Saturday, December 11, 2010

අපූරු පිළිතුර

ඉමහත් සමාජ සේවයක්‌ ඉටු කරනු ලබන පුණ්‍ය වර්ධන සමිතියට නගරයේ ප්‍රධාන පෙළේ නීතිඥවරයකුගෙන් කිසිදු ආධාරයක්‌ ලැබුණේ නැත.

දිනක්‌ එකී සමිතියේ සභාපතිවරයා මෙම නීතිඥවරයා හමුවීමට ගොස්‌ මේ පිළිබඳව විමසා සිටියේය.

"ඔබට අවුරුද්දකට රුපියල් දස ලක්‌ෂයක පමණ ආදායමක්‌ ලැබෙන බැව් ආදායම් බදු වාර්තාවල සඳහන් වෙනවා. නමුත් ඔබ මේ දක්‌වා අපේ පුණ්‍යවර්ධන සමිතියට කිසිම ආධාරයක්‌ කර නැහැ. ඔබ මහජනයාට උදව් කරන්න කැමැති නැද්ද."

"මගේ මවට අසනීප බව ඔබ දන්නවාද? ඇයට මසකට බෙහෙත් සඳහා විශාල මුදලක්‌ වැය වෙනවා. ඒ විතරක්‌යෑ මගෙ අයියා අන්ධයි. ඔහුට රැකියාවකුත් නැහැ. එච්චර නම් බැරියා... මගෙ නංගිගෙ මහත්තයා මැරිලා ඇයට ළමයි තුන්දෙනෙකුත් ඉන්නවා.ඉතින් ඒ අයටවත් සළකන්නෙ නැති මම කොහොමද ඔහේලගෙ පුණ්‍යවර්ධන සමිතියට ආධාර කරන්නෙ???"නීතිඥවරයා කියාගෙන ගියේය

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...