Sunday, December 5, 2010

ගෑනු ගතිය

"අපේ අමිතා ගෙ ඔළුවට අදහසක් ආවොත් මැරුවත් ඒක වෙනස් කරන ගෑනියෙක් නෙමෙයි එයා." කරුණාසේන තම මිතුරු දාබරේ හා කීවේ තම දියණියගේ විවාහය නිමිත්තෙන් පැවති සාදයේ දී ය.

"අයිසේ කරු, තමුසෙ ගෑනුන්ව හරියට අඳුරන්නෙ නැති පාටයි. අමිතා මොකක් හරි අදහසක් එළියට දැම්ම ගමන් තමුසෙ පටස් ගාලා ඒකට එකඟ වෙලා බලනවා. ගෑනි එක පාරටම ඒ අදහස වෙනස් කරාවි." ස්ත්‍රී සොඬකු වූ දාබරේ කීවේ සිනාසෙමිනි.


No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...