Saturday, February 26, 2011

ගෞරවය කාටද?

මහාචාර්යවරයාගේ තරුණ බිරිඳට දරුවකු ලැබුණේත් ඔහුගේ අලුත්ම පර්යේෂණ කෘතිය එළිදැක්වුණේත් එකම සතියේය.
තම සමීප ගෝලයකු ගේ ද සහායෙන් සාර්ථකව නිම කළ පර්යේෂණ කෘතිය පිළිබඳව මහාචාර්යවරයා සිටියේ දැඩි තෘප්තියකිනි.
අලුත උපන් දරුවා බැලීමට මහාචාර්ය වරයාගේ බිරිඳගේ ළඟ ඥාතීන් පිරිසක් නිවෙසට ගොඩ වූයේ මේ අතරවාරයේ දී ය.

"සුබ ආරංචියක් ලැබුණා. ඒකයි අපි මේ තකහනියක් ආවේ. ඉතින් ප්‍රොෆෙසර්, අපේ සුබපැතුම් පිළිගන්න." ඥාතීහු දරු උපත නිමිතිකොට සුබ පැතූහ.

"ඇත්තම කියනවා නං, ඔය වැඩේ කොහොමටවත් තනියම කරගන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. මගෙ ගෝලයට තමයි ඒකෙ ගෞරවයෙන් වැඩි කොටසක් අයිති වෙන්ඩ ඕනෙ. මිනිහා තමයි ඕකට හුඟක්ම මහන්සි වුණේ" මහාචාර්යවරයා කීවේය.

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...