දිනක් උදෑසන අංගොඩ මානසික රෝහලේ ප්‍රධාන කාර්යාලයේ දුරකතනය නාදවන්නට විය. රෝහලේ පාලන අංශය භාර අධ්‍යක්ෂවරයා රිසීවරය කනේ තබාගත්තේය.
”හලෝ ඔහෙලගෙ පිස්සන් කොටුවේ ලෙඩෙක් හෙම ඊයෙ රාත්තිරියෙ පැනලා ගිහිල්ලද?” දුරකථනයේ එහා කෙළවරින් ඇසුණි.
”නෑ.... ඇයි එහෙම ඇහැව්වේ?” නිලධාරියා ඇසුවේ කුතුහලයෙනි.
”නෑ කවුද පිස්සෙක් මගෙ නෝනත් එක්ක පැනලා ගිහින්” අනෙක් කෙළවරින් කියනවා ඇසුණි
Sunday, June 20, 2010
බනින්නෙ කාටද???
”මචං අපේ පාටියට සීසී මහත්තයටත් කතා කරමුද?” අජිත්, රූපසේනගෙන් ඇසුවේ ස්ථාන මාරුවී යන කීපදෙනා වෙනුවෙන් සූදානම් කෙරෙන සාදයට ප්‍රධාන ලිපිකරු ද සහභාගිකරගන්නා අදහසිනි.
”එතකොට අපි බීලා වෙරි වෙලා බනින්නේ කාටද?” රූපසේන ඇසුවේ නොමනාපයෙනි.
”එතකොට අපි බීලා වෙරි වෙලා බනින්නේ කාටද?” රූපසේන ඇසුවේ නොමනාපයෙනි.
බැඳලා තිබුණොත් ඇති...
අධ්‍යාපනඥ රණවීරට, නීතිඥ මනෝපාල හමුවුණේ ස්වේච්ඡා සංවිධාන සම්මේලනයක් සඳහා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට පැමිණි විටෙකදීය. පාසල් මිතුරන් වූ මේ දෙදෙනා හමුවුණේ වසර 10කට පමණ පසුවය.
”ඉතින් .. ඉතින් මනෝ දැන් කොහොමද ඔයාගෙ උසාවි කටයුතු? මං හිතන්නෙ දැන් හොඳට නඩු එහෙම ලැබෙනවා ඇති.” රණවීර දිග කතාවකට මුල පිරීය.
”ඇත්තටම රණේ නඩුවලින් නම් අඩුවක් නෑ. මම වැඩිපුරම කරන්නේ දික්කසාද නඩු” මනෝ කීය.
”මනෝ, දික්කසාද වෙන්ඩ තියෙන්න ඕන මූලිකම සුදුසුකම මොකක්ද?” රණවීර ඇසීය.
”දෙන්නා බැඳල තිබුණොත් ඒ හොඳටෝම ඇති” මනෝ කීවේ ඇඟට පතට නොදැනීය.

Subscribe to:
Posts (Atom)