Friday, July 16, 2010

වැඩිමලා කවුද?



කාන්තාවෝ දෙදෙනෙක් කුමක්දෝ ප්‍රශ්නයක් මත බස් නැවතුම් පොළක හිඳ එකිනෙකා හා බැණ ගන්නට වූහ. එහි සිටි කීප දෙනකු එය වළක්වන්නට උත්සාහ කළ ද එකෙකුට එකෙක් නොපරදින අයුරින් රණ්ඩුව පවත්වා ගෙන ගියෝය.

මේ අතර පාරේ යමින් සිටි පොලිස් භටයෙක් කලබලය දැක එතැනට කඩා වැදුණේ ය. දබර කර ගන්නා කාන්තාවන් දෙදෙනා දෙස මදක් බලා සිටි හෙතෙම ඔවුන් අතරට පැන මෙසේ කීවේය.

"මේ... මේ... ඔය දෙන්නගෙන් වයසින් වැඩිමලා ඉස්සෙල්ලා කතා කරනවා."

මෙය ඇසූ දෙදෙනාම වචනයක් වත් නොදොඩා දෙපැත්තට වූහ.

1 comment:

  1. පොලෝසියේ මහත්තයාට ස්ථානෝචිත මොකක්ද එක තිබිලා තියෙනවා වගේ :))

    ReplyDelete

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...