Saturday, May 21, 2011

සොමිම සොමි උපන්දිනයක් වේවා මට...

අපේ සිංහල jokes පටන් අරන් අවුරුද්දක් සම්පූර්ණ වුණා ඕන්...

එක එක තැන මුලු ගැහිල තිබ්බ විහිලු කථා එක තැනකට ගෙනත් දෙන්න දුන්න ට්‍රයි එක ගොඩද නැද්ද කියල දන්නෙ මේක කියවන ඔයාල තමා...

අවුරුද්දක් අපේ සිංහල jokes එක්ක හිටිය වගේ ඉදිරියටත් අපේ සිංහල jokes එක්කම රැදිල ඉන්න හොදේ...

කොල්ලට මේක ඩිගටම කික් එකෙ කරන් යන්න ගටක් එන්න කියල කියන්න ඔයාට අපේ සිංහල jokes ගැන හිතෙන දේ බොක්කෙන්ම...

ලැහැස්ති වුණාට කමක් නැහැ...

"මංගල දර්ශනේ බළලා ඔයගොල්ලන්ගෙ අම්මලා බොහොම ඉහළින් වර්ණනා කරපු විතානගේ ගෙ අලුත් කොමඩි නාට්‍යය බලන්න ඔන්න මං ටිකට් දෙකක් ගෙනාවා." දවසේ වැඩ කටයුතු නිමා කොට නිවෙසට පැමිණි ලසන්ත, සාලයේ වාඩි වී රූපවාහිනිය නරඹමින් සිටි නන්දිශාට කීවේය.

"හානේ ඇත්තද? එහෙනං මම දැන්මම ලැහැස්ති වෙන්නම්" වහා නැඟිට රූපවාහිනිය ක්‍රියා විරහිත කරමින් ම නන්දිශා කීවේ සතුටිනි.

"ඔව් ඉතින්, ඔයාට අඳීන්ඩ පළඳින්ට යන වෙලාවේ හැටියට කමක් නෑ. නාට්‍යය තියෙන්නෙ හෙට හවසට." ලසන්ත කාමරයට යන ගමන් කීවේය.

සිළුමිණ

දෙවිදිහ...

තම අලුත් හෝටලයට සුදුසු වේටර්වරුන් බඳවා ගැනීම පිණිස ලලිත් පුවත්පත් දැන්වීමක් පළ කළේය. ඒ අනුව හෝටලය වෙත පැමිණි චන්ද්‍රසේන දෙස තියුණු බැල්මක් හෙළූ ලලිත් මෙසේ ඇසීය.

"තමුසෙ දන්නවද මේ හෝටලේට එන කස්ටර්මර්ස්ලට හොඳට සලකන්න"

"ඔව් සර්. දෙවිදිහටම සලකන්න මං දන්නවා." චන්ද්‍රසේන හිස නමා ගරුසරු ඇතිව පිළිතුරු දුන්නේය.

"මොකක්ද ඒ දෙවිදිහ" ලලිත් ඇසුවේ කුතුහලයෙනි.

"ඕනෙනම් ආපහු හෝටලේට එන්නයි. නැත්නම් හෝටලේ පැත්ත පළාතේ නොඑන්නයි" චන්ද්‍රසේන කීවේය.

සිළුමිණ

එහෙනං කමක් නෑ...

තමා කියවමින් සිටි නවකතාවේ රසවත්ම කොටසට බාධා පමුණුවමින් එක දිගට හැඬවෙන්නට ගත් දුරකථනය දෙස බලවත් නොරිස්සුමෙන් බැලූ හමුදා භටයා රිසීවරය අතට ගත්තේ කෝපයෙනි.

"කවුද ඕයි ඔය කතාකරන්නෙ?" ඔහු එම කෝපයෙන්ම ඇසීය.

"මොනවා...! තමුසෙ දන්නවද මම කවුද කියල. මම මේජර් ගජනායක" දුරකථනයේ එහා කොනෙන් මහා ගෙරවිලි හඬකින් පිළිතුරු ලැබිණ.

"මේජර් දන්නවද මේ කතා කරන්නෙ කවුද කියල?" භටයා එවර ඇසීය.

"නෑ.. මං දන්නෙ නෑ." එවරද මේජර් වරයා කෝපයෙන් ගෙරවීය.

"ආ.. එහෙම නං කමක් නෑ." කියූ භටයා වහා රිසීවරය ආපසු තැබීය.

සිළුමිණ

අපූරු බෙහෙත...

චිත්‍රපට නිෂ්පාදක දැරණියගලට තම උදරය වුවමනාවට වඩා ඉදිරියට නෙරා ඇති බව දැනුණේත් එය අසුන්දර ලක්ෂණයක් බව වැටහුණේත් ඔහු සමඟ මෑතකදී හාද වූ චිත්‍රපට නිළි කුසුම්රාණි, තමා හා තනිවූ මොහොතක කළ සරදමක් නිසාය. ඔහු වහා විශේෂඥ වෛද්‍යවරයකු හමුවී තම උදරය අඩුකර ගැනීම සඳහා ප්‍රතිකාර පැතීය...

වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු දැරණියගල කෙළින්ම ගියේ කුසුම්රානි ගේ නිවෙසටය. ඔහු පෙති පිරවූ ලොකු බූලියක් ද රැගෙ එනු දුටු කුසුම් දෑස් මහත් කොට මෙසේ ඇසුවාය...

"මගෙ අම්මෝ! ඩගී මේ පෙති ඔක්කොම බොන්ඩද?"

"නෑ.. නෑ.. ළමයෝ බොන්ඩ නෙමෙයි. ඩොක්ටර් කිව්වේ උදේ හවස මේ පෙති ගෙදර සාලෙ මැද්දෙ හලලා, එකින් එක අහුලලා ආපහු බූලියට දාන්ඩ කියලා. ඒ විදියට මාසයක් කළාම බඩ හොඳටම බහියි කියල ඩොක්ටර් කිව්වා." දැරණියගල කීවේ බඩ අතගාමිනි...

සිළුමිණ

පින්තූරේ හැටි...

අරුණට මීයන්ගෙන් තිබුණේ පුංචි පහේ කරදරයක් නෙමෙයි. කුස්සියේ කිසිම දෙයක් තියාගන්න බැහැ. රෑට කුස්සියට බැහැලා කා දානවා. සාලෙ තියෙන පලතුරකට වුණත් හොට දානවා...

බැරිම තැන ඔහු මී කතුරක් ගෙනාවා...

මී කතුර විකුණූ වෙළෙඳ සේවකයා එයට චීස් කෑල්ලක් සවිකොට එය නිවෙසේ රඳවා තබන ලෙස කිව්වත් රෑ මී කතුර අටවන්නට ලෑස්ති වෙද්දී ඔහුට ඒ සඳහා චීස් කෑල්ලක් සොයාගන්නට බැරිවුණා...

ඒ සඳහා සුදුසු විකල්පයක් ගැන කල්පනා කළ ඔහු චීස් කෑල්ලක පින්තූරයක් කපලා එය මී කතුරට සවි කොට උගුල අටවා තැබුවා.
පහුවැනිදා උදේ බලනකොට මී කතුරට අහුවෙලා තිබුණේ මීයෙකුගෙ පින්තූරයක්...

සිළුමිණ

ස්පගෙත්ති...

ඔන්න එක ඇමරිකාවෙ මිනිහෙක් ඉතාලි කෙල්ලක් එක්ක යාලු උනාලු .

කාලෙ ගෙවි යද්දි අර කීව ඉතාලි කෙල්ල Pregnant උනා.
මේක ඇමරිකන්කාරයට කීවම මිනිහා රත් වුනා .
ඇයි, එයා දැනටමත් කසාද බැදපු කෙනෙක්.
දැන් මොනවා කරන්නද ! ඉතින් මේ මිනිහා ඉතාලි කෙල්ලට පොඩි යෝජනාවක් ගෙනාවා.

" ඔයා ඕක ගැන කාටවත් නොකියා ඉතාලියටම ගියොත් මම ඔයාට සල්ලි දෙනවා .ඔයා ලමයා ඉපදුනාට පස්සෙ එයාව ඉතාලියෙම හදා ගත්තොත් මම එයාට අවුරුදු 18 වෙනකම් සල්ලි එවනවා "

ඉතාලි කෙල්ලට කරන්න දෙයක් තිබ්බෙ නැති හින්දා කැමති වුනා .
ඒත් එයා ඇහුවා ,
" මම කොහොමද ඔයාට දැනුම් දෙන්නේ ලමයා හම්බුනාද නැද්ද කියලා"

" මට පෝස්ට් කාඩ් එකක් එවන්න. එක පිටිපස්සෙ 'ස්පගෙත්ති ' කියලා ලියන්න"
( ස්පගෙත්ති කියන්නෙ ඉතාලියෙ නූල්ඩ්ස් විශේෂයක් )


ඉතින් ඉතාලි කෙල්ල ඉතාලියට ගියා.

කාලෙකට පස්සේ දවසක් ඇමරිකන්කාරයා ගෙදර එනකොට , එයාගෙ බිරිද අමුතු විදියට මෙහෙම කීවා

" අද ඔයාට පෝස්ට් කාඩ් එකක් ආවා . ඒක හරි අමුතුයි "

ඇමරිකන්කාරයා රත් වුනා. ඉතාලි කෙල්ල මොනවා ලියලද කියලා.
එයා පෝස්ට් කාඩ් එක බැලුවා. සුදුමැලි උන ඇමරිකන්කාරයාට සිහි නැති උනා.
ඒකෙ මෙහෙම දෙයක් තිබ්බෙ

" ස්පගෙත්ති , ස්පගෙත්ති , එකකට මීට්බෝල්ස් ( meatballs ) දෙකයි , අනිකට නෑ. මට වැඩිපුර සෝස් ( sause ) එවන්න. "