Saturday, December 11, 2010

ඊයේ තිබුණෙ නෑ...

ජපන් ජාතිකයෙක්‌ ලන්ඩන් නගරයේ සංචාරයක්‌ සඳහා පැමිණියේය.

සංචාරය සඳහා ඔහු මෝටර් රථයක්‌ කුලියට ගත්තේය.

නගරයේ මද දුරක්‌ යන විට තට්‌ටු තුනක ගොඩනැගිල්ලක්‌ දුටු සංචාරකයා රියෑදුරාගෙන් මෙසේ ඇසුවේය.

මේ ගොඩනැගිල්ල හදන්න කොච්චර කාලයක්‌ ගතවෙලා තියෙනවද?

"අර පුවරුවේ සඳහන් කරල තියෙන්නෙ... 1998-2008 කියල.

"අපොයි එච්චර කාලයක්‌ වැඩියි" සංචාරකයා පැවසුවේය.

ටික දුරක්‌ යන විට යෝධ පාලමක්‌ හමුවිය.

මේ පාලම හදන්න කොච්චර කාලයක්‌ ගත වුනාද?" සංචාරකයා රියෑදුරාගෙන් විමසූවේය.

ඒක හදන්ඩ අවුරුදු දොළහක්‌ ගතවෙලා තියෙනවා.

"මයි ගෝඩ් - හොඳටම වැඩියි" සංචාරකයා මිමිණුවේය.

පාලම පසුකරනවාත් සමගම තට්‌ටු හතක සුවිසල් ගොඩනැගිල්ලක්‌ දිස්‌විය.

"මේ ගොඩනැගිල්ල හදන්ඩ කොච්චර කාලයක්‌ ගතවෙලා තියෙනවද?"

"මේක මෙතැන ඊයේ තිබුණෙ නෑ... රියෑදුරා උස්‌ හඬින් පැවසුවේය.

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...