Saturday, June 26, 2010

මොන දීමක් ද???

පශු වෛද්‍යවරයා එළදෙන හොඳින් පිරික්සා බලා වතුර බේසමෙන් අත සෝදා ගන්නා ගමන් ජේම්ස් ගෙන් මෙසේ ඇසී ය.

"ඈ ජේමිස් උන්නැහේ. මේ එළදෙන කොච්චර විතර කිරි දෙනවද?"

ජේමිස් කරේ තිබූ අමුඩ ලේන්සුව අතට ගනිමින් මෙසේ කීය.

"අනේ දොස්තර මහත්තයො මේ එළදෙන එක බිංදුවක් වත් දෙන්නෙ නැහැ. මට දොවා ගන්ඩයි වෙලා තියෙන්නෙ..."

අලුත් කාර් එකක්...

"මං ඔය නඩුවට පෙනී හිටල තමුසෙව කොහොම හරි බේරලා දෙන්නං. හැබැයි පුතෝ තමුසෙ මගෙ ගාස්තුව අඩුවක් නැතුව බේරන්ඩ ඕනෙ. හොඳයි තමුසෙ ළඟ ඒකට සල්ලි තියෙනවද?" නීතිඥයා ඇසුවේ නඩුවක් රැගෙන තමා වෙත පැමිණි ප්‍රේමසිරි අමතමින්.

"සල්ලි නම් නෑ සර්. ඒත් මගෙ ළඟ අලුත් කාරෙකක් තියෙනවා..." ප්‍රේමසිරි පැවසීය.

"ම්... හොඳයි ඒක විකුණලවත් මගෙ ගාස්තුව අය කරගන්න බැරියැ. හොඳයි මොනව හොරකම් කළා කියලද තමුසෙට විරුද්ධව ඔය නඩුව දාලා තියෙන්නෙ” නීතිඥ මහතා ඇසුවේ ය.

"අලුත් කාර් එකක්" ප්‍රේමසිරි පිළිතුරු දුන්නේ හිස කසමිනි.