Friday, July 16, 2010

මොකද අමතක...


ගුණසේන තද ක්‍රිකට් ලෝලියෙකි. ක්‍රිකට් මැච් එකක් පැවැත්වෙන දිනවල ඔහු රූපවාහිනියේ ඇලී ගැලී සිටියි. එවැනි දිනවලදී ගෙදර අවශ්‍යතා පිළිබඳව වගේ වගක් නැතිව ඔහු රූපවාහිනිය නරඹයි.
එවැනි දිනෙක ඔහුගේ බිරිඳ මැසිවිලි නඟන්නට වූයේ ඔහුට ක්‍රිකට් මිස මෙලෝ සිහියක් නැති බව කියමිනි.

"මගෙ අලුත් හැට්ටෙට අල්ලන්න රේන්ද යාරයක් ගේන්ඩ කිව්වා. ඒක මතක නෑ. ඔයාට ක්‍රිකට් ගැන නම් හැම දෙයක්ම මතක තියෙනවා. වෙන එකක් තියා අපි බැඳපු දවස ගැනවත් මතකයක් ඔයාට නැහැ."

ඇගේ කන්දොස්කිරියාව නොඉවසූ ගුණසේන කෝපයෙන් වහා පිළිතුරු දුන්නේය.

"මොකෝ මට මතක නැත්තෙ. අපේ මුළු ටීම් එකම ලකුණු තිස් පහකට අවුට් වුණේ අපි බැන්ද දවසෙනෙ..."

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...