Monday, July 12, 2010

ලොකුකම...

එක පාරක් ගමරාළ කෙනෙක් පොඩි පුරස්නෙකට හාමිනේට පොඩ්ඩක් කෑ ගහල, හාමිනෙත් එකටෙක ටිකක් කියල දැන් දෙන්න දෙමාල්ලො හොඳට තරහයි. ගමය හාමිනේ එක්ක කතා කරන්නෙත් නෑ, හාමිනේ ගමය එක්ක කතා කරන්නෙත් නෑ.

දැන් ගමයට බත් බෙදුවම සද්ද නැතිව ඇවිත් කාල, ටිකක් හයියෙන් පුටුව ඇදල නැගිටිනව. එතකොට හාමිනෙත් සද්ද නැතුව ඇවිත් පිඟාන ගෙනියනව. විටක් කන්න ගොහින් අඩුවැඩිය මුකුත් අඩුපාඩුවක් නං හය්යෙන් හෙප්පුව බිම තිබ්බාම හාමිනේ ඇවිත් ඔලුව දාල බලල සද්ද නැතුවම ගෙනුහිං අර අඩුපාඩු පිරිමහල ගෙනත් දෙනව.

ඉතින් ඔහොම දවසක් දෙකක් ගියා.

මේ අව්ල අස්සෙ ගමයට දවසක් පාන්දර කොළඹ යන්ට උවමනාවක් උනා ලොකු රාජකාරියකට. දැන් ඉතින් පාන්දරින් නැඟිටල යන්නත් එපැයි.

ඉතින් ගමය වේලපහ තමන්ගෙ වැඩ ටික ඉවර කරල ගෙදර ඇවිත්, නාගෙන කරගෙන නින්දට ලෑස්ති උනා. ඒත් දැන් කවුද මුන්දැව මේ ගිනි පාන්දර නැගිට්ටවන්නෙ. දැන් හාමිනේ එක්කත් කතාබහක් නෑ නොවැ. වෙනදට නං උන්දැට කිව්වම පාන්දර හරිට වෙලාවට ඔර්ලෝසුව තිබ්බ වගෙ, නැගිට්ටෝල විතරක් නෙමේ කහට එකකුත් වක්කරල දීල අනිත් අඩුම කුඩුම ටිකත් ලං කොරල වෙලාවට පිටත් කොරනව නොවැ. ඒත් දැන් අද මක්කැයි කොරන්නෙ. දැන් හිතේ ලොකුකම හින්ද කලින් කතාකොරල බාල වෙන්ටත් පුලුවනෑ!

පස්සෙ ගමය හිතල හිතල" හරි මං කරන්න්නකො වැඩෙ" කියල පොඩි කරදාසි කෑල්ලක පැන්සල් කොටෙන්

" මට කොළඹ යන්ට තිබෙ, පාන්දර ජාමෙ හතරට නැගිටුවොත් හොඳයි"

කියල ලියල, කෑම මේසෙ මැද හාම්නේට පේන්නම තියල ගොහින් පිලේ ඇලඋනා.

වෙන්ද වගේම කුකුලගෙ ගෝරනාඩුවට් ඇහැ ඇරුන ගමය දනි පනි ගාල නැගිටල බලනකොට වටින් ගොඩින් එලියත් වැටිල, බලද්දි වෙලාව පහත් පැනල.

දැන් කොහෙද කොළඹ යන්නෙ. බස් එක අල්ලන්ට උඩින් ගියත් දැන් මදිනෙ. මේ සේරම හාමිනේ වෙලාවට නැගිට්ටුව නැති නිසානෙ!

හොඳටම තරහ ගිය ගමය

" ඔහේ මොනාද මේ කරපු අලුගුත්තේරු වැඩේ, මොකද මට වෙලාවට කතා නොකලෙ, මොකෝ දෑක්කෙ නැතුන් නෙමෙයිනෙ මගෙ පනිවුඩේ"

එතකොට වචනයක්වත් නොදොඩාපු හාමිනේ බොහෝම කොචෝක් එකට වගේ කට කොනකින් හිනාවක් දාල, ඇස් කරකවල, නහයෙන් වගේ මේසෙ උඩ දිහා පෙන්නල කුස්සිය පැත්තට යන්ට ගියා.

හිමීට මේසෙ ගාවට කිට්ටු කරපු ගමය එතකොටයි දැක්කෙ තමන්ගෙ තුන්ඩු කෑල්ලට එහා පැත්තෙ

" දැන් හතරයි වෙලාව, නැගිට්ටොත් හොඳයි "

කියල ලියපු තව තුන්ඩුවක් තීනව.

3 comments:

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...