Wednesday, July 7, 2010

මා උස්සා කැලේ...

මගීන් නංවා ගැනීම පිණිස නවතා තිබූ බස් රථය වෙත පැමිණි රූපා, රියැදුරු අසුනේ වාඩිවී, සිගරැට්ටුවක් උරමින් සිටි ගැටයා ගෙන් මෙසේ ඇසුවාය.

“මා උස්සා කැලේ’ට යන්ඩ පුළුවන් ද?”

රූපා ගේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා කෑදර බැල්මක් හෙළූ ගැටයා මෙසේ පිළිතුරු දුන්නේය.

‘කැලේ යන්ඩ ඕනෙ නෑ. අපි රෙස්ට් හවුස් එහෙකට යමු.’

කන් බිහිරි වීම...

දුර ගමනක් යමින් සිටි චාලී අතරමඟ රිය නතර කෙළේ ඉන්ධන පුරවා ගැනීමට ය. ඒ අතර ඔහු ගේ බිරිඳ නැන්සි ඉන්ධන පිරවුම් හළේ වූ වෙළෙඳසලකට ගියාය. රිය පණ ගන්වා ගත් චාලී වේගයෙන් එය ධාවනය කරමින් සැතපුම් කිහිපයක් ඉදිරියට ගමන් කෙළේය.

මේ අතර ඔහු පසුපසින් හඹා ආ පොලිස් මුර සංචාරක රථයක් මඟ අවහිර වන සේ නතර කෙළේ ය. ඉන් බැස ගත් පොලිස් නිලධාරියෙක් චාලී සමීපයට පැමිණියේ ය.

පොලිස් නිලධාරියා - මහත්තයා දන්නැද්ද ඔයා ගේ නෝනාව පෙට්‍රල් ෂෙඩ් එකේ දාලා ඇවිත් තියෙන බව.


චාලී - දෙයියන්ට ස්තූති වෙච්චාවේ. ඒත් මං හිතුවා උන් හිටි ගමන් මගේ කන් බීරි වුණේ කොහොමද කියලා.

ඔය ඇති...

පාර අයිනේ නැවතී කතා කරමින් සිටි තරුණ යුවළක් කුලී රථයක් නවත්වා එයට ගොඩ නැඟුණේ ය. තරුණ යුවළගේ් මඟ පෙන්වීමට අනුව ටික දුරක් ඉදිරියට ගිය රථය එක්වරම නැවතුණි.

”මොකද නැවැත්තුවේ?” තරුණිය රියැදුරාගෙන් ඇසුවේය.

”ඇයි නෝනා කිව්වේ, ‘ඔය ඇති, ඔතනින් නවත්තන්න.’ කියලා.” රියැදුරා පිළිතුරු දුන්නේය.

”තමුසෙ යනවා. ඒ කිව්වේ තමුසෙට නෙමෙයි.” තරුණිය, තරුණයා දෙස රවා බලමින් කීවාය