Saturday, December 11, 2010

නරක වෙලාව

දවස පුරා සිය කුලී රථය පදවා දැඩි ලෙස වෙහෙසට පත් රියෑදුරෙකු වීදියේ කෙළවර ගසක්‌ යට රිය නතර කළේ සුළු වේලාවක්‌ හෝ නිදාගැනීමේ අදහසිනි.

ටික වේලාවකට පසු යම්කිසිවකු පැමිණ මෝටර් රථයට තට්‌ටු කිරීමට පටන් ගත්තේය. එම හඬින් අවදිවූ රියෑදුරා.

"මොකද? කියා ඔහුගෙන් ඇසුවේය.

"කරුණාකරල මට වේලාව කීයද කියනවද?"

"8.10 යි" ඔහු පිළිතුරු දුන්නේය.

දෑස්‌ පියෑවීගෙන එද්දී තවත් පුද්ගලයකු පැමිණ මෝටර් රථයේ දොරට තට්‌ටු කරන හඬක්‌ ඇසුණි.

"කරුණාකරල වෙලාව කීයද කියල කියනවද?" දෙවැන්නාත් එම ප්‍රශ්නයම ඇසුවේය.

"8.20" යි. ඔහු එසේ පිළිතුරු දී අත් ඔරලෝසුවද ගලවා පසෙක තබා කොළයක්‌ ගෙන මෙසේ ලියා මෝටර් රථයේ වීදුරුවේ ඇලෙව්වේය.

"මා ළඟ ඔරලෝසුවක්‌ නැත."

ගතවූයේ නිමේෂයකි. යළිත් යම්කිසිවෙකු මෝටර් රථයට තට්‌ටු කරන හඬක්‌ ඇසුණි.

කෝපයට පත් රියෑදුරා "මොකද?" කියා උස්‌ හඬින් ඇසුවේය.

"වෙලාව 8.30 යි." තුන්වැන්නා එසේ පවසමින් යන්නට ගියේය.

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...