Friday, July 23, 2010

ලන්තෑරුම

දුම්රිය හරස් පාරක ඉතාමත් දරුණු අනතුරක් සිදුවිය. දුම්රිය කාරයක් සමඟ ගැටුණේය. කිසිවෙක් මරුමුවට පත් නොවූවද කාරයේ රියැදුරු දුම්රිය කොම්පැණිය උසාවියට ගෙන ආවේය.

නඩු විභාගයේදී, දුම්රිය ඉංජිනේරුවා අවධාරණය කර සිටියේ තමා මිනිත්තුවකට ආසන්න කාලයක් තමාගේ ලන්තෑරුම ඉස්සරහටත් පස්සටත් වනමින් දුම්රිය රියැදුරුට ගොඩක් වේලාවක සිට අනතුරු ඇඟවූ බවය.
ඔහුගේ කතාව පිළිගත් උසාවිය නඩුව ඉවත දැමුවේය.

"මගේ සුබ පැතුම්" විත්තියේ නීතිඥවරයා උසාවියෙන් පිටව යද්දී ඉංජිනේරුවරයාට කීවේය. "හරස් ප්‍රශ්න ඇසීමේදී ඔබ ඉතාමත් ම බුද්ධිමත්ව පිළිතුරු දුන්නා."

"ස්තූතියි!" ඉංජිනේරුවරයා පිළිතුරු දුන්නේය. "නමුත්, පැමිණිල්ලේ නීතිඥවරයා මාව දැන් දැන් කොටු කර ගනීවි කියා මම හරිම අප්සෙට් එකෙනුයි හිටියේ."

"එහෙම වෙන්නේ කොහොමද?" නීතිඥවරයා ඇසීය.

"ඒ වැඩකට නැති ලන්තෑරුම ඒ වෙලාවේ පත්තු වෙලා තිබුණාද? කියල කොයි වෙලාවක හරි එයා මගෙන් අහයිද කියලා හරි බයෙනුයි මම හිටියේ."

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...