Sunday, January 9, 2011

බේරුණේ අනූනමයෙන්...

"ඊයෙ මහ රෑ මගේ ජීවිතේ බේරුණේ අනූනමයෙන්."අරුණ උදේ කාර්යාලයට පැමිණි සැණෙකින් ඉදිරි මේසය අසල වාඩිවී සිටි චම්පා හට කීවේය.
"ඇයි මොකද වුණේ?" චම්පා තමා සකස් කරමින් සිටි වැටුප් ලේඛනය පසෙක දමා විමසුවේ කුතුහලයෙනි.

"ඊයෙ මහ රෑ නිශාන්ති පයින් ඇනලා මට හදිසියෙම ඇහැරුණා. බලනකොට දොර මුල්ලෙ මොකක්දෝ සුදුපාටට වැනෙනවා. මම කොට්ටේ යට තිබුණු පිස්තෝලෙ අරගෙන කළුවරේම ඒ දිහාට වෙඩි තිබ්බා. ලයිට් එක දාලා බලන කොට ඒක දොරේ එල්ලලා තිබුණු මගෙ කමිසයක්" අරුණ කතාව හමාර කළේ සිනාසෙමිනි.

"ඉතින් ඇයි ඔයා බේරුණේ අනූනවයෙන් කියල කිව්වේ?" චම්පා නොසිඳුනු කුතුහලයෙන් විමසුවාය.

"ඇයි හලෝ ඒ වෙලේ මම ඒ කමිසෙ ඇඳගෙන එහෙම හිටියනං වෙඩිල්ල වදින්නෙ මට නෙ" අරුණ කීවේ ඇස් හකුලමිනි.

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...