Saturday, April 30, 2011

දෙන්නෙක් නෙමෙයි...

මධුසමය ගතකිරීම සඳහා තානායමට ගිය නිලංක සහ මනෝරි නාන කාමරයට වැදී ඇඟපත සෝදාගෙන අවුත් තමන්හට වෙන් වූ කාමරයේ එක් පසෙක ගලා යන ගඟකට මුහුණලා සාදා තිබූ බැල්කනියේ එක ළඟ තබා තිබූ සුවපහසු පුටු දෙකක වැතිරුණහ.

"මින් පස්සෙ ඔයයි මමයි දෙන්නෙක් නෙමෙයි, එක්කෙනෙක්" මනෝරිගේ මුහුණට එබුණු නිලංක ඇගේ දෑත් වැලඳ ගනිමින් කීවේය.

"ඒක මං දන්නව. ඒ වුණාට රෑ කෑම දෙන්නෙකුට ඕනෙ කියල ඕඩර් කරන්න." මනෝරි කීවාය.

සිළුමිණ

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...