Saturday, July 9, 2011

Let the Air Force come in

මේකත් අර ටීචර්ගෙම කතාවක්..... මොනවා වුණත් මේක වුනේ 2010යෙ මාර්තු වගේ ... මේකත් කිව්වෙ කට්ටිය සෙට් වෙලා ඉන්න වෙලාවෙ...

ඒ කාලෙ කට්ටියට මතක ඇති ගිණි ගහන රස්නයක් තිබ්බ.....ඉතින් කට්ටියම පන්ති වල හිටියෙ තැම්බි තැම්බි......

ඔය අස්සෙ පාඩම් කරන්න ගියාම තවත් එපා වෙනව නෙ.....කොහොම හරි ටීචර් පන්තියට ආව....ඇවිත් කට්ටියට කියනව ලු,

Children, it's very hot here, open the windows and let the Air Force come in!!!

Girls, where did we stop last night???

ඔන්න එක ටීච කෙනෙක් හිටියා.....ඉගැන්වුවෙත් සිංහල මාධ්‍ය පන්ති වලට.....හැබැයි ඉංග්‍රීසි කෑලි දාන්න ගිහින් අනාගන්නවා......දවසක් ඉතින් ඔන්න උදෙන්ම මේ මිස් ගෙ පීරියඩ් එක ලු......ළමයි නිදිමතේ පුටු උඩ නිදි,.....

ටීචරුත් පන්තියට ආවා කළින්ම. දැන් පොත් ඔක්කොම ඇරගෙන කට්ටිය පාඩමට ලෑස්ති වෙනවා......

ටීචරුත් එක පාරටම ළමයිගෙන අහනවා,

"Girls, where did we stop last night???"

ඉගෙන ගත්තා කෝක වෙතත් ළමයිගෙ නිදිමත ගතිය නම් ගියා ලු!!!