මේක පොඩි ජොලි කතාවක්.එහෙනම් අහගන්නකො
අත්හදා බැලීමක් වශයෙන් නෙප්චූන් වලට කෙනෙකු යැවීමට සොයයි.නමුත් ගිය කෙනාට ආපසු මෙහි එන්නට නොහැක.නමුත් ඉල්ලන ගානක් දෙයි.එයට සහභාගි වූ අයදුම් කරුවන් සහ සේවකයෙකු අතර ඇති වූ කතාවක්.
මුලින්ම පැමිනියේ විශ්‍රාමික රුසියානු හමුදා භටයෙකුයි.
හමුදා භටයා:-මට ඕනා ඩොලර් 100000.ඒවා මම රුසියානු හමුදාවට පරිත්‍යාග කරනවා.
දෙවනුව පැමිනියේ ඇමෙරිකාවෙ ඩොක්ටර් කෙනෙකි.
ඩොක්ටර්:-මට ඕනා ඩොලර් 200000.මම ඒවා ඇමෙරිකාවෙ සෞඛ්‍ය සංවිදානෙකට දෙනවා.
තෙවනුව ආවෙ ලංකාවෙ හිටපු ජනාධිපති කෙනෙකි
ජනාධිපති:- මට ඕනා ඩොලර් 300000.
සේවකයා:-එච්චර මොකටද?
ජනාධිපති:-100000 ක් ඔයාට.100000 මට.ඉතුරු100000 දීලා අර රුසියන් කාරයව අරිමු.
Sunday, August 21, 2011
Saturday, August 20, 2011
බෙහෙතෙ බලේ...
"මොකද්ද ඔහේගෙ ලෙඩේ?" තමා වෙත පැමිණි කොළඹගේ ගෙන් වෛද්‍යවරයා ඇසීය.
"මම ආවේ බෙහෙත් ගන්ඩ නෙමෙයි ඩොක්ටර්. ඔබතුමාට ස්තුති කරලා යන්ඩ." කොළඹගේ සිනාසී කීවේ ය.
"ඒ මොකටද?" වෛද්‍යවරයා තරමක් පුදුම වෙමින් සිනාසී ඇසීය.
"පසුගිය සුමානෙ අසනීප වෙලා ගෙනා වෙලාවේ අපේ මාමණ්ඩියට දුන්න බෙහෙත් බෝතලේට" කොළඹගේ කීවේ ය.
"ආ ඒ බෙහෙතෙන් ලෙඩාට හොඳ වුණා ද?" වෛද්‍යවරයා සිනාසෙමින් ඇසීය.
"නෑ... ඒ බෙහෙත් බෝතලෙන් භාගයක් බොන කොට ම අපේ නෝනට, තාත්තාගෙ දේපළ අයිති වුණා..." කොළඹගේ හිස නමා තම කෘතඥතාව පළ කරමින් කීවේ ය.

නැත්තෙ මොකද???
"සාර්ථක විවාහ දිවියකට මඟ" යනුවෙන් ප්‍රසිද්ධ දේශකයා පැවැත් වූ එම දේශනයට සවන් දීම සඳහා ශාලාව පිරෙන්නට සෙනඟ රැස්ව සිටියෝ ය.
"තමන්ගෙ බිරිඳ ගෙන් කරදර හිරිහැර විඳින අය නැඟිටින්න..." දේශනය අරඹා මඳ වේලාවකින් දේශකයා සභාව දෙස බලා කීවේ ය. එක් අයකු හැර ශාලාවේ සිටි සියල්ලෝම නැඟී සිටියහ.
"මේ ශාලාවේ ඉන්න දාහක් විතර පිරිසගෙන් ඔහේට විතරයි ප්‍රශ්න නැත්තෙ." දේශකයා නොනැඟිට සිටින තැනැත්තා දෙස බලා මදහසක් නඟමින් කීවේ ය.
"මට අංශ භාගෙ. තව කෙනෙකුගෙ උදව්වක් නැතුව මට නැගිට ගන්ඩ බැහැ. ඒකයි ඉඳගෙන ඉන්නෙ..." හේ කීවේ ය.

ඒ මගේ නෝනා...
"සර් හම්බ වෙන්ඩ කවුද නෝනා කෙනෙක් ඇවිත්." කාර්යාල සේවක සුගත් නියෝජ්‍ය කොමසාරිස් තුමාගේ කාමරයේ දොර හැර, හිස කසමින් කීවේ ය.
බලමින් සිටි ලිපිගොනුවෙන් දෙනෙත් මෑත් කොට තම කාර්යාල සේවකයා දෙස බැලූ කරුණාරත්න මහතා මෙසේ ඇසී ය.
"කවුද, තරුණ ලස්සන නෝනා කෙනෙක් ද?"
"අපොයි නෑ සර්, පැන්ෂන් යන වයසට කිට්ටු, නහය චප්ප වෙච්ච, කට හැකර ගෑනු කෙනෙක්, සුගත් කීවේ කට ඇද කරමිනි.
"ආ... ඒ මගෙ නෝනා. මට හදිසි වැඩක් කියල ටිකක් වෙලා එළියෙන් වාඩි වෙලා ඉන්ඩ කියනවා." කරුණාරත්න මුහුණ කළු කර ගනිමින් කියා නැවතත් ලිපිගොනුවට එබුණේ ය.

සතුටයි සනීපයයි...
"හහ්! ඕස්ට්‍රේලියාව කොයි තරම් ලස්සන, සුන්දර රටක් ද? කෙනෙක් එහෙ ගියාම කොයි තරම් සතුටක් ද සනීපයක් ද දැනෙන්නෙ" දයානන්ද එක් සති අන්තයක තමා හමුවීමට තම නිවෙසකට පැමිණි සාලියට කීවේ ය.
"ඒ වුණාට තමුසෙ කවදාවත් ඕස්ට්‍රේලියා ගිහිල්ලා තියෙනවා යැ?" සාලිය කීවේ පුදුමයෙනි.
ඒක ඇත්ත. ඒත් දුවව බලන්න අපේ යමුනා ගිහිල්ලා හය මාසයක් එහෙ ගත කළානෙ. ඒ කාලෙ මං හිටියෙ කොයි තරම් සතුටකින් ද? සනීපයෙන් ද? දයානන්ද කීවේ ඒ සතුට මුහුණෙන් පෙන්වමිනි.

වැළකුණේ මොනවයින්ද???
පෙරේරා අන්කල් ගේ සිය වැනි උපන් දිනය ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට දූ පුතුන් සහ ඊළඟ පරම්පරාවේ සාමාජිකයෝ අදහස් කළෝ ය. පවුලේ ඥාතීන් සහ හිතවතුන් රැසක් එම සාදය සඳහා ආරාධනා ලැබුවෝ ය.
"පෙරේරා අන්කල් මේ තරම් කාලයක් ජීවත් වෙන්න මොනවද පාවිච්චි නොකළේ?" සාදයට පැමිණ සිටි අයිවන්, පෙරේරා අංකල්ට ළං වී ඇසුවේ ය.
"මත්පැන් ද?" සිගරට් ද? අයිවන්ගේ පැනය තවදුරටත් ලිහිල් කරමින් සාදයට පැමිණ සිටි මනෝ ද ඊට එක් විය.
"ඔය එකක් වත් නෙමෙයි මම පාවිච්චි නොකළේ. දොස්තරලව" පෙරේරා අන්කල් කීවේ සිනාසෙමිනි.

Subscribe to:
Posts (Atom)