Saturday, August 20, 2011

බෙහෙතෙ බලේ...

"මොකද්ද ඔහේගෙ ලෙඩේ?" තමා වෙත පැමිණි කොළඹගේ ගෙන් වෛද්‍යවරයා ඇසීය.

"මම ආවේ බෙහෙත් ගන්ඩ නෙමෙයි ඩොක්ටර්. ඔබතුමාට ස්තුති කරලා යන්ඩ." කොළඹගේ සිනාසී කීවේ ය.

"ඒ මොකටද?" වෛද්‍යවරයා තරමක් පුදුම වෙමින් සිනාසී ඇසීය.

"පසුගිය සුමානෙ අසනීප වෙලා ගෙනා වෙලාවේ අපේ මාමණ්ඩියට දුන්න බෙහෙත් බෝතලේට" කොළඹගේ කීවේ ය.

"ආ ඒ බෙහෙතෙන් ලෙඩාට හොඳ වුණා ද?" වෛද්‍යවරයා සිනාසෙමින් ඇසීය.

"නෑ... ඒ බෙහෙත් බෝතලෙන් භාගයක් බොන කොට ම අපේ නෝනට, තාත්තාගෙ දේපළ අයිති වුණා..." කොළඹගේ හිස නමා තම කෘතඥතාව පළ කරමින් කීවේ ය.

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...