Monday, August 9, 2010

දවසේ කාර්ටූන්...


වැඩි කාලයක් නැහැ

"ඇත්තද අර හන්දියෙ ගෙදර ගුණපාල හිරගෙදර ඉඳලා එනවා කියන්නෙ." මැටිල්ඩා තම සැමියා විමලසේනගෙන් ඇසුවේ රෑ කෑම කමින් සිටියදීය.

"වෙන්ඩ ඇති. ඒ යකාට වැඩි කාලයක් කිසිම තැනක ඉන්ඩ බැහැ." විමලසේන පිළිතුරු දුන්නේය.

රිටර්න් එක

එය අලුත්ම සිංහල චිත්‍රපටයේ ප්‍රථම දර්ශනයයි. මුළු ශාලාවම සිනමා ලෝලීන්ගෙන් පිරී පැවතුණි.

එම චිත්‍රපටයේ එක් උද්වේගතර අවස්ථාවක බහින්බස් වීමක් ඇති වී සැමියා තම බිරිඳට වැරෙන් කම්මුල් පහරක් ගසයි. වේදනාවෙන් කම්මුල අල්ලා ගනිමින් ඕ එතැනම වූ සෝපාවක වැතිරී හඬන්නට වූවාය.

මේ අතර මීයට පිම්බාක් වැනි නිහඬතාවයක් පැවති ප්‍රේක්‍ෂකාගාරයෙන් කුඩා ළමයකුගේ උස් හඩක් ඇසිණ.

"ඇයි අම්මේ, ඒ ඇන්ටි අම්මි වගෙ ආපහු හැරිලා ගහන්නෙ නැත්තෙ?"

කුට්ටම් 3 ක්

"ඇයි උඹ කණ්ණාඩි කුට්ටම් තුනක් පාවිච්චි කරන්නෙ?" පාලිත මනෝගෙන් ඇසුවේ ඔහු තම මේසය ත කණ්ණාඩි කුට්ටම් 3 ක් තබා තිබෙනු දැක විමතියෙනි.

"ඇයි ඒක උඹට පුදුමයක් ද?" මනෝ පිළිතුරු දුන්නේ සිනාසෙමිනි.

"එකක් ළඟ බලන්න. අනික දුර බලන්න. තුන්වැනි කණ්ණාඩි කුට්ටම, අනිත් කණ්ණාඩි කුට්ටම් දෙක තිබ්බේ කොහෙද කියල හොයා ගන්න." මනෝ කීය.