකට වැඩියිනෙ.” මඳක් කල්පනා කළ වීරකෝනේ කීවේ කපටි සිනාවක් පාමිනි.

“ඒක ඇත්ත. එයා කියල තියෙනවා එයාට දරුවෙක් ලැබෙන්න යන බව මාස තුනක්ම එයා දැනගෙන හිටියේ නෑ කියල. එතකොට කාලෙ හරිනෙ.” අජිත් පිළිතුරු දුන්නේය.

තවම අමාරුද???

“පහුගිය සුමානෙ උඹගෙ මාමණ්ඩියට හදිසියේ පපුවේ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලෙ නැවැත්තුවා කියල කිව්වා නේද? තවම ලෙඩාට අමාරු ද?” දිවා ආහාර විවේකයේදී කෑම ගනිමින් සිටියදී මංජුල සුගත් ගෙන් ඇසීය.

“දැන් නං අමාරුවක් නැතුව ඇති. පෙරේදානෙ භූමිදානය තිබුණෙ” සුගත් කීවේ වතුර වීදුරුව අතට ගනිමිනි.

Friday, January 14, 2011

දැන් පෙන්වනවා...

දැන් පෙන්වනවා...
පළාතක් කම්පා කල ඒ වියරු මිනිසාගේ ඉරණම මෙයද...

Sunday, January 9, 2011

ඇම්ඩාගේ ගාණ...

ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවා. එනකොට තාත්තා සාලෙ වාඩිවෙලා පත්තරයක් බල බල හිටියා. ඇම්ඩාගෙ මූණ ඒතරම් හොදනැති නිසා තාත්තා ඇම්ඩාගෙන් මෙහෙම ඇහුවා.

තාත්තා - මොකද උඹ අදත් ලෙඩක් දාගත්තද?
ඇම්ඩා - ටීචර් කිව්වා හෙට තාත්තව ඉස්කෝලෙට එක්කන් එන්න කියලා
තාත්තා - මම කිව්වේ.. මොකද්ද උඹ කරපු දහදුරා වැඩේ?
ඇම්ඩා - මගේ නෙමෙයි තාත්තේ වැරැද්ද... ටීචගෙ තමයි වැරැද්ද..
තාත්තා - ඔය ඔය.. ටීචලට පිස්සුද නිකං තාත්තලව ඉස්කොලෙට ගෙන්නන්න? මොකද්ද උඹ කලේ කියපන්..
ඇම්ඩා - ටීච මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, මම උත්තර දුන්නා.. එච්චරයි..
තාත්තා - උඹ දුන්න උත්තරේ වැරදියි?
ඇම්ඩා - නැහැ.. හරි..
තාත්තා - බොරු කියන්නෙපා, එහෙමත් ටීචලා හරි උත්තර කිව්වම දඩුවම් දෙනවද? හරි මොකද්ද අහපු ප්‍රශ්නෙ?
ඇම්ඩා - දෙකට තුනක් එකතු කලාම කීයද කියලා ඇහුවා
තාත්තා - හරි, උඹ මොකද්ද කිව්වේ?
ඇම්ඩා - පහයි කිව්වා.
තාත්තා - හරිනෙ, ඉතිං මොකද්ද ප්‍රශ්නෙ?
ඇම්ඩා - ටීච තව ප්‍රශ්නයක් ඇහුවා.
තාත්තා - ඒ මොකද්ද? උඹ ඒක වරද්දන්න ඇති.. කියපන් ඒක
ඇම්ඩා - තුනට දෙකක් එකතු කලාම කීයද ඇහුවා
තාත්තා - කලින් ඇහුවෙත් ඕකෙම අනිත් පැත්ත නේද බං? මොන **** ප්‍රශ්නයක්ද ඒක?
ඇම්ඩා - මමත් ටීචර්ගෙන් ඇහුවෙ ඕකම තමයි තාත්තේ, එතකොට තමයි තාත්තව එක්කගෙන එන්න කිව්වෙ.

මෙච්චරවෙලා කතාව අහගෙන හිටපු අම්මා දඩස් ගාලා බිම වැටුනා.

කරුවලට බයද?

“තාත්ති ඔයා කරුවලට ගොඩක් බයයි නේද?” කුඩා තිළිණි තම පියා වූ නවරත්න ගෙන් ඇසුවේ නිවෙසේ ආලින්දයේ සෙල්ලම් කරමින් සිටියදීය.

“නැහැ දුව. ඇයි ඔයා එහෙම ඇහැව්වේ?” නවරත්න ඇසුවේ, බලමින් සිටි පුවත්පත ඈත් කරමිනි.

“එහෙනං තාත්ති හැමදාම අම්මි ළඟ තුරුල්වෙලා නිදාගන්නෙ” කුඩා තිළිණි කට උල්කොට කීවාය.

වැඩිය ආදරේ කාටද?

"ඔයාගෙ හස්බන්ඩ් ඔයාට කොච්චර ආදරේද?" මාලා අල්ලපු ගෙදර සෝමා ගෙන් ඇසුවේ මිදුලේ කතා කරමින් සිටියදීය.

"ඇයි ඔයා එහෙම ඇහැව්වේ?" සෝමා එම පැනයට තම නොකැමැත්ත මුහුණෙන් පෙන්වමින් මාලාගෙන් ඇසුවාය.

"නෑ මට හිතුණා එයා මට වඩා ඔයාට ආදරේ ද කියල දැනගන්ඩ. ඒ මිසක් මම වැරදි දෙයක් ඇහුවා නෙමෙයි අනේ" මාලා කීවේ සිනාසෙමිනි.

බේරුණේ අනූනමයෙන්...

"ඊයෙ මහ රෑ මගේ ජීවිතේ බේරුණේ අනූනමයෙන්."අරුණ උදේ කාර්යාලයට පැමිණි සැණෙකින් ඉදිරි මේසය අසල වාඩිවී සිටි චම්පා හට කීවේය.
"ඇයි මොකද වුණේ?" චම්පා තමා සකස් කරමින් සිටි වැටුප් ලේඛනය පසෙක දමා විමසුවේ කුතුහලයෙනි.

"ඊයෙ මහ රෑ නිශාන්ති පයින් ඇනලා මට හදිසියෙම ඇහැරුණා. බලනකොට දොර මුල්ලෙ මොකක්දෝ සුදුපාටට වැනෙනවා. මම කොට්ටේ යට තිබුණු පිස්තෝලෙ අරගෙන කළුවරේම ඒ දිහාට වෙඩි තිබ්බා. ලයිට් එක දාලා බලන කොට ඒක දොරේ එල්ලලා තිබුණු මගෙ කමිසයක්" අරුණ කතාව හමාර කළේ සිනාසෙමිනි.

"ඉතින් ඇයි ඔයා බේරුණේ අනූනවයෙන් කියල කිව්වේ?" චම්පා නොසිඳුනු කුතුහලයෙන් විමසුවාය.

"ඇයි හලෝ ඒ වෙලේ මම ඒ කමිසෙ ඇඳගෙන එහෙම හිටියනං වෙඩිල්ල වදින්නෙ මට නෙ" අරුණ කීවේ ඇස් හකුලමිනි.

මොනවා වෙයිද???

"ඊයෙ රෑ හන්දියෙ පික්චර් හෝල් එකේ ඉංග්‍රීසි චිත්‍රපටයක් බලන්න ගිහින් අපේ ගෑනිට සිහිනැති වුණා මචං" රමේෂ් කාර්යාලයේ විදුලි සෝපානයේදී තමා සමඟ සේවය කරන කොට කරූ සමඟ කීවේය.
"තමුසෙට ඕක හොඳ පාඩමක්. ගෑනු උදවියව ඕනෙ නැති විගඩම් බලන්ඩ එක්ක යනවට." සාම්ප්‍රදායික මිනිසකු වූ කරූගේ පණ්ඩිත කතාවට රමේෂ්ට යකා නැග්ගේය.
"උඹ මේ බම්බුවක් කියවනවා. මම හිතා ඉන්නෙ අද රෑ ෂෝ එකට අපේ නැන්දම්මව එක්ක යන්න." රමේෂ් කීවේ තරහිනි.

Sunday, January 2, 2011

දෙන්නම් අද ව‍හලෙ උලු ගැලවෙන්න...

ඔන්න ඉතිං අපේ අම්ඩන් අයාලෙ යන එක වැඩි උන හින්ද ඇම්ඩන්ගෙ තාත්ත කල්පනා කලා මූව බන්දලා දෙන්න ඔනෙ කියල.

ඔන්න හොද කෑල්ලක් හොයල බැන්දයි කියමුකො, ඒත් ඉතිං අපේ ඇම්ඩට හනිමුන් දවසේ හෝටලේදි කරපු ටික විතරයි ගෙදර ආවට පස්සෙ මුකුත්ම කර ගන්න බැරි උනා හැම දාම වැඩේට සෙට් වෙද්දි තාත්ත පෙරේතයෙක් වගේ දොර අස්සෙන් ජනේලෙන්, අ‍හරෙන් මෙහෙන් බලාගෙන ඉන්නව.

ඉතිං ඔහොම ටික දවසක් ගත උනා ඇම්ඩගෙ තාත්තත් කල්පනා කලා කොහොමද මූට නොදැනෙන්න මේක බලන්නෙ කියල ඇම්ඩන්ගෙ තාත්තගෙ ටිකිරි මොලේට ආව හොද අදහසක්, නැග්ග වහලෙට පොඩ්ඩක් අයින් කලා උලු කැටයක් දාගත්ත ඇහැ ඇතුලට, දැන් බලන් ඉන්නව

ඔන්න ඇම්ඩත් වටපිට බැලුව අද තාත්ත පේන්න නෑ වැහුව දොර නැග්ග ඇදටඇම්ඩට මෝල් වැඩි කමටම මෙහෙම කියවුනා

"අද නම් මොකෙක්වත් නෑ දෙන්නම් අද ව‍හලෙ උලු ගැලවෙන්න".... කියල වහලෙ උඩ හිටපු තාත්ත බය උනා වහලෙ උලු ගැලවුනොත් මිනිහට එක පාරටම "හෝව් හෝව් පුතේ පොඩ්ඩක් හිටපන් මම බිමට පහිනක්ම්" කියවුනා

එදයින් පස්සෙනම් ඇම්ඩ කරදරයක් නැතුව වැඩේ කලාලු.