Thursday, May 20, 2010

දෙවියෝ...

නදියක පැවති ආගමික නම් කිරීමේ උත්සවයකට ගිය බීමත් මාර්ක් පූජකයා ඉදිරිපස පෙනී සිටියේය

පූජකයා - ඔබ දෙවියන්වහන්සේ බැහැ දැකීමට සූදානම්ද?
මාර්ක් - ඔව්
පූජකයා එකවරම ඔහුගේ හිස අල්ලා වතුරේ ඔබා උඩට ගෙන ඔබ දෙවියන් වහන්සේ දුටුවෙහිද ?

මාර්ක් - නැත
නැවත පූජකයා ඔහුගේ හිස අල්ලා වතුරේ ඔබා මද වෙලාවකින් උඩට ගෙන ඔබ දෙවියන් වහන්සේ දුටුවෙහිද?

මාර්ක් - නැත
නැවත පූජකයා ඔහුගේ හිස වතුරේ ගිල්වා ඔහු අත පය ගසමින් දඟලනතෙක්ම ජලයේ ඔබා සිට, ඔබ දෙවියන් වහනුසේ දුටුවෙහිදැයි ඇමතීය.
එකවරම පූජකයාගේ බෙල්ලෙන් අල්ලා ගත් මාර්ක්
උඹ හරියටම දන්නවාද දෙවියන් වහන්සේ ගිලුනේ මෙතනමයි කියලා?

අනේ දොස්තර මහත්තයෝ...

"අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?"
දොස්තර - "ඔබ සිගරට් බොනවද ?"
"නැහැ කවදාවත් කටේ තියල නැහැ"
දොස්තර - "එතකොට අරක්කු එහෙම"
"නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ"
දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?"
"අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ"
දොස්තර - "එහෙනම් මොන ............ද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?"

''Wife'' කියන වචනෙ තේරුම...

තමුසේ දන්නවද? ඉංග්‍රීසියෙන් වයිෆ් කියන එකේ තේරුම ? එ‍්කේ තේරුම තමයි
Without Information Fighting Everytime
වයිෆ් - නෑ අනේ ඒක නෙවෙයි ඒකේ තේරුම
With Idiot for Ever

අම්ම කො‍හෙද???

‍"හෙලෝ.... හෙලෝ...... ආ.... පුතා මම දැන් ගේ ලඟටම ඇවිල්ලා ඉන්නේ අම්මිට කියන්න ගේට්ටුව අරින්න කියලා"
පුතා - "හා තාත්තී..."
"හෙලෝ.... හෙලෝ.... පුතා කෝ ඔයා අම්මිට කිව්වේ නැද්ද ගේට්ටුව අරින්න කියලා. ‍මම මේ ගේට්ටුව ලඟ ඉන්නේ"
පුතා - "මම කිව්වා"
"ඉතිං"
පුතා - "මම යනකොට අම්මි ගේ කාමරේ දොර වහලා. මම දොරට තට්ටු කරහම අම්මී ඇහුවා "මොකද කියලා" එතකොට මම කිව්වා "තාත්තී ලඟම එනව කිව්වා ගේට්ටුව ඇරල තියන්න කිව්වා කියලා"
"ඉතිං.."
පුතා - "කාඹරේ ඇතුලේ ලොකු කලබලයක් වගේ ඇහුනා... ඊට පස්සේ දඩීං.... ගාලා කව්ද බිම වැටුනා... ඊට පස්සේ ජනේලේ අරින සද්දේ ඇහුනා..."
"ඊට පස්සේ"
පුතා - "මම කාමරේ දොර ඇරල බලනකොට අම්මී බිම වැටිලා හිටියා. එයාගේ ඔලුව හොඳටම තුවාල වෙලා එයාට සිහි නැහැ. මම ඇරල තිබුන ජනේලෙන් පහල බැලුවා. කව්ද පිස්සෙක් වතුර අස්කරපු පූල් එකට උඩ තට්ටුවේ ඉඳල පැනලා"

"ඔහ්! මොන පූල් එකද? මොන උඩ තට්ටුව ද? අපේ ගෙදර පූල් එකක් නැහැනේ. වෙරි සොරි පුතා රෝන්ග් නම්බර් "

අවංක සේවකයෝ...

නගරසභාවේ සේවකයන් දෙදෙනෙක් ඉතා මහන්සියෙන් පාර අයිනේ වැඩක යෙදෙමින් සිටී. එක් අයෙක් ගැඹුරු වලක් කපා ඉවත්ව යනතුරු සිට අනෙකා එම වල වසා දමයි. අනෙකා නැවත වලක් හෑරූ විගස අනෙකා නැවත වල වසා දමයි. අසල කාර්යාලයක ජනේලයෙන් මේ දෙස බලා සිටි පුද්ගලයෙක්......
"මේ ඔහේල දෙන්න දිහා මම සෑහෙන වෙලාවක ඉඳන් බලාගෙන හිටියේ... තමුසෙල දෙන්න පුදුම උනන්දුවක් තියෙන අවංකව වැඩ කරන මිනිස්සු දෙන්නෙක්. ඒ... එත් මට තේරෙන්නේ නැහ තමුසේ වලවල් කපන්නේ ඇයි ? අනෙකා ඒවා වහන්නේ ඇයි කියලා...."

සේවකයා - "අයියෝ... ස..ර්. ඒකවත් තේරෙන්නේ නැද්ද? අපි මේ පැල හිටෝනවා."
පැල හිටෝනවා! කෝ අයිසේ පැල ?
සේවකයා - පැල හිටෝන එක්කෙනා අද නිවාඩු. ඉතිං අපි අපේ අපේ රාජකාරිය කරනවා.

සැමියා මැරෙන්න කලින්...

මරණ මංචකයේ සිටි හේ .... සිය බිරිඳ අමතා.....

"මට මේක නොකියා මැරෙන්න බැහැ.. ඔයා දන්නේ නැහැ ඔයත් එක්ක හිටපු කාලේ මම රෑ වැඩ කියලා ගෙදර එන්නේ නැත්තේ මම වැඩට ගිහින් නෙවෙයි. මම වෙන වෙන ගෑණුත් එක්ක හොටල්වල හිටියේ. එහෙම හිටපු ගෑණු කී දෙනෙක්ද කියල මට හිතා ගන්නත් අමාරුයි. ඒත්..... දැන් ඔයා විතරයි මගේ අවසන් වෙලාවේ මා ලඟ ඉන්නේ...... මම දැන් හරියට දුක් වෙනවා පහුගිය කාලේ මම ඔයාට සලකපු විදිහ ගැන. දැන් මගේ හිතේ තිබුණු ලොකූ බරක් නිදහස් උනා වගේ දැනෙනවා. මීට කලින් ඔයා මේ වග දැනගත්තනම් ඔයා මොකද කරන්නේ ???"

බිරිඳ - "ඒක දැනගත්ත හින්ද තමයි මම ඔයාට වහ දුන්නේ"

ප්රැග්නට්...

අළුත විවාපත් යුවලක් පිළිසිඳ ගැනීමකට ප්‍රථම වෛද්‍යවරයෙකු හමුවීමට ගියේ වැඩි හොඳටය.
දෙදෙනාගේ තොරතුරු අසා දැනගත් වෛද්‍යවරයා... සිය ලාච්චුවෙන් මුද්‍රාවක් (සීල් එකක්) ගෙන ....

තරුණියගේ උදර ප්‍රදේශයේ සීල් එකක් ගසා..
"ඕක ලේසියෙන් මැකෙන්නෙ නෑ" ගිහින් එන්න යි කීය.

දෙදෙනාටම මෙම සීල් එක ගැන ගැටළුවකි.

ගෙදරගොස් ලොකුකර බලන කණ්නාඩියක් ගත් පුරුෂයා එය හොඳින් පරීක්ෂා කර බැලීය.

ඉතා කුඩා අකුරින් එහි තිබුනේ "මෙය කියවන්න පුළුවන් වූ වහාම මා හමුවන්න" කියායි.

සැබැ බෙදාහා ගැනීම...

ප්‍රසිද්ධ ආපනශාලාවකට ගොඩවූ වියපත් යුවලක්.... ආහාර ඇණවුම් කොට ආපනශාලාවේ කෙලවරවූ මේසයේ අසුන්ගත්හ. ඉතා වියපත් යුවලක් මෙසේ ආදරයෙන් සිටිනු දුටු අනෙකුත් තරුණ තරුණියෝ ‍මොවුන් දෙදෙනා ගැන විමසිල්ලෙන් පසුවූහ.

වේටර් වරයා එක් ආහාර බඳුනක් සහ එක් බීම වීදුරුවක් ඔවුන් දෙදෙනා ඉදිරියේ තැබීය. ස්වාමිපුරුෂයා කෑම ප්‍රමාණයෙන් හරි අඩක් සිය අඹුවගේ කෑම පිඟානට බෙදීය. ඉතිරි කෑම ඔහු ඉතා සෙමින් බුදින්නට විය. භාර්යාව ස්වාමියා දෙස ඉතා ඕනෑකමින් බලා හිඳී. දෙදෙනා මාරුවෙන් මාරුවට බීම වීදුරුවද තොල ගෑහ.

මෙම දසුන ඉතා ආවේගයෙන් දරා සිටි තරුණයෙක්.... වියපත් ස්වාමිපුරුෂයා අමතා..

"මම තව කෑම එකක් ඔබ දෙපල වෙනුවෙන් ඇණවුම් කරන්නද ?"

වියපත් තැනැත්තා - " අනේ එපා... "

තරුණයා - "එහෙනම් මේ අම්මා ඇයි කෑම නොකා ඔබ දිහා බලාගෙන ඉන්නේ... ඔයාට කෑම මදිවෙයි කියලා නේද? "

වියපත් තැනැත්තා - " අනේ නෑ මහත්තයා.... මම කාල ඉවරවෙලා දත්සෙට් එක එයාට දෙනකල් එයා බලාගෙන ඉන්නේ...."

අවසානයේ මෙසේ විය...

ආච්චි අම්මා - "මට මතකයි මම තරුණ කාලේ මාත් පෙම් හසුන් ලියනවා එතකොට මට අවුරුදු විස්සක් විතර ඇති. එතකොට මගේ පෙම්වතා යුද්දෙට ගිහින්. එයාත් මට හැමදාම ලියුම් ලියනවා. මාත් ලියනවා"

මිණිබිරී - "හානේ...... ඒ කියන්නේ ආච්චියි ආතයිත් හොඳ ආදර වන්තයෝ... යුද්දේ ඉවර වෙලාද ආච්චී කසාද බැන්දේ ? "

ආච්චි අම්මා - " නෑ බං..... අන්තිමට හැමදාම ලියුම් බෙදන්න එන ලියුම් කාරයත් එක්ක මම පැනල ගියා. එයා තමයි දැන් උඹේ ආතා."

ගොල්ෆ් කිරිඩකයා...

ඉතා වයස්ගත පුද්ගලයෙක් සහ තරුණ පුද්ගලයෙක් ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියේය. වයස් ගත තැනැත්තා තරුණයා අභිබවමින් ඉක්මනින් ක්‍රීඩා කලේය.

තරුණයා - "මේ මහත්තයා කොහොමද මෙච්චර ඉක්මනට සෙල්ලම් කරන්නේ ?"
වයස්ගත තැනැත්තා - "ඕව මොනවද, මම මේ ළමයගේ වයසේදී මීටත් වඩා ඉක්මනින් සෙල්ලම් කරනවා... ඔය ළමයට පුළුවන්ද මේ ඉස්සරහ තියෙන ෆයිනස් ගහ උඩින් බොලේ යන්න ගහන්න. ඒ කාලේ මට ඒක සුළු දෙයක්"

තරුණයා - "අම්මේ ............ ඒකේ උස.... ඔයානම් මාරයි"

වයස්ගත තැනැත්තා - "මාර නෑ.. මාර නෑ.... එතකොට ඔය ගහ අඩි තුන හතරකට වැඩිය උස නෑ.... ළමයෝ..."

දුකම කතාව...

යහළුවෝ තිදෙනෙකි. මොවුන් තිදෙනා ඉන්නේ ගොඩනැගිල්ලක 75 වැනි තට්ටුවේය. දිනක් එළියට ගොස් ආපසු ආ මොවුන් තිදෙනා දුටුවේ.... ගොඩනැගිල්ලේ විදුලි සෝපාන ක්‍රියා විරහිත බව දන්වා ඇති දැන්වීමකි.

තිදෙනාම 75 වැනි තට්ටුවට නැගිය යුතුව ඇත.
පළමුවැන්නා - "හරි! මම 25 වැනි තට්ටුවට යනකම් සිංදු කියනවා"
දෙවැන්නා - "මම 25 වැනි තට්ටුවේ ඉඳන් 50 වැනි තට්ටුවට යනකම් හිනා යන කථා කියනවා"
තෙවැන්නා - "මම 50 ඉඳන් කාමරේට යනකම් කථාන්දර කියනවා "

හරි! එහෙනම් නගින්න පටන් ගමු, කියා තිදෙනා ගොඩනැගිල්ල තරණය කරති. පළමුවැන්නා 25 වැනි තට්ටුව හමාරවනතෙක් සිංදු කීය. දෙවැන්නා 50 වැනි තට්ටුව දක්වා විහිළු කථා කීය. දැන් තිදෙනා සිටින්නේ 50 වැනි තට්ටුවේය.

දෙවැන්නා - "හරි ! දැන් උඹේ වාරේ. කථාන්දර කියන්න පටන් ගනිං"
තෙවැන්නා - "මම මේ කියන්න යන කථාන්දරේ අහපුවහම උඹලට හුඟක් දුක හිතෙයි."
පළමුවැන්නා - "කියපං බං"
තෙවැන්නා - "කාඹරේ යතුර අරගෙන එන්න අමතකඋනා බං, ඒක කාර් එක ඇතුලේ"

මගෙ රස්සාව...

"අනේ මචං මගෙ රස්සාව ඉවරයි !"

"මොකද බං බෙරිහං දෙන්නේ ..."

"මම ඔෆිස් එකෙන් එලියට එනකොට හොඳටම හවස් වෙලා. අපේ කොම්පැණියේ අයිතිකාරයා ලියුමකුත් තියාගෙන ඉන්නවා අර ලියුම් තීරුකරන මැෂින් එක ඉස්සරහ. මාව දැකල අර ලියුම මා අතට දෙන ගමන් ඇහුවා තමුසේ මේක වැඩ කරන හැටි දන්නවද කියලා. මම වැඩ පෙන්නන්නත් එක්ක ලියුම ගත්ත ගමන් ඒක මැෂින් එකට දාලා ස්ටාට් කලා. ඊට පස්සේ ඌ මට කියනවා "ඕක වැදගත් ලියවිල්ලක් කොපි දෙකක්ම ගන්න කියලා" ඒ වෙනකොටත් ලියුම තීරු සීයකට විතර කැපිල ඉවරයි බං. මේ බූරුව ඒ මැෂින් එක පොටෝ කොපි එක කිය හිතාගෙන ඉඳල තියෙන්නේ...."

"අයියෝ මගේ රස්සා....ව..."

සතුටු කරපු තරම...

දිනක් සිය ඇඳ යටට අහම්බෙන් එබුන ස්වාමි පුරුසයෙකුට එහි වූ පෙට්ටියක් හමුවිය. එහි බිත්තර තුනක් සහ රුපියල් හත්දාහක් විය.

ස්වාමියා - "මොනවද මේ බිත්තර ?"
බිරිඳ - "ඔයාට මාව සතුටු කරන්න බැරිඋන හැම දවසකටම මම එක බිත්තරයක් මේ පෙට්ටියට දානවා.
ස්වාමියා - "ඒ කියන්නේ ඔයාව සතුටු කරන්න බැරිවුනේ දවස් තුනයි". "එතකොට මේ සල්ලි ?"
බිරිඳ - "බිත්තර දුසිමක් එකතු වෙච්ච ගමන් මම ඒව විකුණනවා. මේ ඒ බිත්තර විකුණල එකතුකරපු සල්ලි"
ස්වාමියා - "?????''